අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදුබඩ පත්තුවේ ප‍්‍රධාන සංඝනායක පදවිය ස්වර්ණජෝති නාහිමිපාණන් වහන්සේට

    අගෝස්තු 16, 2014

    තිස් වසරක කුරිරු  ත‍්‍රස්තවාදයට අභීතව මුහුණ දෙමින් මුලතිව් දිස්ත‍්‍රික්කයේ පදවිය වැලිඔය ප‍්‍රදේශයේ ජනතාවට විශාල ශක්තියක් ලබා දුන් ඇතැවැටුණුවැව උදුම්බරාරාමාධිපති රණවන ස්වර්ණජෝති නාහිමිපාණන් වහන්සේ ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් සද්ධර්ම කිර්තී ශ‍්‍රී ස්වර්ණජෝති යන ගෞරව නාමය සහිතව පදවිය වැලිඔය ඇතුළු මුහුදුබඩ පත්තුවේ ප‍්‍රධාන සංඝනායක පදවියට පත් කොට තිබේ.


    ඇතාවැටුණුවැව ශ‍්‍රී උදුම්බරාරාම විහාරස්ථානයේ දී ඒ පිළිබඳව සන්නස් පත‍්‍රය උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා විසින් උන්වහන්සේට ප‍්‍රදානය කරන ලදී.


    නොච්චියාගම ඔළුවැව රාජමහා විහාරස්ථානය, වැලිඔය ශ‍්‍රී ගජබා  විහාරය, කල්‍යාණිපුර හතර වෙනි පියවර ධම්මින්දාරාමය හා ඇතාවැටුණුවැව ශ‍්‍රී උදුම්බරාරාම විහාරස්ථානයන් හී විහාරාධිපති පදවිය ද මුලතිව් ශාසනාරක්‍ෂක බල මණ්ඩලය හා වැලිඔය ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුර ද ලෝක තරුණ බෞද්ධ සංගමයේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ සංවිධායක තනතුර ඇතුළු ප‍්‍රදේශයේ බොහෝ සමිති සංවිධානයන් හී උන්වහන්සේ උසස් නිලතල දරමින් සමාජ හා ආගමික සේවාවන්හි නිරත ව සිටිති.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya