අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සැප්තැම්බරයේ

    ජූලි 29, 2014
    ජපානයේ "ඔකිනාවා ජාත්‍යන්තර සිනමා උළෙලේ" සහයෝගය ඇති ව ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මගින් සංවිධානය කරනු ලබන "කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල" සැප්තැම්බර් 2 සිට 7 දක්වා කොළඹ දී පැවැත්වේ.
     
    ශ්‍රී ලංකා චිත්‍රපට රසිකයනට විශාල ජාත්‍යන්තර චිත්‍රපට අත්දැකීමක් ලබාදීම සඳහා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන්නේ පළමුවරටය.
     
    2012 වසරේ දී ටෝකියෝ චිත්‍රපට උළෙලේ දී ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය හමු වු ඔකිනාවාහි නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ දී ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් පැවැත්වීම සඳහා යෙන් මිලියන 10ක් ලබාදීම සඳහා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියහ.
     
    මෙහිදී තිරගත වන චිත්‍රපට, Juliette Binoche retrospective, Michelangelo Antonioni retrospective, ස්පාඤ්ඤ ස්ත්‍රී අධ්‍යක්ෂවරු, ශ්‍රී ලංකාවේ වත්මන් චිත්‍රපට, ශ්‍රී ලංකා ඩයස්පෝරා චිත්‍රපට, NETPAC ජයග්‍රාහි චිත්‍රපට, ඔකිනාවා ප්‍රවර්ගය, නිල තෝරාගැනීම් හා ළමා චිත්‍රපට ඇතුළු වර්ග නවයකට බෙදා ඇත.
     
    සිනමා උළෙල අතරතුර කොළඹ ප්‍රධාන සිනමාහල් හතරක දී ප්‍රංශය, ඉන්දියාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, චීනය ජර්මනිය, නේපාලය, ඊශ්‍රාලය හා ස්විස්ටර්ලන්තය වැනි රටවලට අයත් තෝරාගත් චිත්‍රපට 70කට අධික ප්‍රමාණයක් තිරගත කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya