මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''අපි රැවටෙයි ඕවට'' කතා සංග්‍රහය එළිදැක්වීම හෙට

    මැයි 04, 2017

    දිනපතා ලංකාදීප පුවත්පතේ සේවය කරන ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන ආරියරත්න රණබාහු මහතා විසින් රචිත ''අපි රැවටෙයි ඕවට'' කතා සංග්‍රහය එළිදැක්වීම හෙට (05) සවස 3.30ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

    ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා මුලසුන දරන අතර  ප්‍රධාන දේශන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ කථිකාචාර්ය එම්.ජී.ආර්. ඩේවිඩ් මහතා විසින් සහ රාජ්‍ය සම්මානලාභී ලේඛක ගුණසේකර ගුසෝම මහතා විසින් සිදු කිරීමට නියමිතය.

    ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya