අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇරඹේ

    ජූලි 29, 2019

    ප්‍රවෘත්ති නිවේදනය -“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහන් මාලාවේ හයවන වැඩසටහන අද දින (ජුලි 29) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇරඹේ

    ජනාධිපති ලේකම් කාර්යාලය හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් කේන්ද්‍ර කරගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ මෙතෙක් නොවිසඳුනු ජනතා ගැටලු වලට විසඳුම් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ හයවන වැඩසටහන අද දින එනම් ජුලි 29 සිට අගෝස්තු 05 දින දක්වා ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.


    ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයට අයත් අත්තනගල්ල, දිවුලපිටිය, දොම්පේ, බියගම, මහර, වත්තල, මිනුවන්ගොඩ, ජාඇල, ගම්පහ, මීගමුව, කටාන, මීරිගම, කැළණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ට අයත් ග්‍රාම නිලධාරි වසම් 1177ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික වකුගඩු නිවාරණ වැඩ සටහන, ග්‍රාම ශක්ති, ජාතික පාරිසරික සංරක්ෂණ, සුරකිමු දරුවන්, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ, විශේෂ අවශ්‍යතා සහිත සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩටසහන, ස්මාර්ට් ශ්‍රී ලංකා, ජාතික ආහාර නිෂ්පාදන ආදී වැඩසටහන්වලට අයත් වැඩසටහන් රැසක් මෙම සතිය පුරා ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරේ.


    ඊට අමතරව, දිස්ත්‍රික්කයේ ජනතාවට සෘජුවම බලපාන කෘෂිකර්ම, නිවාස, ඉඩම්,  සෞඛ්‍ය ගැටලු විසඳීම මෙන්ම සමාජ සුභසාධන හා එම ක්ෂේත්‍රයන්හි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට විෂය භාර රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා බස්නාහිර පළාත් සභාව ද ඇතුලු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය මගින් කටයුතු යොදා ඇත. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයට සුවිශේෂ වන ගංවතුර ආදී පාරිසරික ආපදා තත්වයන් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමට අදාළව පහත්බිම් හා කුඹුරු ඉඩම් ගොඩකිරීම මෙන්ම වෙනත් පාරිසරික තත්ව කළමනාකරණය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන්ද මේ හා සමගාමීව දියත් කිරීමට කටයුතු යොදා තිබේ.


    මෙහිදී, ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ ව්‍යාපෘති 3541 ක් හා විවිධ රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන මගින් ව්‍යාපෘති 1866 ක් මෙම වැඩසටහන තුළින් ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුලු දිස්ත්‍රික්කයේ සියලු අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කර සම්බන්ධීකරණය කර ඇති බවත් අදාළ ප්‍රතිපාදන ලබා දීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා අවධාරණය කරයි.


    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩටසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ලක්ෂ 24ක් වන ජනතාවට සහන සලසමින් දින 08 ක් පුරා ක්‍රියාත්මක වන අතර 2019 අගෝස්තු 05 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන සමාප්ති වැඩසටහන දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.