අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජූලි 21 වන දින සිට පුරා සති දෙකක්

    ජූනි 20, 2019

    24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජූලි වන දින සිට පුරා සති දෙකක් උතුරු ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

    මේ සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් 214ක කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි. සමස්තයක් වශයෙන් ගත් කල මෙය සෑම අංශයක් කෙරෙහිම ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙන්නක්. කරපටියක් සහ කදවුරු හිස් වැසුමකින් සමන්විත බාලදක්ෂ නිල ඇදුමේ අභිප්‍රාය වනුයේ රටවල් තුළ පවත්නා සාමාජීය විෂමතා බැහැර කර සමානාත්මතාවය වර්ධනය කරලීමයි. බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයෙකු වූ රොබට් බේඩින් පවෙල් විසින් 1907 වසරේදී එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී පළමු බාලදක්ෂ කදවුර පැවැත්වීමත් සමග බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය.

    විසිවන සියවසේ මුල් භාගයේදී මේ ව්‍යාපාරය පිරිමි ළමුන් සදහා වයස් කාණ්ඩ තුනක් යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත විය. ඒ පෝතක බාලදක්ෂ, බාලදක්ෂ හා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ වශයෙනි. 1910 වසරේදී බාලදක්ෂිකා සංගමය ලෙසින් නව සංගමයක් ගැහැනු ළමුන් උදෙසා ආරම්භ විය. ඒ කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා හා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා වශයෙනි. 1880 – 1890 වකවානුවේදී බේඩින් පවෙල් ඉන්දියාවේ සහ අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ වල හමුදා නිලධාරියෙකු ලෙස රාජකාරි කටයුතු කළා. ඔහු තම තරුණ කාලයේ සිටම වන විද්‍යාව සහ හමුදාමය ඔත්තු බැලීම් කටයුතු සදහා වැඩි කැමැත්තක් දක්වනු ලැබුවා. ඔහු තම සොල්දාදුවන්ට හමුදා පුහුණුවේ කොටසක් ලෙස ජන ශූන්‍ය පෙදෙසක ජීවත්වීමට හුරු කරවීම නිශේෂත්වයක්. එමගින් තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නියෝග අන්ධව අනුගමනය කිරීම වෙනුවට තම ස්වාධීනත්වය වැඩිදියුණු කරගනිමින් කටයුතු කිරීමට උපකාරී වන බව ඔහු අවබෝධ කරගනු ලැබුවා.

    ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමාරම්භය එසේ සනිටුහන් වීම ආරම්භ වූ අතර 1912 දී ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය. දැන් මේ ගෙවෙන්නේ එහි 107 වන වසරයි.

    මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරිය පවත්වනුයේ 24 වන වරටයි. එය උතුරු ඇමරිකාවේ බටහිර වර්ජනියා ප්‍රාන්තය කේන්ද්‍රව පැවැත්වේ. මෙවර තේමාව ලෙස යොදාගෙන ඇත්තේ “Unlock New World”යන්නයි. 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියට ශ්‍රී ලංකාවේ සමස්ත සහභාගීත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ගෙන ඇති ධෛර්යවන්ත කැපවීම ඉතා අගය කළ යුත්තකි.

    ලෝක බාලදක්ෂ ජම්බෝරිය ගැන අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා ජූලි 21 සිට පුරා සති දෙකක් උතුරු ඇමෙරිකාවේ බටහිර වර්ජනියා ප්‍රාන්තයේ පැවැත්වෙන 24 වන ලෝක බාලදක්‍ෂ ජම්බෝරිය මෙවර ශ්‍රී ලාංකික බාලදක්ෂ ව්‍යාපාරයේ සුවිශේෂී වූ සටහනක් ලෙස දැක්විය හැකි බව පැවසීය. රටවල් 170 ක බාලදක්ෂයන් හතළිස් පන්දහසක පිරිසක් මීට සහභාගී වෙනවා. එසේම ශ්‍රී ලාංකික සහභාගීත්වය 214කි.

    24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ නායකත්වය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ජාත්‍යන්තර කොමසාරිස් කපිල කල්‍යාණ මහතාගේ නායකත්වය යටතේ සිදු වේ. මෙම ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන සියලු දෙනා වෙනුවෙන් පුහුණු සැසියක් පසුගියදා වේයන්ගොඩ නයිවල උසස් ජාතික තාක්ෂණික පුහුණු ආයතනයේදී පැවැත්වුණි. මෙහිදී 24 වන බාලදක්ෂ ජම්බෝරිය පිළිබද සමස්ත දැනුවත් කිරීම සහ සහභාගී වන්නන්ට අවශ්‍ය මගපෙන්වීම සිදු කරන ලදී.

    මෙවර සහභාගී වන 214 දෙනා ශ්‍රී ලංකාවේ පළාත් 09ම ආවරණය වන පරිදි සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ඇතුළු සියලුම ජාතීන් නියෝජනය වීම අතිශය වටිනා අවස්ථාවක් ලෙස සැලකිය හැක. මෙම සහභාගීත්වය තුළින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ප්‍රයෝජන රාශියකි. විශේෂයෙන් සංචාරක ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ තානාපතිවරු ලෙස මෙම බාලදක්ෂ සමූහයට කටයුතු කිරීමට ඇති හැකියාව ද ඉතා ඉහළ තලයක පවතී. මේ සියල්ල ගත් කල 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය තුළින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිඵල ඉතා ඉහළය.

    තිලකරත්න ලියනපටබැදි
    සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya