අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී ළමා චිත්‍රපට පෙළක්

    සැප්තැම්බර් 01, 2014

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පොරොන්දුවක් වූ සෑම කෙනෙකුටම අසුනක් ලබාදීමේ පොරොන්දුව ඉටුකරමින් පවුලේ සැමට රසවිඳිය හැකි අගනා ළමා චිත්‍රපට පෙළක් සිනමා උළෙලේ දී තිරගත කිරීමට සංවිධායකයින් තීරණය කර ඇත.


    සැප්තැම්බර් 03 සිට 07 දක්වා සෑම දිනකම, කොළඹ 02, රීගල් සිනමා ශාලාවේ දී හා බෞද්ධාලෝක මාවතේ ජාතික චිත්‍රපට සංස්ථාවේ (NFC) සිනමා ශාලාවේ දී පෙ.ව. 10.00ට, මෙම ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ළමා චිත්‍රපට පෙළ තිරගත කිරීමට නියමිතය.


    2013 මොන්ට්‍රියෙල් ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේ (Montreal International Children’s Film Festival 2013) ළමා ජූරි සම්මානය දිනූ, Clara and the secret out the Bears (2013) ස්වීඩන් චිත්‍රපටය; බර්ලින් ජාත්‍යන්තර සිනමා ‍උළෙලේ Crystal Bear සම්මානය දිනූ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක අවිනාශ් අරුන්ගේ (Avinash Arun) Killa; (2014) චිත්‍රපටය වැනි ජාත්‍යන්තර සම්මානලාභී ළමා චිත්‍රපට, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී තිරගත වන මෙම ළමා චිත්‍රපට පෙළට ඇතුළත් වනු ඇත. එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂක අවිනාශ් අරුන්ද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සිය චිත්‍රපටය ඉදිරිපත් කිරීම සඳහා කොළඹ සිනමා උළෙලට පැමිණීමට නියමිතය.


    ගායකයෙකුගේ හා බෙර වාදකයෙකුගේ කතාවක් වන සජීවීකරණ (කාටුන්) චිත්‍රපටයක් වන ශිල්පා රනේද්ගේ (Shilpa Ranade) Goopi Gawaiya Bagha Bajaiya (2013) සහ අලුත් උපන් බිළිඳු වීරයෙකුගේ කතාවක් වන ප්‍රංශ සජීවිකරණ චිත්‍රපටයක් වන Kirikou et les homes les femmes (2013) චිත්‍රපටය ද මෙම ළමා චිත්‍රපට මාලාවට අයත් වේ.


    මේ සඳහා නොමිලේ නිකුත් කරනු ලබන ප්‍රවේශපත්‍ර ජාතික චිත්‍රපට සංස්ථාවෙන් හෝ නිදහස් චතුරශ්‍රයේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ, කාමර අංක 12, පිහිටි කාර්යාලයෙන් ලබාගත හැකිය.

     

    www.iffcolombo.com වෙබ් අඩවියෙන් කොළඹ සිනමා උළෙල දී තිරගත වන ළමා චිත්‍රපට හා අනෙකුත් චිත්‍රපට පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya