අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සාහිත්‍ය උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

    මාර්තු 05, 2018

    පොදු ජන රසවින්දනයට සමීපතම කලා මාධ්‍යයක් වන සාහිත්‍ය ,ග්‍රාමීය මට්ටමේ සිට ජාතික තලයට ඔසවා තැබීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඇරඹූ වැඩපිළිවෙල යටතේ අංකුර සාහිත්‍යධරයන් හා ප්‍රවීන සාහිත්‍යධරයන් එකම වේදිකාවකට ගෙන ඒමට හැකි වී ඇතැයි වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා පවසයි.

    කොළඹ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද(5) පැවැති 2017-2018 ජාතික සාහිත්‍ය  උළෙලේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් මට්ටමින් සිංහල,දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍යවලින් පවත්වනු  ලැබූ රචනා, පද්‍ය සාහිත්‍ය විචාර හා අත් අකුරු තරඟ ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සම්මාන පිරිනැමීම ඇමැති
    එස්.බී.නාවින්න මහතා, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වර්ණපාල මහතා හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා  ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    සංස්කෘතික අංගවලින් සමන්විත මෙම ජාතික සාහිත්‍ය උළෙලේ දී උතුරු හා නැඟෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින් ම ප්‍රථම,දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගත් ජයග්‍රාහකයින් හා ආධුනික සාහිත්‍යධරයන්
    අගයනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya