අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් බැති ගී තරඟාවලියේ ප්‍රථම ස්ථානය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට

    ජූනි 18, 2019

    පොසොන් පෝය නිමිත්තෙන් නිවාස,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද පොසොන් බැති ගී තරඟාවලිය හා ප්‍රසංගය  පසුගියදා (17 ) නිදහස් මන්දිරයේදී පැවැත්විණි.

    මෙම බොදු බැති ගී තරඟාවලිය සදහා අමාත්‍යංශය යටතේ පවතින ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 12 ක් සහභාගි විය. මෙහිදී ප්‍රථම ස්ථානය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර දෙවන ස්ථානය ජාතික කලා භවනේ කණ්ඩායමට හිමි විය. තරඟයේ තුන්වන ස්ථානය දිනා ගන්නා ලද්දේ ජාතික උරුමයන් හා ජනකලා කේන්ද්‍ර කණ්ඩායමයි.

    මෙම බැති ගී තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සදහා රුපියල් 100,000 ක්ද දෙවන ස්ථානය සදහා රුපියල් 750,00 ක් හා තෙවන ස්ථානය සදහා 500,00 ක් බැගින් ද අනෙක් කණ්ඩායම් සඳහා සහභාගීත්වය වෙනුවෙන් රුපියල් 250,00
    බැගින් කුසලතා ත්‍යාග ද පිරිනැමීය.

    මෙම අවස්ථාවට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා , සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය හා අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්හි නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya