අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුදු උළෙල - කලාකරුවන් හා මැති ඇමතිවරුන් කඹ අඳියි

    මාර්තු 30, 2017

    සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කළ මැතිසභේ ඇත්තන්ගේ හා කලා සිත් ඇත්තන් සමඟ කෙළිබිමේ දැවැන්තයන්ගේ අවුරුදු උළෙල පසුගියදා වත්තල ෆෙගාසස් රීස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විනි.


    සිංහල අවුරුදු සමයේ දක්නට ලැබෙන අවුරුදු තරඟ අතර ඇති අවුරුදු කුමරා තේරීම, අවුරුදු කුමරිය තේරීම, කොට්ටාපොරය,බනිස් කෑම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, බැලුන් සමඟ නර්තනය ඇතුලු තරඟ කිහිපයකින් උළෙල වර්ණවත් වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වූ අතර මැති ඇමති වරුන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.


    එහිදී අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පැමිණ සිටි මැති ඇමති පිරිස හා කලාකරුවන් ඇතුළු ක්‍රීඩකයින් අතර පැවති කඹ ඇඳීමේ තරඟය පැමිණි සැමගේ සිත්ගත් අවස්ථාවක් විය.


    ​​පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා​, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන හා එහි අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වේතන්ත්‍රී යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවක මඩුල්ල විසින් අවුරුදු උළෙල සංවිධානය කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya