අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්නද්ධ සේවා අනුස්මරණ දිනය සැමරීම අද මහනුවර දී

    නොවැම්බර් 13, 2016
    මහනුවර දිස්ත්‍රික් සේවාමුක්ත භට සංගමය මගින් පවත්වනු ලබන 2016 සන්නද්ධ සේවා අනුස්මරණ දිනය නොවැම්බර් 13 වැනි දින පෙ.ව. 8.00 ට මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
    මව්බිම රැක ගැනීමේ මෙහෙවර සදහා යෙදී මියගිය රණවිරුවන් සිහි කිරීමේ අරමුණින් සංවිධානය කරන මෙම උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    මියගිය රණවිරුවන් වෙනුවෙන් ගෞරව පුද කිරීම සහ ඔවුන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දැක්වීම ඇතුළු වැඩසටහන් රැසකින් සමන්විත මෙම උත්සවයේදී රණවිරුවන් අගයමින් විශේෂ දේශන කිහිපයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කොට තිබේ. 
     
    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර දිසාපති එච්.එම්.පී හිටිසේකර යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ රජයේ නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී වීමට නියමිතය.
     
    AP/DMU-Kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya