නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන්...නිල හරිත අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි...ජනමාධ්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවීමට කටයුතු කරනවා...

    දෙසැම්බර් 09, 2017

     


    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදය අදයි

     

    විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි හතරවැනි වෙන් කළ දිනය (09) අදයි. ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට ගත්තා.වැයශීර්ෂ විවාදයෙන්අනතුරුව තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව.5.00ට පැවැත්වුණා.

     

    පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී කිසිදු අසාධරණයක් කර නෑ

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල පුරප්පාඩු පිරවීමේ දී එම පළාත්වල පදිංචිකරුවන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කර ඇති බව සභානායක, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     

    උතුරු නැඟෙනහිර පළාත්වල රජයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා එම පළාත්වලින් පිටත පදිංචි කරුවන් වෙත පත්වීම් ලබාදෙනබවට කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    ඒ අනුව යොමු කර ඇති අයදුම්පත් අතරින් ලිඛිත විභාගයක් හා සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් පරීක්ෂ කර සුදුස්සන් විශාල පිරිසකට පත්වීම් ලබාදී ඇත.

    ඒ යටතේ යාපනය විශ්වවිද්‍යාලයට 40ක් නැඟෙනහිර විශ්වවිද්‍යාලයට ට74ක් අග්නිදිග විශ්වවිද්‍යාලය 27ක් මාර්ග සංවර්ධන අධිකාරිය උතුරු පළාත 80ක් සහ මාර්ග සංවර්ධන අධිකාරිය නඟෙනහිර පළාත 151ක් වශයෙන් බඳවා ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

     

     

    නිල හරිත අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

     

    සම්මුතිවාදී යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 අද (9) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    කාරක සභාවේ සළකා බලා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායකවරයා ප්‍රකාශ කළ අතර තෙවෙනිවර කියවීම සම්මත කිරීමේ අවස්ථාවේ දී සභාවෙන් බෙදීමක් ඉල්ලා සිටියේ ය. ඒ අනුව ඡන්ද් අවිමසීම ආරම්භ විය.

    අයවැයට පක්ෂව ඡන්ද155 ලැබුණු අතර විපක්ෂව ඡන්ද56 ලැබුණි.

    විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි හතරවැනි වෙන් කළ දිනය ලෙස අද විවාදය පැවැත්විණි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නොවැම්බර් 09 දින අයවැය කතාව සභාවට ඉදිරිපත් කළේ ය.
    නොවැම්බර් 10 දින සිට 17 වැනි දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි. 17 වැනි දින සිට දෙසැම්බර් 09 අද දින දක්වා අයවැය කාරක සභා අවස්ථාව යටතේ අමාත්‍යාංශවලට අදාළව වැයශීර්ෂ විවාදයට ලක් විය.

     

     

     

    නීල හරිත ආර්ථිකයක්,පරිසර හිතකාමී ආර්ථිකයක් සඳහා අයවැයෙන් යෝජන රැසක්

    නීල හරිත ආර්ථිකයක්,පරිසර හිතකාමී ආර්ථිකයක් සඳහා යෝජන රැසක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.iran

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය

    එදා වෙනසකට ඡන්දය ලබාදුන්නා. මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ආර්ථික පොරොන්දු ඉටු කරන්නයි. මේ අයවැයෙන් කතා කරන්නේ හෙට දිනය ගැනයි. ඩීමෝ බට්ටා රථය ලක්ෂ තුනකින් අඩු කළා. කුඩා මිනිසුන් ගැන සිතුවා.අපි අයවැයට ප්‍රථමයෙන් බඩු මිල අඩු කළා. මේ රටේ ජලගැලීම් නියඟ තිබුණා. මිල ඉහළ ගියා. අපි කල හැකි දේ කළා. අර්තාපල්,පරිප්පුවල බදු අඩු කළා.

    අපි ක්‍රියාකරනවා හාල් රටට ආනයනය කරනවා සහල් මිල තවත් පහලට බැස්සීමට කටයුතු කරනවා. නීල හරිත ආර්ථිකයක්,පරිසර හිතකාමී ආර්ථිකයක් සඳහා යෝජන රැසක් මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. පාසල් සිසුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. වැදගත්ම දායාදය දරුවන් හා තරුණ පරපුරයි. අධ්‍යාපනයට උසස් අධ්‍යාපනය,නිපුණතා සංවර්ධනයට 2.37 %දක්වා දළ දේශීය නිෂ්පාදනයෙන් වැඩි කර තිබෙනවා.

    සෑම දරුවෙකුටම උසස් අධ්‍යාපනයක් ලබදෙන්න බලාපොරොත්තු වෙනවා. වහල් සේවා වලට පිටරට යවන්න වුවමනා නෑ.වෘත්තීමය අධ්යාපනයක් ලබාදෙන්න ඕන.

    පසුගිය රජය රැකියා වැඩි කළා. අප එය කරන්නේ නෑ.2015 රැකියා ලක්ෂ 3ක් උත්පාදනය කර තිබෙනවා. මේවා සැබෑ රැකියා. ගමනට අත්තිවාරමක් දමා තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා-

    හම්බන්තොට වරායෙන් ලැබෙන්නේ මොනවාද? මේ බදු හැර වෙන බදු තියෙනවාද? දෛනිකව ගතවෙන සෑම මොහොතක් පාසාම සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන තිබෙනවා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ. ආණ්ඩුවේ මාධ්‍යයට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා සමාජ උන්නතිය වෙනුවෙන් කාර්යභාරයක් කරන්න. අද තියෙන දේශපාලන බලපෑම බැලුවොත් දේශපාලන සංස්කෘතික වශයෙන් සමාජ ප්‍රගමනයට මාධ්‍යයට හිමිව තිබෙන බලය අධ්‍යනය කළ්  හැකියි.දේශපාලණීකරණයට රාජ්‍ය මාධ්‍ය ද මෙන් ම පෞද්ගලික මාධ්‍යත් යොමුව තිබෙනවා.අපේ රටේ නව මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩනැගිය යුතු අවධියකට පැමිණ තිබෙනවා.දේශපාලන වර්තාකරණයක් මාධ්‍ය මඟින් සිදු වෙනවා.ගැටුම්කාරී තත්ත්වයක් මාධ්‍යයටත් අවශ්‍ය වී තිබෙනවා. අඬදබරයට කැමැති මාධ්‍ය කලාවක් ඇති වී තිබෙනවා . ඊ නිවුස් වෙබ් අඩවිය බ්ලොග් කරලා.

     

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා- කිසිම වෙබ් අඩවියක් බ්ලොක් කරන්න බෑ. තාක්ෂණය යටතේ කරන්න බෑ. 21ක් වැනි සියවසේ වාරණය කරන්න බෑ.මාධ්‍ය අමාත්‍යාංශය විසින් කිසිදු තහනමක් කර නෑ


    ටෙලි නාට්‍ය බදු ආදායම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේම අභිවෘද්ධියට යොදවනවා- විද්‍යුත් මාධ්‍ය

    රේටින් ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි

     

    lasantaරටේ දියුණුවට කළ හැකි දායකත්වය කාර්යභරය හා වගකීම මාධ්‍ය මඟින් ඉටු කරනවද යන්න නැවත සිතා බැලිය යුතුව තිබෙන බවත් ටෙලිනාට්‍යවලින් ලැබෙන බදු ආදායම ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියටම යෙදවීමට කටයුතු කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    වගකීම් හදුනාගෙන මෙම ආයතන සර්ථකව කටයුතු ඉටු කරනවා. පක්ෂ භේදයකින් තොරව රටේ පුරවැස්ඩියන් ලෙස කරන්න පුළුවන් දයකත්වය ඉටු කරනවාද කියලා ඇසිය යුතුයි. රටේ දියුණුවට කළ හැකි දායකත්වය කාර්යභරය හ වගකීම ඉටු කරනවද කියන වගකීම නැවත සිතා බැලිය යුතුව තිබෙනවා.අපිට මේ පිළිබඳව යම් පාලනයක් ඉටු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. පාලනය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මර්දනය නොවෙයි. වර්තමානයේ කාලෝචිත අවශ්‍යතාවයක් වී තිබෙනවා මාධ්‍ය ආයතනවල දායකත්වය ලබාගැනීමට තිබෙනවා. සමාජය වශයෙන් පිරිහීම්, මිත්‍යාවට ලක්වීම හා රටේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා.
    ආණ්ඩුක්‍රම ව්යාවස්ථාව තුළින් තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදී තිබෙනවා. ජාතික රූපවාහින්ය ස්වාධීන රූපවාහිනය ලබ පාඩුව අඩු කරගැනීමට පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා. ටෙලිසිනේ ආයත්නය ලාබ ලබනව. ලාභය තුළින් පමණක් සාර්ථකත්ව්ය මනින්න බලපොරොත්තු වෙන්නේ නෑ. ආයත්නවලින් සිදුවන මෙහෙය ගැනත් සිතිය යුතුයි. ගුනාත්මභාවයෙන් ඉහල වැඩසටහන් හඳුන්වා දෙමින් ජතික නාළිකා විසින් ජනතාවට ලබදෙනවා.

    ගුවන්විදුලි සංස්ථාව හ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමත් පාඩුව අවම කරමින් සිටිනවා.පුවත්පත් මණ්ඩලය වැනි ආයතනවල, මාධ්‍ය ක්ෂේත්‍රයේවිවිධ පාඨමාලා ක්‍රියාත්මක වෙනවා. රටේ දියුණුවට කළ හැකි දායකත්වය කාර්යභරය හා වගකීම මාධ්‍ය මඟින් ඉටු කරනවද යන්න නැවත සිතා බැලිය යුතුව තිබෙන බවත්

    ටෙලි නාට්‍ය බද්ද පිළිබඳව,චිත්‍රපට ක්ෂේත්‍රයට යම් නියාමනයට ආයතන තිබුණත්. ටෙලි නාට්‍ය නියාමනයට කිසිදු නීතියක් ස්ථාපිත වී නෑ. බදු පැනවීමේ ක්‍රියාමාර්ගය ආරම්භ වී තිබෙනවා.බදු ආදායමෙන් යෙදෙන මුදල් මෙම ක්ෂේත්‍රයට යෙදවීමට, සාකච්ඡා පවත්වලා අවසන් කෙටුම්පත ලබාදීමට කටයුතු කර තිබෙනවා.ටෙලි නට්‍ය ක්ෂේත්‍රයේ අභ්වෘද්ධියටම යෙදවීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය වල රේටින් ප්‍රශ්නයට වහාම මැදිහත් විය යුතුයි. මාධ්‍ය වාර්තා ප්‍රායෝගිකව සිදුවන්නේ නෑ. එය නරක තැනකට ගිහිල්ලා. වැරැදි රේටින් මත තීරණ ගන්නේ. රාජ්‍ය නාළිකා රටේ සියයට 95%ක් ආවරණය වෙලා තිබෙනවා.මේ පිළිබඳව රජය මැදිහත් විය යුතුයි.  


    විපක්ෂයෙන් තාර්කික විවේච්නයක් අයවැයට ඉදිරිපත් කළේ නෑ- ගමන් මඟ වෙනස් කිරීමට

    විෂන් 2025 ඉදිරිපත් කළා

     

    අයවැය තුළ ප්‍රශ්නයක් ඇති බවට විපක්ෂයෙන් තර්කාණුකූල විවේචනයක් ඉදිරිපත් නොවුණ බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය

    මේ අයවැය විවේච්නය කරන බවක් දැක්කේ නෑ.අයවැය හරහ ඉදිරිපත් කර තිබෙන්නේ 2025 දැක්මට අනුකූලව එළඹෙන වසර තුනේ වැඩපිළිවෙල අනුව 2018 කටයුතුයි.

    අයවැය මඟින් තර්කානුකූලව කළ යුතු දේ ඉදිරිපත් කළේ. ලිහිල්කරණය සම්බන්ධයෙන් නාවික ක්ෂේත්‍රය පිළිබඳව විවේචනය කළා. කුළුණු බද්ද ගැන නැවත සැළකිලිමත් විය යුතුයි කියා මම කිව්වා.සීනි බද්ද සම්බන්ධයෙන් ක්‍රියාත්මක් කළ යුතු ද කියලා විවේචනයක් ආවා.

    අපි තර්කණුකූලව සොයා බල ක්‍රියාත්මක විය යුතුයි.මද්‍යසාර මට්ටම අනුව බද්ද වැඩිවීමේ තර්කය නිවැරැදියි. විපක්ෂයේ තර්කාණුකූල විවේච්නයක් ඉදිරිපත් කළේ නෑ අයවැයේ ප්‍රශ්න තියෙනවා කියලා.

    ණය ප්‍රශ්නය ගැන කතා කරන කොට අපි කල්පනා කරන ඕන ඇයි අප විශාල ණාය ප්‍රශ්නයකට සිර වී සිටින්නේ කියලා. අපිට තිබුණු ප්‍රශ්නයට මුහුණ දෙන්න හැකියාවක් තිබෙනවා. ඇමෙරිකන් ඩොලර් මිලියන 4219ක් වසර 2019 ගෙවන්න තියෙනවා.දැන් ඩොලර් බිලියන 4ක් දක්වා ගෙවන්න වෙලා. මේ යථාර්තයට මුහුණ දෙන්න වෙනවා.ඩොලර් ආදායම පහළට ගියා. හම්බන්තොට වරාය වැරදි කියන්නේ නෑ. වියදම වැඩියි. මේ ප්‍රශ්නයට විසඳුමක් ගේන්නයි අපි ගමන වෙනස් කරන්න ඕන කියලා විෂන් 2025 ඉදිරිපත් කළේ. අපි ප්‍රතිපත්ති වශයෙන් කතා කළ යුතුයි


    susil premස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කළහොත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකියි

    අපේ රටේ බලශක්තිය සඳහා ගෙවන අධික පිරිවැය අඩු කළ යුතු බවත් මේ රටේ දැවැන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට විද්‍යාඥයන්ගේ වෘත්තිකයන්ගේ දායකත්වය ලබාදීමට සූදානම් බවත් ස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කළා නම් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ආනයනයට වසරකට ඩොලර් බිලියන 20ක් යනවා. පරතරය තියෙනවා ඩොලර් බිලියන 8ක් තියෙනවා. 2019 වසරේ දී අලුතින් බිලියන 04ක් ණය ගෙවන්න සොයා ගන්න වෙනවා. සාම්ප්‍රදායික ආදායම් අපට එන්නේ නෑ. කෘෂිකර්මාන්තය වැටිලා.සේවා අංශය වැඩි වෙලා. සැලසුම්ගතව සියයට 70%ක් වූ කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් ආරක්ෂ කරලා, ආරක්ෂණවාදී වැඩපිළිවෙලකට ගිහිල්ලා ආනයනයන් සීම කර අපනයනයන් දිරි ගැන්විය යුතුයි.

    අපේ රටේ බලශක්තිය සඳහ ගෙවන අධික පිරිවැය අඩු කළ යුතුයි. ඊළඟ වසරේ ජනන සැලැස්මක් එනවා. කළමනාකරණය කිරීමේ වගකීම අට තියෙනවා. ඉල්මනයිට් වසර 35කට අවශ්‍ය ප්‍රමාණයක් අපට තිබෙනවා. පරීක්ෂණ අවසාන අදියරේ තියෙන්නේ. නැනෝ ටයිටෙනියම් ඩයොක්සයිඩ් ටොනෙකක මිල කීයද? කොලිටි නෑ. සාධක හතරක් මතයි තෙල් මිල තීරණය කරන්නේ. මේක සාකච්ඡා වෙන්නේ නෑ.කවුද මිල තීන්දු කරන්නේ? අපනයනය දිරිමත් වන්නේ නැත්නම් ගුණාත්මකභාවය වැඩිකරන්නේ නැත්නම් කොහොමද මෙය සිදු කරන්නේ. කවුද ස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කළා නම් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකියි.පළපුරුදු අය අධ්‍යාපනය ලැබූ අය මෙම ආයතනවලට පත් කරන්න යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා- මම සියයට සියයක් එකඟ වෙනවා


    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා-

    උතුරු නැඟෙනහිර පළාත්වල ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳව ප්‍රහරයට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳව පරීක්ෂණ කඩිනම් කළ යුතුයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා-

    අලුතින් කර්මාන්ත හඳුනාගෙන ඒ දෙසට ආර්ථිකාය යොමු නොකර,අලුත් ඉදිරි පිම්මක් සඳහා ජනිත කිරීමක් මේ අයවැයේ නෑ,.විහිළු අයවැයක්. සහලින් මද්‍යසාර පෙරීමට අවසරය ඉල්ලා අස්කරගන්න.නියඟය අප සියලු දෙනා වෙලාගෙන තියෙනවා.රටේ නිෂ්පාදනාය් තිබෙන්නේ කෘෂිකර්මාන්තය මතයි.

     

    රුපියල ශක්තිමත්ව තබා ගනිමින් ආර්ථිකයේ ඉදිරි දැක්මක් සහිතව කටයුතු කළ යුතුයි

    රුපියල ශක්තිමත් මට්ටමක තබා ගත යුතු බවත් ආර්ථිකයේ ඉදිරි දැක්මක් සහිතව කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. ravi

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසී ය.

    ලෝක ආර්ථිකය අපහසුවෙන් ගමන් කරන්නේ. ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරි දැක්මක් සහිතව ඉදිරියට ගෙන යන්න හැකි වී තිබෙනවා.රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. අපට තවමත් සෑබෑ ආර්ථික නිදහස ළඟා කරගැනීමට නොහැකි වී තිබෙනවා. ආදායම අමාරුවෙන් යන අවස්ථාවකදී,ණය බර අපට බාර දී තිබෙන අවස්ථාවේ දී සංවර්ධනයට වෙන් කළ මුදල අප නිසි ලෙස භාවිතා කළ යුතුයි.ව්‍යුහාත්මක වෙනස්කම් කර තිබෙනවා. වඩ හොඳ ක්‍රමෝපායන් අනුගමනය කිරීමෙන් රටට එන විදේශිකයන් ප්‍රමාණය වැඩි කරගත හැකියි.රටට උපයාගත හැකි දේ සහ පාරිභෝගිකයන්ට උපයාගත හැකි දේ අතර සමබරතාවක් තිබිය යුතුයි.

    බදු ලිහිල් කිරීමෙන් අවාසිදායක තත්ත්වයන් ද ඇති විය හැකියි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දෙස බැලිය යුතුයි.කෘත්‍රීම විනිමය අනුපාතය පිළිබඳව, අපට පේනවා ආදායම වැඩි කිරීම අවශ්‍යයි. අපනයනය වැඩි කරන්න.රුපියල පවෙන්න් ඉඩ තිබ්බොත් අපේ අපනයනයට බාධවක් ඇති වෙනවා. රුපියල පාවෙන්න ඉඩ නොදී ආර්ථික වර්ධනයක් සමඟ කටයුතු කරන්නයි බලාපොරොත්තු වුණේ. රුපියල ශක්තිමත් මට්ටමක තබා ගත යුතුයි. අපනයනය කිරීම ශක්තිමත් කළ යුතුයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා- සංචාරකයන්ට සුදුසු පරිසරයක් හදන්න. ඉබි ගමනේ යන අධිවේගී මාර්ග හදන්න. කුණු ගොඩවල් තියෙනවා.මේ රට ආර්ථික වශයෙන් කඩා වැටිලා.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා - 

    කියනවිදියට ආර්ථිකය කඩා වැටෙන්නේ නෑ. 2020 වනවිට අධිවේගී මාර්ග ජාලය් වැඩකටයුතු අවසන් වෙනවා. මිලියන එක්ලක්ෂ අසූදහසක් වෙන් කර තිබෙනවා දක්ෂිණ අධිවේගී මාර්ගයට වෙන් කළා. අමාත්‍යාංශ පහක් සඳහා දැවැන්ත මුදලක් මාර්ග සඳහා වැය කර තිබුණා.2016-2017 වසරවල මිලියන 150,000ක් මර්ගවලට වෙන් කර තිබෙනවා. වසර 2018 දී ග්‍රාමීය මාර්ග සංවර්ධනයට මිලියන 35,000ක් වෙන් කර තිබෙනවා. රටේ මොනවත් කරලා නෑ කියල රටේ ජනතාව සිතනවා.කවදාවත් නැතුව රුපියල් බිලියන 527ක් ණය පොළී ගෙවන්න සිදු වුණා. නීතිය අනුව ක්‍රියත්මක වීම නම් ඒක නාඬකමක් වෙනවා. මේ හොරු ටික අල්ලා සිර ගත කරන තුරු සටන ගෙන යන්න ඕන.

     

     

    ජනමාධ්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවීමට කටයුතු කරනවා- අයවැය ලිහිල්කරණ ප්‍රතිපත්ති තුළ

    වෙළඳපොල බාධක අඩු කරනවා.

    bduuඅයවැය නීල හරිත තේමාවක් යටතේ සකස් කර තියෙන්නේ.මේ අයවැය ලිහිල්කරණ ප්‍රතිපත්ති තුළින් වෙළඳපොල බාධක අඩු කිරීමට කටයුතු කරනවා. අපි ගෝලීය වෙළඳපොළට විවෘත විය යුතුයි.ආර්ථික ලිහිල්කරණයේ එක් පියවරක් වන්නේ පැරනි නීති සංශෝධනාය කිරීම.එවිට තරඟකාරී වෙලඳ රටාවක් සකස් කළ හැකියි.දේශීය ව්‍යවසාකයන්ට වැඩි අවස්ථා ලබාදීමටත් අපනයනය සඳහා වැඩි අවස්ථා ලබාදීමත් ප්‍රාග්ධන ආර්ථිකයට වැඩි තාක්ෂණයක් එක් කිරීමත් බලාපොරොත්තු වෙනවා. යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.


    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් මෙසේ පැවසීය.

    290ක් ඇමෙරිකානු ඩොලර් හම්බන්තොට වරාය ආයෝජනයට ලබුණා. මෙය වසර හතකට පසු ගත් පළමු පියවරයි. අපේ රටට සංවර්ධනය හා සමෘද්ධිය ලබාදෙන්න පුළුවන්. හම්බන්තොට වරායට සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ සැලසෙයි කියා සිතනවා. ඉන්දියානු සාගරයේ ආර්ථික මඪස්ථානයක් බවට පත් වෙන්නට හැකිවෙනවා. ශ්‍රී ලංකාවේ තරුනයන්ට රැකියා ලබදෙනන් පුළුවන්.

    නීල හරිත ආර්ථිකයක් 2018 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර විවිධ කණ්ඩයම්වල.වෘත්තීය කණ්ඩායම්වල අදහස් ලබාගත්තා.

    සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය කිරීමට අපේක්ෂා කරනව.නිෂ්පාදන ගම්මාන ලෙස දියුණු කළ හැකි ග්‍රාම නිලධාරී වසම් හදුන්වා ගෙන අවශ්‍ය තාක්ෂණ පහසුකම් ලබාදෙනවා. විදේශ වෙලඳපොළ ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

    පසුගිය කාලය තුළ ස්වාභාවික ආපදාවන්ට මුහුණ දීමට සිදු වුනා. ඒ සඳහා මුහුන දීමට ඉහළ ගංගාධාර ප්‍රදේශවල ජලාශ සකස් කිරීමට හා ජල ධාරිතාව වැඩි කිරීමට අවධානය යොමු කර තිබෙනවා.පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එම ප්‍රදේශවල ජනතාව නොමඟ යැවීමට කටයුතු කර තිබෙනවා. ජනතා අනුමතිය නොමැතිව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නෑ.

    ව්‍යාපෘති කාලසීමාව තුළ වරාය හා ගුවන්තොටුපල බදු නිදහස් කිරීමට කටයුතු කරනවා. සී.අයි.එෆ් ක්‍රමයේ බදු අයකිරීම වෙන්ස් කර එංජින් ධාරිතාව අනුව බදු අයකිරීමක් සිදු කරනවා. ලක්ෂරි ටැක්ස් එකක් අය කරනවා. 2018 බදු අයකිරීමේ පදනම වෙනස් කිරීමෙන් වාහම අඩු වටිනාකම දැක්වීම අඩු විය හැකියි.

    විශ්‍රාම නිලධාරීන්ට වාහන බලපත්‍රයදී සහනයක් සළසන්න බලාපොරොත්තු වෙනවා. තට්ටු නිවාස සඳහා වැට් බද්ද අය කරන බව ප්‍රකාශ කළා.2018 අප්‍රේල් මස 01 අයකිරීමට නියමිත වැට් බද්ද රුපියල් මිලියන 10 අඩු වටිනාකමක් සහිත් අනිවාස වලින් අය කරන්නේ නෑ.


    මද්‍යසාර නිෂ්පාදනයට සහල් භාවිතා කිරීමට අනුමැතිය ලබාදුන්නා කියලා. සහල්වලින් ස්ප්‍රීතු නිෂ්පාදනයාට් කිසිදු රජය විසින් අනුමතියක් ලබාදී නෑ. මෙයට මුලින් අවසර ලබාදී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ රජයයි.

    2018 සුරාබදු අනුපාතය අනුව බදු අයකරන්න යෝජනා කළා.දැනට අනුමත් අකර ඇති අමුද්‍රව්‍ය සඳහා බද්දක් නියම කළා.2018 අයවැය නීල හරිත තේමාවක් යටතේ සකස් කර තියෙන්නේ. මුහුදු සම්පත් තිරසර ලෙස ඵලදායී ලෙස ජනතාව වෙත යෝදාගැනීමයි අරමුණ වී තිබෙන්නේ. තරුණ ව්‍යවසායකයින්ට මූල්‍ය සහන ලබාගන්න බැරි වුණා. රජයේ රැකියා බලපොරොත්තු වුනා. මේවැනි මානසික තත්ත්වයන් ආර්ථිකය විවෘත වුවත් අද වනතුරු තිබෙනවා. මේ අයවැය ලිහිල්කරණ ප්‍රතිපත්ති තුළින් වෙළඳපොල බාධක අඩු කිරීමට කටයුතු කරනවා. ගොවීන්ගේ දියණියන් ව්‍යාපාරික කාන්තාවන් වෙනවට අපි කැමැතියි. අපේ මුතුන් මිත්තන් ඉතා හොඳ වෙළඳුන් වුණා. අපි ගෝලීය වෙළඳපොළට විවෘත විය යුතුයි. රජය සෑම විටම අඩු වරප්‍රසාද ලත් අය රැක බලාගන්නවා. සමාජ ආරක්ෂණය සහිත රජයක් වැදගත් වෙනවා.

     

    අයවැය තුළින් මෙවැනි ආරක්ෂණයන් ලබාදෙන්න විධිවිධාන සළසා තිබෙනවා.මෑත කාලයේ හොඳ සාකච්ඡ කළා.ශ්‍රී ලංකා සමාගම් පහක් නැව් සමාගම් සම්බන්ධයෙන් පාලනය කරනවා, මේ ක්ෂේත්‍ර ලිහිල්කරණයට සමාගම් විරුද්ධ වී තිබෙනවා.නැව් කටයුතු ලිහිල් කළ යුතු බව අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබෙනවා. ආයතන කීපයක යහපත ගැන සිතීම යහපත් නෑ. එය නිසි නියාමනය තුළ සිදු කළ හැකියි.ස්වාධීන නියාමන යාන්ත්‍රණයක් පත් කළ යුතු බවට යෝජනාවක් තිබුණා. අයවැය වෙළඳ ලිහිල් කරණයට මඟපාදනවා.පසුගිය දසක දෙක තුල අපනයනය බිද වැටුණා. ආර්ථික ලිහිල්කරණයේ එක් පියවරක් වන්නේ පැරනි නීති සංශෝධනාය කිරීම.එවිට තරඟකාරී වෙලඳ රටාවක් සකස් කළ හැකියි.
    අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය සඳහා කරන වියදම් කිරීම වැදගත්. අසමත් වන සිසුන් සංඛ්‍යාව අඩු කරනවා. වසර 13ක් අධ්‍යාපයනයක් සඳහ ආයෝජනය කර තිබෙනවා.වෘඉත්තීය පුහුණුව ලබාදෙනවා.තරුණ ශ්‍රම හමුදාවක් සකස් කිරීමට වැඩි ආයෝජනයක් ලබාදෙනවා. උසස් අධයාපනයට අමතර උපාධි පාඨමාලා හඳුන්වා දෙනවා. නිවාස ග්‍රාමීය නිවාස සඳහා බිලියන 4ක් වෙන් කර තිබෙනවා. හිස් ගුවන්තොටුපලවල්වලට ආයෝජනය කරන්නේ නෑ.දේශීය ව්‍යවසාකයන්ට වඩි අවස්ථා ලබාදීමටත් අපනයනය සඳහා වැඩි අවස්ථා ලබාදීමත් ප්‍රාග්ධන ආර්ථිකයට වැඩි තාක්ෂණයක් එක් කිරීමත් බලාපොරොත්තු වෙනවා.නීල හරිත ආර්ථිකයක් සඳහා සිද්ධාන්තමය පියවර ගෙන තිබෙනවා.

    ජනමාධ්‍ය සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කළ හැකියි.අපි පිළිගත යුතුයි ශ්‍රී ලංකාව මුළු ලෝකයේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට යළි පරිවර්ථනය වී තිබෙනවා.දෝෂ මුක්ති දර්ශකයෙන් රට ඉවත් කර තිබෙනවා. එය විශාල ජයග්‍රහනයක්.ජනමාධ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කරමින් යනවා.කිසිදු මාධ්‍ය ආයතනයකට වෙනස් කොට ස්ලකන්නේ නෑ. විවේචනය කරන පුවත්පත්වල රජයේ දැන්වීම් පළ වෙනවා.තරඟකාරි ලෙස වෙන වෙනම හැප්පුනත් ඩෙංගු උවදුර නැති කිරීමට එකතු වී කළ දැවැන්ත් මාධ්‍ය ප්‍රචාරය නිසා ඩෙංගු පාලනය කරන්න හැකි වුණා. සාමය හා සංහිදියා ගොඩනැගීමේ දී අප සමඟ අත්වැල් බැදගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මාධ්‍යවේදීන්ගේ දැනුම වර්ධනය කිරීමට කටයුතු කරනවා. සම්මුතියෙන් කටයුතු කිරීම අපේ අරමුණයි. සංඛ්‍යාත මහජන දේපලයි. ඒවා වගකිමෙන් භාවිතා කල යුතු බව හැඟීමයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය


    ප්‍රභාත් රත්නායක
    පාර්ලිමේන්තුවේ සිට...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya