මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊදුල් පීතර් උත්සවය නිමිත්තෙන් අගමැතිගෙන් සුභාශිංසන

    ජූලි 29, 2014

    ඉස්ලාමීය බැතිමතුන් තුළ සමානාත්මතාවය හා සහජීවනය තහවුරු කොට සමාදානයෙන් ජීවත් වීමේ ආශිර්වාදාත්මක මාර්ගෝපදේශය වූ ශුද්ධ වූ අල්කුරාණය පහළ වූ මාසය ද සැමරීම අරමුණු කොට ගත්, ඊදූල් පීතර් උත්සවය හෙවත් සමානාත්මතාවයේ දිනය නිමිතිකොට ලෝ පුරා ඉස්ලාමීය බැතිමතුන් වෙත මේ සුභපැතුම් පිරිනමනු ලබන්නේ බැතිබර සිතිනි.


    රාමලාන් උපවාස ශීලය, පුරා මාසයක් ආරක්ෂා කිරීමෙන් අනතුරුව, නව සඳ දැකීමේ චාරිතානුප්‍රකාරව උදාවන රාමසාන් අවුරුදු දිනය යනු, සමාජය තුළ, කුසගින්නෙන් පෙළෙන කිසිවකුත් නොසිටිය යුතු දිනය ලෙස නබිනායක මුහම්මද් (සල්) තුමාණෝ පවසා තිබෙන බව මේ උතුම් දිනයේ දී අප සිහිතබා ගත යුතුය.


     ධාර්මික ජීවිතයකට හා සෞභාග්‍යවත් ජීවන පැවැත්මකට ඉඩහසර සලසන උපවාස ශීලය අල්ලා දෙවිදුන්ගේ අණට කීකරුව ඉටු කරන වන්දනීය චාරිත්‍රයක් පමණක් නොවන අතර, එය සියලු ජාතීන් අතර හොඳ හිත වර්ධනය කරලීමේ සංස්කෘතික පාලමක් හැටියට ද යොදා ගතයුතු බව මගේ පුද්ගලික විශ්වාසයයි.


     අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ අභීත නායකත්වය තුළ සාමකාමීව මෙන්ම සහජීවනයෙන් ජීවත් විය හැකි සංතුට්ටිමත් වටපිටාවක් රට තුළ නිර්මාණය වී ඇති, මෙවන් මොහොතක, ඉස්ලාම් බැතිමතුන් වශයෙන් ශ්‍රී ලාංකීය ඔබට ද විශාල වගකීමක්, කාර්යභාරයක් පැවරී තිබෙන බව මේ උතුම් දිනයේ දී මා සිහිපත් කරදීමට කැමැත්තෙමි.
    ඒ සහජීවනයේ පවුර තව තවත් ශක්තිමත් කරලීමේ උදාර කාර්යයට ඔබ සියල්ලන්ට ශක්තිය ධෛර්යය ලැබේවා!යි හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.
    දි.මු. ජයරත්න
    අග්‍රාමාත්‍ය
    බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya