අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත තැනැත්තන්ගේ අන්තර් ජාතික සැමරුම් දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමා නිකුත් කළ පණිවුඩය

    දෙසැම්බර් 04, 2019

    ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර සැමරුම් දිනය ආබාධිත තැනැත්තන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සමඟින් මෙවර අප සමරනු ලබන්නේ ආබාධ සහිත පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිණිස ලබා දෙන සුවිශේෂී දායකත්වය ඉතා ගෞරවාන්විතව සහ හෘදයාංගමව සිහිපත් කරමිණි.

    2019 ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර සැමරුම් දිනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර හඳුන්වා දී ඇති තේමාව වන්නේ “ආබාධ සහිත පුද්ගලයින්ගේ සහභාගීත්වය සහ ඔවුන්ගේ නායකත්වය ප්‍රවර්ධනය කිරීම ඔස්සේ 2030 සංවර්ධන න්‍යාය පත්‍රය මත කටයුතු කිරීම” යන්නයි. පසුගිය නොවැම්බර් 18 වන දින මා විසින් මෙරට ජනාධිපති ධූරය භාරගත් මොහොතේ සිට මාගේත් අප රජයේත් අපේක්ෂාව වනුයේ මගේ රටේ සෑම පුරවැසියෙකුගේ ම ජීවිතවලට සෞභාග්‍යයයේ අරුනළු උදාවනු දැකීමයි. එම ක්‍රියාවලිය තුළට “මෙරට වෙසෙන විවිධ ආබාධිත තත්ත්වයන් නියෝජනය කරන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම පූර්ණ ලෙස සහභාගී කර ගත යුතු ය” යන්න මාගේත් අප රජයේත් අතිමහත් විශ්වාසය වී තිබේ. එහි දී ඔවුන් සතු විශේෂ අවශ්‍යතා මෙන්ම කුසලතා හඳුනාගනිමින් රටේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කොට සිදු කෙරෙන සෑම සුභසාධන සහ සංවර්ධන වැඩ කටයුත්තක් තුළ ම එකී සහභාගීත්වය තහවුරු කළ යුතු අතර ඔවුන්ගේ එකී සහභාගීත්වයට දැනට බාධාකාරී වී ඇති භෞතික මෙන්ම ප්‍ර‍තිපත්තිමය බාධා ඉවත් කළ යුතුය යන්න මාගේ පිළිගැනීමයි.

    ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය රැකවරණය හා සහයෝගය අප ලබා දිය යුතුය. මෙහිදී අවධාරණය කළ යුතු කරුණ නම් සියලු දෙනාගේ ම අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සමාජයක් තුළ සෑම තැනැත්තෙක්ම ප්‍ර‍තිලාභ ලබන බවයි. එබැවින් අප සමාජය තුළ ආබාධ සහිත පුද්ගලයින්ගේ පූර්ණ සහභාගිත්වය සාක්ෂාත් කරගැනීම පිණිස අප සියලු දෙනාටම සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කිරීමට ඇති බව අප වටහා ගත යුතුය.

    2019 දෙසැම්බර් 02 වන දින ගෝඨාභය රාජපක්ෂ
    ශ්‍රී ලංකා ජනාධිපති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.