අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලා චෛත්‍ය රාජයාණන්ගේ වර්ණාලේප කිරීම ආරම්භ වෙයි

    මැයි 02, 2017

    අනුරාධපුර මිනින්තලා රාජමහා විහාරයේ පැවති ආගමිකවතාවත් සඳහා සහභාගි වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් “මිහින්තලා චෛත්‍ය රාජයාණන්ගේ වර්ණාලේප කිරීම” (වාර්ෂික හුණුපිරියම් කිරීමේ පුණ්‍යකර්මය) ආරම්භ කිරීමට පසුගියදා සහභාගි විය.

    මේ අවස්ථාවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද සහභාග විය.

    මෙහිදී මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන් විසින් පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ආගමිකවතාවත් ආරම්භ විය.

    එළැඹෙන පොහොය වෙනුවෙන් අනුරාධපුරයේ සංවිධානය වන පිංකම්, ආගමික උත්සව සංවිධානය පිළිබඳව මෙන්ම ඓතිහාසික විහාරස්ථාන ආරක්‍ෂා කිරීම, සංරක්‍ෂණය කිරීම වෙනුවෙන් ලබා දෙන්නාවූ රාජ්‍ය අනුග්‍රය පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කිරීම සිදු කරන ලද අතර විශේෂයෙන් මේ පුණ්‍ය කර්මය වෙනුවෙන් ශ්‍රම දායකත්වය දක්වන ආරක්‍ෂක අංශ සාමාජිකයින් සඳහා අමාත්‍යවරුන් විසින් සිය විශේෂ ස්තූතිය පිරිනැමීම ද සිදුකරන ලදහ.

    මේ අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුළු සාමාජිකයින්, ලේක් හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, ප්‍රාදේශීය ප්‍රභූන්, විශාල පිරිසක් සහභාග වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya