අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත ගායන තරුවට නවීන පන්නයේ මෝටර් රථයක් තෑගි

    සැප්තැම්බර් 03, 2014

    රණ විරු රියල් ස්ටාර්  දැවැන්ත රියැලිටි වැඩසටහනේ සිව්වන අදියර පසුගියදා අවසන් වූ අතර, එහි හත් වන ස්ථානය දිනාගත් ගැමුණු හේවා බලකායට අයත් පූර්ණාබාධිත රණ විරුවෙකු වන මේජර් තිළිණ චන්ද්‍ර කුමාර වෙත නවීන පන්නයේ මෝටර් රථයක් (හොන්ඩා ෆිට්) ප්‍රදානය කිරීම අද (03) සිදු කෙරිණි.


    පසුගිය වකවානුවේ පැවති මානුෂීය මෙහෙයුමේදී  තුවාල ලබා රෝද පුටුවකට සීමා වී සිටින මෙම විරු තරුව දැක්වූ දක්ෂතා අගය කරනු වස්  රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී මේ සඳහා පැවති උත්සව අවස්ථාවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟින් එම අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය ද එක් වූවාය. එතුමියගේ සුරතින් මෙම නවීන මෝටර් රථයේ යතුර මේජර් චන්ද්‍රකුමාර විරු තරුව වෙත භාර දුනි.


    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන එස්. හෙට්ටිආරච්චි මහතා, ඉන්දු රත්නායක හා දමයන්ති ජයරත්න මහත්මීන් හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහත්වරුන් ද මේ අවස්ථාවට එක් වූහ. 

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya