අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ලන්විල ඇසළ උත්සවය අද

    අගෝස්තු 14, 2014

     

    ඓතිහාසික බෙල්ලන්විල ඇසළ උත්සවය හා පෙරහර අද (14) ඇරඹේ.ජනතාවගේ පහසුව වෙනුවෙන් පෙරහර පැවැත්වෙන රාත්‍රී කාලයේදී බෙල්ලන්විල සිට ආශ්‍රිත සියලු ම නගරවලට ලංගම බස්රථ යොදා ඇත.
     
    64 වන වරටත් පවත්වනු ලබන මෙම ඇසළ උත්සවය හා පෙරහර ලබන 30 දක්වා පැවැත්වේ.මීට සමගාමීව සංවිධානය කරන ලද බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති ශ්‍රී සෝමරතන නාහිමි අනුස්මරණය කිරීමේ ධර්ම දේශනා අද (14), සහ හෙට සහ අනිද්දා බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත්වේ.


    මේ මස 17 මෙම ඇසළ උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද සති පිරිත් දේශනය ආරම්භ වේ. අගෝස්තු 23 දොරකඩ අස්න දේවදූත පෙරහර හා කුඹල් පෙරහර ආරම්භ කෙරේ. පාවාඩ පෙරහර 28ද රන්සිවිලි පෙරහර 29ද සිදු කෙරේ. 30වන දින රන්දෝලි මහා පෙරහරත්, 31වන දින දිය කැපීම හා දෙවියන්ගේ දානයෙනුත් පෙරහර මංගල්‍යය අවසන් කෙරේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya