කිලිනොච්චියේ ආරක්ෂක හමුදා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සවය සඳහා සහභාගී වූ සියලුම දෙනා සඳහා ප්‍රණීත ආහාරපානවලින් සංග්‍රහ කරනු ලැබීය. මුස්ලිම් ආගමික නායකයන් විසින් ඉෆ්තාර් උත්සවය යනු කුමක්දැයි යන්න පිළිබඳව ඊට සහභාගීවූවන් දැනුවත් කිරීමටද මෙහිදී පියවර ගැනිණි.
මෙම අවස්ථාව සඳහා ආගමික නායකයන්, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේසු චන්ද්‍රකුමාර්, කිලිනොච්චි මහේස්ත්‍රාත් එම්.අයි. වහබ්දීන් ඇතුළුව සියලු ජන කොටස් නියෝජනය කරමින් ප්‍රදේශවාසි විශාල පිරිසක්ද සහභාගී වූහ.
NDH/mod