අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය කටයුතු සාර්ථකව - අද දහවල් පෙරහැර

    අගෝස්තු 11, 2014
    පෞරාණික චාරිත්‍රවාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් වඩා විචිත්‍රවත්ව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව පැවත් වූ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (11) මහනුවර ජනපති මැඳුරේ දී පිළිගැන්වීමෙන් පසු මෙවර පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි.


    දවල් පෙරහර වීදී සංචාරය කිරීමෙන් පසු දියවඩන නිලමේවරයා සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරු සමඟ පෙරහරින් ජනපති මැඳුර වෙත ගොස් පෙරහර සංදේශය ජනපති වෙත බාර දෙනු ඇත. 


    දහවල් පෙරහර අද (11) දහවල් 12.54ට උතුරු දිශාභිමුඛව ගණදෙවි කෝවිල අභියසින් පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ මංසන්ධියට පැමිණ සවස 3.15ට උතුරු දිශාභිමුඛව ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර හා එක්ව ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාලිගා චතුරස්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට සවස 5.12ට ගෙවදීමට නියමිතය. 


    පෙරහර ගෙවදීමෙන් පසු මෙවර පෙරහරට සහභාගි වී දක්ෂතා දැක්වූ කලාකරුවන්ට ත්‍යාග හා සහතිකපත් ලබාදීම ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කිරීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya