අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 අයවැය කතාව

    නොවැම්බර් 20, 2015

    මුදල අමාත්‍ය රවි කාරුණානායක මහතා අද (20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2016 අයවැය කතාව පහත සඳහන් පරිදි වේ.

     

    අයවැය කතාව - 2016


    හැඳින්වීම


    1.    ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ විසිවෙනි මුදල් අමාත්‍යවරයා ලෙස ශ‍්‍රී ලංකාවේ 69 වැනි අයවැය 2016 වසර සඳහා ඉදිරිපත් කිරීමට ලැබීම මගේ භාග්‍යයක් මෙන්ම මට ලැබුණු වරප‍්‍රසාදයක් ලෙසත් සලකනවා. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ පරිනත නායකත්වය සහ මඟ පෙන්වීම යටතේ සියලුම ක්ෂේත‍්‍රවල සාර්ථකත්වය අරමුණු කරගත් අයවැයක් ඉදිරිපත් කිරීමේ අවකාශය සැලසී තිබෙනවා. 2016 වසර සඳහා වන අයවැය ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඉදිරිපත් නොවූ ආකාරයේ සුවිශේෂී අයවැයක් ලෙස ඉතිහාසගත වන්නේ එය නිදහස ලැබීමෙන් පසු පැවති පළමු ජාතික රජයට නෑකම් කියන මා නියෝජනය කරන ජාතික සහයෝගීතා රජය ශ‍්‍රී ලාංකික ජනතාවට නව ආර්ථික හා සමාජීය මංපෙත් විවර කරන අයවැයක් වන බැවිනි.
     
    2.    ‘දින සියයේ විප්ලවය’ ලෙස හඳුන්වනු ලැබූ 2015 ජනවාරි මස 29 වැනි දින ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනා බොහෝ දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට මුහුණ දුන් බහුතර ශ‍්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික නිදහස තහවුරු කිරීමට ඉවහල් වුනා. එම අතුරු අයවැයෙන් ලබාදුන් සහන පිළබඳ විග‍්‍රහ කිරීමට මා උත්සාහ නොකරන අතර ඉදිරි කාලය තුළදී ශ‍්‍රී ලාංකීය ජාතියේ උන්නතිය උදෙසා දූරදර්ශී ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කරමින්තව දුරටත් සහන සැලසීමට බලාපොරොත්තු වෙනවා.

    3.      ගරු කථානායකතුමනි, ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ඒකරාශී වෙමින් ඔවුන්ගේ ප‍්‍රජාතාන්ත‍්‍රවාදී අයිතිය සහතික කරමින් පැහැදිළි තීන්දුවක්  ලබා දුන් ශ‍්‍රී ලාංකික ජනතාවට මගේ ප‍්‍රණාමය පුද කිරීමට මේ අවස්ථාවේ කැමතියි. ඔවුන් මෙම තීන්දුව ලබා දුන්නේ අප මෙතෙක් නොදුටු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තියක් බඳු නිදහස් හා සාමකාමී මැතිවරණයක් තුළිනි. පසුගිය පාලන සමයේ, දුක් විඳින ජනතාවට ප‍්‍රතිලාභ ලබාදීම වෙනුවට අයවැය ඉදිරිපත් කරන විට අප දෙසවන් පිරුණේ නොනවතින රැල්ලක් බඳු වූ ආර්ථික කටයුතු පිළිබඳු පුරසාරම්වලිනි. ගරු කථානයකතුමනි, ගරු අග‍්‍රාමාත්‍යතුමනි, වසර 2500 කට වඩා  වැඩි සංස්කෘතික හා ජාතික උරුමයක් සහිත ශ‍්‍රී ලාංකීය ජාතියේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස 2015 ජනවාරි මස 8 වැනි දින පැවති ජනාධිපතිවරණය නම් කරන්නට පුළුවන්. 2015 අගෝස්තු මස පැවැත්වූ තවත් එවැනිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහ මැතිවරණයක් තුළින් නැවතත් එම වරම සහතික කළ ජනතාව ජාතික සහයෝගීතා රජයක් පත් කිරීමට අවස්ථාව ලබා දුන්නා. සම්මුතිවාදී දේශපාලන දැක්මක්  හා නොවෙනස්වන සුළු ප‍්‍රතිපත්තිවලින් යුත් ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ කෘතහස්ත හා කැපවූ නායකත්වය මෙම ජයග‍්‍රහණ දෙකටම අතිශයින් හේතු වුණා.   

    4. පසුගිය මාස 10 ක කෙටි කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික හා දේශපාලන ක්ෂේත‍්‍රයන්හි ඇති වූ පරිවර්තනය ආශ්චර්යවත් එකකැයි සනිටුහන් කරන්නට පුළුවන්.  ඉතාමත් විනාශකාරී ගජමිතුරු ධනේෂ්වර ‘ජාලය’ නැවත ස්ථාපනය වීමට නොහැකි ලෙස සදහටම පරාජය කර ඇති අතර, ජනතාවට බියජනක වූ සුදු වෑන් සංස්කෘතිය සහමුලින්ම තුරන් කර, ජුගුප්සා ජනක පවුල්වාදය මුලිනුපුටා දමා ඇත. අද ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට ආර්ථික ප‍්‍රතිලාභ භුක්ති විඳින්නට අවස්ථාව ලැබී තිබෙනවා පමණක් නොව පසුගිය පාලන සමයේ සිහිනයක්ව පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ද භුක්ති විඳින බව මේ ගෞරවනීය පාර්ලිමේන්තු ගර්භයේ අසුන් ගත් සියලුම දෙනාම දන්නා සත්‍යයක්. රාජ්‍ය පාලනය ගත්කල පසුගිය මාස දහයක කාල පරාසය ඉතා දුෂ්කර වකවානුවක් වුනා.  අර්බුදකාරී ආර්ථිකයක් හා ඉතා දැඩි ලෙස භේද භින්නවූ තත්ත්වයක් තුළ සුළුතර  බලයක් හිමි රජයක් ලෙස රට පාලනය කර අප ලබාගත් වැදගත් ජයග‍්‍රහණ හා පසු කළ සුවිශේෂී කඩඉම්, නව ශ‍්‍රී ලංකාවක් බිහි කරන්නට අඩිතාලම දමා ඇත.  
     
    5. ඇක්ටන් සාමිවරයාගේ සුවිශේෂී වදන් පෙළක් වූ ‘බලය දූෂිතය, අත්තනෝමතික බලය අතිශයින්ම දූෂිතය’ යන්න දෝංකාර දෙන සමයක් තවමත් අප මතකයෙහි ඉතිරිව තිබෙනවා. එම පාලන සමයේ අවසන් අදියර තුළ ශ‍්‍රී ලංකාව ‘පරිහානියට ලක් වූ ජනරජයකට’ ළංවෙමින් පැවති අතර මිත‍්‍ර රටවල් ද අප වෙත දැක්වූයේ සෘණාත්මක පිළිගැනීමකි. මෙම කාලය තුළ දී අප ජාතියක් ලෙස අපගේ ආත්ම ගරුත්වය කෙළෙසා ගත්තා පමණක් නොව ජී.එස්.පී ප්ලස් සහනය නවතා දැමීම සහ යුරෝපා සංගමයට මත්ස්‍ය අපනයන තහනමකටද බඳුන් වීමට ද සිදු වුනා.  එහෙත් පසුගිය මාස කිහිපය තුළ අප සංචාරය කළ රටවලදී අපට ලැබුණු ප‍්‍රතිචාර ඉතාමත් ධනාත්මක වූයේ අප විසින් නැවත ස්ථාපනය කරන ලද යහපත් ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පසුබිම නිසාවෙනි.

    6. 2015 ජනවාරි මාසයේ  දී අප භාර ගත්තේ අමිහිරි අර්බුදකාරී තත්ත්වයක පැවති රටක්. එම අර්බුදය ආර්ථිකයට පමණක් නොව විදේශ කටයුතු, සුබසාධන, යහපාලනය, නීතිය හා සාමය හා ප‍්‍රතිපත්ති ගැටලූ කරා ද විහිදී තිබුනා. තව දුරටත් එම තත්ත්වය පැවතුනේ නම් එය සමස්ත ජාතියටම හා අනාගත පරම්පරාවට ද අනර්ථකාරී බලපෑමක් ඇති කළ හැකිව තිබුණා. අප කෘතහස්ත ලෙස මෙම අභියෝගයට මුහුණ දුන් අතර ඉදිරියටත් මෙම දැවන්ත අභියෝගයට විශ්වාසයෙන් හා ධෛර්යයෙන් යුතුව මුහුණ දිය හැකි බව මාගේ විශ්වාසයයි. ගරු කථානායකතුමනි, දින සියයේ විප්ලවය සම්බන්ධ අපගේ ගමන් මග තුළ එතෙක් පැවති සෘණාත්මක වාතාවරණය ධනාත්මක ප‍්‍රවණතාවයකට පත්කර ගතහැකි ආකාරයත් පවතින අර්බුද නිරාකරණය කළ හැකි ආකාරයත් සනිටුහන් කර තිබෙනවා.


    7. පසුගිය රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති මූලිකවම දෝෂසහගතය. දැරිය නොහැකි ණය බරක් ආර්ථිකය වෙලා ගනිමින් පැවතුණා. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 1990 වසර හා සසඳන විට අඩකින් පමණ අඩු වූ අතර ඵලදායී නොවන ආයෝජන රාජ්‍ය මූල්‍ය ව්‍යුහය අකර්මන්‍ය කළ අතර, අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යාපාර, දූෂිත ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලීන්, අවිධිමත් විදේශ ණය ගැනීම් හා කොන්ත‍්‍රාත් ප‍්‍රදානයන්, යහපාලනය හා විනිවිද භාවය හාස්‍යයට ලක් කළා. රටක ආර්ථිකය නොමග ගිය විට අවිධිමත් හා අවභාවිතයට ලක් වූ විට එහි අනාගතය අන්තරායකාරී තත්ත්වයක පත් වෙනවා. ශ‍්‍රී ලංකාව මෙම අන්තරායකාරී කලාපයට ඇතුලූ වූයේ පසුගිය රජයේ එම අවිධිමත් ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙනුයි.

    8. ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්ති අවුල්සහගත තත්ත්වයකට පත් වී තිබූ අතර රට දැඩි  ආර්ථික සම්බාධකවලට බඳුන් වීමේ අවදානමකට ද ලක් වී තිබුණා.  එමෙන්ම පෙර අපගේ මිත‍්‍රශීලී රටවල් වලින් ලද සීමිත ආධාරවලින් පමණක් සෑහීමට  පත්වෙමින්  අපට  තනිවම අපගේ ආර්ථිකය මෙහෙයවීමට සිදුවුනා. නාස්තිය හා දූෂණය ඇදහිය නොහැකි මට්ටමකට ලඟාවීමට විනාශකාරී රාජ්‍ය ප‍්‍රතිපත්ති හේතු වූ අතර සෘණාත්මක ක‍්‍රමවේද ක‍්‍රියාවට නැංවීම තුළ ඒවායෙහි දුර්විපාක විඳීමට සිදුවුනා. සෘණාත්මක ක‍්‍රමවේදයන් අතිශය නීත්‍යානුකූල නොවන පසුතලයක් තුළ ක‍්‍රියාත්මක වුනා. දරිද්‍රතාවය පිටු දැකීමේ වැඩසටහන දේශපාලනයට නතු වූ අතර එම ප‍්‍රතිලාභ අවශ්‍ය සහ දුක් විඳින ජනතාවට කේන්ද්‍රගත වූයේ නැහැ. රටේ නීතිය හා සාමය ගෝත‍්‍රික යුගයකට යොමු වෙමින් පැවති අතර ශ‍්‍රී ලංකාව වැඩවසම් යුගයකට අවතීර්ණ වෙමින් පැවතුණා.
        ‘රාජපක්ෂ පාලනය’ ශ‍්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර අර්බුදය හා ත‍්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කටයුතු කළ බව සත්‍යයකි. එම කාලය තුළ ඔවුනට ත‍්‍රස්තවාදය තුරන් කළ හැකි වූයේ අපගේ අනභිභවනීය ත‍්‍රිවිධ හමුදාව හා පොලිසිය ලබා දුන් ශක්තිය නිසයි. එම පාලන කාලයේ දී ත‍්‍රස්තවාදය තුරන් කිරීමට ඔවුන් දියත්කළ ක‍්‍රියාදාමයට අපගේ ප‍්‍රසාදය හිමිවිය  යුතුයි. එනමුත් අප අමතක නොකළ යුතු තවත් කරුණු කිහිපයක්  සහ ත‍්‍රස්තවාදී ගමන් මෙ`ගහි හැරවුම් ලක්ෂ්‍යය ද මතකයට නඟා ගත යුතු වෙනවා. වර්ෂ 2001 අවසන් භාගය දිස්වූයේ ශ‍්‍රී ලංකාවේ ඉතා අර්බුදකාරී කාල සමයක් ලෙසයි. සෘණාත්මක ආර්ථික වර්ධනයක්, සැහැසිකමින් පිරුණු යුධමය පරිසරයක් හා ආර්ථික මර්මස්ථානවලට එල්ල වූ ප‍්‍රහාර ශ‍්‍රී ලංකාව අරාජික කිරීමට සමත් වුනා.

        මේ කාලයේදී බලයට පැමිණි ගරු රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු රජයේ සම්මුතිවාදී සංකල්ප තුළින් ආර්ථිකය විධිමත් කළා පමණක් නොව ශ‍්‍රී ලංකාවේ පසුගාමීත්වයට ද පිළියම් යොදනු ලැබුවා. එම පාලන කාලය තුළ ආර්ථිකය වර්ධන මාවතට යොමු වුණා. ත‍්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ යුධමය කටයුතු සඳහා අවශ්‍ය වූ යුධ උපකරණ, අවි ආයුධ සහ උණ්ඩවල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි වූයේ ඔවුන්ගේ චිත්ත ධෛර්යයද යළි ප‍්‍රතිෂ්ඨාපනය කරමිනි. කෙසේ වුවද අතිගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ප‍්‍රකාශයේ වදන් මෙහිදී යළිත් සිහියට නංවාගත යුතු බව මා සිතනවා. ධම්මපදයේ සඳහන් පරිදි ‘‘වෛරයෙන් වෛරය නොසංසිදේ, අවෛරයෙන් වෛරය සංසිදේ’’ යන බුදු වදන අපට සැමදා අදාළ වෙනවා. ත‍්‍රස්තවාදය තුරන් කළ ද  ශ‍්‍රී ලංකාවේ සියලුම ජන කොටස්වල ප‍්‍රසාදය ජය ගැනීමට ඔවුනට නොහැකි වුනා. අපගේ පරමාර්ථය වන්නේ අපගේ දිවංගත නායකතුමා ප‍්‍රකාශ කළ පරිදි කරුණාව මුල්කොටගෙන සියළු ජන කොටස්හි ජනප‍්‍රසාදය ලබා ගැනීමයි.

    9.    අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ප‍්‍රතිෂ්ඨාපනය කළා පමණක් නොව භීතිය සහ අවනීතිය පිටු දැක නිදහස් නව පැතිකඩක් විවර කළා. ජාතික ප‍්‍රතිපත්ති ද ප‍්‍රතිස්ථාපනය කරන්නට හැකි වුනා. 19. වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් 17 වැනි සංශෝධනයේ වූ ප‍්‍රධාන ප‍්‍රතිපාදනයන් ප‍්‍රතිෂ්ඨාපනය කොට බලාත්මක කරනු ලැබුවා. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර ඇති අතර ස්වාධීන කොමිෂන් සභා ද පත් කොට තිබෙනවා. අපගේ අරමුණ සහ බලාපොරොත්තුව වන්නේ ශ‍්‍රී ලංකාවේ සියලුම සමාජ තලයන්ට දැනෙන පරිදි යහපාලනයේ ප‍්‍රතිලාභ ළඟා කරදීම වන අතර එසේ කිරීමට අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා.

    10.    අපගේ සිහිනය වන්නේ තවත් දිදුලන ආර්ථිකයකින් සපිරි සමෘද්ධිමත් රටක් බිහි කිරීමයි. අපගේ සංතෘෂ්ටික දර්ශකය (Happiness Index) ඉහළ මට්ටමක පැවතිය යුතුයි. අපගේ ජාතිය යහ ගුණයෙන් හා යහපැවැත්මෙන් හෙබි සමෘද්ධිමත් ජාතියක් විය යුතුයි. අපගේ උත්සාහය වන්නේ අනාගත පරපුරට ප‍්‍රතිලාභ භුක්ති විඳීමට හැකි ආර්ථික නිදහසක් ලබා දීමයි. ඉහළ මැදි ආදායම් ලබන ආර්ථිකයකට පරිවර්තනය වීමේ අරමුණින්, කෙටි, මධ්‍ය හා දිගුකාලීන උපායමාර්ග යොදා ගනිමින් සහ ව්‍යුහාත්මක  සංවර්ධන අභියෝග සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද අරමුණු හා ඉලක්ක ළඟා කර ගැනීම අපගේ අභිප‍්‍රායයි. අපගේ අරමුණ මිලියනපතියන් කිහිපදෙනෙකු සඳහා අඩිතාලම දැමීම නොව මිලියනපතියන් මිලියන ගණනක් බිහි කිරීම සඳහා අවකාශ සළසා දීමයි.
    11.    මෙම පසුබිම යටතේ, ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් 2015 නොවැම්බර් බව 05 දින මෙම ගෞරවනීය සභාවට ඉදිරිපත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළින් 2016 වසර සඳහා වන අයවැයට අඩිතාලම දමා තිබෙනවා. එමගින් පහත සඳහන් මධ්‍යකාලීන උපාය මාර්ගයන් යෝජනා කර තිබෙනවා.
    අ.    රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහිකිරීම
    ආ.   ආදායම් ඉහළ නැංවීම
    ඇ.   ග‍්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම
    ඈ.  ග‍්‍රාමීය සහ වතුකරයේ ජනතාවටත්, මධ්‍යම පාන්තිකයන්ට සහ රජයේ සේවකයන්ටත්                  දේපල අයිතිය ලබා දීම
    ඉ.   ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීම

    12ග    ගරු කථානායකතුමනි, එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉතා විශේෂිතයි. එම ප‍්‍රකාශය මෙම අයවැයෙහි පදනමයි. ශ‍්‍රී ලංකා ආර්ථිකයට දිගුකාලීන ධනාත්මක ප‍්‍රතිඵල ගෙන දෙන ජාතික වශයෙන් වැදගත් පුළුල් ප‍්‍රතිපත්ති එම ප‍්‍රකාශයේ ඇතුළත් වෙනවා.   ආර්ථික හා සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා නිවැරදි ආර්ථික අඩිතාලමක් අත්‍යවශ්‍ය බව එමගින් පැහැදිළිවම පෙන්වා දෙනවා. නියමිත ඉලක්ක හා අරමුණු ළඟා කරගත හැක්කේ එවැනි ශක්තිමත් අඩිතාලමක් මත කටයුතු කිරීමෙන් පමණයි. සාර්ථක ඉදිරි ගමනක් සඳහා ආර්ථික ක‍්‍රියාමාර්ගවල මූලික වෙනස්කම් කිරීම අත්‍යවශ්‍ය බව එම ආර්ථික ප‍්‍රකාශයෙන් ඉස්මතු කර ඇත්තේ එම නිසයි.

    13.    එබැවින් අප රජයේ ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී වෙළෙඳපොල නිදහසේ ක‍්‍රියාත්මක වීමට ඇති බාධා ඉවත් කිරීම සඳහා අවධානය යොමු කරනවා. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි අඩංගු නිදහස් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාමාර්ග මේ තත්ත්වය යටතේ විශේෂ වැදගත්කමක් ගනු ලබනවා. අපේක්ෂිත ප‍්‍රතිසංස්කරණ යෝජනා පෞද්ගලික අංශයේ ආර්ථික කටයුතු පෝෂණය කරනවා පමණක් නොව ධෛර්යමත් කිරීම ද සිදු කරනු ඇත. එසේම, එමගින් සමස්ත ආර්ථික ක‍්‍රියාවලිය තුළ ඔවුන්ගේ ධනාත්මක දායකත්වය තහවුරු කරනු ඇත.

    14.    යෝජිත ප‍්‍රතිපත්ති, අදාළ ප‍්‍රතිසංස්කරණ හරහා ක‍්‍රියාත්මක කරනු ලබන අතර, වසර ගණනාවක් පුරා නිසි අවධානයක් යොමු නොකළ රාජ්‍ය ව්‍යවසායයන් සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු කෙරෙහි විශේෂ අවධානය මෙහිදී යොමු වෙනවා. ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර ප‍්‍රජාවගේ උන්නතියට අගතිගාමීව බලපෑ පසුගිය රජයේ කරුම උරුමයන්ගෙන් මුදා ගැනීම සඳහා හා ප‍්‍රතිසංස්කරණයන් අත්‍යවශ්‍ය වෙනවා. දෝෂ සහගත ආර්ථික ප‍්‍රතිපත්ති හා අක‍්‍රමවත් ආර්ථික කළමනාකරණ පරිචයන් පසුගිය රාජපක්ෂ පාලන සමයේ දක්නට ලැබුණු අතර යෝජිත ප‍්‍රතිසංස්කරණ හා ක‍්‍රමවත් ආර්ථික ප‍්‍රතිපත්ති ඔස්සේ අප රජය එවැනි සෘණාත්මක ක‍්‍රමවේදයන් බැහැර කරනු ඇත.

    15.    මෙවැනි ප‍්‍රතිසංස්කරණ තුළින් දේශීය ව්‍යාපාර ක්ෂේත‍්‍රයන්හි තරඟකාරීත්වය වැඩි දියුණු කොට ජාත්‍යන්තර වෙළෙඳ පොළ සහ ආයෝජන ප‍්‍රවර්ධනය මෙන්ම ශ‍්‍රී ලාංකිකයන්ගේ නිපුණතාවය සහ ඵලදායීතාවය වර්ධනය කළ යුතු අතර එහි දී ජාත්‍යන්තර ආර්ථික ප‍්‍රවණතා පිළිබඳව ද සැලකිල්ල යොමුකළ යුතුව තිබෙනවා. ඒ  වගේම අප සමාජ සාධාරණත්ව මූලධර්ම මත පදනම්ව දැනුම කේන්ද්‍ර කරගත් සමාජ වෙළෙඳපල ආර්ථිකයක් ද ගොඩනැගිය යුතු වෙනවා.
    16.    ආර්ථික ක්ෂේත‍්‍රය පමණක් නොව දේශපාලන, සමාජමය, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයන් ද ශක්තිමත් කිරීම සඳහා සුදුසු යාන්ත‍්‍රණයන් ස්ථාපිත කිරීම අපගේ සැලසුමයි. ශ‍්‍රී ලාංකිකයන්ගේ මූලික අවශ්‍යතා වන ඉඩම්, නිවාස, අධ්‍යාපන සහ සෞඛ්‍ය පිළිබඳව අපගේ අවධානය යොමු කොට තිබෙනවා. ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් 2015 නොවැම්බර් 05 වන දින මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි මෙම සියලු කරුණු අන්තර්ගතව තිබෙන්නේ  එබැවිනි.

    17.    අප දිගින් දිගටම අවාධානයට ලක් කළ යුත්තේ අපගේ ප‍්‍රධාන ජීවනෝපාය වන  කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහායි. අපගේ ආර්ථිකය කෘෂිකර්මය මත පදනම් වෙනවා. ආශිර්වාදලත් ජාතියක් ලෙස අපගේ ජාතිය නම් කළ හැකියි. අපගේ අතිගරු ජනාධිපතිතුමා අභිමානයෙන් යුතුව ප‍්‍රකාශ කරන්නේ එතුමා ගොවි ජනපදයකින් හා ගොවි පරම්පරාවකින් පැවතෙන බවයි. අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිතුමාගේ කෘෂිකාර්මික මෙහෙවර තුළින් ශ‍්‍රී ලංකාව ආහාරයෙන් සුරක්ෂිත වනවා පමණක් නොව කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයටද නොබෝ කලකින් යොමු වනු ඇති. එවිට අපහට ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ සඳහන් පරිදි යළිත් ආසියාවේ ධාන්‍යාගාරය ලෙස නම් කළ හැකිවනු ඇත. අපගේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරන්තර කැපවීම ශ‍්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය සාරවත් ප‍්‍රතිලාභයන්ට බඳුන් කිරීමට හේතුවනු ඇත.
     
    18.    නිදහසින් පසු පැවති රජයන් ක‍්‍රියාත්මක කරන ලද ආර්ථික ප‍්‍රතිපත්ති විශ්ලේෂණය කර බැලීමෙන් වර්තමාන තත්ත්වයන්ට හේතු වූ ධනාත්මක හා සෘණාත්මක තත්ත්වයන් හඳුනාගැනීමට අවස්ථාව ලැබෙනවා.

    2016 අයවැය සඳහා වූ පසුබිම
     
    19.    ගරු කථානායකතුමනි, මෙම අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේ දී පාදක වූ පසුබිම පිළිබ`දව ඔබතුමාගේ අවධානය යොමු කරවීමට මා දැන් කැමතියි. 1948 වර්ෂයේ දී නිදහස ලැබූ දා සිට අද දක්වා ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තීන් ධනවාදී, සමාජවාදී හා සුභසාධන ආර්ථික මූලධර්ම මත දෝලනය වුනා. වෙන් වෙන් පාලන සමයන් තුළ මෙම ආර්ථික ප‍්‍රතිපත්ති සෘජුව, වක‍්‍රව හෝ මිශ‍්‍රව ක‍්‍රියාත්මක වූ බව අප දන්නා කරුණක්.

    නිදහස ලැබූ දා සිට 1977 දක්වා

    20.    1948 අප ලද නිදහස කෙතරම් සාමකාමී වූයේද යන්න හොඳින්ම සනිටුහන් වන වදන් පෙළක් ශ‍්‍රී ලාංකාවේ  විශිෂ්ඨතම ඉතිහාසඥයකු වන මහාචාර්ය කේ එම් ද සිල්වාගේ කෙටි සටහනක් තුළින් ප‍්‍රකාශිතයි. එදා එතුමා ශ‍්‍රී ලංකාව හැඳින්වූයේ ‘‘නීතිය, සාමය හා ස්ථාවරත්වයේ ක්ෂේම භූමියක්’’ වශයෙනුයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව නිදහස ලබා ගැනීම සඳහා අරගල කළ වෙනත් බොහෝ රටවල් හා සස`දන විට අප ලද ජයග‍්‍රහණය සුවිශේෂී වෙනවා. ඒ මන්ද යත් බොහෝ රටවල නිදහස් අරගල ලේ වැගිරීම් සහ අනපේක්ෂිත සිදුවීම්වලින් ගහන වූ බැවිනුයි.

    21.    ශ‍්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ, වත්මන් ජාතික සහයෝගිතා රජයට අනුරූපිත තවත් රජයක් ලෙස නම් කළ හැක්කේ මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මැතිඳුන් සිංහල මහා සභාව සහ දෙමළ කොන්ග‍්‍රසය ද ඇතුලූව සියළු  ප‍්‍රජාවන් ඒකාබද්ධව ස්ථාපිත කළ පළමු නිදහස් රජයයි.  එකල ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථිකයක් වූ අතර තේ, රබර් සහ පොල් කෘෂිකාර්මික ආර්ථිකයේ කොඳු නාරටිය මෙන්ම ප‍්‍රධාන අපනයන භාණ්ඩ ලෙස ද නම් කළ හැකියි. එවැනි ද්විත්ව ආර්ථිකයක් එකල ජනතාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට ඉවහල් වුනා. ඇමරිකානු ඩොලර් 120 ක් පමණ වූ  ඒක පුද්ගල ආදායම හා ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් පමණ වූ ආර්ථිකය එම සමයේ ප‍්‍රධාන ආර්ථික දර්ශක ලෙස නම් කරන්නට පුළුවන්.  


    22.    මෙම කාල පරාසය තුළ ශ‍්‍රී ලංකාව නිදහස් වෙළඳපලක් ලෙස ජාත්‍යන්තරයට ද විකාශය වූයේ අවම වූ ආර්ථික නියාමනයන් මතය. එසේ වුවත්, අපනයන අඩු මට්ටමක පැවතීම හා අඛණ්ඩව ක‍්‍රියාත්මක වූ  සුභසාධන පහසුකම් ආර්ථිකය අවදානමකට ලක් කළා. දේශපාලන වශයෙන් ක‍්‍රියාත්මක කළ සුභසාධන පහසුකම් ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපෑ අතර නොයෙක් ව්‍යවසායයන් සැලසුමක් නොමැතිව ජනසතු කිරීමේ ක‍්‍රියාවලියට  ලක්වීම ද ආර්ථිකයේ අගතිගාමීත්වයට බලපෑමක් ඇති කරනු ලැබුවා.
    23.    70 දශකයේ ඇරඹුමත් සමඟ ශ‍්‍රී ලාංකිකයන් සලාක සහ ආර්ථික සීමා බන්ධන මගින් බැඳුණු  සංවෘත ආර්ථිකයක් දෙසට රට යොමු වුනා. එම පාලන සමය මතක ඇති සියල්ලන්ටම එදා පැවති ‘හාල් පොලු’ සහ ‘පාන් පෝලිම්’ පිළිබඳව අකමැත්තෙන් හෝ මතකයට ගොනු කර ගත හැකි වනු ඇති. එපමණක් නොව, රෙදිපිළි සහ අනෙකුත් මූලික අවශ්‍යතාවයන් එම සලාක සහ සීමා බන්ධන මත කේන්ද්‍රගත වූ බැවින් ජනතාවගේ ආර්ථික නිදහස ද සැබවින්ම සීමා වුණා. එම කාල පරිච්ඡ්දය තුළ තෝරාගත් පාරිභෝගික භාණ්ඩ ප‍්‍රවාහනයටද බාධක පනවනු ලැබූවා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපතිවරයා වූ අතිගරු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1977 දී ක‍්‍රියාත්මක කළ විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති පදනම් කරගත් ප‍්‍රතිසංස්කරණ තුළින් ශ‍්‍රී ලංකාව විවෘත ආර්ථික රටාවකට යොමු කරවනු ලැබූවා.


    24.    1977 දී ද අපගේ ආර්ථිකය එතරම් විශාල ආර්ථිකයක් ලෙස නම් කළ නොහැක්කේ ඇමෙරිකානු ඩොලර් 294 ක් වූ ඒක පුද්ගල ආදායම සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක පමණ ආර්ථිකයක් ලෙස පැවතීම නිසාය. තවද, 1948 සිට 1977 දක්වා තිස් වසරක් තුළ ඒක පුද්ගල ආදායම වර්ධනය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 174 ක් වැනි සුළු මට්ටමකිනි.

    1977 නව චින්තනය

    25.    එක්සත් ජාතික පක්ෂ රජය 1977 දී අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබාගත් අතර ශ‍්‍රී ලංකා  ආර්ථිකය විවෘත ආර්ථිකයක් ලෙස ක්ෂණිකව පරිවර්තනය වුනා. ඒ අනුව, විවෘත ආර්ථිකයකට යොමු වූ දකුණු ආසියාවේ ප‍්‍රථම රට බවට ශ‍්‍රී ලංකාව පත් වුණා. මෙම නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති  විවිධ විදේශ ආයෝජකයන්ට ඵලදායී ව්‍යාපෘතීන්හි අයෝජන අවස්ථා ළඟා කළ අතර ශ‍්‍රී ලංකාවෙහි පැවති සමාජවාදී සීමා මායිම් සහිත සංවෘත ආර්ථික ක‍්‍රමවේදයන්ගෙන් ඉවත්ව දැවැන්ත ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හේතු වුණා.
     
    26.    ආනයන සීමාවන් අවම කිරීම, මූල්‍ය වෙළෙ`දපල නිදහස් කිරීම, ඒකාබද්ධ විදේශ විනිමය ක‍්‍රමයක් හ`දුන්වා දීම, රාජ්‍ය ආයතන මගින් සිදු වූ වෙළඳ ඒකාධිකාරය ඉවත් කිරීම, මිල පාලන ක‍්‍රමවේද ලිහිල් කිරීම සහ රාජ්‍ය ආයතනයන් පෞද්ගලීකරණය කිරීම මෙම කාලය තුළ සිදුවූ ක‍්‍රියාකාරී ප‍්‍රතිසංස්කරණ

    වෙනවා. මෙම ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන සංකල්ප අනුව රටක ආර්ථික වර්ධනයේ ක‍්‍රියාකාරී යාන්ත‍්‍රණය වන ලෙස පෞද්ගලික අංශයට ආරාධනා ලැබුණු අතර ‘රජයකට ව්‍යාපාර කිරීමේ ව්‍යාපාරයට යොමු විය නොහැක’ යන කියමන මෙම ප‍්‍රතිපත්තියට ඉතාම සම්බන්ධ වෙනවා.
    27.    දිවංගත අතිගරු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලය සුවිශේෂී වූ දේශපාලන චරිතයන්ගෙන් සමන්විත වූ අතර එහි ප‍්‍රධාන චරිත ලෙස දිවංගත අතිගරු රණසිංහ පේ‍්‍රමදාස, මාගේ ගුරු වූ දිවංගත ගරු ලලිත් ඇතුලත්මුදලි, දිවංගත ගරු ගාමිණී දිසානායක සහ ගරු රොනී ද මෙල් යන නාමයන් සිහිපත් කරනවා. එමෙන්ම එවකට එම අමාත්‍ය මණ්ඩල තුළ නැඟී ආ දේශපාලන තරුවක් වූ වත්මන් අග‍්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ද කටයුතු කරනු ලැබුවා. මෙම සුවිශේෂී දේශපාලන චරිතයන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යහමගට යොමු කොට ආර්ථික වර්ධන වේගය සියයට 6 ක පමණ සාමාන්‍යයකට රැගෙන ආවා පමණක් නොව විදේශ ආධාර සහ විදේශ ආයෝජනයන්හි සුවිශේෂී වර්ධනයක් ද ඇතිකරලීමට සමත් වුනා.


    28.    1983 දී තීව‍්‍ර වූ අභ්‍යන්තර අරගල සහ ගැටුම් ආර්ථික වර්ධන වේගය පසුබෑමකට ලක් කළ ද, එක්සත් ජාතික පක්ෂ රජයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය 1994 දක්වා නොනැවතී ඉදිරියටම යොමු වුනා. 1994 දී අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පොදු පෙරමුණෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ජනාධිපතිවරිය ලෙස තේරී පත් වුනා.

     

    1994 සිට 2001 දක්වා පොදු පෙරමුණ රජයේ පාලන සමය

    29.    1994 දී බලයට පත් වූ නව රජය විවෘත ආර්ථික ක‍්‍රියාවලිය මානුෂික මුහුණුවරකින් යුතුව නොකඩවා ඉදිරියට ගෙන ගිය අතර රාජ්‍ය  ආයතන පෞද්ගලීකරණය කිරීමේ ක‍්‍රියාවලිය කඩිනම් කරනු ලැබුවා.  තව දුරටත් තීව‍්‍ර වූ අභ්‍යන්තර අරගල සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාදාමයන්හි අතුරු ඵලයක් ලෙස ආර්ථික මර්මස්ථානයන්ට  එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් හේතුවෙන් ආර්ථිකයේ වර්ධන වේගය අඩාල වුනා. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය උදෙසා රජයට කළ හැකි මෙහෙවර අඩාළ වෙමින් පැවති අතර එයට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ  ආර්ථිකය නංවාලීම වෙනුවට ත‍්‍රස්තවාදය මැඩලීමට රජයේ අවධානය යොමු කිරීමට සිදුවීමයි. වසර 2000 වන විට ද ශ‍්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් අඩු ආදායම්ලාභී ආර්ථිකයක් වූයේ ඒකපුද්ගල ආදායම ඇ.ඩො. 869 ක් වූ බැවිනි. දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඇ.ඩො. බිලියන 16.6 ක් වූ අතර විරැකියාව සියයට 10 කට ආසන්න වුනා. මෙම පසුබිම තුළ නිදහස ලැබීමෙන් පසු ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා ආර්ථිකයේ සෘණාත්මක වර්ධනයක් 2001 දී වාර්තා වුනා.

     

    2001 සිට 2004 දක්වා දෙවසරක හැරවුම

    30.    මෙම කාලය තුළ අග‍්‍රාමාත්‍යවරයා වූ ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන්ගේ එක්සත් ජාතික පක්ෂ රජය මෙම සෘණාත්මක ආර්ථික ප‍්‍රවණතාවය වෙනස්කොට යළිත් වරක් ධනාත්මක වර්ධනයකට ආර්ථිකය යොමු කළා. එම රජයේ නව දැක්ම තුළින් නොයෙක් ව්‍යවසායකයන්ට විවිධ වූ අවස්ථාවන් සලසමින් නව ආයෝජන රැුසක් ආර්ථිකයට ලැබුණු අතර  යහපාලනය සහ විනිවිදභාවය ද ශක්තිමත් වුනා. තෝරාගත් ආර්ථික ප‍්‍රතිපත්ති මගින් විවිධ ප‍්‍රතිලාභ ජනතාවට ලබා දුන් අතර යළිත් වරක් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මාවතකට යොමු කරනු ලැබුවා.


    31.    මෙවැනි ශක්තිමත් ක‍්‍රමවේදයක් තුළින් මන්දගාමී ආර්ථිකය ප‍්‍රවේගවත් කළ අතර පෙර රජයේ මන්දගාමී මඟ වෙනස් කොට යහපත් තත්ත්වයක් අත් කර ගැනීම ස`දහා කඩිනමින් වෙනස්වීම අරමුණු කරගත් නව ප‍්‍රවේශයන් හ`දුන්වාදෙනු ලැබුවා. කෙසේ වුවත්, මෙම කාල පරාසයේ ආරම්භය පහත දැක්වෙන ප‍්‍රකාශය තුළින් හො`දින් අවබෝධ කරගන්නට පුළුවන්.
        ‘‘ශ‍්‍රී ලංකාව දැවන්ත ආර්ථික අර්බුදයකට ගොදුරුව ඇත.  එහි සත්‍යය වන්නේ අපගේ  ණයබරතාවය මෙම අර්බුදයට හේතු පාදක වී ඇති බවයි. තවද, සුදුසු ප‍්‍රතිකර්ම නොයෙදුවහොත් ශ‍්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාවන්ට  රැකියා හි`ගයකට සහ අවම ආදායම් මට්ටමකට මුහුණ දීමට සිදුවනු ඇත. එබැවින් ශ‍්‍රී ලංකාව විනාශමුඛයට යා නොදී රැුක ගැනීම සඳහා තුලනාත්මක නව දැක්මක්  තුළ ක‍්‍රියා කිරීම ඉතා වැදගත් වේ. තව දුරටත් පවතින ක‍්‍රමවේදය අනුගමනය කළ නොහැකි අතර ප‍්‍රතිසංස්කරණවලට වහා යොමු විය යුතුය.’’

    32.    ගරු කථානායකතුමනි,  එදා නිශ්චිතව හ`දුනාගත් එම තත්ත්වය අද පවතින තත්ත්වයටත් එකසේ ආදේශ කළ හැකි බව මගේ හැ`ගීමයි. එම වදන් පෙළ යළි යළිත් ශ‍්‍රවණය කළ යුතු බව මගේ විශ්වාසයයි.

    33.    2001 දී බලයට පත්වූ රජය වසර දෙක හමාරක් පාලනයේ යෙදෙමින් කැපී පෙනෙන ප‍්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කරමින් සුවිශේෂී   වූ  පනත් කිහිපයක් සම්මත කර ගනු ලැබුවා. ඒ අතරට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත, කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, කාර්මික ආරවුල් පනත, ස්ත‍්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත සහ සුභසාධන ප‍්‍රතිලාභ පනත අඩංගු වෙනවා. තවද, නව මහ බැංකු පනත සහ විදේශ විනිමය කළමනාකරණ පනත වැනි විප්ලවීය යෝජනා හඳුන්වා දීමට පෙර රජය විසුරුවා හරිනු ලැබුවා.

    34.    රාජ්‍ය අංශයේ ප‍්‍රතිසංස්කරණ හරහා ආර්ථිකයේ සීමා බන්ධන ලිහිල් කිරීමට සහ  විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා විකල්ප ක‍්‍රියා මාර්ග හඳන්වා දීම තුළින්  ආර්ථිකය නංවාලීමටත්  මෙම කාලය තුළදී විශේෂ පරිශ‍්‍රමයක් දරනු ලැබූවා.
       
    35.    මෙම ප‍්‍රගතිශීලී හා ප‍්‍රගමනකාරී පියවරයන් දේශපාලන වශයෙන් ජනප‍්‍රිය නොවුවද, නිශ්චිත මූල්‍ය විනයක් සහිත රජයක් සහ වෙළෙ`දපොළ හිතකාමී ආර්ථික ප‍්‍රතිපත්ති ඇති කරලීමට ඒවා සමත් වුනා. මෙම සීමිත කාල පරාසය තුළ  අපට නොයෙක් විදේශ රාජ්‍යයන් හා එක්වෙමින් ඔවුන්ගේ සහයෝගය සහ උපකාර ලබා ගනිමින් ආර්ථික දියුණුව සඳහා නව දැක්මකින් යුතුව කටයුතු කිරීමට මඟ පෑදුනා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලැබුණු ආයෝජන හේතුවෙන් වැඩි වූ ඵලදායීතාව මත ආර්ථිකය සියයට 6 කට වැඩි වේගයකින් වර්ධනය වූ අතර උද්ධමනය සියයට 2  කට පමණ අඩු වුනා.   කෙසේවෙතත්, 2004 අපේ‍්‍රල් මස සිදුවූ රජය වෙනස්වීම හේතුවෙන්  බලාපොරොත්තු වූ අනාගත වර්ධනය සහ ආර්ථික පුනරුදය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුනා.

     
    2005-2014 රාජපක්ෂ පාලන සමය


    36.    2005-2014 කාල පරිච්ෙඡ්දය ඉතිහාසගත වන්නේ ජනතාවගේ අහස උසට දිස්වූ බලාපොරොත්තු සමුදායකට නිසි පිළිතුරු ලබා නොදුන්  යුගයක් ලෙසයි.

    37.    වසර 2009 දී අදාළ සෑම දෙනාගේම හෙළා දැකීමට ලක් වූ අභ්‍යන්තර අර්බුදය හා ත‍්‍රස්තවාදී උවදුර දශක තුනක පමණ කාලයකට පසු සහමුලින්ම උපුටා දැමීමට හැකි වීම තුළින් ත‍්‍රස්තවාදයේ අඳුරු හා අමානුෂික පැතිකඩ නිමා කිරීමට හැකි වුණා. ඒ සමඟ ම ශ‍්‍රී ලාංකිකයන් සියලූදෙනා නොඉවසිලිමත්ව බලාපොරොත්තු වූයේ සමෘද්ධිමත් සහ සතුටින් පිරි අනාගතයක් ඇතිවනු දැකීමටයි. අරගලයේ උච්ඡුතම අවස්ථාවන්හි දී පටි තදකරගන්නා ලෙස ජනතාව දැනුවත් කළ පාලකයින් අරගලය අවසානයේ  එම පටි ලිහිල් කිරීම සඳහා කිසිදු වෙහෙසක් නොගත් බව සත්‍යයකි. ආර්ථිකය ද ඉතාම අනතුරුදායී මාවතකට යොමු වූයේ දිනෙන් දින වැඩිවන ණයබරතාවය හේතුවෙනි.  ‘ගොබෙල්ස්’ න්‍යායවාදී රාජ්‍ය නියෝජිතයින් විසින් පතුරවන ලද ආර්ථික අතිශයෝක්තිය සහ රාජ්‍ය පාලකයින් වෙනුවෙන් ගැයූ ප‍්‍රශස්ති ගායනා ශ‍්‍රී ලංකාව මෙගොඩ විය නොහැකි ගැඹුරු ප‍්‍රපාතයකට ඇද දමන්නට හේතු වුනා. මෙම අතිශයෝක්තියේ බුබුල පුපුරා යාම සිදුවිය යුතුව තිබූ අතර 2015 ජනවාරි 8 වැනි සුවිශේෂී දිනයේ දී එය පුපුරා ගිය අතර වෙනසකට මුල පුරමින් ශ‍්‍රී ලංකාවට නව යුගයක් උදා වුනා.


    38.    2009 වර්ෂයෙන් පසු  අර්බුදකාරී වාතාවරණයෙන් මිදුණු යුගය තුළ බහුතරයකගේ බලාපොරොත්තුව වූයේ  ශ‍්‍රී ලාංකිකයන් යළිත් අවදි කොට සෑම ජනවර්ගයකටම, සෑම ආගමකටම, සෑම දෙනාටම පොදු වූ සොඳුරු අනාගතයක් උදාකර ගැනීමටය. ආර්ථිකයෙහි යළි පිබිදීමක් ද ඔවුන් බලාපොරොත්තු වුනා.  
                          
    39.    ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේ දී මාගේ වගකීම වන්නේ එම අති දරුණු ත‍්‍රස්තවාදී ව්‍යසනයෙන් අපේ මව්බිම බේරා දුන් සියලූම ආරක්ෂක අංශ නිලධාරීන්ට ප‍්‍රණාමය පුදකරලීමයි. ඔවුන් විසින් පරාජය කරනු ලැබූවේ රුදුරු ත‍්‍රස්තවාදය සහ කල්ගත වූ වාර්ගික අර්බූදයයි. ඔවුන්ගේ කැපවීම අපගේ මතකයේ සදා අනුස්මරණීය බව මාගේ විශ්වාසයයි. ඔවුන් කළ කැපවීම කෙතරම් සිහිවටන සහ සමරුඵලක ස්ථාපිත කළත් කියා නිම කළ නොහැකි වනු ඇත. තවද ඔවුන්ගේ කැපවීම තුළින් ලබා දුන් ඒ සොඳුරු සාමය රැක ගැනීම සැමවිටම කළ යුතුයි. අප ජීවත් වන ලෝකයේ පවතින තර්ජනයන් ගැන අවබෝධයෙන් කටයුතු කරනවා. අප ත‍්‍රස්තවාදයේ වෙනස්වන මුහුණුවර පිළිබඳව ද නිසි අවධානයෙන් සිටිනවා. සාමය රැක ගැනීම සඳහා කොන්වූ ප‍්‍රතිපත්තියකට ගොනු නොවී අපගේ මිත‍්‍ර රාජ්‍යයන් සහ අපගේ අසල්වැසි රාජ්‍යයන් සමඟ අත්වැල් බැඳ ගනිමින් උපායශීලී ක‍්‍රියාමාර්ගයන්ට යොමු විය යුතුයි. රටක ජාතික ආරක්ෂාව උදෙසා නවීනතම ක‍්‍රමෝපාය භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා. රජයක් ලෙස අප කිසි විටක රටේ ආරක්ෂාව ලඝු කොට නොසිතන අතර රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බවට පොරොන්දු වනවා.


    40.    රටක ආර්ථිකය අතිශයෝක්තිය සහ පාලකයන් වෙනුවෙන් කරනු ලබන ප‍්‍රශස්ති ගායනා තුළ ස්ථාපනය කළ නොහැකියි. රාජපක්ෂ පාලන සමය තුළ සංචාරක ක්ෂේත‍්‍රය යළිත් වර්ධනය වීම ආරම්භ වූ බව සැබෑවක්.  ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා දීප්තිමත් පසුතලයක් ස්ථාපිතව තිබිනා. ආයෝජකයන් යළිත් වරක් ශ‍්‍රී ලංකාවට පැමිණියේ ධනාත්මක චින්තනයකිනි. ජාත්‍යන්තර ප‍්‍රාග්ධන වෙළ`දපොළ හරහා නව අවස්ථා රාශියක් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයන්ට උදා වුනා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධන වේගය වැඩි වූ අතර ශ‍්‍රී ලංකාව මැදි ආදායම්  ආර්ථිකයක් සහිත රටක් බවට පත්වෙමින් තිබුනා. එනමුත් දැවන්ත ව්‍යසනයකට අප රට ගොදුරු වූයේ රජයේ ගජ මිතුරු දේශපාලනඥයෙකු සහ ඔහුගේ සහචරයන් දකුණුකරයේ සංචාරක හෝටලයකට ඇතුලූ වී සංචාරකයන් දෙදෙනෙකුට එල්ල කළ දැවන්ත ප‍්‍රහාරය හේතුවෙනි. අප සියල්ලන් දන්නා පරිදි ඒ හා සම්බන්ධ වූ අධිකරණ ක‍්‍රියාවලිය ද බලාපොරොත්තු නොවූ ආකාරයට ප‍්‍රමාද වූ අතර එම සංචාරකයන් පැමිණි රටවලට ඒ පිළිබ`දව කටයුතු කිරීමට මැදිහත් වීමට සිදු වුනා. දේශපාලන ගජ මිතුරන්ගේ තවත් මෙවැනි නොපහත්කම් හේතුවෙන් රජය පමණක් නොව රට ද අවමානයට පත් කරමින් ආර්ථික වර්ධනය අඩාල වුනා.

    41.    අප හට පවසා තිබුනේ 2009 ට පසු කාල පරාසය තුළ ශ‍්‍රී ලංකාව දැවන්ත ආර්ථික වර්ධනයකට ලක් වූ බවයි. එහෙත් සාමාන්‍ය ශ‍්‍රී ලාංකිකයෙකුට මේ හරහා ලැබුණු  ප‍්‍රතිලාභ මොනවාද? මැදි ආදායම් රටක් ලෙස 2016 දී ස්ථාපිත වීම ඔවුන් සඳහන් කළේ සුවිශේෂී කඩඉමක් ලෙසිනුයි. එය එසේ වුවත්, ජාත්‍යන්තර අපවාද සහ බොහෝ රටවල් පිළිනොගත් විදේශ ප‍්‍රතිපත්ති හා එවකට පැවති රජයේ දේශපාලන මිථ්‍යා සමාලෝචන විදෙස් රටවල ආයෝජකයන් පිළි ගත්තේ නැහැ. ශ‍්‍රී ලංකාව ව්‍යාපාරවල  නිරත වීමේ පහසුතා දර්ශකයේ පහතට වැටුනා. එකල කැබිනට් අමාත්‍යවරයෙකු  එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට උපවාසයක නිරත වීමේ නාටකය බලහත්කාරයෙන් බලා සිටීමට ශ‍්‍රී ලාංකිකයන්ව යොමු කරනු ලැබුවා. එම නාටකය අවසන් වුනේ. රාජ්‍ය නායකයා විසින් ඔහුට තැඹිලි වතුර වීදුරුවක් පෙවීමෙනි. මෙවැනි දේශපාලන ප‍්‍රහසනයන් සමහරුන්  කුල්මත් කළා. නමුත්, අපහසුතාවයට පත් වූයේ ශ‍්‍රී ලංකාවයි. බලාපොරොත්තු වූ සෘජු විදේශ ආයෝජන නොලැබුනා පමණක් නොව මිත‍්‍රශීලී රාජ්‍යයන් ලබා දුන් ජී.එස්.පී. ප්ලස් වැනි පහසුකම් ද අහිමි වීමට ගතවූයේ සීමිත කාලසීමාවක්. ශ‍්‍රී ලංකාව සෙමින් සෙමින් ආර්ථික අගාධයක් කරා ළං වෙමින් ජාත්‍යන්තර සම්බාධක පැනවීමේ අවදානමකට ද ලක්වුනා.


    42.    අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදු කරමින් රට තිරසාර සංවර්ධනයකට යොමු  කිරීමට ස්වර්ණමය අවස්ථාවක් පසුගිය රජයට උදාවී තිබුණා. යහපත් දැක්මක් හා කඩිනම් දේශපාලන සහ ආර්ථික මෙහෙයවීමක් තුළින් ශ‍්‍රී ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක් බවට පත් කිරීමට ඉඩ කඩ තිබුනා.  එවැනි සාධනීය ක‍්‍රියාවලියක් හරහා මැදි ආදායම් රටක සිදු විය හැකි අගතිගාමී හා පරස්පර විරෝධී ගැටළු මඟ හැර ඉදිරි අනාගතය සමෘධිමත් කළ හැකිවද තිබුණා.  එවකට පැවති දූරදර්ශී දේශපාලන පසුබිම තුළ පැවති අර්බුදකාරී ආර්ථික මූලධර්ම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ වෙළඳු පාර්ශවකරුවන් සහ ආයෝජකයින් ශ‍්‍රී ලංකාව හැර ගිය අතර එමගින් පීඩනයට ලක් වූයේ රජයේ මූල්‍ය තත්ත්වයයි. මෙනිසා සාර්ව ආර්ථිකයෙහි ද විවිධ අසමතුලිතතා ඇති වුනා.

    43.    අපි අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් වන්නේ පසුගිය රජය රටේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා කටයුතු කළ බවයි. එසේ වුවත්,  එම කර්තව්‍යය මහා මාර්ග, වරාය සහ ගුවන් තොටුපලවල් සඳහා ඉතා වැඩි පොළියකට විදේශ ණය ලබාගෙන රාජ්‍ය කොන්ත‍්‍රාත් හා ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයන් උල්ලංඝනය කරමින් සිදු කළ බව ද සඳහන් කළ යුතුයි. ගරු කථානායකතුමනි, අකමැත්තෙන් වුවද මේ පිළිබඳව තවදුරටත් සමාලෝචනය කළ යුතු වන්නේ යටිතල පහසුකම් නැංවීම සඳහා අනුගමනය කළ  අප‍්‍රසන්න සහ වෘත්තීමය නොවන, සුදුසු මූල්‍ය කළමනාකරණයෙන්, සහ පාරදෘශ්‍ය හා යහපාලනයෙන් තොර ක‍්‍රමවේදය රටෙහි ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කළ නිසයි.


    44.    පැවති රජය විසින් ඉතා වැඩි පොළී අනුපාතිකයකට විදේශ ණය ලබා ගත් අතර එම ණයබරතාවය මෙන්ම ණය වාරික සහ පොළී ගෙවීමේ පීඩනය අප රටට සුවිශාල ලෙස බලපා තිබෙනවා. මෙම මූල්‍ය ප‍්‍රතිපාදන වැඩි වශයෙන් යොදවා තිබුණේ මහා මාර්ග, අධිවේගී මාර්ග සහ වරායවල් ගොඩනැංවීමටයි. මෙවැනි වැඩි පොළී මත ලබාගත් ප‍්‍රාග්ධනය කෙටිකාලීනව දේශීය හෝ විදේශීය ණය ගෙවීමට හැකි වන ආදායම් ලැබිය හැකි ව්‍යාපෘති සඳහා නොයොදවා දීර්ඝ කාලීන ආයෝජන මෙන්ම ශක්‍යතාවයෙන් තොර ව්‍යාපෘති සඳහා ද යොදවා තිබෙනවා. ජාත්‍යන්තර ගුවන් සේවා කෙසේ වෙතත් දේශීය ගුවන් සේවාවල ගුවන්යානාවත් ගොඩ නොබසින ගුවන්තොටුපලක් පිහිටි එකම රට ලෙස ශ‍්‍රී ලංකාව හැඳන්විය හැකි අතර දැන් එම ගුවන්තොටුපල මොණරුන්ට රජ දහනක් ලෙස පවතිනවා. හම්බන්තොට  වරායද බලාපොරොත්තු වූ පරිදි නාවික කටයුතු සඳහා කේන්ද්‍රගත නොවී ඇති බව අප කවුරුත් දන්නා කරුණක්. එම වරායට පැමිණෙන නැව් සංඛ්‍යාව අඩු මට්ටමක පවතිනවා. ඒ කෙසේ වුවත්, එම වරාය සහ ගුවන්තොටුපල නිර්මාණය කිරීමට දායක වූ රාජ්‍ය නායකයාගේ නාමය සහිත පුවරු පමණක් බොහෝ විට සංචාරය සඳහා  එම ස්ථානවලට පිවිසෙන සාමාන්‍ය ජනතාවට දැකගත හැකිය.

    45.    ගරු කථානායකතුමනි, අප නිල මට්ටමෙන් දැනගත් සහ නිල නොවන මට්ටමෙන් දැනගත් දෑ අයිස් කන්දක ශීර්ෂයටත් වඩා කුඩා වන්නට පුළුවන්. විමර්ශන ක‍්‍රමවේදයට කලක් ගත විය හැකි වුවත් අප සතු සාක්ෂි කාහටවත් විවාදයට ලක් කළ නොහැකි බව අපගේ හැඟීමයි. මම යළිත් වරක් දේශමාමක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් යුතුව විමර්ශන ක‍්‍රියාවලිය දෙස බලා සිටින ලෙසයි. අපගේ බලාපොරොත්තුව වැරදිකරුවන් නිදොස් කිරීම නොව ඔවුන්ට දඩුවම් ලබා දීමයි. තවද, විදේශ රටවල රඳවා ඇති මුදල් ශ‍්‍රී ලංකාවට ගෙනවිත් ආයෝජනය කරන ලෙස අප ආදරණීය මාතෘ භූමිය අදාළ පුරවැසියන්ට සුවිශේෂී ආයාචනයක් කරන්නට මෙම අවස්ථාවේ දී මා කැමතියි. ශ‍්‍රී ලංකාවට මේ අවස්ථාවේ දී එවැනි ආයෝජන අත්‍යවශ්‍ය බව අපගේ විශ්වාසයයි.

    46.    පසුගිය පාලන සමයේ දී බදු ආදායම් මට්ටම නොනවත්වා අඩුවෙමින් 2014 දී දළ දේශීය  නිෂ්පාදිතයෙන් සියයට 10.2 කට අඩු වුනා. එබැවින් ශ‍්‍රී ලංකාව අඩුම බදු ආදායම් ප‍්‍රතිශතයක් ලබන රටක් බවට පත්ව තිබෙනවා. තවද, එකල අතිශයෝක්තියෙන් ආර්ථික වර්ධනය ගැන උදම් ඇනුවද අද රාජ්‍ය ආදායම ණය සේවා ගෙවීම් සඳහාවත් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. එනමුත්, ඔවුන් උදම් ඇනුවේ ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය  යනුවෙන් නම් කරමිනි. සැබැවින්ම, අප ප‍්‍රායෝගික හා සාධනීය ආර්ථික රටාවෙන් මෙන්ම යථාර්ථයෙන් ද  මිදී ආර්ථික ව්‍යසනයකට ලක්වී තිබෙනවා. අප විමසිලිමත් විය යුත්තේ එම රජය සමයේ ආර්ථික විශේෂඥයන් වසර දහයක තම පාලන කාලය තුළ  ක‍්‍රියාත්මක කළේ කුමන ආර්ථික මූලධර්මයන් ද යන්න පිළිබඳවයි.

                   
    47.    අපට නිශ්චිතව විශ්ලේෂණය කළ හැක්කේ සමහර යටිතල පහසුකම් ස්ථාපිත කළත් පසුගිය රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති හා අදාළ තීරණ තුළින් ග‍්‍රාමීය සහ ප‍්‍රාදේශීය  ජනතාවට සිදු වූ සේවය ඉතා අඩු මට්ටමක පවතින බවයි. අපගේ ජනතාව රටෙහි ජීවනාලිය වන අතර පසුගිය දශකය තුළ ඔවුන්ගේ ජීවන තත්ත්වයේ  පැහැදිලි වෙනසක් සිදු වී නැහැ. ආදායම් බෙදී යාමේ විෂමතා දර්ශකය සමීපව විශ්ලේෂණය කළහොත් පෙනී යන්නේ ජනතාවගෙන් සුළු කොටසක් ජාතික ආදායමෙන් වැඩි කොටසක් භුක්ති විඳින බවයි.

      2015 : ජාතික සහයෝගීතා රජය - ශ‍්‍රී ලංකාවේ නව දේශපාලන දැක්ම

    48.    2015 ජනවාරි මාසයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට තේරී පත්වීම හා ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රශස්ත නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් නව සහයෝගීතා ජාතික රජයක් බිහිවීම, ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික ඉතිහාසයේ හා සමකාලීන දේශපාලනයේ නව පිටුවක් පෙරලීමට සමත් වී තිබෙනවා. අප ලද මෙම මහඟ අවස්ථාව රටේ ආනගත සෞභ්‍යාග්‍යය උදාකරලීම සඳහා අවශ්‍ය සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීමට යොදාගත යුතු වන අතර 2009 වසරේ දී  හා ඊට පෙර අවස්ථාවල දී මෙන් මෙම අවස්ථාව මඟ හැරී යාමට ඉඩ නොදිය යුතු බවට මම අවධාරණය කරනවා. නැසී ගිය ජෝන් එෆ් කෙනඩි ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සුප‍්‍රසිද්ධ වදන් එනම් ‘ඔබ වෙනුවෙන් රටට කළ හැකි දේ නොව ඔබෙන් රටට විය යුතු දේ ගැන සිතන්න’ ගැන අපටද සිත් යොමු කිරීමට දැන් කාලය එළඹ තිබෙනවා.

    49.    නව රජය පිහිටුවීමෙන් පසු සමාජයේ නොයෙකුත් අංශයන්ගෙන් ඉදිරිපත් වූ විවිධ ගැටළුවලට අපට මුහුණ දීමට සිදුවුනා. මැදි ආදායම් රටක් ලෙස පිළිගැනීමට හේතුවන පමණට ඉහළ ඒක පුද්ගල ආදායමක් ලබන්නේ නම් රටේ ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වීම සඳහා අරගලයක යෙදෙන්නේ මන්ද? ආර්ථික වර්ධන වේගය  ඉතා ඉහළ නම් සහ උද්ධමනය ඉතා අඩු නම් දෛනික ජීවිතය ගෙවා ගත නොහැකි පමණට අත්‍යවශ්‍ය භාණ්ඩයන්හි මිල දිනපතා ඉහළ යන්නේ ඇයි? ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි තෙල් මිළ පහළ යන්නේ නම් අප රටේ ඉන්ධන මිළ පහළ නොදමන්නේ ඇයි? යනාදී ගැටළු අප වෙත යොමු වුනා. පසුගිය කෙටි කාල පරාසය තුළ ධනාත්මක ක‍්‍රියාමාර්ගවලට එළඹීමට අපට හැකි වුවද නොවිසදුණු තවත් ගැටළු රාශියක් පවතින බව පිළිගත යුතුව තිබෙනවා.


    50.    ආර්ථිකය වර්ධනය වන්නේ නම් අපගේ දූදරුවන්ට තවමත් රැකියා නොමැත්තේ ඇයි? ඔවුන් විදේශ රැකියා සොයන්නේ ඇයි?  ආර්ථික වශයෙන් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබෙන නුසුදුසු ස්ථානවල පිහිටුවන ගුවන්තොටුපොළවල් සහ ජාතික ව්‍යාපෘතිවල අවශ්‍යතාවයක් තිබෙනවාද? උත්සහවන්ත හා කැපවීමෙන් ක‍්‍රියා කරන මධ්‍යම පාන්තික පවුලකට කුඩා මෝටර් රථයක් මිලට ගත හැකි වන්නේ කවදාද? ආර්ථිකය වර්ධනය වන්නේ නම් බදු ආදායම් අනුපාතය අඩු වන්නේ ඇයි? කෙටියෙන් කිවහොත් බහුතර සමාජය සැළකිලිමත් වන්නේ ශ‍්‍රී ලංකා ආර්ථිකයේ සත්‍ය තත්ත්වය කුමක්ද යන්න ගැනයි.


    51.    මෙසේ ඉදිරිපත් වන ගැටළු පසුගිය රජයෙන් අපට දායාද වූ උරුමයන් මත පදනම්ව ඇති බව කිව යුතුයි. ආකර්ශණීය ආර්ථික වර්ධන වේගයක් අත්කරගෙන තිබෙන බවට වූ හැඟීමක් ඇති කරන්නට උත්සාහ කළද අපට උරුම වූ ආර්ථික අවදානම නොයෙක් ක්ෂේත‍්‍රයන්ට විකාශය වී ආර්ථිකයේ ප‍්‍රධාන ව්‍යුහයට ද බලපා ඇති බව කිව යුතුය. එසේම, ආර්ථික වර්ධනය ප‍්‍රධාන වශයෙන් පදනම්ව තිබුණේ අලෙවි කළ නොහැකි ක්ෂේත‍්‍රයන් මතය. රාජ්‍ය මූල්‍ය අංශයේ විශ්මයජනක රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතා ක‍්‍රියාවලියක් ගැන උදම් ඇනුවද රාජ්‍ය මූල්‍ය ව්‍යුහයේ ඇති ප‍්‍රධාන දුර්වලතාවයන් සඟවා ඇති බවත් සඳහන් කළ යුතුයි. පුනරාවර්තන වියදම් සඳහා වූ බැඳීම් ක‍්‍රමයෙන් වර්ධනය වීමෙන් මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ආයෝජනය අවම වීම මත දිගු කාලීන ඵලදායීතාවය අනතුරුදායක තත්ත්වයකට පත් වූ අතර දරිද්‍රතාවයෙන් පෙලෙන්නන්ගේ සංඛ්‍යාව අඩු වුවද, අකාර්යක්ෂම ලෙස සම්පත් බෙදීයාමේ ප‍්‍රතිඵලයක් ලෙස ආදායම් මට්ටම් අතර අසමතාවය වර්ධනය වීම සිදුවුනා.  ප‍්‍රශස්ත මට්ටමට වඩා අඩු සමාජ සුබසාධන ක‍්‍රියාවලියක් පැවති බවත් ඒ සමඟම කිව යුතුයි.


        
    52.    ආර්ථික ව්‍යසනයේ තත්ත්වය පිටාර ගැලීමට ආසන්න තත්ත්වයක පැවතුණා. ගරු කථානායකතුමනි, මෙම අයවැය යෝජනා සකස් කිරීම සඳහා අප විශාල උත්සාහයක් දරන ලද අතර 2016 ජාතික අයවැය තුළින් අපට යොමු වූ ගැටලු බොහොමයකට පිළිතුරු ලබා දීමට අප අදහස් කරන බව සඳහන් කරන්නට කැමතියි.

     
    රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ වර්තමාන ආර්ථිකය  

    53.    ගරු කථානායකතුමනි, මම දැන් කැමතියි අප ඉදිරියේ තිබෙන අභියෝගාත්මක දැවැන්ත කාර්යභාරය පිළිබඳව පැහැදිළි කිරීමට. ශ‍්‍රී ලංකා ආර්ථිකය ගෙවිය යුතු විශාල ණය සම්භාරයක සහ අයවැය හිඟයක හිරවී තිබෙනවා. මම නැවත නැවතත් ප‍්‍රකාශ කරන්නේ මෙම ණය සහ අයවැය හිඟය පිළිබඳ ගැටලුව අප විසින් නිර්මාණය කරන ලද්දක් නොව අපට උරුම වූ, අකමැත්තෙන් වුවද අවිනිශ්චිත කොන්දේසි තුළ දරාගත යුතුව ඇති තත්ත්වයක් බවය. මෙහි දී අප විසින් ආර්ථික දෘෂ්ඨියෙන් පමණක් නොව සමාජ හා දේශපාලන දෘෂ්ඨියෙන් ද පිළිගත හැකි ප‍්‍රතිඵල ගෙන දෙන නැවුම් වෙනසක් ඇතිවන පරිදි සුබවාදීව කටයුතු කළ යුතු වෙනවා. ඇත්තෙන්ම සාමාන්‍ය ජන වහරේ ඇති පරිදි අයවැය පිළිසකර කිරීමකට වඩා වැදගත් කාර්ය භාරයක් මෙම ආර්ථික පුනරුත්ථාපන සංග‍්‍රාමය තුළ  ඉටු කළ යුතු වෙනවා.

    54.    සෑම ජාතියක්ම එම ජාතියට පවතින සම්පත් මත කටයුතු කළ යුතුය යන්න ශ‍්‍රී ලංකාවටත්  පොදුයි.  එම නිසා ආදායම් ඇති කර ගැනීම වෙනුවෙන් බදු එකතු කර ගැනීම සඳහා අසංවේදී ලෙස කටයුතු කිරීමේ හැකියාවක් අපට නැහැ. එමෙන්ම අප විසින් ඉතිරි කිරීම් පිළිබ`දවද අඛණ්ඩ අවධානය යොමු කළ යුතු වෙනවා. ගරු කථානායකතුමනි, බදු ගෙවන්නන්ගේ බදු මුදල් ජාතියේ අභිවෘද්ධිය  සඳහා දැඩි සැලකිල්ලකින් යුතුව ආයෝජනය කළ යුතු බවට ඇති මූලධර්මයට මා එකඟ වෙනවා. පසුගිය අවුරුදු කිහිපයක් තුළ නාස්ති වූ සම්පත් සහ අවස්ථාවන් දෙස බැලීමේ දී එවකට සිටි ආර්ථික විශේෂඥයන් මෙම මූලධර්මයට අනුව කටයුතු කළා ද යන්න මට සැකසහිතයි.


    55.     රාජ්‍ය මූල්‍ය අංශයේ ව්‍යුහාත්මක දුර්වලතා පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුත්තේ එසේ නොවුනහොත් දිගුකාලීන තිරසාර සංවර්ධනය යථාර්තයක් නොවන නිසයි.  විශාල වශයෙන් සිදුකළ අසත්‍ය ප‍්‍රකාශන පළපුරුදු ආර්ථික විශේෂඥයන්ට යහපත් මාර්ගෝපදේශ නොවනු ඇත. අයවැය හිඟය 2001 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 10 සිට 2014 වර්ෂයේ දී සියයට 5.7 දක්වා අඩු වීම සහ සමස්ත ණය ප‍්‍රමාණය 2002 දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 102 සිට 2014 දී සියයට 72 දක්වා අඩුවීම තුළින් රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවය ශක්තිමත් වූ බවට විශ්වාස කිරීමට අපව යොමු කර තිබෙනවා.

     
    56.    දැනටමත් මා ප‍්‍රකාශ කළ පරිදි ණයසේවාකරණය සඳහා මුළු රාජ්‍ය ආදායමම උපයෝගී  කරගන්නා බැවින්  එය බරපතල ලෙස පුනරාවර්තන හා මූලධන වියදම් සීමා කිරීම්වලට හේතු වී තිබෙනවා. වර්ධනය වෙමින් පවතින ණය ප‍්‍රමාණය  සමඟ ණය ගැනීමේ මූලාශ‍්‍රයන් ද සැලකිය යුතු වෙනසක්  පෙන්නුම් කරන අතර ගෙවීමට ඇති විදේශ ණය ප‍්‍රමාණයේ වාණිජ ණයවල ප‍්‍රමාණය ද පසුගිය වර්ෂ කිහිපය තුළ වැඩි වීමක් පෙන්නුම් කරනවා.


    57.    වඩාත් විනිවිදභාවයෙන් යුත් පෞද්ගලික අංශයේ ආර්ථික කටයුතුවලට පහසුකම් සපයන නිදහස් වෙළඳපල ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමටත් ආර්ථිකයේ පවත්නා බාධා ඉවත් කිරීමට තුඩු දෙන වෙළඳපොළ මුල් කරගත් ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමටත් අපගේ  රජය ඇපකැප වී සිටිනවා. මේ සඳහා රාජ්‍ය මූල්‍ය අංශයෙන් ආරම්භ කර ආර්ථිකයේ සියලුම අංශ ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක වන දැඩි ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය වී  තිබෙනවා.

     
    58ග    ගරු කථානායකතුමනි, සියලුම ශ‍්‍රී ලාංකිකයින් විසින් දැන ගත යුතු රාජ්‍ය මූල්‍ය අංශයට බලපාන්නා වූ ගැටළු පිළිබ`දව විස්තරාත්මක නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට ඉඩදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අප මෙම ගැටලූ පිළිබදව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡුා කරමින් සිටි අතර පසුගිය මාස දහයක පමණ කාලය තුළ දී රාජ්‍ය මූල්‍ය ගැටලූවල නියම ස්වභාවය විමර්ශනය කිරීමට මට අවස්ථාව ලැබුණා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සම`ග සීමිත සම්පත් උපයෝගීකර ගනිමින් රටේ මහජනතාවට උපරිම ප‍්‍රතිලාභ අත්වෙන අන්දමින් කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.


    බදු ආදායම


    59.     ඕනෑම රාජ්‍ය මූල්‍ය ක‍්‍රමවේදයක ශක්තිය ර`දා පවතින්නේ සැලසුම්ගත සහ අවශ්‍ය වියදම් පියවීමට සරිලන ආදායම් ඉපයීමේ හැකියාව මතයි. මෙහි සෘනාත්මක ප‍්‍රතිඵල පසුගිය දශකය තුළ වඩාත්  උත්සන්න වී ඇති අතර ගන්නා ලද ක‍්‍රියාමාර්ග තුළින් අර්ථාන්විත ප‍්‍රතිඵල අත්කර ගැනීමට  අපොහොසත් වී ඇති නිසා මෙම මූලධර්මය අවාසනාවකට මෙන් ශ‍්‍රී ලංකාවට අදාළව ප‍්‍රතිඵල දරා නැහැ.


    60.    දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අඩුවෙමින් පවතින රාජ්‍ය ආදායම ප‍්‍රධාන සාර්ව ආර්ථික ගැටලුවක් පිළිබිඹු කරන බැවින් මෙම උපනතිය ප‍්‍රමුඛතා පදනමින් යුතුව ආපසු හැරවිය යුතු වෙනවා. 1990 වසර තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ක් වූ ශ‍්‍රී ලංකාවේ බදු ආදායම 2014 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.2 ක් දක්වා සීග‍්‍රයෙන් පහත වැටී තිබෙනවා. 2014 වර්ෂයේ දී බදු ආදායමෙහි වර්ධනය සියයට 4.4 ක් වූ අතර එය නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය වූ සියයට 7.3 වඩා අඩු මට්ටමක පැවතුනා.  මේ නිසා බදු ආදායම ආර්ථිකයේ පුළුල් වීමත් සමඟ වර්ධනය වීමට අපොහොසත් වී ඇති බව පසුගිය වසරවල පෙනෙන්නට තිබෙන බරපතල තත්ත්වයක්.  රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා පසුගිය කාලයේ කරන ලද උත්සාහයන් අවාසනාවන්ත ලෙස අසමත් වී ඇති බව දැන ගැනීමට ලැබීම  කණගාටුවට කරුණක් විශ්වාස කළ නොහැකි පරිදි බදු සහ ගාස්තු වර්ග 35 ක් පමණ අයබදු  ක‍්‍රමය තුළ තිබෙනවා. මෙම බදු වලට අදාල නීති සමහරක් යල් පැන ගිය ඒවා වන අතර  බදු ගෙවන්නන්ට  පැහැදිළිව හඳුනා ගත නොහැකියි. බදු නීතිය ගැන අවබෝධයක් ඇති අයට  පමණක් මෙම ව්‍යාකූලතාවය අවබෝධ කරගත හැකි තත්ත්වයක පවතී.  

     
    61.    පහත වැටෙන එකතු කළ අගය මත වන බදු එනම් ඪ්ඔ බදු ආදායම මෑත වර්ෂවල දී බදු ආදායම පහත වැටීමට ප‍්‍රධාන සාධකය වී තිබෙන බව පැහැදිළිවම පෙනෙන්නට තිබෙනවා. 2005 වසර තුළ දී එකතු කළ අගය මත බදු ආදායම මුළු බදු ආදායමෙන් සියයට 41 ක් වූ අතර  එය 2014 වර්ෂය වන විට සියයට 26 දක්වා පහත වැටී තිබෙනවා. ඒ වගේම එකතු කළ අගය මත බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 2004 වර්ෂයේ දී සියයට 5.8 සිට 2014 වර්ෂයේ දී සියයට 2.7 දක්වා සීග‍්‍රයෙන් අඩු වී තිබෙනවා. ආදායම් බදුවලින් ලද ආදායම දුර්වල වීම 2006 දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.7 සිට 2014 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9 දක්වා පහත වැටීම තුළින් පෙන්නුම් කරනවා. මේ නිසා ජාතික ආදායම ඉහළ ගිය ද ඊට සරිලන බදු ආදායමක් පෙන්නුම් කරන්නේ නැහැ. බදු ආදායම අඩුවීමට හේතුවූ ආවේනික ලක්ෂණ කීපයක් මෙහි දී වැදගත් වෙනවා. බදු පරිපාලනයේ තිබෙන ගැටලූ නිසා ඇති වී තිබෙන දුර්වල බදු අනුකූලතාවය මීට බලපාන ප‍්‍රධාන හේතුවක්. විවිධ රජයේ ආයතන විසින් ප‍්‍රදානය කර ඇති විවිධාකාරයේ බදු නිදහස් කිරීම් ද බදු කළමනාකරණය දුර්වල කිරීමට හේතු වෙනවා.

     
    62.    රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ වක‍්‍ර බදුවලින් වන අතර සෘජු බදුවලින් එකතු වන අගය ඉතා අඩු කොටසක් වෙනවා. බදු ගෙවිය යුතු සහ බදු ගෙවිය හැකි පුද්ගලයන් බොහොමයක් බදු ක‍්‍රමය තුළ දක්නට ලැබෙන්නේ නැහැ. බදු ගෙවීම මග හැරීම වලක්වන උපායක් ලෙස බදු අනුකූලතාවය ඇති කරන ක‍්‍රමවේදයන් දියුණු කළ යුතු බව කවුරුත් පිළිගන්නා කරුණක්. ඒ වගේම බදු පරිපාලනය ශක්තිමත් කිරීම මේ අනුව අවශ්‍යම වී තිබෙනවා.

    63.    ගරු කථානායකතුමනි, ඔබතුමාට මතක ඇති පසුගිය මාස කිහිපය තුළ අප විසින් බදුකරණය පිළිබඳව  පවතින ගැටලූ සඳහා නිර්මාණශීලී ලෙස යම් යම්  ක‍්‍රියාමාර්ග යෝජනා කිරීමට උත්සාහයන් ගත් බව. කෙසේ වුණත් තාවකාලික විසදුම්වලින් ඉවත්වී ඉදිරියට ගෙනයා හැකි ශක්තිමත් බදු ප‍්‍රතිසංස්කරණ මත පදනම් වූ බදු ව්‍යුහයක් බිහි කිරීම තුළින් රටට දිගුකාලීන ප‍්‍රතිලාභ අත්කර ගන්නට පුළුවන්.

     

    පුනරාවර්තන වියදම්
     
    64.    ගරු කථානායකතුමනි, ආදායම් වැඩිකර ගැනීම සඳහා සිදු කරන  බදු ප‍්‍රතිසංස්කරණ  රාජ්‍ය මූල්‍ය අංශය ශක්තිමත් කිරීමට ප‍්‍රමාණවත් වන්නේ නැහැ.  වියදම් වඩාත් තාර්කීකරණය කිරීම ද ඒ සඳහා ඉතා වැදගත් වනවා. නමුත් ගැටලූව වන්නේ මෙම අවශ්‍යතාවය  සපුරා ගන්නේ කෙසේ ද යන්නයි. වියදම් මට්ටම් අප අසා නැති ප‍්‍රමාණයෙන් වැඩිවීම සිදු වූ පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළින් අපට බොහෝ පාඩම් ඉගෙන ගන්නට පුළුවන්.

    65    රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට  ඔවුන්ගේ පුනරාවර්තන වියදම් මට්ටම අඩු කළ හැකි බවට මා තරයේ විශ්වාස කරනවා. අත්‍යවශ්‍ය නොවන වියදම්  වඩාත් තාර්කීකරණය කිරීමට සහ සීමිත සෘජු බදු ගෙවන්නන්ගේ වියදමින් සහ සමාජයේ දිළිඳු පුද්ගලයන් ද අයත් විවිධ ක්ෂේත‍්‍රවලින් ලැබෙන වක‍්‍ර බදුවලින් කෙරෙන අධික පරිපාලන වියදම් පාලනය කිරීම සඳහා රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වියදම් අවශ්‍යතා දැඩි ලෙස විශ්ලේෂණය කිරීමට හා ඇගයීමට කාලය පැමිණ තිබෙනවා.


    66.    එමනිසා, ජාතික අයවැය සකස් කිරීම සඳහා ශූන්‍ය අයවැය සංකල්පය යොදා ගැනීම මා විසින් තරයේ නිර්දේශ කරනවා. ඇත්ත වශයෙන්ම, 2016 අයවැය සඳහා අප විසින් ශුන්‍ය අයවැය සංකල්පය ඉලක්ක කර ගත් අතර මේ යටතේ වියදම් දරන ආයතන විසින් අරමුදල් සඳහා ඉල්ලීම් කිරීමට පෙර තම අයවැය තුළ ඇති සෑම වියදම් අයිතමයක්ම සාධාරණීකරණය කළ යුතු වෙනවා. මෙම ක‍්‍රියාමාර්ගය ඉදිරි අයවැය සම්පාදනයේ දී තදින්ම පිළිපැ`දිය යුතු වෙනවා. ගරු කථානායකතුමනි, ශුන්‍ය අයවැය සංකල්පය බොහෝ රටවල අයවැය පිළියෙළ කිරීමේ දී අනුගමනය කරනු ලබන ගිණුම්කරණ සිද්ධාන්තයකින් ලබා ගත් සංකල්පයක් වන අතර මෙය ක‍්‍රියාත්මක කිරීමට මෙපමණ කාලයක් ගතවීම ගැන මා මවිත වෙනවා. 2016 ජනවාරි මාසයේ සිට මහා භාණ්ඩාගාරය විසින් ඒ ඒ අමාත්‍යාංශ සහ ආයතනවල අයවැය ප‍්‍රතිපාදන විමර්ශනය කිරීම සඳහා පසු විපරම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.


    67.    මහජනතාවගේ දුෂ්කරතාවලට සංවේදී වගකිව යුතු රජයක් වශයෙන් රාජ්‍ය සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් ප‍්‍රමාණාත්මකව වැඩි කරමින් ඒ සඳහා වන අපගේ කැපවීම පෙන්නුම් කර තිබෙනවා. ඒ අතරතුර අප සිහියේ තබා ගත යුතු කරුණක් වන්නේ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පසුගිය වසර කිහිපය තුළ සිව් ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.


    68.    ගරු කථානායකතුමනි, මේ ක‍්‍රියාදාමයේ පැහැදිළි ප‍්‍රතිවිපාකය වන්නේ කැපී පෙනෙන මට්ටමින් වැඩි වී ඇති වැටුප් වියදමයි. එය උපරිම තත්ත්වයට හා  ඕනෑම සාධාරණත්වයේ මිණුම් දණ්ඩකටත් වඩා ඔබ්බට වර්ධනය වී ඇති බවට අප විශ්වාස කරනවා. මේ නිසා අප විසින් රාජ්‍ය අංශයේ වැටුප් හා වේතනවල අඛණ්ඩ හා තිරසාරභාවය පවත්වාගෙන යාම ස`දහා වඩාත් යෝග්‍ය වැඩපිළිවෙලක් පිළිබ`දව සොයා බැලිය යුතුවනවා. අනෙකුත් කරුණු අතර, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය හා හැකියා වර්ධනය කිරීම ද මෙයට අන්තර්ගත විය යුතු වනවා.
    69.    එසේම, ක‍්‍රමක‍්‍රමයෙන් විශාල අභියෝගයක් දක්වා වර්ධනය  වෙමින් පවතින ඉතා වැදගත් හා සංවේදී කරුණක් වන්නේ රජයේ විශ‍්‍රාම වැටුප් පිළිබඳ වගකීමයි. 2005-2014 කාලය තුළ විශ‍්‍රාම වැටුප් සඳහා වන වියදම සියයට 170 කින් පමණ වැඩිවීම මගින් ජනගහනය වයස්ගතවීම සමඟ අඛණ්ඩව වර්ධනය වන විශ‍්‍රාම වැටුප් වගකීම පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සම්පත් ප‍්‍රමාණයෙහි ඉහළ යෑම පෙන්නුම් කරනවා. වැඩිවෙමින් පවතින විශ‍්‍රාමිකයින්ගේ  සංඛ්‍යාව සහ  විශ‍්‍රාම අරමුදල් සඳහා වන වියදමට මේ අවස්ථාවේ පිළියම් නොයෙදුවහොත් අනාගතයේදී එය ඉතා බරපතල ව්‍යාකූල තත්ත්වයකට පත් විය හැකියි.


    70.    වර්තමාන විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය යටතේ ප‍්‍රතිලාභ ලබා දීම සඳහා රජය විසින් ඒකාබද්ධ අරමුදලෙන් අරමුදල් ලබා දිය යුතු තත්ත්වයක් තුළ කාලයත් සමඟ ඒ සඳහා වන පිරිවැය ඉහළ යාමේ ප‍්‍රවනතාවයක් පවතින අතර ඒ හේතුවෙන් බදු ගෙවන්නන් මත අනාගතයේ ඒ වෙනුවෙන් විශාල වගකීමක් පැවරෙනු ඇත. එම නිසා විශ‍්‍රාම වැටුප් පිරිවැය රටේ ජනතාවට දැරිය හැකි මට්ටමේ පිරිවැයක් බවට තහවුරු කර ගැනීම සඳහා නව උපක‍්‍රම අප විසින් සොයා බැලිය යුතු වනවා. ගරු කථානායකතුමනි, දැනටමත් විශ‍්‍රාම ගොස් ඇති රජයේ විශ‍්‍රාමිකයන්ගේ සහ දැනට සේවයේ නියුතු රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් වගකීම කිසිම සීමා කිරීමක් නොමැතිව දැරීමට රජයේ ඇති කැපවීම මා සහතික කරනවා. කෙසේ නමුත්, රජයේ සේවයට අභිනවයෙන් බඳවා ගන්නා අයට තිරසාර ලෙස පවත්වාගෙන යා හැකි විශ‍්‍රාම වැටුපක් සැලසුම් කිරීමට අවශ්‍ය තීරණාත්මක උපාය මාර්ග හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.   


    71.    ජාතික අයවැයේ පුනරාවර්තන වියදමෙන් සියයට 21 පමණ වන දිගින් දිගටම වර්ධනය වන සහනාධාර සහ පැවරුම්, තවත් ඒ හා සමාන අංගයක්. වඩා විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුක්තව මනා ලෙස ඉලක්ක කරගත් සහනාධාර  ක‍්‍රමයක් තුළින් පුනරාවර්තන වියදම් අඩු කිරීමටත් එමගින් වැඩි සම්පත් ප‍්‍රමාණයක් තිරසාර ඉහළ ආර්ථික වර්ධනයක් ස`දහා අවශ්‍ය සමාජ ආර්ථික පොදු යටිතල පහසුකම්වල ආයෝජනයටත් ඉඩකඩ සැලසෙනවා. ඒ අතරම, අප සමාජයේ විශේෂ අවධානය හා රැකවරණය අවශ්‍ය පුරවැසියන් සිටින බව අප හොඳින් දන්නා කරුණක්. රජය විසින් මෙම පුරවැසියන්ට අඛණ්ඩව උපකාර කිරීමටත් එම තත්ත්වයන්ට හේතු කාරණා හඳුනාගෙන ඔවුන්ට විය හැකි අනර්ථකාරී තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීමටත් අප කටයුතු කරනවා.


    රාජ්‍ය ආයෝජන

    72.    රාජ්‍ය ආයෝජන මෑත අතීතයේ, විශේෂයෙන්ම රාජපක්ෂ රජය කාලයේ, බොහෝ සෙයින් කතා බහට ලක්වූ විෂයයක්. මීට හේතුව රාජ්‍ය ආයෝජන රටේ ආර්ථික සංවර්ධනය ස`දහා වැදගත් අවශ්‍යතාවයක් ලෙස සලකනු ලැබීමයි. රටක රාජ්‍ය ආයෝජනය මූලික වශයෙන් පෞද්ගලික ආයෝජනය දිරි ගැන්වීම සඳහා අත්‍යවශ්‍ය බව තහවුරු කිරීමට මා කැමතියි. මෙම මූලධර්මය පිළිබඳව කිසිදු වෙනසක් හෝ බෙදීමක් නැහැ. කෙසේ වෙතත්, රාජ්‍ය ආයෝජන වැඩසටහන් ඇගයීමේ දී සහ තෝරා ගැනීමේ දී අපගේ ප‍්‍රමුඛතාවයන් සහ ශක්‍යතාවයන් හඳුනාගත යුතු අතර එම ආයෝජන සඳහා සාධාරණ ප‍්‍රතිලාභයක් ලැබෙන බවට තහවුරු කර ගැනීම සඳහා අප කල්පනාකාරී විය යුතුයි.

        
    73.    පසුගිය කාලය තුළ දී රාජ්‍ය අංශය විශාල ලෙස පුළුල් වීම තුළ පෞද්ගලික ආයෝජන අඩු වී ඇත. මෑත කාලයේ දී පෞද්ගලික ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 22 ක පමණ අඩු මට්ටමේ පැවතුණි. එය 2011 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 24 ක මට්ටමේ සිට ක‍්‍රමානුකූල අඩුවීමක් පෙන්නුම් කරයි. මෙම ප‍්‍රවනතාවය නැවත සකස් කළ යුතුව තිබෙනවා. අනෙක් අතට, 2005 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක පමණ ප‍්‍රතිශතයක් වූ රාජ්‍ය අයෝජන පසුගිය අවුරුදු 10 තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 6 ක පමණ සාමාන්‍ය අගයක් ගනු ලැබූවා.  මෙම වැඩිවීම විශාල පරිමාණයේ සංවර්ධන ව්‍යාපාරවල ආයෝජන හේතුවෙන් සිදු වී ඇති අතර අවධානයට ලක් කළ යුතු සැබෑ ගැටළුව වන්නේ මෙම අයෝජනවලින් සාධාරණ ප‍්‍රතිලාභයක් ලැබීමට කොපමණ කාලයක් ගතවේද යන්නයි.  මෑතකදී කරන ලද රාජ්‍ය ආයෝජන පිළිබඳ අවිධිමත් ඇගයීමකට අනුව එම ආයෝජන දිගු කාලයක් ගත වන ඉතා අධික විදේශ ණය ප‍්‍රමාණයක් ඉහළ පොළී අනුපාතයකට ලබා ගෙන සිදු කිරීම නිසා එම ණයබර ආර්ථිකය වසා ගත් අඳුරු වළාවක් වී ඇති බව පෙනී ගොස් තිබෙනවා.


     රාජ්‍ය ණය කළමනාකරණය


    74.    ගරු කථානායකතුමනි, අප සියලූ දෙනා ඉතා හොඳින් දන්නා පරිදි රාජ්‍ය ණය කළමනාකරණයෙහි තිරසාර බව සහතික කිරීම සඳහා ඉතා දැඩි උපාය මාර්ග සහිතව කඩිනම් අවධානයක් යොමු කළ යුතු වෙනවා. වර්තමානයේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය සියයට 72 ක පමණ මට්ටමක පවතින අතර එය පිළිගත් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ඉතා ඉහළ අගයක් වෙනවා.


    75.    මෙහි දී අප විසින් සැලකිල්ලට ගත යුතු ප‍්‍රධානතම කාරණය වන්නේ අපට දරාගත හැකි ණය ප‍්‍රමාණයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. පැහැදිළිවම මෙම විසඳුම රඳා පවතින්නේ ප‍්‍රධාන වශයෙන් දැඩි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ විනයක් තුළින් අයවැය හිඟය අඩු කිරීම ඉලක්ක කර ගත් හා ඒ සඳහා කැපවීම් කළ හැකි තත්ත්වයක් මතයි. රාජ්‍ය ණය කළමනාකරණය වැඩි දියුණු කිරීමේ ප‍්‍රධානතම මූලධර්මයක් වන්නේ ණය සේවාකරණය දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාමයි. අපගේ ඉලක්කය සහ ක‍්‍රමෝපාය වන්නේ සෑමවිටම මේ තත්ත්වය සමඟ අනුකූල වීමයි.

     


    රාජ්‍ය ව්‍යවසායයන්


    76.    රාජ්‍ය ව්‍යාවසායයන්ගේ පාඩු ලබන ස්වභාවය ජාතික අයවැය මත පමණක් නොව රටේ සමස්ත මූල්‍ය ක්ෂේත‍්‍රයටම විශාල බලපෑමක් ඇති කරනවා. මෙම තත්ත්වය සමනය කිරීමට නිර්මාණශීලී ක‍්‍රියාමාර්ග හඳුන්වාදීමට අසමත්වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් ලෙස සලකන්නට පුළුවන්. මේ නිසා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් වාණිජමය වශයෙන් ඵලදායී රාජ්‍ය ව්‍යවසායන් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග  ප‍්‍රමුඛතා පදනමින් හ`දුන්වාදීමේ දැඩි අවශ්‍යතාවයක් පවතිනවා.


    77.    මෙම ව්‍යසනයෙන් මිදීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග අප දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෑතකදී, රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීම මේ සම්බන්ධව ගනු ලැබූ වැදගත් ඉදිරි පියවරක්. මෙහි දී අප විසින් අවධානය යොමු කරන්නේ රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ මාදිලිය ප‍්‍රතිසංස්කරණය කිරීම, තෝරාගත් පොදු සේවා සඳහා වෙළඳපොළ පදනම් කර ගත් මිල ක‍්‍රමවේදයන් හඳුන්වා දීම මෙන්ම පවතින ශ‍්‍රමබලකායේ ඵලදායීතාවය වැඩි කරන අතරම නව බඳවා ගැනීම් තර්කාන්විත කිරීම සහ පෞද්ගලික අංශයේ සහාය ඇතිව රාජ්‍ය ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීම පිළිබඳවයි.

     

     
    ආර්ථිකයට අදාළ අනෙකුත් ප‍්‍රවනතාවයන් සහ ගැටලු


    78.    ගරු කථානායකතුමනි, වසරකට අඩු පාලන කාලය තුළ අප ලද සුවිශේෂී ජයග‍්‍රහණයක් වන්නේ උද්ධමනය විශාල ලෙස අඩුකරගත හැකි වීමයි. උද්ධමන පාලනය කොතරම් තීව‍්‍ර වීද යත් අවුරුදු තිහකට පසුව ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ අවධමනයක් වාර්තා වුනා. මෙම තත්ත්වය ඒ හා සම්බන්ධ ව්‍යුහාත්මක වෙනසක් නියෝජනය කරන බව මාගේ විශ්වාසයයි. මේ අනුව වර්ෂය අවසානය වන විට උද්ධමනය සියයට 2 සිට 3 අතර ප‍්‍රමාණයක පවතී යැයි බලාපොරොත්තු වෙනවා. මධ්‍ය කාලීනව ද අපගේ ඉලක්කය වන්නේ උද්ධමනය මෙවැනිම තනි පහළ අගයක පවත්වාගෙන යාම සහ එම අරමුණ ළ`ගා කර ගැනීමට  මහ බැංකුවට වඩාත් ස්වාධීනව කටයුතු කිරීමට ඉඩකඩ සැලසීමයි.

    79.    ගරු කථානායකතුමනි, අපට තවමත් මුහුණු දීමට සිදු වී ඇත්තේ පසුගිය රජය විසින් අප වෙත උරුම කළ ගැටළු විසඳා ගැනීමේ අභියෝගයටයි. ඔවුන් විසින් ප‍්‍රචාරය කරන ලද පසුගිය රජයේ ආර්ථික දර්ශක අතිශයෝක්තියෙන් යුක්ත වූ හිස් බඳුනකින් නැගෙගන හඩක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබතුමා දන්නා පරිදි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෑතක දී නිකුත් කළ ආර්ථික වර්ධනයට අදාළ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන් විසින් පසුගිය කාලයේදී පදනම් විරහිතව ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සම්ප‍්‍රප්ලාප  ලෙස නම් කරන්නට පුළුවන්. වත්මන් සංඛ්‍යා ලේඛන අනුව  රටේ ආර්ථික වර්ධනය 2013 දී සියයට 3.4 වූ අතර 2014 දී එය සියයට 4.5 ක් වනවා. පෙර නිකුත් කළ දත්ත හා සැස`දීමේ දී ඒවා ඉතා අඩු බව පෙනී යනවා. මෙම පසුබිම තුළ 2015 දී ආර්ථික වර්ධනය සියයට 6 ක්  පමණ වේ යැයි  අපගේ විශ්වාසයයි. අප ලබා ගත් ජයග‍්‍රහණ මත නිද්‍රෝපගත නොවී ජවසම්පන්නව ඉදිරියට ගමන් කරමින් ඉදිරි වර්ෂ කිහිපය තුළ සියයට 7 සිට සියයට 8 ක පමණ ආර්ථික වර්ධන වේගයක් අත්කර ගන්නට අපේක්ෂා කරනවා. මෙම අයවැය යෝජනා ඒ සඳහා පදනමක් වන අතර බලාපොරොත්තු වන ආර්ථික වර්ධනය ලබා ගැනීම සඳහා ශක්තියක් ද වනු ඇත.

     
    80.    ශ‍්‍රී ලංකාවේ විරැකියා අනුපාතය රටේ රැකියාවල නිරත විය හැකි ජනගහනයෙන් සියයට 4.6 ක් පමණ වනවා. කෙසේ වෙතත් තියුණු විශේලේෂණයන් පෙන්වා දෙන්නේ උගත් තරුණ තරුණියන් අතර විරැකියාව සියයට 20 කටත් වඩා වැඩි බවයි. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා වහාම ක‍්‍රියාත්මක විය යුතු වනවා. අප විසින් උගත්කමේ වටිනාකමට සරිලන අගයක් ලබා දිය යුතු අතර ඔවුන්ට රැකියා සඳහා සුදුසු අවස්ථාවන් ද ලබා දිය යුතු වනවා.


    81.    ගරු කථානායකතුමනි, ජනලේඛන හා සංඛ්‍යා  ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතාවය සියයට 6.7 ක් වනවා. එසේ වුවත්, ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා දර්ශක තුළ දිනකට ඇමෙරිකන් ඩොලර් 2 කට වඩා අඩු ආදායම් ලබන සංඛ්‍යාව සියයට 20 ක් පමණ වන බව පෙනෙනවා.  මේ පිළිබඳව අපට සතුටු විය හැකිද? ශ‍්‍රී ලංකාවේ උපන් සියලූම පුරවැසියන්ට අවම අවශ්‍යතාවයන් වන කෑම බීම, ඇඳුම් පැලඳුම් සහ නිවහනක් ලබා ගත හැකි විය යුතු වනවා. මේ පිළිබඳ වගකීම අප සැම භාරගත යුතු අතර සුදුසු විසඳුම් සොයා දීම සඳහා උත්සුක විය යුතු වනවා.  තව ද, ආදායම් බෙදී යාමේ විෂමතාවය පිළිබඳව ද අපගේ දැඩි අවධානය යොමු විය යුතු වෙනවා.

    82ග    එමනිසා, ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සැළසුම් කළ යුත්තේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව සංවර්ධන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් වීමට ඉඩ සලසා දෙන ලෙසයි. එසේ වුවත්, මෙවනි ක‍්‍රියාමාර්ග සුදුසු පරිදි ඉලක්ක කොට පසු විපරමකට ලක් කළ යුත්තේ රාජ්‍ය මූල්‍ය ක්ෂේත‍්‍රයට අනවශ්‍ය පීඩනයක් ඇති නොවන ලෙසයි. ක්ෂද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ පහසුකම් ලබන සුළු පරිමාණ ව්‍යාවසායකයන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ තිරසාර අරමුණු ඉටු කර ගැනීමටයි. ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ නියුතු ආයතන ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කරලීමේ මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට උපකාර කරනු ඇති බව මගේ විශ්වාසයයි.

    83.    සෞඛ්‍ය සම්පන්න දේශයක් බිහිකිරීමෙහි ලා ශ‍්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණය දුරුකිරීම අත්‍යවශ්‍ය කාරණයක්. පාසල් සහ සෞඛ්‍ය සේවා ඒකාබද්ධ ප‍්‍රතිපත්ති තුළින් ප‍්‍රජාව දැනුවත් කිරීම මගින් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම කළ යුතුව තිබෙනවා. අපගේ සාක්ෂරතාවය ජාත්‍යන්තරව ද ඉහළ මට්ටමක පවතිනවා. නමුත්, අපගේ තියුණු මන්දපෝෂණ දර්ශකය සසඳනු ලබන්නේ දකුණු ආසියාවේ රටවල් සමග පමණයි. අප මෙම දර්ශකය මෙම කලාපයෙන් ඔබ්බට  ජාත්‍යන්තර මට්ටමින් සළකාබැලිය යුතු අවස්ථාවට දැන් එළඹ තිබෙනවා.

    84.    ගරු කථානායකතුමනි, ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා වන අපගේ ප‍්‍රයත්නයේදී  විදේශ අංශය සහ ගෙවුම් තුලනය වැඩි දියුණු කර ගැනීම සඳහා ශක්තිමත් ක‍්‍රියාමාර්ග ගතයුතු වෙනවා. මේ ස`දහා අපනයන වර්ධනය කිරීම, ආනයන වඩාත් තාර්කීකරණය කිරීම සහ අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීම මගින් වර්තන ගිණුම සඳහා වන අනෙකුත් ගලා ඒම් දිරිගැන්වීම සිදුකළ යුතු වනවා.
     
    85.    ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාව පුළුල් වෙළඳ හිඟියකට මුහුණ දී තිබෙනවා. අපගේ අපනයනයන් ක‍්‍රමයෙන් අඩු වී වර්තමානයේ එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14 ක පමණ ප‍්‍රතිශතයක තිබෙනවා. එසේ වුවත්, ආනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 27 ක් පමණ දක්වා වැඩි වී තිබෙනවා. තවද, දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ආනයන හා අපනයන ප‍්‍රමාණය 2000 වසර මැද භාගයේ දී පැවති සියයට 60 සිට මේ වන විට සියයට 41 දක්වා අඩු වී තිබෙනවා. දශකයක් පුරා ක‍්‍රියාත්මක වූ පසුගිය රජයේ දූරදර්ශී ප‍්‍රතිපත්ති මෙම පසුබෑමට හේතු වී ඇති බව පෙනෙනවා.  ගරු කථානායකතුමනි, පසුගිය කාලය තුළ ආර්ථික විශේෂඥයන්ගේ දැක්මට අනුව නොයෙකුත් ආර්ථික මූලධර්මයන් අනුගමනය කර විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිවලින් බැහැර වෙමින් දිනෙන් දින සංවෘත ආර්ථිකයක් කරා ළඟා වෙමින් සිටි බව පෙනෙන්නට තිබෙනවා. මෙම සෘණාත්මක ප‍්‍රවණතාවයන්ගෙන් ආර්ථිකය මුදවාගත හැක්කේ නිර්මාණාත්මක ක‍්‍රියාමාර්ගයක් සහිතව ඒකාබද්ධ ක‍්‍රමවේදයක් තුළින් අපනයන ක්ෂේත‍්‍රය දිරිමත් කිරීම තුළිනුයි.

    86.    අපගේ ආනයන වියදම් තිරසාර මට්ටමකට අඩු කිරීමට ද අප විසින් කටයුතු කළ යුතුයි. ඒ අතරම ආර්ථික ක‍්‍රියාවලියෙහි දී ඇතිවන අන්තර්භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ  අවශ්‍යතාවයන්ට මෙන්ම රටෙහි ආදායම් මට්ටම ඉහළ යෑම තුළින් ඇතිවන ඉල්ලුම සපුරාලීමටත් ආනයන සිදුකිරීම අවශ්‍ය බව සහතිකවම මා දන්නවා. කෙසේ වුවත්, දේශීය නිෂ්පාදන ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලැබී නොමැතිවීම මෙහිදී අප සැලකිල්ලට ගත යුතුයි. තවද, අපනයන වෙළඳපොළට පිවිසීමේ අරමුණින් කෘෂිකාර්මික නිෂ්පාදනවල තත්ත්වය සහ අස්වැන්න වැඩි කරලීමේ ක‍්‍රමවේදයන්ටද අපගේ සහාය ලබා දිය  යුතුයි. අපගේ අවසාන ඉලක්කය විය යුත්තේ දැනටමත් පවතින අපනයන වෙළඳපොල අවස්ථා තවදුරටත් ප‍්‍රසාරණය කරගැනීම, නව අපනයන වෙළඳපොලවලට පිවිසීම, අපනයන විවිධාංගීකරණය කිරීම මෙන්ම, ආහාරවලින් ස්වයංපෝෂිත කිරීම මගින් ආහාර සුරක්ෂිතාවය තහවුරු කිරීමයි.  

     
    87.    විදේශ රැකියාවල නියුතු ශ‍්‍රී ලාංකිකයින් මෙරටට පේ‍්‍රෂණය කරනු ලබන මුදල් රටේ ගෙවුම් තුලනයට විශාල පිටිවහලක් වෙනවා. විදේශ රැකියාවල නිරත වෙමින් මහන්සි වී උපයනු ලබන මුදල් මෙරටට පේ‍්‍රෂණය කරන ශ‍්‍රී ලාංකිකයන්ට අප රජයක් ලෙස කෘතවේදී විය යුත්තේ ඔවුන්ගේ එම පේ‍්‍රෂණ මගින් රටේ ආර්ථිකය ශක්තිමත් වන බැවිනුයි. ඔවුන්ගේ මෙම දායකත්වය අගය කරන අතරම නුපුහුණු සේවකයන් ලෙස මැදපෙරදිග රටවලට අපගේ මව්වරුන්, සහෝදරියන් හා දියණියන් යැවීම සීමා කිරීමට අප සෑම උත්සාහයක්ම දැරිය යුතුයි. මේ සඳහා කළ යුත්තේ පිටරටක රැකියා සොයායාම වැළැක්වීමට පිළියමක් ලෙස ඔවුන්ට ශ‍්‍රී ලංකාව තුළ රැකියා අවස්ථා ඇති කරලීමයි. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා සුදුසු සියලු ක‍්‍රියාමාර්ග සොයා බැලීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා. එසේම තවත් උපක‍්‍රමයක් ලෙස පුහුණු හා නිපුණතාවලින් හෙබි පුද්ගලයන්ට විදේශ රැකියා ලබාගැනීමේ ඉඩකඩ සැලසීම ස`දහා නිපුණතා සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ද අප විසින් ගත යුතුව තිබෙනවා. එවැනි ප‍්‍රවේශයන් විදේශ රැකියා අපේක්ෂා කරන්නන්ගේ වටිනාකම වැඩි දියුණු කිරීමට හේතු වනවා ඇති.

    88    ගරු කථානායකතුමනි, සංචාරක ව්‍යාපාරයේ ඇති වැදගත්කම ගැන විශේෂයෙන් ස`දහන් කළ යුතු යයි මා අදහස් කරන්නේ නැහැ. රටේ ආර්ථික ක‍්‍රියාවලියට හා සංවර්ධනයට ධනාත්මක ලෙස දායකවන සංචාරක ව්‍යාපාරය කැපී පෙනෙන විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයන ශක්තිමත් ව්‍යාපාරයක් වනවා. සංචාරක ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ඇති ඉතා විශාල වැදගත්කම හා එහි විභවතාවය අප තවමත් හරිහැටි හ`දුනාගෙන නොමැති බව පිළිගත යුතුයි. අපට කොතැනක හෝ වැරදීමක් සිදු වී ඇති බැවින් එය සොයා බැලීමට ගැඹුරු විශ්ලේෂණයක් කළ යුතුවෙනවා. ශ‍්‍රී ලංකාව ලෝකයේ පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූලවන සංචාරක ගමනාන්තයක් කිරීම පසුගිය රජය සිදුකළ පරිදි පටු ආකල්ප සහිත විවිධ වාණිජ පරමාර්ථයන් පදනම් වූ උධෘත පාඨවලින් පමණක් කළ හැකි වන්නේ නැහැ. ‘‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’’ ලෙස හැ`දින්වූ ශ‍්‍රී ලංකාවට නැවත එම නම ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග සොයමින් යාමේ කාර්යය නතර කිරීමට දැන් කාලය පැමිණ ඇත. ඒ වෙනුවට, මෙම කර්මාන්තය නඟා සිටුවීම සඳහා පුළුල් ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. අප රටේ ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථාන හා සෞන්දර්යාත්මක පරිසරය උපයෝගී කර ගනිමින් මෙම ව්‍යාපාරය දියුණු කිරීමට ඇති අවස්ථා වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.


    89.    පසුගිය දශකය තුළ සෘජු විදේශ ආයෝජන ඉතා අඩු මට්ටමක පැවති ඇති අතර දශක තුනක් පමණ කාලයක් පැවතුණු දීර්ඝ අභ්‍යන්තර අරගලය අවසන් වූ පසුව ද අයෝජනයන්හි සැලකිය යුතු වර්ධනයක් සිදු වී නැහැ.  පසුගිය වසර 10 තුළ සාමාන්‍යයක් ලෙස අප ලද විදේශ ආයෝජන වසරකට ඇමෙරිකන් ඩොලර් මිලියන 919 පමණ වෙනවා. මෙවැනි දුර්වල තත්ත්වයකට පත්වීමට ප‍්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළ හැක්කේ පසුගිය රජය පවත්වාගෙන ගිය හිතුවක්කාර විදේශ ප‍්‍රතිපත්තිය හා රජය නියෝජනය කළ දේශපාලනඥයන් විසින් ජාත්‍යන්තරය පිළිගත් විදේශ රටවල නායකයන්ට එල්ල කළ වාග් ප‍්‍රහාර හේතුවෙන් ඇති වූ දැඩි විරෝධයයි. මෙය වෙනස් කළ යුතු ඉතාම කණගාටුදායක තත්ත්වයක්. දේශීය ඉතිරිකිරීම් පමණක් ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ විශේෂයෙන් අප විසින් අත්පත් කර ගත යුත්තේ ණයබරක් ඇති නොකරන විදේශ ආයෝජන ප‍්‍රභවයන්ය.  ගරු කථානායකතුමනි, යුධමය වාතාවරණයකින් මිදුණු බොහෝ ආසියානු රටවල් දියුණු තත්ත්වයට පත් වූයේ සෘජු විදේශ ආයෝජන හරහා බව සත්‍යයක්. අපි දේශයක් ලෙස පසුගාමී වූ කාලය අවසන් කළ යුතුව ඇති අතර යදම් බිඳ දැමීමට සුදුසුම අවස්ථාව වර්තමානයයි. එබැවින් ශ‍්‍රී ලාංකීය ආර්ථිකයේ උන්නතිය උදෙසා ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට විදේශ ආයෝජකයින්ට අප ආරාධනා කරනවා.

    90.    රටෙහි විදේශ අංශයෙහි අපේක්ෂා කරන මෙම වර්ධනයන්  ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇති අතර දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ රුපියල ශක්තිමත් කිරීමට ද හේතු වෙනවා.
     
    91.    ඵලදායීතා වර්ධනය අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව තිබෙන අතර එය සංවර්ධන ඉලක්ක  ළඟා කර ගැනීම සඳහා තීරණාත්මක වන කාරණයක්. ඵලදායීතා වර්ධන ගමන් මඟෙහි කෘෂිකාර්මික අංශයට විශේෂ අවධානයක් යොමු කළ යුතුවන අතර කර්මාන්ත හා සේවා අංශයන්හි ද ඵලදායීතාව වැඩි දියුණු කළ යුතු වෙනවා.  

    92.    කෘෂිකාර්මික අංශයෙහි ඵලදායිතාවය දුර්වල තත්ත්වයක පැවතීමට, බීජ හා කෘෂි උපකරණවල තත්ත්වය, දුර්වල යාන්ත‍්‍රීකරණය, ව්‍යාප්ති සේවාවන්හි දුර්වලතා, අධික පසු අස්වනු හානි, ගොවීන්ට සාධාරණ මිලක් නොලැබීම, මෙන්ම වෙළඳපොල හා ගබඩා පහසුකම් අවම වීම ආදී හේතු බලපා තිබෙනවා.  කෙසේ වෙතත්, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය සංවර්ධනය කිරීමේදී රජයේ වැඩි ආයෝජනය සිදුවී ඇත්තේ සහනාධාර ලබාදීම පිළිබඳව බව පෙනෙනවා.  කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ වර්ධනය සඳහා විද්‍යාත්මක පර්යේෂණ යොදා ගැනීම හා ඒ පිළිබඳව දැනට පවත්නා අඩුපාඩු අවම කිරීම මෙහි දී ප‍්‍රමුඛ වෙනවා. මෙවැනි ක‍්‍රමවේදයන් තුළින් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කළ හැකි බව මගේ විශ්වාසයයි.

     
    93.    රටේ ආර්ථික වර්ධනය සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත‍්‍රයේ වර්ධනය ඉතා වැදගත්  වෙනවා.  දළ දේශීය නිෂ්පාදිතයෙන්  සියයට 70  ක් පමණ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත‍්‍රයෙන් ලබා දීම සතුටුදායක තත්ත්වයක් වුනත්, ආර්ථික සංවර්ධනයට තවත් සහායවීම පිණිස මෙම ක්ෂේත‍්‍රයට වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ගරු කථානායකතුමනි, පසුගිය කාලයේදී රාජ්‍ය ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා ලබා දී ඇති දායකත්වය ප‍්‍රමාණවත් නොවන බවත්, පෞද්ගලික අංශය ප‍්‍රමාණවත් දායකත්වයක් මෙම අංශයට ලබා දී ඇති බවත්, මා මෙහි දී සඳහන් කළ යුතුයි. සුළු හා මධ්‍ය පරිමාණ අංශය පිළිබඳව පසුගිය රජයේ අවධානය කොතෙක් දුරට යොමු වූයේද යන්න අපැහැදිලි බවත් එම අංශයේ දියුණුව සඳහා ඉතා අවම කාර්යභාරයක් ඉටු කර ඇති බවත් සඳහන් කරන්නට කැමතියි.
    94.    ගරු කථානායකතුමනි, ලූහු කාර්මික නිෂ්පාදනයේ සිට අධිතාක්ෂණික නිෂ්පාදනය දක්වා වටිනාකම් දාමය වර්ධනය කරමින්, නිෂ්පාදන ක්ෂේත‍්‍ර වැඩි දියුණු කිරීම  සඳහා තිරසාර කර්මාන්ත ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. විධිමත් පර්යේෂණ හා සංවර්ධන ක‍්‍රියාදාමයන් තුළින් නව තාක්ෂණය යොදා ගැනීම සහ නවීන ක‍්‍රම හඳුන්වා දීම අත්‍යවශ්‍ය වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පෝෂණය හා සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු අතර ඒවාට විශාල ව්‍යාපාර හා සම්බන්ධවීමට පහසුකම් සලසා  දිය යුතුයි.   එමගින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මහා පරිමාණ සැපයුම් දාමයට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙනවා. ඉදිරි තරඟකාරිත්වයට මුහුණදීම සඳහා අපේ කර්මාන්ත දියුණු කිරීම සඳහා ජාත්‍යන්තරය පිළිගත් සැපයුම්දාම කළමනාකරණ මූලධර්ම හඳුන්වාදිය යුතුව තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම වන්නේ දේශීය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම මඟින් දේශීය කර්මාන්ත වැඩි  දියුණු කිරීමයි.  

    95.    අතිගරු ජනාධිපතිවරයාගේ දර්ශනය වන්නේ  දේශීය ව්‍යවසායක්තවය සංවර්ධනය ස`දහා සහාය ලබා දීම තුලින් දේශීය කර්මාන්ත නඟා සිටුවීමයි. වැදගත් ආර්ථික අංශයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය සංවර්ධනය වී ඇති අතර ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයා මූල්‍ය හා ව්‍යාපාර ජාලයට ඇතුලත් වී අවශ්‍ය සහාය ලබා ගැනීමට හැකි මට්ටමකට පත්වෙමින් සිටිනවා.  රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරමින් මෑත වසරවලදී දරිද්‍රතා දර්ශකය පහළ මට්ටමකට ගෙන ඒමට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ වර්ධනය දායක වී ඇති බව සඳහන් කළ යුතුයි.  කෙසේ වුවත්, මෙම ක්ෂේත‍්‍රයේ ධනාත්මක වර්ධනය පවත්වාගෙන යාම සහතික කරනු සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය ප‍්‍රමුඛතාවයක් ලෙස සලකා නියාමනය කළ යුතුව තිබෙනවා.

    96.    විශේෂයෙන් විවෘත වෙළඳපොල ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසුව කුඩා පරිමාණ විවිධ සේවාවන්හි සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ මූල්‍ය සේවා වැනි ඉහළ තාක්ෂණික හැකියාවන් හා ඉහළ වටිනාකමින් යුතු ක‍්‍රියාකාරකම් දක්වා සේවා අංශයේ වැදගත්කම හා එහි ස්වභාවය පසුගිය කාලයේදී කැපී පෙනෙන පරිවර්තනයකට බඳුන් වී තිබෙනවා. මෙම තත්ත්වය යටතේ විශේෂයෙන් වරාය හා ගුවන්තොටුපල ආශ‍්‍රිත කටයුතු, සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ විදුලි සංදේශ ආදී ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ශක්තිමත් කළ යුතු වෙනවා.  බාහිර පාර්ශවයන්ට ව්‍යාපාරික කටයුතු සඳහා සේවා ලබා දීමේ සංකල්පය  (^Business Process Outsourcing -BPO) දීර්ඝ කාලයක් තිස්සේ පැවති අතර වසරින් වසර මෙම BPO අංශය වර්ධනය වී  තිබෙනවා.  එහෙත් මෙම අංශයේ අපගේ සේවකයන්ගේ ඉහළ දැනුම හා කුසලතා පිළිබ`දව සලකන කල දළ දේශීය නිෂ්පාදිතයට මෙම අංශයෙන් ලබා දී ඇති සමස්ත දායකත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි.


    97.    විරැකියා දර්ශකය දිගින් දිගටම අඩු මට්ටමක පවතින තත්ත්වයක් යටතේ ශ‍්‍රම ඵලදායීතාවය ඉහළ නැංවීමට හා ප‍්‍රාග්ධන සම්පත් යොදා ගැනීම වැඩි කිරීමද අත්‍යවශ්‍ය වනවා.  ප‍්‍රාග්ධන යෙදවුම් වැඩි කිරීමේදී පෞද්ගලික අංශයේ කාර්යභාරය වැදගත් කමක් ගන්නවා. විරැකියාව හා ශ‍්‍රම බලකායේ සහභාගිත්වය ගැන සැලකීමේදී කාන්තා ජනගහනය අසමානව නියෝජනය වීමක් දක්නට තිබෙනවා. එබැවින් මෙම අසමතුලිතතාවයට පිළියමක් ලෙස රැකියාවලට යන කාන්තාවන්ට සිය දරුවන් සුරක්ෂිත ලෙස රඳවා තැබීමට හැකි පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආරක්ෂිත පොදු මගී ප‍්‍රවාහන සේවයක් ලබා දීම කෙරෙහි අවධානය යොමුවිය යුතුයි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ශ‍්‍රී ලාංකීය කාන්තාවන් විසින් ලබා දෙන ඉමහත් දායකත්වය අප සියළු දෙනාම දන්නා කරුණක්. එබැවින්, දේශයේ ආර්ථිකය දිරිගැන්වීම සඳහා අපේ මව්වරුන් දරන ප‍්‍රයත්නය තවදුරටත් පවත්වා ගෙන යාම සඳහා ඔවුන්ට උපරිම පහසුකම් සැලසිය හැකි මාර්ග සොයා බැලිය යුතු වෙනවා.


    98.    පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන සමයේදී යල් පැනගිය කම්කරු නීති යාවත්කාලීන කිරීමට කටයුතු කරනු ලැබුවා.  එහෙත් පවත්නා නීතිමය හා සමාජමය බාධක හේතුවෙන් සහ දැනට පවත්නා කුසලතා හා අවශ්‍ය කුසලතා අතර පවතින අසමානතාවය හේතුවෙන් තවමත් ශ‍්‍රම නම්‍යතාවය පහළ මට්ටමක පවතී. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යටතේ නව පාඨමාලා හඳුන්වාදීම මගින් මෙම අසමානතා අවම කිරීමේ කාර්යය අධ්‍යාපන විශේෂඥයන්ට පැවරිය යුතුව තිබේ. එසේම ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත‍්‍රයේ මෑතකදී ඇති වූ දියුණුව සමඟ මතුව ඇති එහි අසුබවාදී පැතිකඩ පිළිබඳවද අප විසින් සොයා බැලිය යුතු වෙනවා.

     
    99.    තවද, විශේෂිත හැකියාවන් සහිත ජනතාව ශ‍්‍රම බලකායට ඇතුලත් කර ගැනීම සඳහා භෞතික යටිතල පහසුකම් හා සමාජ ආර්ථික පුරුදු වැඩි දියුණු කිරීම ද අත්‍යවශ්‍ය වෙනවා. මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ විශේෂ හැකියා සහිත පුද්ගලයන්ට තිරසාර රැකියා අවස්ථා ලබා ගැනීමට අවකාශ සැලසීම විනා ඔවුන්ට හුදු පාරිතෝෂිත ආධාර ලබා දීම නොවේ.
     
    100.    ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නා පරිදි පැවති සියළුම රජයන් අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත්, ආර්ථිකයේ වර්ධන ප‍්‍රවණතාවය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මානව සම්පත් බිහි කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය හරවත්ව නවීකරණය විය යුතු වෙනවා. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය දරු දැරියන්ගේ ජීවන කුසලතා නංවාලීමට හා ස්වාධීන චින්තන ශක්තිය දිරිමත් කිරීම සඳහා දැනට පවතින විභාග කේන්ද්‍ර කරගත් විෂය මාලාවන් වෙනුවට දක්ෂතාවය මූලික කරගත් විෂය මාලාවක් ලෙස නැවත පෙළ ගැස්විය යුතු වෙනවා. අඩු පහසුකම් සහිත පාසැල්වල දරුවන්ට සමාන අවස්ථා ලබාදීම සඳහා, ප‍්‍රමුඛ විෂයයන් සඳහා වූ ගුරු හිඟය මෙන්ම එම පාසල්වල සනීපාරක්ෂක පහසුකම්, පුස්තකාල හා විද්‍යාගාර පහසුකම්වල අඩුපාඩු පිළිබඳව කඩිනම් අවධානය යොමු විය යුතු වෙනවා.

    101.    පසුගිය වර්ෂවලදී අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය ආයෝජන මට්ටමෙහි සිදු වූ අඛණ්ඩව අඩුවීම සුබවාදී තත්ත්වයක් නොවේ. මෙම අසුබවාදී තත්ත්වය පිළිබඳව ඇගයීමක් කිරීමට දැන් අවශ්‍ය කාලය පැමිණ ඇතැයි මා සිතනවා. ගරු කථානායකතුමනි, ශිෂ්‍යයන්ට පමණක් නොව කාර්යක්ෂම සහ ඵලදායී සේවක මණ්ඩලයක් අපේක්ෂා කරන සේවායෝජකයන්ට ද සහනයක් වන ආකාරයෙන් පවතින ගැටලූ නිරාකරණය කර ගැනීමට අපගේ යහපාලන සම්මුතිවාදී රජයට හැකියාව ඇති බව මගේ විශ්වාසයයි.

    102.    තරුණයන් අතර ඇති සේවා වියුක්තිය සහ ඌණසේවා නියුක්තිය අඩු කරලීමට ඉවහල් වන ආකාරයෙන් උපාධිධාරීන්ගේ දක්ෂතා සහ ශ‍්‍රම වෙළඳපොලේ ඉල්ලීම් අතර ඇති අසමතුලිතතාවය නැති කිරීමට සුභවාදී ලෙස දායකවන පරිදි විශ්ව විද්‍යාල පද්ධතියෙහි අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමද අවශ්‍ය වෙනවා.

    103.    ජන විකාශයෙහි වෙනස්වීම හේතුකොට ගෙන සමස්ත සුවසේවා කටයුතු දියුණු කරන අතරතුර වයස් ගතවන ජනගහනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ද සිදුකළ යුතුව තිබෙනවා. ජාතියේ අභිවෘද්ධිය සඳහා වයස්ගත වන මානව සම්පත් පදනම ප‍්‍රයෝජනයට ගැනීමේ ක‍්‍රමවේදයක් නිර්මාණය කරන අතර ඔවුන්ගේ අවශ්‍යතාද ඉටුකළ යුතුව පවතිනවා. එමෙන්ම හඳුනාගත නොහැකිව ඇති නිදන්ගත වකුගඩු රෝගය හා ඉතා සීග‍්‍රයෙන් ඉහළ යන පිළිකා රෝගී තත්ත්වයන් නිවාරණය කිරීමට සහ ඩෙංගු උවදුර පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ගද  ගත යුතු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා නිදන්ගත වකුගඩු රෝගය තුරන් කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර එමගින් මෙම රෝගයෙන් පීඩා වි`දින ජනතාවට සහන අත්වනු ඇත.  

    104.    සෙමින් සිදුවන ජනගහන වර්ධනය මගින් ඇතිකරනු ලබන වයස් ගත ජනගහනය වැඩිවීම පිළිබඳ අභියෝගය ජය ගැනීම සඳහා දිගුකාලීන දැක්මක් සහිතව සෞඛ්‍ය අංශය නව්‍යකරණය කරන අතරම නිර්මාණශීලී විශ‍්‍රාම ප‍්‍රතිලාභ ක‍්‍රමයක් හඳුන්වාදීම ද  සිදුකළ යුතු වෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ද විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් වන්නේ එය අඩු වශයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධව අනාගතයේදී ඇති විය හැකි ගැටළු අවම කර ගැනීමට උපකාරී වන නිසාය.

     
    105.     ශ‍්‍රී ලංකාවේ සිදුවන ජන විකාශයේ  පරිවර්තනයත්  සමඟ ක‍්‍රමානුකූලව සිදුවන ජනගහනයේ වයස්ගතවීම සහ ඉහළයන ජීවිත අපේක්ෂාව තුළින් මෙන්ම විශ‍්‍රාම යන ජනකොටසේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා ඉතිරිකිරීම් හා විශ‍්‍රාම වැටුප් සම්බන්ධව විකල්ප ක‍්‍රම ඇති කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු ලබනවා. වෙළඳපොලේ පහළ  පොළී අනුපාතිකයන් පැවතීමත් විශ‍්‍රාමිකයින් බොහොමයක් පොළී ආදායම මත යැපීමත් මෙම ක‍්‍රම  ඇති කිරීමේ හදිසිභාවය තීව‍්‍ර කරනවා.

    106.    ජනගහන වර්ධනය සමඟ මෙන්ම දියුණුවන සමාජ ආර්ථික තත්ත්වයන් හමුවේ මිලට ගත හැකි උසස් තත්ත්වයේ නිවාස අවශ්‍යතාවයද කාලයත් සමඟ ඉහළ ගොස් තිබෙනවා. අභ්‍යන්තර සංක‍්‍රමණය හේතුවෙන් ජනගහනය අධික වීම නිසා මෙය කොළඹ දිස්ත‍්‍රික්කය තුළ බරපතල කරුණක් බවට පත්වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයන් පෙර කාලයන්හිදී විශේෂයෙන්ම දිවංගත අතිගරු රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ සමයේ අවධානය යොමු කළේ ජනතාවට නිවාස ලබාදීම සඳහායි.  එම ක‍්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට ලැබීම ගැන මා සතුටු වෙනවා.

    107.    මැදි ආදායම් මට්ටමේ පුද්ගලයින්ගේ නිවාස අවශ්‍යතාවයන් වසර ගණනාවක් තිස්සේ වැඩිවී තිබෙනවා. මොවුනට අධික මිල ගණන් හේතුවෙන් පෞද්ගලික අංශය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලට ඇතුලත් වීමට ඇති අවස්ථාවන්ද සීමිතයි.  එම නිසා මධ්‍යම පාන්තිකයින්ට පහසුවක් සැලසීම සඳහා වියදම දරාගත හැකි මට්ටමේ නිවාස ව්‍යාපෘති ඇති කිරීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය වී තිබෙනවා. මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල හවුල් කාරිත්වයෙන් යුත් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා රජය මැදිහත්වීම අවශ්‍ය වෙනවා.


    108.    එසේම, දැනට පවතින විදුලිය, ජල සැපයුම, මලාපවහනය සහ අපද්‍රව්‍ය විනාශකිරීම, විදුලි සංදේශ සහ අන්තර්ජාල පහසුකම් ලබාදීම යනාදිය නවීන ආර්ථිකයක් කාර්යක්ෂමව සහ සඵලදායී ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රමාණවත් වන්නේ නැහැ. බස්නාහිර පළාත තුළ පවතින මෙවැනි ගැටලූ විසදීම සඳහා මහනගර සංවර්ධන (Megapolic) මූලධර්මය වඩාත් සුදුසු විසදුමක් වෙනවා.

    109.    පොදු ප‍්‍රවාහන සේවයේ පවතින අකාර්යක්ෂමතාවයන් මාර්ගවල ධාවනය වන පුද්ගලයින් අඩු ගණනකින් යුත් වාහන සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් වී තිබෙනවා. එම තත්ත්වය  වාහන තදබදය අධික කිරීමට, කුටුම්භවල මෙන්ම සමස්ත ආර්ථිකයේද ඉන්ධන පිරිවැය ඉහළ යෑමට මෙන්ම සැලකිය යුතු දුරකට ඵලදායී මිනිස් පැය ගණන නැතිවී යෑම සඳහා ද බලපා තිබෙනවා. ඉහළ ප‍්‍රමිතියකින් සහ විශ්වාසනීයත්වයකින් යුත් ප‍්‍රවාහන සේවාවක් නොමැතිවීම නිසා යටිතල පහසුකම් වෙනුවෙන් කරනු ලැබූ අති විශාල ආයෝජන ප‍්‍රමාණයද අභිබවමින් වාහන තදබදය පිළිබඳව ගැටලුව උග‍්‍ර වී තිබෙනවා. එබැවින්, විශේෂයෙන්ම නාගරික ප‍්‍රදේශවල පවතින මහාමාර්ග සහ දුම්රිය ප‍්‍රවාහන සේවා ක‍්‍රමයෙන් වැඩිදියුණු කිරීම සඳහා සුදුසු ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා.  ගරු කථානායකතුමනි, පසුගිය රජය විසින් අතිශෝක්තියකින් හ`දුන්වා දෙන ලද  රජයේ ප‍්‍රධාන මිණුම් දණ්ඩ ලෙස ගනු ලැබූ මහා මාර්ග සහ තාර අතුරනු ලැබූ මාර්ග පද්ධතිය තුළින් පමණක් රටතුළ දියුණු සහ ක‍්‍රමවත් ප‍්‍රවාහන සේවාවක් සපයන්නේ නැතිබව අද අප විසින් පිළිගත යුතුයි. වඩාත්ම වැදගත් කරුණ වන්නේ පෞද්ගලික ප‍්‍රවාහන ක‍්‍රමයන් භාවිතා කිරීම වෙත රටේ ජනතාව යොමු නොවීම සනාථ කිරීම ස`දහා කුමන මට්ටමකට රාජ්‍ය ප‍්‍රවාහන සේවාව දියුණු කළ යුතුද යන්නයි.


    110.    උපාය මාර්ගික වශයෙන් ශ‍්‍රී ලංකාවේ පිහිටීම මෙන්ම වර්ධනය වන ජාත්‍යන්තර සබඳතා සැලකිල්ලට ගත්විට දැනට පවත්නා යටිතල පහසුකම් ඵලදායී ලෙස ප‍්‍රයෝජනයට ගැනීම උදෙසා පෞද්ගලික අංශය මූලික කරගත් වාණිජමය ක‍්‍රියාකාරකම් වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක්. අක්වෙරළ සේවාවන් සපයනු ලබන මූල්‍ය ආයතන පිහිටුවීම සඳහා පෞද්ගලික අංශය ධෛර්යවත් කිරීම තුළින් පුහුණු ශ‍්‍රම අවස්ථා ඇතිකරලීම හරහා ඒ ආශ‍්‍රීත ආර්ථික ක‍්‍රියාවලි වර්ධනය කිරීමට හැකි වෙනවා. එයට සමගාමීව මූල්‍ය ප‍්‍රවාහ ධෛර්යමත් කිරීම උදෙසා ගෝලීය මට්ටමේ වාණිජ මධ්‍යස්ථානයන් පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වයන් ද ස්ථාපිත කළ යුතුව තිබෙනවා. ඒ අනුව පැරණි ආර්ථික ක‍්‍රියාවලීන්ගෙන් බැහැරව, සමහරක් දියුණු වෙමින් පවතින රටවල් හා දියුණු රටවල් විසින් ක‍්‍රියාත්මක කරනු ලබන නවීනතම මෙන්ම නිර්මාණශීලී ක‍්‍රියාමාර්ග හ`දුන්වාදීමට කාලය එලඹ තිබෙනවා.

    111.    සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් යොමුවීම පාරිසරික අවශ්‍යතා සම`ග සම්බන්ධ කළ යුතුව තිබෙනවා.  මේ සඳහා සියලූම ව්‍යාපෘති ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් අවශ්‍ය පාරිසරික අනුමැතීන් ලබාගන්නා බවට සහතික වීම පිණිස නිශ්චිත මෙන්ම කාර්යක්ෂම ක‍්‍රමවේදයක් ඇතිකළ යුතුයි. මෑත ඉතිහාසයේදී ප‍්‍රධාන ව්‍යාපෘති සම්බන්ධව පාරිසරික ප‍්‍රශ්න ක‍්‍රමානුකූලව ආමන්ත‍්‍රණය නොකරන අවස්ථා කිහිපයකට උදාහරණ අප සතුව තිබෙනවා. එවැනි ගැටලූ ප‍්‍රබල අවුල් සහගත මෙන්ම අනාගතයේදී විස`දීමට අපහසු තත්ත්වයන් ඇති කිරීම ස`දහා හේතුවනු ඇත.
    112.    තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමේ දී පරිසර හිතකාමී ලෙස හා කාර්යක්ෂම ලෙස බලශක්ති භාවිතා කිරීමට ඇති අවශ්‍යතාවය අප අවධාරණය කරනවා. ෆොසිල ඇසුරින් නිපදවන බලශක්තිය වෙනුවට සූර්ය බලශක්තිය සහ ජීවවායු පදනම් කරගත් බලශක්තිය, විදුලිබලය, ප‍්‍රවාහනය හා ඒ හා සම්බන්ධ අංශවලදී යොදා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

    නව ආර්ථික ගමන්මග

    113.    ගරු කථානායකතුමනි, නව රජයට ඉහත ගැටලූ සම්බන්ධව කටයුතු කිරීමට මෙන්ම රටේ අනාගත, ආර්ථික මෙන්ම සමාජීය සංවර්ධනය වෙනුවෙන් ද කටයුතු කිරීමේ වගකීමක් තිබෙනවා. මෙහිදී ආර්ථිකය නිත්‍ය වශයෙන්ම ගොඩනැගීම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. අපේ ඉලක්කය වන්නේ මිනිසුන්ට ඇති තෝරා ගැනීමේ නිදහස ස්ථාපිත කිරීම තුළින් වටිනාකම් වැඩි කිරීම හා ඒ සඳහා අවස්ථාවන් ඇති කරලීමයි.

    114.    අප අපේක්ෂා කරන වැඩිදියුණු වීම ජාත්‍යන්තර දර්ශකවල ඉහළ  යෑම තුළින් ද පිළිබිඹු කරනු ඇති අතර එය අනාගත ආර්ථික වර්ධනයට ද ඉවහල් වෙනවා.  ව්‍යාපාර කිරීමේ පහසු බවේ දර්ශකය, ගෝලීය තරඟකාරිත්ව දර්ශකය, ගෝලීය නව සොයාගැනීම් දර්ශකය සහ ජාලගත පහසුකම්වල සූදානම්භාවය සහ ගෝලීය ආර්ථික වාර්තාව  යනාදිය මේ සම්බන්ධයෙන් පවතින වැදගත් අංශයන් වෙනවා.

    115.    පෞද්ගලික අංශයෙහි ආර්ථික කටයුතුවලට පහසුකම් සැලසීමට හා වෙලඳපොළේ සුමට ක‍්‍රියාකාරිත්වයට අවහිරවන විවිධ බාධාවන් ඉවත් කිරීම සඳහා වෙළඳපල මූලික කොටගත් ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමට රජය කැපවී සිටිනවා. නව ආර්ථික ගමන්මග මෙම අයවැය යෝජනා තුළින් පිළිබිඹුවනු ඇති අතර පසුගිය වැරදිවලින් තොරව ශුන්‍ය පදනමක සිට එම ප‍්‍රතිපත්තීන් සකස් කිරීමට හැකිවීම ගැන මා සතුටු වනවා.

    116.    ගරු කථානායකතුමනි, අපගෙන් ගිලිහී ගිය අවස්ථා බොහෝය. මේ පිළිබඳව දිවංගත  ගරු අග‍්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මැතිඳුන්ගේ ධූර කාලයෙහි අවස්ථා දෙකක් පෙන්වා දිය හැකියි.  යාපනයට මාර්ගයක් තැනීමට යෝජනා කළ අවස්ථාවේදී එතුමා ජනතාවට විකල්පයක් වශයෙන් හාල් සේරුවක් ලබාදීමට වැඩි කැමැත්තක් දැක්වීය. ”ආසියාන්” සංවිධානයේ සාමාජිකත්වය වෙත ප‍්‍රවේශවීමට 1967 වර්ෂයේදී ශ‍්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් ලැබිණි. ගරු ඩඞ්ලි සේනානායක මැතිතුමාගේ ළඟම මිතුරෙකු වන මැලේසියාවේ පළමු අගමැති දිවංගත ගරු තුංකු අබ්දුල් රහ්මාන් මැතිතුමා ලංකාව ආසියාන් සංවිධානයේ සාමාජිකයෙකු විය යුතු බවට කියා සිටියා. ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා අදාළ සමුළුවට සහභාගිවීම සඳහා ගුවන් යානයට ප‍්‍රවේශ වීමට ගුවන් තොටුපොලට ලඟාවී සිටියේය.  එසේ වුවද, සමහරක් වාමාංශික පක්ෂවල දැන්වීම මත එම සමුළුවට සහභාගිවීම අතහැර දමන ලදී.  ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ගුවන් යානය ප‍්‍රමාද වී ඇතැයි උපකල්පනය කර සමුළුව ආරම්භ කිරීම පැය 6 කින් කල් දැමූ බව ද වාර්තා වී ඇත. අප කණගාටුවෙන් යුතුව කිවයුතු වන්නේ එවක්පටන් මෙවැනි ඉහළ මට්ටමේ කලාපීය සංවිධානයක සාමාජිකත්වය ලබා ගැනීමට කිසිදු සාර්ථකත්වයකින් තොරව අද අප උත්සාහ කරමින් සිටින බවයි.  එවැනි අවස්ථා බොහොමයක් මට පෙන්වා දිය හැකි අතර මෙවැනි තත්ත්වයන්ගෙන් පාඩම් උගත යුතු කාලය පැමිණ තිබෙනවා.

     
    117.    මෙවන් අවස්ථා තවදුරටත් අත්හල හැකි තත්ත්වයක අප නොසිටිමු.  අද ඉදිරිපත් කළ දේවල් ඉටු කරන බවට අප සහතික වෙමු.  සෞභාග්‍යය හා ප‍්‍රීතිමත් බවේ අනාගතය කෙරෙහි බලාපොරොත්තු තබා ගනිමු. අපගේ ඒකායන අරමුණ වනුයේ වෙනසකින් තොරව සියළු ශ‍්‍රී ලාංකිකයන්ට වඩා හොඳ අනාගතයක් උදාකර දීමයි.  අපගේ මාතෘ භූමිය හා අනාගත පරම්පරාව වෙනුවෙන් එකමුතු වී පෙල ගැසෙමු.

    118.    ගරු කථානායකතුමනි, අපට පහත සඳහන් කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අධිෂ්ඨානය ඇති අතර ඒ සඳහා අප සූදානම්. ඒ වගේම, ඒ සඳහා අවශ්‍ය නායක්තවය දීමටද අපට හැකියාව තිබෙනවා. ඉතාම වැදගත් මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා අතීතය අමතක කර අප වහා එක්සත් විය යුතුව තිබෙනවා.
     
    119.   මේ අවස්ථාවේදී මම අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, මගේ අමාත්‍ය මණ්ඩල සගයන් සහ රජය වෙනුවෙන් අපගේ රට සෞභාග්‍යයේ මාවත කරා රැුගෙන යාමට විවිධ පැහැයන් දරන දේශපාලන උදව්කරුවන් වෙත මිත‍්‍රත්වයේ හස්තය දිගු කරමි.  වසර ගණන් විවිධ බාධකයන්ට මුහුණ දුන් අපේ ආර්ථිකයේ නිවැරදි තත්ත්වය මා විසින් ඔබ වෙත පෙන්වා දී ඇති අතර අප එක්සත්  නොවන්නේ නම් අපගේ පැවැත්මට ඇති අවස්ථා අහිමි වී යනු ඇත.  ”අඳුරට ශාප නොකර ඉටි පහනක් දල්වා අදුර පළවා හරිමු. ”


    120.    මෙම පසුබිම යටතේ අපගේ රජයේ ප‍්‍රථම අයවැයට ඇතුලත් යෝජනා වෙත පිවිසීමට මා කැමතියි. එමෙන්ම ජාති, ආගම් හා සමාජ බාධාවන් හා අනෙකුත් වෙනස්කම් වලින් තොරව සාමුහිකත්වය පෙරදැරි කරගෙන ශ‍්‍රී ලංකා ප‍්‍රජාත‍්‍රාන්තික සමාජවාදී ජනරජයේ සහ එහි සියළුම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවිය යුතු බැව් සඳහන් කරමි.   


    අයවැය යෝජනා


    ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් දිරිමත් කිරීම

    121.    ගරු කථානායකතුමනි, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැකියා උත්පාදනයේදී, ආදායම් බෙදීයාමේ ගැටලු විසඳීමේ දී මෙන්ම ප‍්‍රාදේශීය සංවර්ධනයේදී හා සමාජ ඒකාබද්ධතාවය ඇති කිරීමේ දී ද අප ආර්ථිකය තුළ විශාල සේවයක් කරනවා. වර්තමානයේදී ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අපගේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත් අංගයක් වී තිබෙනවා. මෙහිදී විශාල හැකියාවක් ඇති ප‍්‍රධාන අංශ වන්නේ ලීබඩු උපකරණ, තොරතුරු තාක්ෂණය, කිරි ආශ‍්‍රිත නිෂ්පාදන, ගෙවතු වගාව, මල්වගාව, ආහාර, එළවලූ සහ පලතුරු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, රූපලාවන්‍ය සහ සුරතල් මසුන් කර්මාන්තය ආදියයි.

    122.    ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් විසින් ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබුන ද මෙම ව්‍යවසායකයන් ප‍්‍රාග්ධන සහ ණය අරමුදල් ලබා ගැනීමේ දී මුහුණදෙන ගැටලූ හේතුවෙන් මෙම ව්‍යාපාර පුළුල්කිරීම තවමත් දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. මෙම නිසා අපගේ රජය මෙම ව්‍යවසායකයන්ගේ දියුණුවේදී  කොටස්කරුවෙකු වීමට කැමතියි. එමනිසා දැනටමත් අප විසින් සකසා ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ප‍්‍රතිපත්තිය තුළින් මෙම ක්ෂේත‍්‍රයේ සියළුම ගැටලූ  ආවරණය වනවා. මේ සමගම ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර පාලනය කිරීම සඳහා පනතක් මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමටත් මෙම අංශය විධිමත් කිරීමට අවශ්‍ය නියාමන අධිකාරියක් පිහිටුවීමටත් කටයුතු කරනු ඇත. එසේම සියලූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මෙම යෝජිත අධිකාරිය යටතේ ඒකකයකට රු.25,000/- ක වාර්ෂික ගාස්තුවකට යටත්ව ලියාපදිංචි විය යුතු බවට මා යෝජනා කරනවා. ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් 2015 නොවැම්බර් 05 දින ඉදිරිපත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දැක්වෙන පරිදි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය මුහුණ දෙන ගැටලූ අධ්‍යයනය කිරීම සඳහා උපදේශක කමිටුවක් ද පිහිටුවනු ඇත.  එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයේ අනාගත කටයුතු එම කමිටුවේ නිර්දේශ මත තීරණය වනු ඇත.  

    123.     මෙම ක්ෂේත‍්‍රයේ පවතින ඉහළ පරිපාලන පිරිවැය සහ ඉහළ අවදානම හේතුවෙන් නිර්මාණශීලී ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු ඇතුලූ ස්ථාපිත මූල්‍ය ආයතනයන් විසින් ණයදීමේ දී දැඩි අකමැත්තක් පෙන්නුම් කරනවා. එසේම දැනට ඇති මූල්‍ය ආයතන ඇප පදනම් කරගෙන මූල්‍ය පහසුකම් සැපයීම පිලිබඳව දැඩි ලෙස අවධානය යොමු කරන බැවින් අලූත් ව්‍යවසායකයන් සහ දැනට සිටින ව්‍යවසායකයන්ට මෙම ඇප ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. මේනිසා තෝරාගත් මූල්‍ය ආයතනවල සහයෝගයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වූ ණය ආරක්ෂණ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කිරීම සඳහා 2016 දී රුපියල් මිලියන 500 ක මූලික අරමුදලක් ලබාදීමට  යෝජනා කරනවා.  මෙම යෝජනා ක‍්‍රමය යටතේ, ණය ගෙවීමට නොහැකි අවස්ථාවලදී මූලික ණය මුදලෙන් සියයට 75 ක ප‍්‍රමාණයකට ඇපයක් ලබාදෙනු ඇත. මෙමගින් මෙම ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන්ට සාපේක්ෂව ලාභදායී සහ දිගුකාලීන කොන්දේසි යටතේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට ඇති ඉඩකඩ පුළුල් කෙරේ.  මෙම ක්ෂේත‍්‍රයට සහනදායී පොළී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය පහසුකමක් (Credit line)  ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. තවද ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ  ව්‍යවසායකයන්ට උපකාර කිරීම සඳහා ක‍්‍රියාත්මක කරනු ලබන සෞභාග්‍යා ණය යෝජනා ක‍්‍රමය, දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපෘතිය (PAMP) වැනි අරමුදල් එක වැඩසටහකට  ඒකාබද්ධ කරනවා.  එම ඒකාබද්ධ කිරීම තුළින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වඩා හොඳ සේවාවක් ලබාදීමට මහ බැංකුවට හැකිවනු ඇති.
     
    ව්‍යාපාර ප‍්‍රාග්ධනය :(Venture Capital)

    124.    ගරු කථානායකතුමනි, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අද පවතින පොදු මූල්‍යකරණ මාධ්‍යය වන්නේ ඇප අත්‍යවශ්‍ය වන්නා වූ ණය මූල්‍යකරණයයි. කෙසේ වෙතත් යම් දීප්තිමත් අදහසක් ඇතිව ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයෙකුට ඇප ලෙස තැබීමට තරම් වන වත්කම් ඔවුන් සතුව නොපවතී. මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත අවශ්‍ය ස්කන්ධ ප‍්‍රාග්ධන පහසුකම් (Equity Financing Facilities)    සැලසීම සඳහා බැංකු, රක්ෂණ සමාගම්, සේවක අර්ථසාධක අරමුදල (EPF),  සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) සහ විදේශ අරමුදල්වලින් සමන්විත ”අරමුදල්වල අරමුදලක්” ඇති කරමින් ව්‍යාපාර ප‍්‍රාග්ධන ප‍්‍රවේශයට ආරම්භයක් ලබාදීමට යෝජනා කරනවා.  මෙහිදී මම ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවට (IFC) සහ ආසියානු සංවර්ධන බැංකුවට ආරාධනා කර සිටිනවා මෙම අරමුදලට ආධාර කරන ලෙස ඒ වගේම පෞද්ගලික අංශයේ ව්‍යාපාරවලටත් මෙම අරමුදලට සහභාගි වන ලෙස උනන්දු කිරීමට කැමතියි.  මෙම අරමුදල මගින් වගකිව යුතු ව්‍යාපාර ප‍්‍රාග්ධන සමාගම් වෙත (Venture Capital Firms)සහතික කළ අවම අනුපාතයක් යටතේ ණය පහසුකම් ලබාදෙනු ඇත.  ඒ අනුව එම ව්‍යාපාරික සමාගම් විසින් මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි අවශ්‍ය ස්කන්ධ ආයෝජන (Equit Investment)  සිදුකරනු ඇත.  මෙම ස්කන්ධ ආයෝජනවලට අමතරව දිගුකාලීනව ප‍්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍ය වර්ධනය සහතික කිරීම සඳහා මෙම සමාගම් විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත අවශ්‍ය උපදේශක සේවා වන මූල්‍ය සැලසුම් ^Financial Planning) තොරතුරු තාක්ෂණය, අලෙවි ක‍්‍රමෝපායයන් ආදිය ලබාදෙනු ඇත.  මෙම ක‍්‍රියාමාර්ගය දිරිගැන්වීම සඳහා අදාළ ව්‍යාපාර ප‍්‍රාග්ධන සමාගම් සඳහා වූ සාංගමික ආදායම් බදු වසර 5 ක කාලයක් සඳහා සියයට 50 කින් අඩුකිරීමට යෝජනා කරනවා.  මෙය 2016 අපේ‍්‍රල් 01 දින සිට ක‍්‍රියාත්මක කරනවා.

    125.      ක්ෂූද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහාය වන ඉන්කියුබේටරයන්  - ගරු කථානායකතුමනි, ඉන්කියුබේටර් ලෙස කටයුතු කරන සුළු කාර්මික උද්‍යාන (Mini Industrial Park)  මොණරාගල, පුත්තලම, යාපනය, වන්නි සහ අම්පාර වැනි ප‍්‍රදේශවල පිහිටුවීමට මා යෝජනා කරනවා. මෙම කාර්යයට සම්බන්ධ වන ලෙසට පෞද්ගලික අංශයද උනන්දු කිරීමට කැමතියි.   මෙම ආයෝජන තෝරාගත් ක්ෂේත‍්‍රයන්හි දිරිගැන්වීම සඳහා ලාභ උපයන වසරේ සිට වසර තුනක කාලයකට අදාල බදු අනුපාතය සියයට 50 කින් අඩුකිරීමට යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 150 ක් වෙන්කිරීමටත් මා යෝජනා කරනවා.

    126.    තවද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේදී විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙන බව මා දන්නවා.  අලෙවිකරණ සහ ප‍්‍රචාරණය සඳහා අරමුදල්වල පවතින හිඟය නිසා ඔවුන්ගේ නිෂ්පාදන සඳහා සුපිරි වෙළඳසැල් සහ සාප්පු තුළ ප‍්‍රමාණවත් ප‍්‍රසිද්ධියක් නොලැබෙනු ඇති. එමනිසා සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය රාක්ක ඉඩකඩ සාධාරණ මිලකට ලබා දෙමින් ඔවුන්ට අත හිත දීමට කටයුතු කරන ලෙස මා අවධාරණය කරනවා.

    කෘෂිකර්මාන්තය

    127.     ගරු කථානායකතුමනි, අපගේ ආර්ථිකයේ, සමාජ ව්‍යුහයේ සහ අපගේ ඉතිහාසයේ මූලික පදනම කෘෂිකර්මාන්තයයි. කෙසේ වුවත් සංඛ්‍යා මගින් නිරූපනය වන්නේ වෙනත් කථාවකි.  අපගේ කෘෂිකාර්මික ආනයනයන් ඇමෙරිකානු ඩොලර් මිලියන දහසක් පමණ වෙනවා. අතරමැදියාගේ සූරාකෑමටත්, කාලගුණයේ අහිතකර බලපෑම්වලටත්, තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගැනීමේ අරගලයටත් ගොවියා තවමත් ගොදුරුවී සිටිනවා. මෙමගින් අපගේ පාරිභෝගික ජනතාවට ද ගුණාත්මක භාවයෙන් අඩු කෘෂිකාර්මික නිෂ්පාදිතයන් සඳහා අධික මිලක් ගෙවීමට සිදුවී තියෙනවා. එබැවින් මෙම අහිතකර ප‍්‍රවණතාවය කඩිනමින් ආපසු හැරවීමේ අවශ්‍යතාවය අප හදුනාගෙන තිබෙනවා.  මේ සම්බන්ධයෙන් පුළුල් දෘෂ්ඨිකෝණයකින් බැලීම අත්‍යවශ්‍යයි.  මේ තත්ත්වය යටතේ නව කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අපගේ නව රජයට නායකත්වය දෙන අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වී තිබෙනවා.

        බෝග  විවිධාංගීකරණය  හා  ඵලදායිතාවය ඉහළ නැංවීම තුලින් 2018 වන විට අප රට බඩඉරි`ගු, සෝයා බෝංචි, වියලි මිරිස්, අර්තාපල් හා බී ලූණු වලින් ස්වයංපෝෂිත කිරීමටත්, යැපුම් කෘෂිකර්මාන්තයේ සිට කෘෂි ව්‍යාපාර දක්වා ඉහළ තලයකට නැංවීමටත් එමගින් 2020 වන විට අපනයන වෙළඳපලට ප‍්‍රවිශ්ඨ වීමටත් හැකිවන පරිදි අපගේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය සම්පාදනය කරනු ඇත.

    128.    තවද, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ අස්වැන්න ඉහළ නැංවීමේ ප‍්‍රශස්ත උපායමාර්ගය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශක්තිමත් සහයෝගිතාව මත රඳා පවතින බව අප හදුනාගෙන තිබෙන අතර එමගින් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සැපයුම්දාමය ශක්තිමත්ව කළමනාකරණය කළ හැකි බවද අපේක්ෂා කරනවා. මේ පිළිබඳව නායකත්වය ගැනීමට පෞද්ගලික අංශය දිරි ගන්වන්වනවා.  බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන සමාගම්වලට පහසුකම් සැලසෙන රාජ්‍ය මූල්‍ය පරිසරයක් ඇති කිරීම සඳහා ප‍්‍රයෝජනයට නොගත් හා ඌණ උපයෝජිත රජයේ ඉඩම් ඉල්ලා සිටින විට ලබා දීම වැනි විවිධ කි‍්‍රයාමාර්ග ගැනීමට මා යෝජනා කරනවා.

    129.    ගරු කථානායකතුමනි, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය සඳහා ආයෝජනය, විශේෂයෙන් ඵලදායිතා වර්ධනය සඳහා වන ආයෝජනය දැඩි අවශ්‍යතාවයකි. මේ සඳහා වඩා හොඳ ඵලදායිතාවයක් සහතික කිරීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු බීජ ලබාගත හැකි වීම ඉතා වැදගත් වනවා.  ඒ අනුව, ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මනා සහයෝගිතාව දිරිමත් කිරීමට ප‍්‍රයෝජනයට නොගත් සහ ඌණ උපයෝජිත රජයේ ඉඩම් දිරි ගැන්වීමක් වශයෙන් පෞද්ගලික අංශයට ලබා දෙනු ඇත.  මේ සඳහා රුපියල් මිලියන 1,000 ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    130.     උසස් ඵලදාවක් ලබාදෙන බීජ හඳුන්වා දීම සඳහා බිංදු ජල සම්පාදන ක‍්‍රම (Drip Irrigation System) භාවිතා කරන, හරිතාගාර තාක්ෂණය යොදා ගන්නා සහ වැඩි අස්වනු ලබාදෙන බීජ හඳුන්වා දෙන සමාගම් සඳහා අර්ධ බදු විරාම ලබාදෙනු ඇත.  මේ සමගම ඵලදායිතා වර්ධනය  සඳහා යාන්ත‍්‍රීකරණය කිරීමේ වැදගත්කම හඳුනාගනිමින් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවලට අදාල ආනයන බදු ඉවත් කිරීමට ද මා යෝජනා කරනවා.

    131.    ඒ අතරම සහභාගිත්ව හවුල් ක‍්‍රියාවලියක් තුළින් සැපයුම් දාමයේ බැඳීම් ශක්තිමත් කිරීම සඳහා කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන්ගේ දැනුම ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරියට අමතරව පෞද්ගලික අංශයේ ගොවිපලවල් සඳහා ද ගාස්තුවක් අයකර ලබාදීම සඳහා අවසර දීමට මා යෝජනා කරනවා.

    132.    ගරු කථානායකතුමනි,  ගබඩා කිරීම සහ අලෙවිකරණය අපගේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ඇති ප‍්‍රධාන ගැටලූ අතර වෙනවා. සියයට 30 සිට 40 දක්වා වන පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ ගබඩා ඇති කිරීමට මා යෝජනා කරනවා. කෘෂි අස්වනු නෙළන සමයේ මිල පහළ යාමෙන් වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ගොවීන්ගේ වී, බඩඉරිඟු, තල, ගම්මිරිස්, උඳු වැනි භෝගයන්හි අස්වනු ගබඩා කර  තැබීම සඳහා ගොවීන්ට උසස් තත්ත්වයේ ගබඩා පහසුකම් සපයනු ලබනවා.  මෙම ගබඩා පහසුකම් තුළ තම අස්වැන්න ගබඩා කිරීමේදී ගබඩාව විසින් නිකුත් කරනු ලබන ලදුපත  වාණිජ බැංකුවක් වෙත ඉදිරිපත් කිරීමෙන් තම ක්ෂණික මුදල් අවශ්‍යතාවය සඳහා ගබඩාකළ අස්වැන්නේ වටිනාකමින් සියයට 50 ක ණය මුදලක් ලෙස ලබා ගැනීමට ගොවීන්ට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත්, මිල ගණන් යහපත්වන අවස්ථාවේදී ගබඩාකර ඇති අස්වැන්න වෙළඳපලේ වඩාත් හොඳ මිලකට අලෙවි කිරීමට ගොවීන්ට හැකියාව ලැබෙනවා. මෙම ක‍්‍රමවේදය තුළ ගොවියා අතරමැදියාගේ සූරාකෑමට ලක් නොවන අතර අවාරයේදී තම අස්වැන්නට ඉහළ මිලක් ලැබීම ද තහවුරු වෙනවා. දැනටමත් රජය අනුරාධපුර හා මොණරාගල දිස්ත‍්‍රික්කවල මෙවැනි ගබඩා පහසුකම් ඉදිකර ඇති අතර මන්නාරම් දිස්ත‍්‍රික්කය තුළ ගබඩාවක් ඉදිකරමින් පවතිනවා. මෙම ක‍්‍රමය තුළින් ගොවි නිෂ්පාදන අවසාන පාරිභෝගිකයා වෙත යැවීමේදී වන අතරමැදි වියදම් අඩුවන බැවින් සාධාරණ මිලක් ගෙවීමෙන් පාරිභෝගිකයාටද ප‍්‍රතිලාභයක් ලැබෙනු ඇත.  ඒ අනුව පොලොන්නරුව, කිළිනොච්චිය හා රත්නපුර (ඇඹිලිපිටිය) දිස්ත‍්‍රික්කයන්හි තවත් මෙවැනි ගබඩා තුනක් ඉදිකිරීමට හා මන්නාරම් දිස්ත‍්‍රික්කයේ දැනට ඉදිවන ගබඩාවේ ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    133.    ගරු කථානායකතුමනි, ගොවියාගේ නිෂ්පාදන වියදම මෙන්ම පාරිභෝගිකයාට සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 50/- ක්, සම්බා කිලෝවක් සඳහා රුපියල් 41/- ක් සහ නාඩු සහ අනෙකුත් වී වර්ග සඳහා කිලෝවකට රුපියල් 38/- ක් වන පරිදි වී සඳහා සහතික මිලක් ලබා දීමට මා යෝජනා කරනවා. මෙමගින් පාරිභෝගිකයාට සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 65 කට පමණ ලබා ගැනීමට හැකි වෙනවා.

    134.    ගරු කථානායකතුමනි, රටෙහි සහල් නිෂ්පාදනය වර්ධනය වී තිබෙනවා.  එමනිසා අතිරික්ත සහල් මන්දපෝෂණයට පහසුවෙන් ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති සමෘද්ධිලාභීන්ට ලබාදීමට මා යෝජනා කරනවා. මෙම යෝජිත ක‍්‍රමය තුළින් ඔවුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නංවනු ඇති. මේ ස`දහා සහල් මෙටි‍්‍රක් ටොන් 44,000 ක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

    135.    සහල් අපනයනය කිරීම සඳහා දැන් කාලය එළඹී ඇති බවට මා විශ්වාස කරනවා.  එමනිසා අපනයන වෙළඳපල අරමුණු කරගත් සහල් නිෂ්පාදනය සඳහා ගොවීන්ට අනුබල ලබා දෙනවා. ශ‍්‍රී  ලංකා සහල් සඳහා සන්නාම ලබා ගැනීම වැඩපිළිවෙලක් සකස් කිරීමටත්  අපගේ සහල් සඳහා විදේශීය වෙළඳපල හඳුනා ගැනීමටත් අපනයන සංවර්ධන මණ්ඩලය දිරිමත් කරනවා.   

    136.     ගරු කථානායකතුමනි, පෙර පැවති රජයන් විසින් ගොවි ජනතාව වෙනුවෙන් ප‍්‍රතිලාභ රැසක් ලබා දී තිබෙනවා. මෙම ගරු සභාව විසින් පොහොර සහනාධාරය, ඉඩම්, තාක්ෂණික සහායන්, බීජ ඇතුළු නිමක් නැති සහනාධාර ගොන්නක් අනුමත කර තිබෙනවා.  එහෙත් අද කෘෂිකර්මාන්තයේ තත්ත්වය කුමක්ද? කෘෂිකර්ම ක්ෂේත‍්‍රයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබුන දායකත්වය ක‍්‍රමයෙන් අඩු වී 2014 දී එය සියයට 10 ක් පමණ වී ඇත.  හෙක්ටයාර් එකකට ලැබෙන අස්වැන්න ඉතා අඩු මට්ටමක පැවතීම නිසා අපට ජාත්‍යන්තරය සමඟ තරඟ කළ නොහැකියි.  ප‍්‍රධාන වී නිෂ්පාදන ප‍්‍රදේශවල සමාජ ප‍්‍රශ්ණයක් බවට පත්වී ඇති හේතු කාරකයක් නොදන්නා නිදන්ගත වකුගඩු රෝගය අධික පොහොර භාවිතය නිසා ඇති වූ බව තවදුරටත් විවාදයට තුඩු දී ඇත.  එසේම එය ජලය සහ පස අපවිත‍්‍ර වීමටද බලපා ඇති අතර එමගින් සෞඛ්‍ය ගැටලූ රැසක්ම මෙන්ම පරිසර උවදුරුවලට ද හේතුවී ඇත.  අද අප මුහුණපාන මෙම ගැටලූව අපගේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියේ අනාගතය තීරණය කිරීම සඳහා විශාල බලපෑමක් ඇති කරනවා. පොහොර භාවිතය සහ වී නිෂ්පාදනයේ ඵලදායීතාවය අතර සෘජු සහ සම්බන්ධතාවයක් නොමැති බව අධ්‍යයනවලින්ද සනාථ කර තිබෙනවා.  වී ගොවීන් සඳහා කෙතරම් සහායක් ලබා දුන්නද ඔවුන් අප රටේ තවමත් සමාජයේ සූරාකෑමට ලක්වූ කොටසක් වේ.  එසේම පාරිභෝගිකයින්ටද බලාපොරොත්තු වූ ප‍්‍රතිලාභ ලැබී නොමැත.  ගොවියාට හෝ පාරිභෝගිකයාට බලාපොරොත්තු වූ ප‍්‍රතිලාභ නොලැබේ නම්, ගොවියා හා පාරිභෝගිකයා යන දෙපාර්ශවයටම වඩාත් ප‍්‍රතිලාභ ලැබෙන සහායක් ලබාදිය හැකි පරිදි අපගේ කෘෂිකාර්මික උපායමාර්ගයන් ගැන නැවත සිතා බැලීමට මා පොළඹවනවා.  එබැවින් දැනට ලබාදෙන පොහොර සහනාධාරය සුළු පරිමාණ වී ගොවීන් සඳහා පමණක් ලබාදීමට මා යෝජනා කරනවා. ඒ අනුව, වී ගොවීන් සඳහා හෙක්ටයාර් එකක් දක්වා යල සහ මහ කන්න දෙකම ආවරණය වන පරිදි වර්ෂයකට රුපියල් 25,000 ක උපරිමයකට යටත්ව මුදල් ප‍්‍රදානයක් ලබාදෙනවා.  මෙමගින් ගොවීන්ට තම වගාවන් සඳහා අවශ්‍ය යෙදවුම් තීරණය කිරීමට වඩාත් නිදහසක් ලැබෙන අතරම එයින් ඵලදායිතාව ඉහළ නැංවෙන බව මාගේ විශ්වාසයයි.  මේ සඳහා රුපියල් මිලියන 37,500 ක් වෙන්කිරීමට මා යෝජනා කරන අතර, එය 2015 වසරේ වෙන්කළ රුපියල් මිලියන 35,000 ට වඩා වැඩිවීමකි.

    පලතුරු සහ එලවළු කර්මාන්තය


    13.    ගරු කථානායකතුමනි,  දේශීය හා විදේශීය වෙළඳපල අවස්ථා උකහා ගැනීමට හැකිවන පරිදි පලතුරු හා එලවළු කර්මාන්තය වාණිජමය වශයෙන් සංවර්ධනය වී නැහැ.

    138.    පලතුරු විජලනය හා ටින්කිරීමේ කර්මාන්තය තවමත් ආරම්භක අවධියේ මෙන්ම නොදියුණු මට්ටමේ පවතිනවා. මෙම කර්මාන්තයේ අභිවෘර්ධිය සඳහා එයට ඇතුළුවන ආයතන හා පුද්ගලයින් බැංකු මගින් ලබාගන්නා ණය සඳහා අයකෙරෙන පොලී ප‍්‍රමාණයෙන් සියයට 50 කට පොලී සහනයක් ලබා දීමට මා යෝජනා කරනවා.  මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආනයන බද්දෙන් කරන අතර නිදහස් කරන අතර ඉඩදිය හැකි ක්ෂය දීමනාවට අමතරව සුදුසුකම් ලැබීම් ලෙස අඩු කිරීමට ද ඉඩ දෙනු ලැබේ.

    139.    අතුරු වගාව, ඉහළ අස්වැන්නක් ලැබෙන රෝපණ ද්‍රව්‍ය හා බීජ භාවිතය, තාක්ෂණය යොදාගැනීම ආදිය තුළින් ඉඩම් භාවිතය ප‍්‍රශස්ත මට්ටමින් සිදු කිරීම සඳහා මා පෞද්ගලික  අංශය උනන්දු කරවනවා. අවභාවිතාවයක් සහිත හෝ භාවිතයට නොගත් රජයේ ඉඩම් එලවළු හා පලතුරු ගොවීන්ගේ ඉල්ලීම මත කල්බදු ක‍්‍රමය යටතේ ලබාදෙනු ඇත.  

    140.    නුවරඑලිය, දඹුල්ල, ඇඹිලිපිටිය, කැප්පෙටිපොල සහ තඹුත්තේගම පිහිටි ආර්ථික මධ්‍යස්ථානයන්ට ආසන්නයෙන් එලවළු හා පලතුරු ගබඩා කිරීම සඳහා පෞද්ගලික අංශය මගින් කළමනාකරණය කරනු ලබන ශීතාගාර 5 ක් පිහිටුවීමට මා යෝජනා කරනවා. එමගින් වෙළඳපල මිල ස්ථායීකරණය ඇති කිරීමට මෙන්ම පසු අස්වනු හානිය අවම කිරීමටත් අපේක්ෂා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    කිරි කර්මාන්තය

    141.    ගරු කථානායකතුමනි, දේශීය කිරි නිෂ්පාදනයේ වෙළඳපල ප‍්‍රතිශතය ඉතා සීමිතයි. දේශීය කිරි නිෂ්පාදනය දිරි ගැන්වීමට හා ආනයන සීමාකිරීම සඳහා පසුගිය රජය විසින් දරන ලද උත්සාහයන් අප අගය කරනවා. රජයේ ප‍්‍රතිපත්තිය වන්නේද දේශීය කිරි නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා ඔවුන් දිරිමත් කිරීමයි. ඒ අනුව, දේශීයව නිෂ්පාදනය කරනු ලබන ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 325 සිට රුපියල් 295 දක්වා අඩුකිරීමට මා යෝජනා කරනවා.  එසේ විකුණනු ලබන ග‍්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් සඳහා රජය විසින් රුපියල් 30 ක සහනාධාරයක් දේශීය කිරි නිෂ්පාදකයින් සඳහා ලබාදීමටත් ඒ සඳහා මිලියන 1,000 ක් වෙන්කිරීමටත් මා යෝජනා කරනවා. මේ තුළින් දේශීය නිෂ්පාදකයාට උපකාර කරන අතර ජීවන වියදම් අඩු කර ගැනීමට ද හැකි වෙනවා.

    142.    දේශීය කිරි නිෂ්පාදන අංශයෙන් රටෙහි ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉතා සීමිත වුවත්, එම කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම සඳහා විශාල හැකියාවක් තියෙනවා.  එබැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය යටතේ (Public Prviate Partnership)  වාණිජ මට්ටමින් දේශීය කිරි නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා අවම ආයෝජනය රුපියල් මිලියන 25 කට යටත්ව මෙම ක්ෂේත‍්‍රයේ කරන ආයෝජනයන් සඳහා භාවිතයට නොගත් හා ඌණ උපයෝජිත රජයේ ඉඩම් ලබා දෙනු ලබනවා. එසේම, රාජ්‍ය හා පෞද්ගලික සහභාගිත්වයෙන් බාහිර ගොවීන් ලවා ඉහළ ඵලදාවකින් යුතු තෘණ වගා කළ හැකි වැඩසටහනකට එළඹිම සඳහා ප‍්‍රයෝජනයට නොගත් හා ඌණ උපයෝජිත රජයේ ඉඩම් ලබා දීමට ද මා යෝජනා කරනවා.  කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා එකවර ක්ෂය කිරීමේ හැකියාව ලබා දීමටත් ආනයන බදු අඩු කිරීමටත් මා යෝජනා කරනවා.

    143.    රට තුළ දියර කිරි භාවිතය තවමත් ප‍්‍රශස්ථ මට්ටමකට පැමිණ නොමැති බැවින් දියර කිරි භාවිතය පිළිබඳ විශාල ප‍්‍රවර්ධන වැඩසටහනක් උඩරට, නව ගම්මාන, වතු යටිතල පහසුකම් සහ ප‍්‍රජාසංවර්ධන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා.

         ධීවර

    144.    ගරු කථානායකතුමනි, අප රට දිවයිනක් වූවත් අප තවමත් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පමණ මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කරන බව ප‍්‍රකාශ කරන්නේ කණගාටුවෙනි.  සෘතුමය බලපෑම් හේතුවෙන් මත්ස්‍ය වෙළඳපල මිල වෙනස්වීම්, ගබඩා පහසුකම් හිඟවීම නියාමන රාමුවේ වෙනස්වීම්, තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා නව වෙළඳපොළවල් සහ මූල්‍ය ප‍්‍රභවයන්වලට ඇති සීමිත ඉඩකඩ හේතුවෙන් දේශීය මත්ස්‍ය නිෂ්පාදකයින් තවමත් අවදානම් සහගත තත්ත්වයක සිටිනවා.

    145.    ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන්ගේ සමාජ සුරක්ෂිතතාව ක‍්‍රියාත්මක කිරීමේ රජයේ වගකීම හඳුනාගනිමින් ඔවුන්ට මුහුදේ දී සිදුවන අනතුරු සඳහා රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් අප විසින් හඳුන්වා දෙනු ලබනවා. මෙම රක්ෂණ ක‍්‍රමයෙන් ධීවරයන් සොයා ගැනීම හා මුදවා ගැනීම යන වියදම් ද ආවරණය වෙනවා.

    146.    ගරු කථානායකතුමනි, පසුගිය වසර පහක සාමාන්‍යයට අනුව වාර්ෂිකව රුපියල් මිලියන 5,000 කට ආසන්න වටිනාකමින් යුතු ටින්මාළු මෙරටට ආනයනය කරනු ලබනවා.  ටින් මාළු කර්මාන්තයේ වර්ධනය සඳහා ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින්, මාළු ටින් කිරීම සඳහා යොමු වීමට පෞද්ගලික අංශය දිරිමත් කරනවා.  මෙම කර්මාන්තයේ යෙදෙන්නන් දිරි ගැන්වීම සඳහා ලක් සතොස සමාගම හරහා නිෂ්පාදන නැවත මිලදී ගැනීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට මා යෝජනා කරන අතර ඒවා රුපියල් 125 ක් වන සහනදායී මිලකට අලෙවි කිරීමට අපේක්ෂා කරනවා. මෙය ජීවන වියදම අඩු වීමට  උපකාරී වනු  ඇති. මේ ස`දහා ලක් සතොස වෙත රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    147.    තවද, දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා මත්ස්‍ය හා මත්ස්‍ය ආශ‍්‍රිත නිෂ්පාදන ආනයන සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් දක්වා වැඩිකිරීමට යෝජනා කරනවා.

    148.    දේශීය ධිවර කර්මාන්තයට පහසුකම් සැලසීම සඳහා දේශීය ධීවර වරායන් ශීතාගාරද සහිතව නවීන තාක්ෂණයෙන් සමන්විත වරායන් බවට වැඩිදියුණු කිරීමට මා යෝජනා කරනවා. ඒ අනුව, හලාවත, මිරිස්ස, කල්මුනේ, වැල්වැටිතුරේ, කරෙයිනගර් සහ පුරාණවැල්ල ධීවර වරායන් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 750 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.  මෙම වරායන් බෝට්ටු නිෂ්පාදනය සහ අලූත්වැඩියා සඳහාද පහසුකම් සපයනු ඇති.

    149.    කෘෂි සහ මත්ස්‍ය නිෂ්පාදන කරනු ලබන ස්ථානයන්ට ආසන්නව ඒ හා බැඳුනු සැකසුම් කර්මාන්ත පහසුකම් ඇති කිරීමට මා යෝජනා කරනවා.  මෙම පහසුකම් පොදුවේ භාවිතාකිරීමෙන් පිරිවැය අවම කරගත හැකිවේ.  ඒ අනුව අනුරාධපුරය, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කයන්හි කෘෂි හා පශු සම්පත් සහ මත්ස්‍ය සැකසුම් කලාපයන් පිහිටුවීමට මම යෝජනා කරනවා.  ඒ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.  

    150.    ගරු කථානායකතුමනි, මිරිදිය මත්ස්‍ය වගාව ආහාරමය පෝෂණය ලබාදෙන අතරම ආදායම් මූලාශ‍්‍රයක්ද වෙනවා.  මෙම ක්ෂේත‍්‍රය මුළුමනින්ම ප‍්‍රයෝජනයට ගෙන නැත.  එබැවින් මත්ස්‍ය අභිජනන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ජාතික ජලජීවී අධිකාරියට (NAQDA)  රුපියල් මිලියන 100 ක් වෙන් කරනු ලබනවා.

    151.    හැකියාවන් සහිත උනන්දුවක් දක්වන පෞද්ගලික අංශයේ ආයෝජකයන් සඳහා පරිසරයට හානියක් නොවන අයුරින් මත්ස්‍ය ව්‍යාපාර කරගෙන යාමට සුදුසු පරිසරයක් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් සහිත ජලජීවී වගා කලාපයක් (Aquareculture Park) මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ පිහිටුවීමට මා යෝජනා කරනවා.  මෙම කලාපය වාණිජ පදනමින් ජලජීවී වගා ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂිත ආයතන සඳහා ආයෝජන හිතකාමී පසුබිමක් සපයනු ලබනවා.  මෙම ජලජීවී වගා කලාපය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගිත්ව හවුල් ව්‍යාපාරයක් (PPP)  ලෙස සංවර්ධනය කරනු ලබනවා.  ඒ සඳහා රුපියල් මිලියන 100 ක් මූලික කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට මා යෝජනා කරනවා.  

    152.    මෑත කාලයේදී අර්බුද රැසකට මුහුණ දී සිටින ඉස්සන් කර්මාන්තය නිසි අවධානයකට ලක් නොවී පවතිනවා. කෙසේ වුවද, මෙම ක්ෂේත‍්‍රයේ වර්ධනය සඳහා ඇති ඉඩකඩ සැලකිල්ලට ගෙන ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගිත්වයෙන් ක‍්‍රියාත්මක කිරීමට යෝජිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ණය ක‍්‍රමය යටතේ, ඉස්සන් කර්මාන්තයේ යෙදී සිටින වගා කරන්නන්, අභිජනන ක‍්‍රියාකරුවන් සහ සැකසුම් කරුවන්ගේ ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ලබාදීමට මා යෝජනා කරනවා.  එසේම ඉස්සන් කර්මාන්තයේ යෙදී සිටින්නන් සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ඇප අරමුදල යටතේ ඇප ලබාදීමට ද මා යෝජනා කරනවා.

    153.    යුරෝපා වෙළඳපලට මත්ස්‍ය අපනයනය සඳහා වන තහනම අපගේ ධීවරයන්ට අවාසි සහගත ලෙස බලපා තිබෙනවා.  වඩාත් සංවේදී රජයක් ලෙස ඇතැම් ධීවරයින් මුහුණපාන අපහසුතා අප හොඳින් දන්නවා.  ඒ අනුව යුරෝපීය වෙළඳපලට මත්ස්‍ය අපනයනය සඳහා පවතින තහනම ඉවත්කර නැවත එම වෙළඳපලට පිවිසීමට ඉඩකඩ සලසා ගැනීම සඳහා රජය නිරන්තරව සාකච්ඡා කරමින් සිටිනවා.  ජාත්‍යන්තර නියමයන්ට අනුකූල වීම සඳහා ධීවරයාත‍්‍රාවලට සම්පේ‍්‍රෂණ උපකරණ (Transponders) සවිකිරීමට රජය විසින් දැනටමත් කටයුතු කර තිබෙනවා.

    154.    ධීවර අංශයෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන අතර ඒ යටතේ එක් බලපත‍්‍රලාභියකු අවම වශයෙන් ධීවරයින් 100 දෙනෙකු එම කාර්යයන් සඳහා සහභාගිකරවා ගත යුතුවේ.

          
             කුකුළු පාලනය

    155.    ගරු කථානායකතුමනි, දේශීය කුකුළුමස් නිෂ්පාදනවල තත්ත්වය හා ඵලදායීතාවය වර්ධනය කිරීම සඳහා එම නිෂ්පාදනයන් සඳහා තවදුරටත් අවශ්‍ය ආයෝජන පුළුල් කිරීම උනන්දු කරවීමට මම කැමතියි.  ශ‍්‍රී ලංකාව කලාපය තුළ කුරුළු උණ රෝගයෙන් නිදහස් රටක් ලෙස ඇති වාසිය විශේෂයෙන්ම මැද පෙරදිග ඇතුළු විදේශ වෙළඳපලවල් වෙත පිවිසීම සඳහා යොදා ගැනීමටත් උනන්දු කරනවා. රජය විසින් මේ පිලිබඳව උපරිම සහයෝගය ලබාදෙනු ඇති.     
                 
             වැවිලි ආර්ථිකය

    156.    ගරු කථානායකතුමනි, 1992 වර්ෂයේදී පිහිටුවූ ප‍්‍රාදේශීය වැවිලි සමාගම් සඳහා අදාල වූ  කාලය මේ වන විටත් සම්පූර්ණ වී ඇත.  එබැවින් සියලුම ප‍්‍රාදේශීය වැවිලි සමාගම් කොළඹ කොටස් වෙළඳපොලේ ලේඛණගත සමාගම් බවට පත්කළ හැකි පරිදි ඒවා කළමනාකරණය කළ හැකි කුඩා ඒකක ලෙස ප‍්‍රතිසංවිධානය කිරීම තුලින් පුනර්ජීවනය කිරීමේ කාලය දැන් පැමිණ තිබෙනවා. ඒවගේම ප‍්‍රාදේශීය වැවිලි සමාගම්වල ඉඩම් විවිධ බෝග වගාකිරීම සඳහා භාවිතා කිරීම සීමා කිරීම ලිහිල් කිරීමටත් මා යෝජනා කරනවා.  කෙසේ වෙතත්, නැවත වගා කිරීම හා නවීකරණය සඳහා වූ දිගුකාලීන ආයෝජන සිදුකිරීමට කැපවූ ප‍්‍රාදේශීය වැවිලි සමාගම්වල කල් බදු කාලය, කළමනාකරණ ගාස්තුව නැවත සලකා බැලීමට යටත්ව අවුරුදු 50 දක්වා දීර්ඝ කිරීමට මා යෝජනා කරනවා.

    157.    තේ කර්මාන්තය - ගරු කථානායකතුමනි, තේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන අපනයන භෝගය ලෙස තවදුරටත් පවතින නමුත් එහි අගය එකතු කිරීම (Value Addition) අපේක්ෂිත මට්ටමට ලඟා වී නැත. මෙම කර්මාන්තය දැනට ජාත්‍යන්තර වෙළඳපොලේ දැඩි මිල අඩුවීමකට මුහුණ දී තිබෙනවා. මෙය කුඩා සහ මධ්‍ය පරිමාණයේ තේ වගාකරුවන් කෙරෙහි බලපෑමක් ඇති කර තිබෙනවා. එමනිසා මෙම ගැටළු විසඳීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයෙන් සමන්විත ක‍්‍රියාකාරී කමිටුවක් පත්කිරීමට මා යෝජනා කරනවා.

    158.    තේ මිශ‍්‍ර කිරීම - ශ‍්‍රී ලංකාව ලෝකයේ ප‍්‍රධාන තේ නිෂ්පාදකයකු හැටියට අගය එකතු කිරීම අතින් ඩුබායි වැනි රටවලට වඩා පසුපසින් සිටිනවා.  පසුගිය මාස කීපය තුළ තේ කර්මාන්තය විසින් ශ‍්‍රී ලංකාවට තේ ආනයනය කිරීම ලිහිල් කරන ලෙස ප‍්‍රබල ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.  එමනිසා ශ‍්‍රී ලංකාව තේ කේන්ද්‍රස්ථානයක් ලෙස තේ මිශ‍්‍ර කිරීම වැනි කටයුතු තුළින් අගය එකතු කිරීම වැඩිකර ගැනීමට උනන්දු කිරීමේ අරමුනින් ශ‍්‍රී ලංකාවට තේ ආනයනය කිරීම, පවතින නෛතික රාමුව තුළ ලිහිල් කිරීමට යෝජනා කරනවා. මෙහිදී සඳහන් කිරීමට කැමතියි එමගින් Ceylon Tea  යන සන්නාමය නොවෙනස්ව පැවතීම සඳහා ලේබල් කිරීමේ අවශ්‍යතාවය අනිවාර්ය කරන බව.

    159.    රබර් කර්මාන්තය - ගරු කථානායකතුමනි, රබර් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ශක්‍යතා අධ්‍යනය සඳහා වැවිලි කර්මාන්ත අංශයේ විවිධ පාර්ශවකරුවන් සමඟ එක්වී ප‍්‍රධාන සැලස්මක් (Master Plan)  පිළියෙළ කළ යුතුව ඇත.  මෙම අරමුණ සඳහා රජය විසින් තාක්ෂණික ආධාර ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මෙම සැලැස්ම මගින් මෙම ක්ෂේත‍්‍රය මුහුණ දෙන විවිධාකාර ගැටලු සඳහා පිළියම් සපයන අතර ඉදිරි ක‍්‍රියාමාර්ග පිලිබඳවද මගපෙන්වීමක් කරයි.  මෙම සැලසුම ක‍්‍රියාත්මක කිරීමට උපකාර කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එසේම ආනයන කරනවාට වඩා දේශීය රබර් භාවිතා කරන ලෙස මා කර්මාන්තකරුවන්ගෙන් උදක්ම ඉල්ලා සිටිනවා.

    160.    පොල් කර්මාන්තය -  පොල් කර්මාන්තය ද මේ වන විට අගය එකතු කිරීමේ ගැටළුවට මුහුණ දී තිබෙනවා. මෙයට හේතුවී ඇත්තේ පොල් නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ගෙදර දොර ආහාර පිළියෙල කිරීම සඳහා භාවිතයට ගැනීමයි.  පොල් කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම පරිදි අදාල රාජ්‍ය ආයතන මගින් හඳුනා ගෙන පාලනය කරන අංශ තුළ කරනු ලබන අගය එකතු කිරීම සඳහා පොල් ආනයනය කිරීමට යෝජනා කරන අතර මෙම නිෂ්පාදන පසුව අපනයනය  කරනු ලැබේ.  මෙසේ යෝජනා කරනු ලබන පොල් ආනයනය කිරීම සඳහා ඉඩදෙනු ලබන්නේ දැඩි නිරෝධායන (Quarantine)  අවශ්‍යතාවයන්ට යටත්වය. එසේම පොල් ප‍්‍රවර්ධන කටයුතු ඇතුලූව පොල් නිෂ්පාදන පුනරුත්ථාපන වැඩපිලිවෙල සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

    161.    තේ සහ රබර් කර්මාන්ත උනන්දු කරවීම සඳහා තේ සහ රබර් වගා කිරීමෙහි නියුතු සමාගම්වලට වසර දෙකක බදු නිදහස් කිරීමක් ලබාදීමට මා යෝජනා කරනවා.

    162.    තේ, රබර් සහ පොල් කර්මාන්ත දියුණු කිරීම සඳහා ඉතා පුළුල් ලෙස පර්යේෂණ සිදු කිරීමට අත්‍යවශ්‍ය වන අතර එම සොයාගැනීම් සහ ශිල්පක‍්‍රම ඵලදායී ලෙස යොදාගත යුතු වෙනවා. එමනිසා තේ පර්යේෂණායතනය, රබර් පර්යේෂණායතනය සහ පොල් පර්යේෂණායතනය ශක්තිමත් කිරීමටත් එමගින් එම ආයතන විසින් ඵලදායීතාවය වැඩිකිරීම, භෝග විවිධාංගීකරණය ආදිය සඳහා පර්යේෂණවල නිරතවීම උනන්දු කෙරේ.  මෙම අරමුණ සඳහා රුපියල් මිලියන 200 ක් වසර 2 ක කාලයක් තුළ වෙන්කිරීමට මා යෝජනා කරනවා.
        
    163.    අනෙකුත් වගාවන් - රජයේ ආධාර නොලැබීම හේතුකොට ගෙන පුවක් නිෂ්පාදනය පසුගිය දශකය පුරා නොසලකා හැර තිබුනි.  එබැවින් කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව සලකා බලා වාණිජ වශයෙන් පුවක් වගා කිරීම උනන්දු කරන අතර පුවක් එකතුකිරීමේ කලාප පිහිටුවීමට ද මා යෝජනා කරනවා.

    164.      රජයේ ආධාර නොලැබීම හේතුකොටගෙන පුවක් නිෂ්පාදනය පසුගිය දශකය පුරා නොසලකා හැර තිබුණි. එබැවින් එම කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව සලකා බලා වාණිජ වශයෙන් පුවක් වගා කිරීම උනන්දු කරන අතර අපනයන අරමුණු කරගෙන පුවක්, අගය එකතු කිරීමේ කලාප පිහිටුවීමට මා යෝජනා කරනවා.
     
      කුළු බඩු සහ ආශ‍්‍රිත නිෂ්පාදන

    165.     ශ‍්‍රී ලංකාවේ කුළු බඩු වෙලඳාමේ ඉතිහාසය 7 වන ශත වර්ෂය දක්වා දිවෙනවා.  කෙසේ නමුත් ශ‍්‍රී ලංකාවේ කුළු බඩු වෙළඳාම අපේක්ෂිත මට්ටමට ලඟා වී නොමැති අතර එමගින් රටට වටිනා විදේශ විනිමය ඉපයීම් ලැබීමට ඇති අවස්ථා අහිමි වී තිබෙනවා.

    166.    කුළුබඩු කර්මාන්තය මුහුණ දෙන මෙම ප‍්‍රශ්ණයට විසඳුමක් ලෙස රජය විසින් කුළුබඩු කවුන්සිලය සමඟ සම්බන්ධව ශ‍්‍රී ලංකාවේ කුළුබඩු ගෝලීය වශයෙන් වෙළඳ සන්නාම ගත කිරීමේ වැඩපිලිවෙලක් දියත් කරනු ඇත.  ඒ සඳහා රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.  නිෂ්පාදන වැඩිකිරීමේ අරමුණින් සහ වැඩිපුර අපනයන ආදායම් උත්පාදනය කිරීම සඳහා රජය සතු භාවිතයට නොගත් සශ‍්‍රීක ඉඩම් ඒ සඳහා යොදා ගැනීමට පහසුකම් සැලසීමට පෞද්ගලික අංශයට කුරුඳු, ගම්මිරිස්, කරඳමුංගු, සාදික්කා ආදිය වගා කිරීම සඳහා කල්බදු පදනමින් ඉඩම් ලබාදීමට යෝජනා කරනවා.  විශේෂයෙන්ම ගම්මිරිස්, කරදමුංගු වැනි කුළුබඩු වගාකිරීම කොන්ත‍්‍රාත් ක‍්‍රමයට සිදු කිරීම සඳහා ප‍්‍රාදේශීය වැවිලි සමාගම් උනන්දු කෙරේ. මේ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුරුඳු පර්යේෂණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 50 ක් වෙන්කිරීමට ද මා යෝජනා කරනවා.

    167.    නියම කුරුඳු සැපයීම සම්බන්ධව ශ‍්‍රී ලංකාවට ලෝක වෙළඳපොලේ කුරුඳුසැපයුමෙන් සියයට 85 ප‍්‍රමාණයකට වඩා ඒකාධිකාරයක් තිබෙනවා. කුරුඳු වගාවේ වටිනාකම් ක‍්‍රියාදාමය (Value Chain)  විවිධ ආයතන යටතේ ඇති අතර එමගින් මෙම කර්මාන්තයේ වර්ධනය සීමා වී තිබෙනවා.  එබැවින් පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව වටිනාකම් දාමයේ සියලූ කටයුතු එක ආයතනයක් යටතට ගෙන ඒමට කුරුඳු සංවර්ධන අධිකාරියක් ඇති කිරීමට මා යෝජනා කරනවා.  ඒසඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.   

    168.    තවද කුරුඳු කර්මාන්තයේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් කුරුඳු පුහුණු පාසැල ව්‍යාප්ත කරනු ඇත.  මේ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

    169.    කුරුඳු කර්මාන්තයේ අගය එකතුකිරීම ඉතා පහළ මට්ටමක පවතින තත්ත්වයක් යටතේ   ජාතික විද්‍යා පදනම මගින් කුරුඳු කර්මාන්තය හා ඒ ආශ‍්‍රිත කටයුතු සම්බන්ධයෙන් කරන පර්යේෂණ වෙනුවෙන් එම ආයතනයට ද රුපියල් මිලියන 50 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.  

    170.    කුළුබඩු අපනයනය ධෛර්යමත් කිරීම සඳහා ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා මත පනවා ඇති සෙස් බදු ඉවත් කරනවා.

     ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම

    171.    ගරු කථානායකතුමනි, අපගේ ආර්ථික ප‍්‍රතිපත්තියේ එක් මුල්ගලක් වන්නේ ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමයි.  මේ සම්බන්ධයෙන් 14,022 ක් වන ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ සම්පූර්ණ ග‍්‍රාමීය ආර්ථික මධ්‍යස්ථාන වශයෙන් ක‍්‍රියාකරන පොකුරු ගම්මාන 2,500 ක් ලෙසට සංවර්ධනය කරනු ඇත.  මේ අනුව, ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අදහසින් මෙම ගම්මානවල පොදු පහසුකම් සංවර්ධනය සහ  ජීවනෝපාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරනු ඇත.  ගොවීන්ට ද සාමාජිකයන් විය හැකි විශාල පරිමාණයේ කෘෂිකාර්මික ව්‍යවසායයන් ග‍්‍රාමීය ආර්ථික සංවර්ධන සැලසුම් යටතේ පිහිටුවනු ඇත.  මෙම ග‍්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ වැඩ සටහන සඳහා එක් ගමකට රුපියල් මිලියන 1.5  බැගින් වෙන්කිරීමටත් යෝජනා කරනවා.  මේ සඳහා වැය වෙන මුළු මුදල රුපියල් මිලියන 21,000 ක් වනවා.

    172.    එසේම වවුනියාවේ නව ආර්ථික කලාපයක් ඇති කිරීමටත් යෝජනා කරනවා.  ඒ සඳහා රුපියල් මිලියන 200 ක් ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයට වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    173.    ගරු කථානායකතුමනි, ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය දැනටත් ජීවනෝපායක් ලෙස අප ආර්ථිකයේ ප‍්‍රබල ස්ථානයක පවතී.  එහි වාරිමාර්ග අවශ්‍යතා සපයා ගනුයේ හදිසි අවධානයකට යොමු විය යුතු කුඩා වැව් සහ ඇළවල් මගිනි.  එමනිසා ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය වෙත සහාය වනු පිණිස කුඩා වැව් සහ ඇළවල් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.

    ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන

    174.    ගරු කථානායකතුමනි, පරිසරය විසින් සියළුම ජීවීන් කෙරෙහි කරනු ලබන බලපෑම සැලකිල්ලට ගෙන වසර 3 ක ජාතික පාරිසරික සංරක්ෂණ වැඩ සටහනක් අතිගරු ජනාධිපතිතුමා විසින් ආරම්භ කර තිබෙනවා. වන සම්පත සංවර්ධනය කිරීම සහ සංරක්ෂණය කිරීම, පරිසර දූෂණය පාලනය කිරීම, පාරිසරික සමතුලිතබව ආරක්ෂා කිරීම තිරසාර ඉඩම් කළමනාකරණය, ජීව සම්පත් සංරක්ෂණය ආදිය මම වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මෙම කටයුතු සඳහා සහ ළමා ආරක්ෂණය මත් උවදුර දුරුකිරීම හා කෘෂිකර්මය හා සම්බන්ධ අමතර වැඩසටහන් සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    175.    ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාව සතුව පැළෑටි සහ සත්ව විශේෂ සිය ගණනක් තිබෙන අතර එය ප‍්‍රමාණයෙන් ශ‍්‍රී ලංකාව හා සමාන බොහෝ රටවල් සමඟ සසඳා බලන කල වෙනත් රටවලට නොමැති වාසි සහගත තත්ත්වයකි.  කෙසේ වෙතත් මිනිස් ක‍්‍රියාකාරකම් හා දුර්වල කළමනාකරණ ක‍්‍රම මෙම ජීවීන්ට සහ ස්වභාවික පරිසරයට තර්ජනයක් වී තිබෙනවා. එමනිසා වනජීවීන් ආරක්ෂා කිරීමට සහ අලි - මිනිස් ගැටුමට ඉලක්කගත විසඳුමක් ලබාදීම සඳහා වසර 3 ක් තුළ ප‍්‍රයෝජනය ගැනීම රුපියල් මිලියන 4,000 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.

     විසිතුරු මත්ස්‍ය කර්මාන්තය

    176.    ගරු කථානායකතුමනි, විටෙක ශක්තිමත් කර්මාන්තයක් වූ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තුළ  වර්තමානයේදී එම තත්ත්වය පවතින්නේ නැත. මා පෞද්ගලික අංශයට විශේෂයෙන් මෙරට තරුණයන්ට මෙම කර්මාන්තයේ නියැලීමට උනන්දු කරවනවා. එසේම මෙය අපනයන කර්මාන්තයක් බවට පත් කිරීමට මෙම කර්මාන්තයේ ව්‍යාපාර ආරම්භ කරන අයට සහනදායී පදනමින් ණය පහසුකම් ලබාදීමටද යෝජනා කරනවා.

    මැණික් සහ ස්වර්ණාභරණ

    177.    ශ‍්‍රී ලාංකික මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සතුව අවුරුදු 2500 කට වඩා දිගු ඉතිහාසයක් තිබුනද මෙම කර්මාන්තය සතුව ඇති හැකියාවන් සම්පූර්ණයෙන් උපයෝජනය කර නැහැ.  මේ පසුබිම යටතේ, කර්මාන්තය නගා සිටුවීම සඳහා මැණික් සහ ස්වර්ණාභරණ පුහුණු ආයතනය විසින් පුහුණු කරන්නන් සහ පුහුණුවන්නන් සඳහා ඇති පුහුණු පාඨමාලා වර්තමාන ඉල්ලූමට සරිලන පරිදි උසස් කිරීමට යෝජනා කරනවා.  මැණික් සහ ස්වර්ණාභරණ සම්බන්ධ කටයුතුවලට අදාළ පුහුණු කරන්නන් සඳහා ජාත්‍යන්තර අවස්ථා නිරාවරණය කරන අතරම මෙම පාඨමාලා හදාරණ ශිෂ්‍යයන්ට පාඨමාලාව සාර්ථකව හදාරන ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරනවා.

    178ග    ගරු කථානායකතුමනි, සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය ප‍්‍රවර්ධනය සඳහාත් මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති වෙන්දේසි සෑම වසරකම, අපේ‍්‍රල් මස සහ ඔක්තෝබර් මස පැවැත්වීමට මා යෝජනා කරනවා.  එසේම පෞද්ගලික අංශය විසින් මැණික් වෙළඳ මධ්‍යස්ථානයක් රත්නපුර නගරයේ පිහිටුවීමටත්, තීරුබදු රහිත මැණික් හා ස්වර්ණාභරණ සාප්පු ගුවන්තොටුපලේ පිහිටුවිමටත්, එතුළින් සංචාරකයන් ඉහළ යාම තුළින් ලැබෙන ප‍්‍රතිලාභ වැඩිකර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.

    179.    එසේම මෙම ක්ෂේත‍්‍රයට අදාළ ජාත්‍යන්තර මට්ටමේ සිටින දේශීය ශිල්පීන් සුරැකීම සඳහා ආනයනය කරනු ලබන ස්වර්ණාභරණ සඳහා සියයට 10 ක සෙස් බද්දක් පනවනවා.  

    180.    මෙම සියලූ සහායන් සහ උනන්දු කිරීම්වලින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ අපනයන ඉපයීම් වර්ෂ 2018 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් දක්වා ලඟාවනු ඇතැයි බලාපෙරොත්තු වෙනවා.

       රන් කර්මාන්තය

    181.    ගරු කථානායකතුමනි, රත‍්‍රන් මිළ ඉතා අඩුවී ඇති තත්ත්වයක් තුළ රන් කර්මාන්තය වෙත කඩිනම් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. එමනිසා රත‍්‍රන් මත බදු පැනවීම සුදුසු නැහැ.  ඒ අනුව ආනයන බදු අයකිරීමකින් තොරව රත‍්‍රන් ආනයනය සඳහා බලපත‍්‍ර 50 ක් නිකුත් කිරීමේ  ක‍්‍රමයක් සකස් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට යෝජනා කරනවා. මෙම බලපත‍්‍රලාභීන් විසින් රන්කරුවන් වෙත ආනයනික රත‍්‍රන් විකුණනු ඇත.  මෙවැනි බලපත‍්‍රයන් නොමැති කිසිදු අයෙකුට රත‍්‍රන් වෙළඳාමේ යෙදීමට අවසර දෙනු නොලැබේ.  

      ප‍්‍රාථමික කර්මාන්ත

    182.    ගරු කථානායකතුමනි, ප‍්‍රාථමික කර්මාන්ත නොයෙක් ගැටළු නිසා ඇතිවන මිල උච්ඡාවචනයන්ට ලක්වෙනවා. එමනිසා ප‍්‍රාථමික කර්මාන්ත මුහුණ දෙන අභියෝග සඳහා උපාය මාර්ග හඳුනාගැනීමට කර්මාන්තයේ සිටින විශේෂඥයින්ගෙන් සමන්විත ප‍්‍රාථමික කර්මාන්ත කවුන්සිලයක් (Primary Industry Council)  පිහිටුවීමට යෝජනා කරනවා.   

    183ග      ගරු අගමැතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි විශේෂිත කෘෂිකාර්මික හා ධීවර අපනයන කලාප රටතුළ පිහිටුවනු ඇත.  ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය වෙත මෙම යෝජිත කෘෂිකාර්මික හා ධීවර අපනයන කලාප පිහිටුවීම සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කරනවා.

      ආර්ථිකය ඩිජිටල්කරණය

    184.    ගරු කථානායකතුමනි,  ඩිජිටල්කරණය අද දියුණු රටවල ප‍්‍රචලිතව ඇති අතර දත්ත එකතු කිරීම හා දත්ත විශ්ලේෂණය, රටක ආදායම් දියුණු කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථා සහ අගය එකතු කිරීමේ ඉඩ ප‍්‍රස්ථා සලසනවා. මෙවැනි ක‍්‍රමවේදයන් තුළින් ශ‍්‍රී ලංකාවේ තාක්ෂණ තලය ඉහළ මට්ටමකට ළඟා වන අතර ලොව බොහෝ දියුණු රටවල් හා සැසඳිය හැකි ස්ථාවරයකට අනුගත විය හැකියි. මෙවැනි ඉහළ ශ්‍රේණිගතවීමක් රටක පරිපාලන ක්ෂේත‍්‍රය පුරා විකාශයවන අතර ඒ තුළින් පද්ධති හා පාලන ක‍්‍රමවේදද උසස් මට්ටමකට ළඟ වෙනවා. සරලව සඳහන් කළෙහොත් ආර්ථික සංවර්ධනය සඳහා අන්තර්ජාල සම්බන්ධතා ධනාත්මක බලපෑමක් ඇති කරනවා.

    ජාතික ඩිජිටල් අයඳුම්පතේ ඇති විශේෂිත අංකය සියලුම දත්ත පද්ධතිවල එනම් ගමන් බලපත‍්‍ර, බදු ලිපිගොනු, රේගු ලියවිලි, වාහන ලියාපදිංචි, ඡුන්ද ලැයිස්තු, සුභ සාධන ලැයිස්තු, බැංකු  පද්ධතිවල, පොදු සේවා බිල්පත් ආදියේ ඇතුලත් කරනු ඇත. බදු අය  කර ගැනීම කාර්යක්ෂම කිරීම සඳහා එම අංකය ප‍්‍රයෝජනයට ගැනීමට අමතරව සුභසාධන ගෙවීම්වලදී වංචා හා දූෂණ අඩු කිරීමටත්, ප‍්‍රමාදයන්,  නාස්තිය තුරන් කර කාර්යක්ෂතාවය වැඩි කිරීමටත් උපකාරී වනු ඇත.

    185.     අපගේ රජය විසින් පොරොන්දු වූ පරිදි සහ අපගේ තොරතුරු තාක්ෂණ පරිවර්තන උපායමාර්යෙහි අංශයක් ලෙස අප විසින් දැනටමත් සීමිතව නිදහස් උස-සෙ පහසුකම් තෝරාගත් පොදු ස්ථානවලට ලබාදී තිබෙනවා. එසේම අප විසින් නිදහස් උස-සෙ පහසුකම් අපේ සියළුම රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල සඳහා ද ලබා දෙනවා. ඉදිරි තෙවසර තුලදී අපේ රජය විසින් පරිපූර්ණ සංවර්ධන උපායමාර්ගයක් ක‍්‍රියාත්මක කිරීමට අදිටන් කර ගෙන තිබෙනවා. මෙය ආර්ථිකයට කැපී පෙනෙන බලපෑමක් ඇති කරනු ඇත.


    186.      ඒ අනුව වසර 2018 අවසන් වන විට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, පලාත් සභා, ප‍්‍රාදේශීය සභා, උපතැපැල් කාර්යාල හා පොලිස් ස්ථාන ඇතුළු සියළු රජයේ ගොඩනැගිලි ඉලෙක්ට්‍රොනිකව සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙමගින් ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතුවලින් සියයට 70 ක් පමණ අන්තර්ජාලයෙන් ඉටුකර ගත හැකි වෙනවා.

    187.    ගරු කථානායකතුමනි, ජාතික ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට ද අප යෝජනා කරනවා.   එමගින්, සියළුම මූල්‍ය හා මූල්‍ය නොවන ඩිජිටල් ගනුදෙනු වඩාත් ආරක්ෂාකාරී ලෙස සිදුවීම සහතික කළ හැකියි.  (මෙම උත්තරීතර සභාවේ පහසුව සඳහා ඒ පිළිබඳව දළ සැලැස්ම ඇමුණුම ඩස ලෙස මෙයට අමුණා ඇත.)

    188.    අපේ ඩිජිටල් උපායමාර්ගයට ජාතික ගෙවීම් තලය (National Payment Platform)  හඳුන්වා දීම ඇතුලත් වන අතර එමගින් මහජනතාවට ඔවුන්ගේ ජාතික ඩිජිටල් හැඳුනුම්පත් (National Digital Identity)  භාවිතයෙන් සිය ජංගම දුරකථනය මාර්ගයෙන් තමා ලබාගත් භාණ්ඩ හා සේවා සඳහා සිය බැංකු ගිණුම්වලින් මුදල් ගෙවීමට අවස්ථාව ලැබෙනවා.  ජාතික ගෙවීම් තලය හරහා කෙරෙන ගනුදෙනු මගින් වෙළඳපොල මුදල් සංසරණය අඩු  වීම නිසා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමෙන් රජයට ඉතුරුවක් ද ඇති කරනු ඇත.

    189.    පරිසරය හා ගුවන් තරංග ආරක්ෂා කිරීමට හා විදුලි සංදේශ සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනය (ICTA) යටතේ විශේෂ අරමුණු සඳහා වන සමාගමක් (Special Purpose Company)  පිහිටුවීමට මා යෝජනා කරනවා. විදුලි සංදේශ සමාගම් සහ ලංකා විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය හා ශ‍්‍රී ලංකා දුම්රිය සේවය ඇතුළු අනෙකුත් ආයතන සතු සියළුම තන්තු (Fiber) මෙන්ම  වර්ණාවලි පරාසයන් (Spectrum)  සහ ජංගම දුරකථන සම්පේ‍්‍රෂණ කුළුණු මෙම ආයතනය යටතට පත්වනු ඇත.

    190.    ගරු කථානායකතුමනි, රෝහල් සේවා ඉඩම් කටයුතු සහ සමෘද්ධි ගෙවීම් වැනි මහජනතාව මූලික කරගත් පොදු සේවාවන් සැපයීමේදී, ජාතික ඩිජිටල් හැඳුනුම්පත සමඟ ඒකාබද්ධ කරන තනි කවුළුවක් (Single Window Concept)  යන සංකල්පය ක‍්‍රියාත්මක කිරීමට අප අදහස් කරනවා. රජයේ ඉඩම් කළමනාකරණ ක‍්‍රම පද්ධතිය හා ඉඩම් කේන්ද්‍රස්ථාන ක‍්‍රම පද්ධතිය මෙම තනි කවුළුවේ කොටසක් ලෙස ක‍්‍රියාත්මක කරනු ඇත.  

    191.    පන්ති කාමර තුළ ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක‍්‍රියාවලිය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම ශක්තිමත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ව්‍යාපෘති කිහිපයක් සැලසුම් කර ඇත.  මෙහි මූලික පියවරක් වශයෙන්  රටපුරා ස්මාර්ට් ඩිජිටල් පන්ති කාමර 200 ක් 2016 වසරේ දී ද පන්ති කාමර 1000 ක් 2017 වසරේදී ද ආරම්භ කරනු ඇත.

    192.    ගරු කථානායකතුමනි, රජය, ”විවෘත රාජ්‍ය සහභාගිත්වය” (Open Government Partnership)  සඳහා කැපවී සිටිනවා. ජාතික දත්ත තලය (National Data Platform) ක‍්‍රියාත්මක කිරීම මගින් ශ‍්‍රී ලංකාවට විවෘත රාජ්‍ය සහභාගිත්වයෙහි අවශ්‍යතා සම්පූර්ණ කිරීමට තවදුරටත් සහායක් ලැබෙනු ඇත.

    193.    උසස් ඩිජිටල්කරණ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක ප‍්‍රතිපාදනයක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.  

    ආයෝජන ප‍්‍රවර්ධනය

    194.    ගරු කථානායකතුමනි 2014 වසරේදී සෘජු විදේශ ආයෝජන ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක් පමණක් වූ අතර මෙය නිසැකවම කලාපයේ සමාන රටවල් හා සැසදීමේදී අඩු අගයකි.  පසුගිය මාස කිහිපය තුළදී අප දිවයිනේ ආයෝජන වාතාවරණ ව්‍යුහය පිළිබඳව අධ්‍යයනය කළ අතර දැන් අප ආයෝජන ව්‍යුහය වැඩිදියුණු කිරීමේ හා ප‍්‍රතිසංස්කරණය කිරීමේ උපාය මාර්ගික ගමන් මග සකස් කිරීමේ කාර්යයේ යෙදී සිටිනවා.

    195.    මෙම ප‍්‍රයත්නයේදී, ආයෝජන පහසු කරලීමට හා මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධනය මණ්ඩලය හා ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අප රජය කටයුතු කරනු ඇත. මෙම ප‍්‍රතිව්‍යුහගතකරණ ක‍්‍රියාවලිය අවසන් වන තෙක් ”සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය” නම් වූ සංවිධානයක් පිහිටුවනු ඇත.

    196.    ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාවේ දේශීය හා ගෝලීය ආයෝජකයන් නව ලෝක ව්‍යාපාර නිපුණතාවයන් සමඟ සම්බන්ධ කිරීමට අපට අවශ්‍ය වී තිබෙනවා. අද ගෝලීය වටිනාකම් දාම විසින් විවිධ රටවල්වල විවිධ අමුද්‍රව්‍ය හා දක්ෂතාවයන් මැනවින් කළමනාකරණය කරනු ලබනවා. මෙම ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ සිටින දේශීය හා ගෝලීය ආයෝජකයන් මේ සමඟ සම්බන්ධ කිරීමට අප කැපවී සිටිනවා.

    197.    ගරු කථානායකතුමනි, ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් මෙම සභාවට ප‍්‍රකාශ කළ පරිදි, රටෙහි ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නීති දැනටමත් කෙටුම්පත් කරමින් පවතිනවා. යහපාලනය සඳහා වූ අපගේ කැපවීම හේතුවෙන් ප‍්‍රධාන ආයෝජකයන් මෙරටෙහි ආයෝජනය කිරීමට මහත් උනන්දුවකින් පසුවෙනවා.

    198.    ඇමරිකානු ඩොලර් බිලියන දෙකකට වඩා ආයෝජන ලැබිය හැකි විශේෂ ක්ෂේත‍්‍රයන් ලෙස පහත දැක්වෙන ක්ෂේත‍්‍රයන් අප විසින් හඳුනා ගෙන තිබෙනවා.
    i    තෙල් පිරිපහදුව
    ii    පුනර්ජනනීය බලශක්තිය
    iii    ඒකාබද්ධ මෝටර් රථ නිෂ්පාදනය
    iv    කලාපය සඳහා වානේ පාලම් නිෂ්පාදනය
    v    පොහොර, ටි‍්‍රපල් සුපර් ෆොස්පේට් නිෂ්පාදනය
    vi    චන්දි‍්‍රකා තාක්ෂණය
    vii    ගුවන් යානා අළුත්වැඩියාව හා එයට අදාළ වෙනත් සහාය ක‍්‍රියාවන්
    viii    ඒකාබද්ධ සීනි කර්මාන්තය

    199.    මෙම තත්ත්වය යටතේ ආයෝජන ආකර්ශනය කර ගැනීමට ඇති ප‍්‍රධාන අවහිරතා සම්බන්ධයෙන් පහත පරිදි අප කටයුතු කරනවා.
    x    විදේශිකයන්ට ඉඩම් බදු දීමේ දී පනවා ඇති බදු ඉවත් කිරීමට මා යෝජනා කරන අතර රටතුලට අයෝජන ආකර්ශනය කර ගැනීමට බාධාවක්ව පවතින ඉඩම් (බැහැර කිරීම්/සීමා කිරීම) පනත යටතේ, හඳුනාගත් ආයෝජනවල හිමිකාරිත්වය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් ඉවත් කිරීමටද සලකා බලනු ලැබේ.

    x    විනිමය පාලනය, ආයෝජන ආකර්ශනය කර ගැනීම සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති ප‍්‍රධාන කරුණකි.  එබැවින්, අපැහැදිලි හා රළු පනතක් සේ සැලකෙන විනිමය පාලන පනත අහෝසි කිරීමට හා ආයෝජන හිතකාමී විදේශ විනිමය කළමනාකරණ පනතක් හඳුන්වා දීමට යෝජනා කරනවා. එමගින් සාක් (SAARC)  කලාපයේ සහ ලෝකයේ අනෙකුත් රටවලින් විදේශ විනිමය ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇත.

    x    විදේශ ආයෝජන ප‍්‍රවර්ධනය කිරීම ස`දහා ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් නොවන අය  හා විදේශීය සමාගම් විසින් ලැයිස්තුගත කොටස්වල ආයෝජනයෙන් ලැබෙන ලාභාංශ ආදිය, ආදායම් බද්දෙන් නිදහස් කිරීමට කටයුතු කරනවා.
    x    ආයෝජන මණ්ඩලය වෙනුවට පිහිටුවනු ලබන සංවර්ධනය සඳහා වන නියෝජිතායතනය විදේශ ආයෝජනයක් සඳහා වන ඉල්ලූම්පත් සම්පූර්ණ කර දින 50 ක් තුළ වැඩ ආරම්භ කිරීම සහතික කරනු ඇත.  ආයෝජන ප‍්‍රවර්ධනය සඳහා මෙය නිසැකයෙන්ම නැවුම් ප‍්‍රවේශයක් වනු ඇත.

    200.    ගරු කථානායකතුමනි, තවදුරටත් ආයෝජන ආකර්ශනය කර ගැනීමට හා රඳවා තබා ගැනීමට අවශ්‍ය නම් පවත්නා අපනයන සැකසුම් කලාප (Export Processing Zones) නවීකරණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එබැවින්, මෙම කලාපයන් කළමනාකරණය කිරීමේ කාර්යය, අවශ්‍ය නිපුනතාවයන් සහිත පෞද්ගලික අංශයේ කළමනාකරණ සමාගම් වෙත පැවරීමට යෝජනා කරනවා. නව අපනයන සැකසුම් කලාප ඇති කිරීමේ දී ආයෝජන මණ්ඩලය සක‍්‍රීයව එයට දායකවනු ඇත. නව කලාපයන්හි කළමනාකරණයද පෞද්ගලික අංශයේ කළමනාකරණ සමාගම්වලට පවරා දෙනු ඇත.

    201.    විශාල වශයෙන් පරිසර සංවේදී කර්මාන්ත පුත්තලම, හම්බන්තොට, කිලිනොච්චිය වැනි විශේෂයෙන් හඳුනාගත් ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙනු ඇත.

    202.    රටේ සියලු ප‍්‍රදේශ සමාන ලෙස සංවර්ධනය කරනු ලබන බවට වන රජයේ ප‍්‍රතිපත්තිය සහතික කරනු වස් පසුගාමී ප‍්‍රදේශවල ආයෝජනය කරන ආයෝජකයන්ට රජයේ ඉඩම් හා ආයෝජන ආශ‍්‍රිත බදු සහන ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙවැනි ප‍්‍රදේශවල ආයෝජනය සඳහා ආයෝජකයන් පොළඹවනු පිණිස අවම වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක් (ඉඩම් හා ගොඩනැඟිලි වටිනාකම් හැර) ආයෝජනය කරන හෝ නව රැකියා 500 ක් ඇති කරන (සේවක අර්ථසාධක අරමුදලෙහි නව අංක සහිතව) එම ප‍්‍රදේශවල කටයුතු අරඹන  ඕනෑම නව සමාගමකට වසර පහක කාලයක් සඳහා සියයට 50 ක බදු සහන ලබා දීමට මා යෝජනා කරනවා. මෙම සේවකයන් සංඛ්‍යාව 800 ඉක්මවන විට මෙම කාල පරිච්ජේදය වසර 8 දක්වා දීර්ඝ කරනු ඇත. මේ සඳහා වෙනත් විවිධ සහන සැලසීමට ද සලකා බලනු ඇත.
     
    203ග    ලිහිසි තෙල් : වර්තමානයේ දී රටේ ලිහිසි තෙල් වෙළඳපොළ සමාගම් අතලොස්සක් විසින් පාලනය කරනු ලබනවා. එබැවින්, ලිහිසි තෙල් වෙළඳ පොළ විවෘත කිරීමට මා යෝජනා කරන අතර ඉහළ ආයෝජන සහිත අගය එකතු කළ නිෂ්පාදන ස`දහා යොමු වීමට සමාගම් උනන්දු කරවීමට කටයුතු කරනවා. තවද, ආයෝජන මණ්ඩලයේ නිශේධ ලැයිස්තුවෙන් (භැට්එසඩැ ඛසිඑ* ලිහිසි තෙල් ඉවත් කිරීමට මා යෝජනා කරනවා

    204.    අධිවේගී මාර්ග ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු වේගවත් කිරීම ස`දහා තාර වෙළෙ`දපොල ලිහිල් කිරීමට මා යෝජනා කරනවා.
    205ග     යන්ත‍්‍ර ස`දහා ආයෝජනය කරමින් දැනට පවත්නා ව්‍යාපාර පුළුල් කිරීම ස`දහා නවීකරණය කිරීම දිරිගැන්වීමට මා කැමතියි. එම ව්‍යාපාර පුළුල් කිරීමෙන් ජනිත කරනු ලබන නව රැුකියා සංඛ්‍යාව අනුව වසර 3 කට අර්ධ බදු අනුපතායකට යටත්වනවා ඇති.
     
    206.    ගරු කථානායකතුමනි, පසුගිය රජය විසින් හඳුන්වා දෙන ලද 2011 අංක 43 දරන ඌණ උපයෝජිත වත්කම් සහ ඌණ  ක‍්‍රියාකාරී ආයතන පුනරුදය කිරීමේ පනත මගින් බොහෝ ආයෝජකයන් අපහසුතාවයට පත් කරන ලද අතර එම පනත සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන කිරීමට අප අදහස් කරනවා. මෙම රජය එවැනි අහිතකර දේශපාලන අගතිගාමී ක‍්‍රියාවන් සිදු නොකරන බව මම අවධාරණය කිරීමට කැමතියි. ඒ වෙනුවට දේශීය හා ගෝලීය ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා නව නීති ගෙන ඒමට අප අදහස් කරනවා.

    207.     උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත - පනත යටතේ සහන ලැබූ සමාගම් සඳහා තවදුරටත් බලාත්මකව පවතිනු ඇත. නව ආයෝජනයන්ට උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත වෙනුවටිනව ආයෝජන පනත’ හඳුන්වා දෙනු ඇත. ගරු කථානායකතුමනිල  රටේ ආර්ථික භූමිකාවට දැඩි බලපෑමක් එල්ල කරන විශව සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකී සමාගම් සඳහා බදු අනුග‍්‍රහ ලබා දීමට මා යෝජනා කරනවා.  කෙසේ වුවද නව රෙගුලාසි පනවන තෙක් දැනටමත් සහන සඳහා අයදුම්කර ඇති සමාගම් සඳහා අතරමැදි කාලයේදී මෙම සහන තවදුරටත් ලබාදෙනු ඇත. ගරු කථානායකතුමනිල පසුගිය රජය යටතේ නොමනා අනුග‍්‍රහ ලබමින් අධික ලාභ ඉපැයූ අතලොස්සක් සමාගම් සඳහා අපි සුපිරි වාසි බද්ද පැනවූයෙමු. මෙය එක් වරක් පමණක් ගෙවන බද්දක් ලෙස පනවා ඇත. එබැවින් අනාගතයේ දීල සුපිරි වාසි බද්දක් නොමැති බව මෙම උත්තරීතර සභාවට දන්වා සිටීමට කැමතියි.

    208.    රට තුළට ගලාඑන පේ‍්‍රෂණ හා ආයෝජන - ගරු කථානායකතුමනි පසුගිය දශකය පුරා රටේ පැවති නීතියක් නොමැතිල දූෂිත යහපාලනයෙන් තොර ශාපලත් පරිසරයල ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා විශාල බාධාවක් වියග රාජ්‍ය පාලන බලය වෙනස්වීමත් සමඟම දැන් මෙම රට ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී ඇතග දැන් දේශපාලන ස්ථාවරත්වය හා යහපාලනය පවතී. එබැවින් රටට අරමුදල් ගෙන ඒමට බොහෝ අය තම අභිලාෂය පළ කර ඇතග ඔවුන්ට අතිරේක පහසුවක් සලසනු පිණිස ඔවුන්ගේ ආයෝජන හා පේ‍්‍රෂණයන් ආරක්ෂාවීම සහතික වීම සඳහා රක්ෂනාවරණයක් සැපයීමට ජාත්‍යන්තර ආයතන සමඟ කටයුතු කිරීමට මම යෝජනා කරමි. එසේම විවිධ හේතු මත සිය මුදල් ශ‍්‍රී ලංකාවෙන් බැහැරව තබාගෙන සිටි ශ‍්‍රී ලාංකිකයන්ට එම මුදල් රටේ ආර්ථික සංවර්ධනයට දායකවීම පිණිස මව්රටට රැගෙන එන ලෙසට මම ඉල්ලා සිටිමි. විනිමය පාලන ලිහිල් කිරීමත් සමඟ විදේශ ආයෝජකයන්ට රටට ආයෝජන ගෙන ඒමට හඳුන්වා දී තිබූ ආරක්ෂණ ආයෝජන ගිණුම් ක‍්‍රමය අහෝසි කිරීමට මා යෝජනා කරනවා.  ඒ වෙනුවට ආයෝජකයන්ට විධිමත් බැංකු ක‍්‍රමය තුළ පවත්නා  ඕනෑම බැංකු ගිණුමකින් ශ‍්‍රී ලංකාවට මුදල් ගෙනඒමට ඉඩදිය යුතු බවටද යෝජනා කරනවාග ත‍්‍රස්තවාදී කටයුතු මත්ද්‍රව්‍යල නීති විරෝධී මිනිස් ජාවාරම හෝ දූෂණ හා වංචාවලින් උපයන ලද ආදායම් පේ‍්‍රෂණය කරන අවස්ථා හැරුණු කොට බැංකු ගිණුම් ක‍්‍රමය හරහා පිටරට තබාගෙන තිබෙන මුදල් මෙරටට පේ‍්‍රෂණය කරන කිසිම පුද්ගලයෙකුට එරෙහිව රජය විසින් නෛතික පියවර ගන්නේ නැත.  තවදුරටත් ශ‍්‍රී ලංකාවෙන් පිටත කරන ලද සේවා සඳහා සියලු ගනුදෙනු බැංකු ක‍්‍රමය හරහා සිදු කළයුතු බවට වන කොන්දේසිය යටතේ දේශීය ආදායම් පනත අනුව පවතින නිදහස් කිරීම් ප‍්‍රමාණය වැඩි කිරීමත් යෝජනා කරනවාග මේ නිසා මෙම ප‍්‍රතිපාදනවලින්  ප‍්‍රයෝජන ගන්නා ලෙසට සියලුම ආයතන දිරිමත් කරනවා.

    209.    ගරු කථානායකතුමනිල හම්බන්තොට වරාය හරහා යන මුහුදු මාර්ගය වාර්ෂිකව තෙල් නැව් 4,500 ක් ඇතුළුව නෞකා 35,000 ක් පමණ භාවිතා කරනු ලබයි. කෙසේ වුවත්, වර්තමානයේ දී අපි ඉන්ධන සපයනු ලබන්නේල වාර්ෂිකව අතලොස්සක් වූ නැව් සංඛ්‍යාවකට පමණිග එබැවින් පවත්නා අති විශාල විභවයන් සැලකිල්ලට ගෙන ගැඹුරු මුහුදේ තෙල් සැපයීමේ කාර්යයට පිවිසීමට මම පෞද්ගලික අංශය දිරිමත් කරනවා, ඒ සඳහා වන බලපත‍්‍ර විනිවිද භාවයෙන් යුත් තරගකාරී ලංසු කැඳවීමේ ක‍්‍රියාවලියක් මගින් ලබා දෙනු ඇත.
     
    210.    ගරු කථානායකතුමනිල නැව් සෑදීමේ හා කොටස් කිරීමේ කර්මාන්තයල නැව් අලුත්වැඩියා කිරීම වැනි කටයුතු ධෛර්යමත් කිරීම සඳහා හම්බන්තොට හා ත‍්‍රිකුණාමලයේ රජයේ ඉඩම් ලබා දීමට මා යෝජනා කරනවා.  

    211.    ලංකාවේ ටි‍්‍රපල් සුපර් පොස්පේට් (TSP)  නිෂ්පාදනය සඳහා රාජ්‍ය අංශය සතුව කටයුතු කිරීමට පෞද්ගලික අංශයද ධෛර්යමත් කරමිග  එමගින් පොහොර ආනයනයට වැයවන විදේශ විනිමය රටෙහි ඉතිරි වන අතර ගොවියන්ට දරා ගත හැකි මිලකට පොහොර ලැබීමෙන් සහනයක් සැලසෙනු ඇත.

    අපනයන ප‍්‍රවර්ධනය
      
    212.ගරු කථානායකතුමනි, අපනයන නඟා සිටුවීම සම්බන්ධයෙන් සිත් ගන්නා සුළු අලංකාර කථා කීවද, පසුගිය දශකය රටේ අපනයන කටයුතු අසාර්ථක වූ දශකයක් විය. රජයේ දූරදර්ශී ප‍්‍රතිපත්ති නිසා අපට විදේශ වෙළෙඳපොල අහිමි වූ අතර ඒනිසා රටේ වෙළඳ හිඟය සැලකිය යුතු මට්ටමින් ඉහළ නැඟිනි. වසර 2000 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 33.3 ක් වූ ශ‍්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය වසර 2014 දී සියයට 14 දක්වා පහත වැටිණ. එසේම, එම කාලය තුළ දී ගෝලීය අපනයන වෙළඳපොළෙහි ශ‍්‍රී ලංකාවේ දායකත්වය සියයට 0.09 සිට සියයට 0.06 දක්වා පහත වැටුණේ ද්විපාර්ශව කලාපීය වෙළඳ  ගිවිසුම් හා අපනයන විවිධාංගීකරණය මගින් මෙම තත්ත්වයෙන් ගොඩඒමට අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමිනි. විදේශ අංශයේ ස්ථාවරත්වය, ශ‍්‍රී ලංකා සාර්ව ආර්ථික වර්ධනයේ හා සංවර්ධනය සඳහා තිරසාර අපනයන වර්ධනයක අවශ්‍යතාවය බලවත් බැවින් ඒ සඳහා පහත දැක්වෙන ප‍්‍රධාන පියවර ගැනීමට යෝජනා කරනවා.
     
    213.ශ‍්‍රී ලංකාවේ අපනයන උපාය මාර්ග සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට හා ඵලදායී අධීක්ෂණය සහතික කරනු පිණිස ප‍්‍රතිපත්ති තීරණ ගත හැකි හා බාධා ඉවත් කිරීමේ හැකියාව සහිත ඉහළ මට්ටමේ ආයතනයක් පිහිටුවනු ඇත. ඒ අනුව, අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් හා ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ හා අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් අමාත්‍ය අපනයන සංවර්ධන සභාවක් Export Development Council of Ministers (EDCM) පත් කරනු ඇත. අපනයන ප‍්‍රවර්ධනයට අදාළ සියළු පාර්ශවකරුවන්ගේ ශක්තීන් ඒකරාශී කළ හැකි අතර, ආයතනයන්හි පවතින කාර්යය ද්විකරණය ඉවත් කිරීම, නිරන්තර ප‍්‍රගති සමාලෝචනය නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ග ගැනීම, අපනයන සම්බන්ධයෙන් මධ්‍ය කාලීන ඉලක්කවල සිට දිගුකාලීන ඉලක්ක ළඟ කර ගැනීම සඳහා ඵලදායී ලෙස යොමුවීම මෙම ක‍්‍රියාවලිය තුළින් ඉටු වනු ඇත. 
     
    214.ගරු කථානායකතුමනි. ශ‍්‍රී ලංකාව අභ්‍යන්තරාභිමුඛ (Inward Looking)  උපායමාර්ගවල සිට බාහිරාභිමුඛ (Outward Looking)  උපාය මාර්ග දක්වා ඉහළ මට්ටමකට යා යුතුව ඇත.  බැංකු කටයුතු, ඉදිකිරීම්, අධ්‍යාපන වැනි අපේ දේශීය කර්මාන්තවලට දේශීය සීමාවෙන් බැහැරව නව වෙළෙඳපොළ කරා යාමට අවශ්‍ය ධාරිතාවය ඇත.  එබැවින් එම අවස්ථා ග‍්‍රහනය කර ගැනීම සඳහා ආනයන අපනයන බැංකුවක් Export Import Bank (EXIM Bank)  පිහිටුවීමට මා යෝජනා කරනවා.  මෙහි මූලික ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 25 ක් වන අතර එයට රජය හා කර්මාන්ත අංශය එක්ව අනුග‍්‍රහය දක්වනු ඇත.  ඒ අනුව මෙහි ආරම්භක ප‍්‍රාග්ධනය වශයෙන් රුපියල් මිලියන 50ක් රජයේ දායකත්වය ලෙස ලබාදීමට මා යෝජනා කරනවා.  මෙම EXIM බැංකුව 2016 අපේ‍්‍රල් 1 දින සිට ක‍්‍රියාත්මක වනු ඇත. එසේම, එය කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වනු ඇත. 
     
    215.පුද්ගලික අංශයේ දේශීය සමාගම් සිය ව්‍යාපාර විශේෂයෙන්, විදුලි උත්පාදනයට අදාළ ක්ෂේත‍්‍ර ඇතුළුව විදේශයන්ට ව්‍යාප්ත කර ඇති බව මා සතුටින් සඳහන් කරමි. එබැවින් ලංකා විදුලිබල මණ්ඩලය ද විදේශයන්හි විදුලි උත්පාදනය, සම්පේ‍්‍රෂණය හා බෙදාහැරීම් සඳහා අවස්ථාව ලබා ගැනීමට ධෛර්යමත් කරනවා.  දැනටමත් බොහෝ දේශීය සමාගම් විදුලිය සම්බන්ධ ව්‍යාපෘතිවල මෙහෙයුම් කටයුතු උගන්ඩාව හා ටැන්සානියාව ආදී රටවල ව්‍යාප්ත කර ඇත.  
     
    216.අප සැම දෙනා දන්නා පරිදි අපනයන ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලවලට අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටුකළ හැකිය.  එබැවින් අපේ විදේශ දූත මණ්ඩලවල වාණිජ අංශය ශක්තිමත් කිරීමට මා යෝජනා කරනවා. මේ අනුවල ශ‍්‍රී ලාංකික දූත මණ්ඩලව, වාණිජ අංශය විසින් දේශීය ව්‍යාපාරිකයන්ට කලින් කලට අවශ්‍ය වන පරිදි භාණ්ඩ හා සේවා වෙළඳපොළ පිළිබඳව මාර්ගෝපදේශ සැපයීම අනිවාර්ය කළ යුතු යැයි මා යෝජනා කරනවා. මෙම තොරතුරු වාණිජ දෙපාර්තමේන්තුවේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙහි පළ කරනු ඇත. 
     
    217.තවද, අපනයන සංවර්ධන ක‍්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය ශක්තිමත් කරනු ඇත. එසේම, අපනයන සංවර්ධන මණ්ඩලය ශ‍්‍රී ලාංකීය අපනයන සඳහා නව වෙළඳපොල සෙවීමට ක‍්‍රියාකාරීව කටයුතු කිරීමට ද විශේෂයෙන් තොරතුරු තාක්ෂණය, කුළු බඩුල මැණික් හා ස්වර්ණාභරණ ආදියෙහි පුළුල් ලෙස සන්නාම ප‍්‍රවර්ධනය කළ යුතු බව ද මා යෝජනා කරනවා.
     
    218.ශ‍්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පුළුල් කළ යුතු බවට ද අපගේ අපනයනකරුවන්ට නව වෙළඳපොලවල් වෙත අවතීර්ණවීම සදඟා අපනයන රක්ෂණ යෝජනා ක‍්‍රම පුළුල් කළ යුතුයයි මා යෝජනා කරනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර  වෙළඳපොලට පිවිසීම සඳහා විශාල විභවයක් ඇති අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහාය ලබා දීමට සංස්ථාව කටයුතු කළ යුතුය. 
     
     
    නිල සංචිත
     
    219.ගරු කථානායකතුමනි, 2015 ජනවාරි මස අපගේ පරිපාලනය භාරගන්නා විට ප‍්‍රධාන වශයෙන්ම පසුගිය රජයේ නොමනා කළමනාකරණය නිසා අපට උරුම වූයේ අතිප‍්‍රමාණය කළ රුපියලකි. මේනිසා වැඩිපුරම පීඩාවට පත් අපගේ අපනයන කරුවන්ගේ තරඟකාරිත්වය සම්පූර්ණයෙන්ම වාගේ අඩුවිය. මේ කාල සීමාවේදී චීනය, ඉංදියාව, සිංගප්පූරුව වැනි දියුණු ආර්ථිකයන් ඔවුන්ගේ මුදල් අවප‍්‍රමාණය කරමින් ගෝලීය ආර්ථික අභියෝගවලට මුහුණ දෙන ලදි.  2001 වසරේදී මීට සමාන තත්ත්වයට මුහුණ දුන් අපගේ රජය රුපියල නැවත සකස් කරන ලදි.  අපේ පරිපාලනය මෙහෙයවනු ලබන්නේ වෘත්තිකයන් විසින් වන අතර එමනිසා විදේශ විනිමය අනුපාත නොමනා ලෙස කළමනාකරණය කිරීමට ඉඩ නොදෙන අතර පිළිගත් මූලධර්ම මත තීරණ ගැනීම සිදුකරනු ඇත. 
     
    220.  ගරු කථානායකතුමනි, අපනයනකරුවන් විසින් අපනයන ඉපයීම්වලින් සියයට 30 ක් පමණ එනම්, ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් ශ‍්‍රී ලංකාවෙන් පිටත රඳවා ගන්නා බව දැනගැනීමට ඇත.  අපගේ රජය මෙම අයවැය මගින් නොයෙක් දිරිගැන්වීම් අපනයනකරුවන්ට ලබාදී ඇති අතර, සාධාරණ හා පාරදෘෂ්‍ය ව්‍යාපාර පරිසරයක් තහවුරු කිරීමට ඇති අපගේ කැපවීම ම අපගේ ව්‍යාපාර අංශයේ සතුටට හේතුවනු ඇත. ඔවුනුත් පෙරළා ප‍්‍රතිචාර දැක්විය යුතු අවස්ථාව දැන් පැමිණ ඇත. ඔවුන් විසින් ඔවුන්ගේ කාර්යභාරය අනිවාර්යයෙන්ම ඉටු කළයුතුය.
     
    221.  ගරු කථානායකතුමනි, අපේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා විදේශ සංචිත ශක්තිමත් කිරීමේ වැදගත්කම මා නැවත අවධාරණය කළ යුතු නොවේ. රට තුළට ගලා එන මූල්‍ය ප‍්‍රවාහය වර්ධනය වීමෙන් රටෙහි නිල සංචිත 2016 ජූනි අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා වැඩි වනු ඇතැයි මම අපේක්ෂා කරමි. 
     
     
    ජාත්‍යන්තර වෙළඳාම
    222.  ගරු කථානායකතුමනි, දැනට පවතින ආනයන හා අපනයන පාලන පනත, බලපත‍්‍ර නිතුත් කිරීමේ ක‍්‍රියාවලියක් පමණක් නිර්මාණය කර ඇත.  එම පණත තුළින්  ගුණාත්මක තත්ත්වයෙන් බාල භාණ්ඩ ශ‍්‍රී ලංකාවට ගෙන්වීම පාලනය කිරීමට ක‍්‍රමවේදයක්ද නොමැත.  එම නිසා වඩා කාර්යක්ෂම ආනයන අපනයන පද්ධතියක් සහ දේශීය කර්මාන්ත සඳහා සාධාරණත්වයක් ඉටුවෙන තත්ත්වයක් උදාකරලීම සඳහා දැනට පවත්නා පනත වෙනුවට නව නීති පද්ධතියක් හඳුන්වාදීමට මා යෝජනා කරනවා. 
     
    223.  අපගේ ජාත්‍යන්තර වෙළඳ ප‍්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා අන්තර්ජාතික වෙළඳ ආයතනයක් සංස්ථාගත කිරීමට රජය සැළසුම් කර තිබෙනවා.  එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයල චීනයල දකුණු කොරියාවල සිංගප්පූරුවල  ඕස්ටේ‍්‍රලියාවල දකුණු අප‍්‍රිකාව සහ ජපානය වැනි රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹිමට ඇති හැකියාව විමර්ශනය කිරීමට ද මා යෝජනා කරනවා.  එමෙන්ම යුරෝපා හවුලට ජී එස් පී ප්ලස් යෝජනා ක‍්‍රමය යටතේ අපනයන ප‍්‍රවර්ධනය කිරීමට ද යෝජනා කරනවා. 
     
    ඉඩම්
    224.  ගරු කථානායකතුමනි, රජයේ ඉඩම් භාවිතය උපරිම කිරීම පිණිස සහ ඉඩම්වලට අදාළ වංචනික ක‍්‍රියා නැවැත්වීම පිණිස  ”  ඉඩම් බැංකුවක්” හඳුන්වා දීමට මා යෝජනා කරනවා.  එය රජයට අයත් ඉඩම්වල ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියකි.  මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙම තොරතුරු ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියට මාරු කිරීමල තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය විසින් සහතික කරනු ඇත.  අනුක‍්‍රමිකව මෙම දත්ත පද්ධතිය පෞද්ගලික ඉඩම්වල වාර්තා තබා ගැනීමට ද පුළුල් කළ හැකිය.
     
    නිවාස
    225.ගරු කථානායකතුමනි, සැමට සෙවණක් ලබාදීමට මෙම රජය බැඳී සිටින බව මා මෙහිදී සඳහන් කළ යුතුය.  ඒ සඳහා භාවිතයට නොගත් සහ ඌණ උපයෝජිත රජයේ ඉඩම් නිවාස ඉදිකිරීම සඳහා නිදහස් කිරීමට අප විසින් කටයුතු කරනු ලබනවා.
     
    226. මුඩුක්කු නිවාස වල වෙසෙන ජනතාව විඳින දුක් ගැහැට මා හොඳින්ම දන්නවා. ජාතිල ආගම්ල කුල සීමා ඉක්මවන ඔවුන්ගේ ගැටළුව ආර්ථික හා දේශපාලන සීමාද ඉක්මවා සෞඛ්‍යල අධ්‍යාපනල සමාජ සංවර්ධනය පමණක් නොව දේශපාලනය කෙරෙහිද බලපෑම් ඇති කරනවා.  අප රටේ පුරවැසියන් වන මෙම ජනතාවගේ ගැටළු විසඳීමේ වගකීම අප වෙත පැවරී ඇත.  ඒ අනුව ඔවුන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගීත්වය යටතේ  නිවාස ඒකක ලක්ෂයක් පමණ වසර 5 ක් තුළ ඉදිකිරීමට මා යෝජනා කරන අතර එහිදී ඔවුන්ගේ ජීවනෝපාය හා සමාජ සම්බන්ධතාවයන්ට බලපෑමක් නොවන පරිදි නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුවන බවට වගබලා ගනු ලැබේ.
     
    227.මැදි මට්ටමේ රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් සඳහා නිවාස ඒකක 150ල000 ක් සහ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නිවාස ඒකක 5,000 ක් දල පෞද්ගලික අංශයේ සහය ලබාගෙන ඉදිකර සාධාරණ මිලකට ලබාදීමට රජය අදහස් කරනවා.  කොළඹ, යාපනය, මහනුවරල මාතර, මඩකලපුවල පුත්තලම සහ කුරුණෑගල යන ප‍්‍රදේශයන්හි රජයේ ඉඩම්වල මෙම නිවාස ඉදිකරනු ඇත.  මෙම නිවාස මිලදී ගැනීම සඳහා රජයේ නිලධාරීන්ට ණය පහසුකම් සලසන අතර අදාළ පෞද්ගලික ආයෝජකයින්ට අර්ධ බදු විරාම ලබාදෙනු ඇත.  මෙම නිවාස ඒකක වටා අනෙකුත් ප‍්‍රජා මූලික පහසුකම්ද ඉදිකරනු ඇත.
     
    228.තවද ග‍්‍රාමීය ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා නව ග‍්‍රාමීය නිවාස යෝජනා ක‍්‍රම ආරම්භ කිරීමට ද අප රජය කටයුතු කරනු ඇත. රජය හා නිවැසියා විසින් නිවසේ වටිනාකම හවුලේ දරනු ඇති අතර මේ සඳහා රජයේ දායකත්වය උපරිම වශයෙන් එක් නිවසකට රුපියල් 300,000/- ක   (අදියර ගත ගෙවීම්).  නිවසෙහි උපරිම බිම් ප‍්‍රමාණය අවම වශයෙන් වර්ග අඩි 500 ක් පමණ වේ. එක් මැතිවරණ කොට්ඨාශයකට අවම වශයෙන් නිවාස ඒකක 1,000 ක් පමණ ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.  මේ සඳහා රුපියල් මිලියන 4,500 ක් ලබාදීමට මා යෝජනා කරනවා.  
     
    229. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ස්වර්ණභූමි හා ජයභූමි දීමනා පත‍්‍ර ද ඇතුළුව බලපත‍්‍රලාභී ඉඩම්වල වසර 10 කට අධික කාලයක් වාසය කරන ලද පුද්ගලයින්ට එම ඉඩම්වල හිමිකම ලබාදීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරනු ලැබේ.  මෙය වතු අංශයේ නිවාසවල හා රජය සතු නිවාසවල වසර 10 කට අධික කාලයක් පදිංචිව සිටි අය සඳහාද අදාළ වනු ඇත.
     
    230.ගරු කථානායකතුමනි, විවිධ පළාත් පාලන ආයතන දේපළ මත ඉහළ බදු අයකරනු ලබන අතර එය බදු ගෙවන්නා සූරා කෑමක් ලෙස සැලකිය හැකිය.  පළාත් පාලන ආයතන විසින් අයකරනු ලබන බදු අනුපාත වෙළඳ ආයතනයන්හි වාර්ෂික වටිනාකමින් සියයට 15 ක් නොඉක්මවිය යුතු බවට මා යෝජනා කරනවා.  එමෙන්ම වර්තමාන වාර්ෂික වටිනාකම (Current Annual Rate) රුපියල් 500 හෝ ඊට අඩු නම් එවැනි දේපලල බදු අයකිරීමෙන් නිදහස් කළ යුතු බවට මා යෝජනා කරනවා. 
     
     
    231.  බලශක්ති ඉතිරි කිරීම ධෛර්යමත් කිරීම සඳහා නිවාසලාභීන්ට සූර්ය බල ශක්තියට මාරුවන ලෙස මා ආයාචනය කරනවා.  ඒ සඳහා වන වියදම බදු ගණනය කිරීමේදී බදු නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලබන වියදමක් ලෙස සලකා බැලෙනු ඇත. 
     
    232.  දැනට පවත්නා නිවාස කුලී හා නිවාස දේපල සීමා කිරීම්වලට අදාළ නීති වර්තමානයට ගැලපෙන ලෙස සමාලෝචනය කරනු ඇත.
     
    233.  එමෙන්ම විදේශිකයන් මහල් නිවාසවල සඳහා ආයෝජනය කිරීමේදී ඔවුන්ගේ ආයෝජනයෙන් සියයට 40 ක් දේශීය මුදල්වලින් බැංකු මගින් ලබාගැනීමට ඉඩදිය යුතු බවට යෝජනා කරනවා.
     
     
    ඉදිකිරීම්
     
    234.ගරු කථානායකතුමනි, පසුගිය දශකය තුළ දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ කාර්යසාධනය පිළිබඳව මා ප‍්‍රසංසා කරනවා.  මෙම කර්මාන්තය විදේශයන් කරා ගෙනයාමට හැකි තරමට දැන් මුහුකුරා ගොස් ඇති අතර මෙම කර්මාන්තය සමඟ හවුල්වීමට අප රජය කැපවී සිටිනවා.  එබැවින් විදේශ වෙළඳපොලට පිවිසෙන ඉදිකිරීම් සමාගම්වලට ශ‍්‍රී ලංකාවෙන් බැහැරව උපයන ආදායම් සඳහා දැනට පවතින බදු නිදහස දිගටම ලබාදීමට මම යෝජනා කරමි. තවද ඉදිකිරීම් කටයුතු සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන  ඕනෑම විදේශීය සමාගමක් දේශීය කොන්ත‍්‍රාත්කරුවකු සමඟ හවුල් ව්‍යාපාරයකට එලඹිය හැකි වෙනවා. 
     
    235. කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත‍්‍රාත්කරුවන් දිරිමත් කිරීමට හා සැමට සාධාරණ අවස්ථාවක් ලබාදීම සඳහා ඉදිකිරීම් කර්මාන්තයේ ඇප අරමුදල් බදු ඉවත් කිරීමට මා යෝජනා කරනවා. යෝජිත ජාතික නිවාස සංවර්ධන බැංකුව ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා වඩාත් කේන්ද්‍රගතවූ ක‍්‍රියාකාරිත්වයක් තුළින් අවශ්‍ය ඇපකර ලබාදීමට කටයුතු කරනු ඇත.
     
    236. ගරු කථානායකතුමනි, නියමිත කලට ඔවුන්ගේ හිඟ මුදල් එකතු කිරීමේ බරපතල ගැටළුවට ඉදිකිරීම් අංශය මුහුණ දී සිටිනවා. මේ තත්ත්වය ඔවුන්ගේ පැවැත්ම දුර්වල කිරීමට අහිතකර ලෙස බලපා තිබෙනවා.  ඒ අනුව ඔවුන්ගේ ගෙවීම් අයකර ගැනීම සඳහා ප‍්‍රමාණවත් ආවරණයක් ලබාදෙන පරිදි ගෙවීම් සහතික ආරක්ෂක පනතක් හඳුන්වා දීමට මා යෝජනා කරනවා. 
     
    237. වැලි වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟවීමේ ගැටළුව සඳහා ඉදිකිරීම් කර්මාන්තය තදින් මුහුණ දී සිටිනවා. ඉදිකිරීම් කර්මාන්තය සඳහා යොදාගත හැකි පරිදි ගැඹුරු මුහුදේ ඇති වැලි පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත‍්‍ර ආනයනය කිරීමේදී පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා එවැනි ආනයනයන්ගේ වියදම සුදුසුකම් ලැබූ ගෙවීමක් ලෙස සැලකීමට මා යෝජනා කරනවා.
     
    238ගවානේ, ටයිල් හා සනීපාරක්ෂක භාණ්ඩ වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුමේ පවත්නා හිඟය ඉහළ මිල පිළිබඳ ගැටළුවට විසදුමක් ලෙස ඒවායේ ආනයන ආශ‍්‍රිත බදු පහළ දමනු ලබනවා.  තවද ටයිල්ල පිඟන් මැටි සහ සනීපාරක්ෂක භාණ්ඩ ආයෝජන මණ්ඩලයේ නිශේධ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මා යෝජනා කරනවා.  දොඹකර හා කොන්ක‍්‍රීට් මිශ‍්‍රණ යන්ත‍්‍ර සඳහා වූ ආනයන බද්ද ඉවත් කරනු ලැබේ.  ඉදිකිරීම් කර්මාන්තයේදී භාවිතා කරනු ලබන බර යන්ත්‍රෝපකරණ ආනයනයේදී අදාල වන වසර 7 ක කාල සීමාව වසර 10 ක් දක්වා දීර්ඝ කරනු ලැබේ.
     
    239.  වටිනාකම රුපියල් මිලියන 50 ට වඩා අඩු රජයේ කොන්ත‍්‍රාත්වලදීල කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත‍්‍රාත්කරුවන්ගේ මූල්‍ය ප‍්‍රවාහය දියුණු කිරීම සඳහා ඔවුන් ගෙවනු ලබන වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම සියයට 30 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා.
     
    240. ගරු කථානායකතුමනි, ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පුහුණු ශ‍්‍රමිකයින් සඳහා විශාල ඉල්ලූමක් පවතින හෙයින් පෞද්ගලික අංශය සමඟ ප‍්‍රායෝගික පුහුණුව සඳහා වැඩසටහනක් හඳුන්වා දීමට ද, මාස දෙකක පුහුණු කාලය තුළ රජය මගින් පුහුණුවන්නන්ට රුපියල් 10,000/- ක මාසික දීමනාවක් ලබාදීමට ද මා යෝජනා කරනවා.  මේසන් වැඩල වඩු කර්මාන්තය, ජලනල කර්මාන්තය, විදුලි හා ඇළුමිනියම් වැද්දුම් වැඩ සඳහා මාස තුනකට  තරුණයින් 7,500 ක් පමණ පුහුණු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.  මේ සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.
     
    සංචාරක කර්මාන්තය
     
    241. ගරු කථානායකතුමනි, සංචාරක කර්මාන්තය ආර්ථිකයේ දීප්තිමත් අංශයක් ලෙස පවතිනවා. 2015 වර්ෂයේ පළමුවෙනි මාස 10 තුළ සංචාරකයින්ගේ පැමිණීම මිලියන 1.5 ක් පමණ වූ අතර එය 2014 වසරේදී අදාළ කාලපරිච්ෙඡ්දයේ පැමිණීම මෙන් සියයට 18 ක වර්ධනයකි.  කෙසේ වෙතත් කර්මාන්තය දියුණු කිරීමේදී අපි ප‍්‍රමාණවත් පරිදි සංචාරක අංශය තුළ ශ‍්‍රී ලංකා නාමය ප‍්‍රචලිත කිරීමට කටයුතු කර නොමැති බව කණගාටුවෙන් වුවද කිව යුතුය.
     
    242.  මේ සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ නොයෙක් ප‍්‍රචාරක පාඨ අත්හදා බලා ඇතත් ඒ කිසිවක් සිත් තුළ කාවැදීමට තරම් ප‍්‍රියජනක වී නැහැ. කලාපයේ පවතින තරඟකාරිත්වය යටතේ අප රට වඩාත් ප‍්‍රියකරන ගමනාන්තයක් ලෙස ප‍්‍රකට වීමට නම් ලෝකයට ශ‍්‍රී ලංකා නාමය ගෙනයාම අතිශයින් වැදගත් වනවා. එබැවින් ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂයෙන් ඈත පෙරදිග රටවල නව වෙළඳපොලවල් සොයා ගැනීම සඳහා ආකර්ශණීය ප‍්‍රචාරණ වැඩසටහන් දියත් කළ යුතු බවට මා යෝජනා කරනවා.
     
    243.  ගරු කථානායකතුමනි, පුහුණු ශ‍්‍රමිකයින්ගේ සැලකිය යුතු හිඟයට මෙම ක්ෂේත‍්‍රය මුහුණ දී සිටිනවා. එබැවින් ආගන්තුක සත්කාර ක්ෂේත‍්‍රයට සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලබනවා.  එසේම පුහුණුවන්නන් සඳහා මාස තුනක පුහුණු පාඨාමාලාවක් වෙනුවෙන් උපරිම රුපියල් 15,000 කට යටත්ව පාඨමාලා ගාස්තුවෙන් සියයට 50 ක් රජය මගින් දැරීමට යෝජනා කරනවා.  සෑම කාර්තුවකදීම අවම වශයෙන් තරුණ තරුණියන් 3000 ක් පුහුණු කිරීමට ඉලක්ක කෙරේ.  එම කාර්යය සඳහා රුපියල් මිලියන 100 ක් ලබාදීමට මා යෝජනා කරනවා.
     
    244.  තමන්ගේ වියදමින් පුහුණු පාසල් ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන පෞද්ගලික අංශයේ හෝටල් දිරිගැන්වීමේ අදහසින් නිපුණතා සංවර්ධනය සඳහා හඳුන්වා දී ඇති ති‍්‍රත්ව බදු අඩු කිරීමට අනුකූලව බදු සහන ලබාදීමට යෝජනා කරනවා.
     
    245.රැස්වීම්, දිරිගැන්වීම්, සාකච්ඡා සහ ප‍්‍රදර්ශන වෙනත් විදියකින් පැහැදිලි කරන්නේ නම් (MICE)  සම්බන්ධ සංචාරක කටයුතු දිරිමත් කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවල නෙළුම්පොකුණ රඟහල සහ නව නගර ශාලාවෙන් සමන්විත MICE ත‍්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීමට යෝජනා කරනවා.  නව නගර ශාලාව අසල සියළුම පහසුකම්වලින් සමන්විත සම්මේලන ශාලාවක් ඉදිකරනු ලබනවා.  මෙය අවම වශයෙන් ආසන 7000 කින් සමන්විත වනු ඇති අතර පෞද්ගලික අංශයෙහි සහභාගිත්වයෙන් ඉදිකරනු ලබනවා.  MICE ක‍්‍රියාකාරකම්වල නිරතවීම සඳහා විශේෂයෙන් ස්ථාපිත කරනු ලබන සමාගම්වලට වසර දෙකක කාලයක් සඳහා සියයට 50 ක බදු විරාම වසර 5 ක් සඳහා ලබාදෙනු ලබනවා.  එසේම එම කාර්යය සඳහා රුපියල් මිලියන 3000 ක් ලබාදීමට මා යෝජනා කරනවා.  
     
    246. සංචාරකයන් ශ‍්‍රී ලංකාව තුල වියදම් කිරීම දිරිගැන්වීම සඳහා අප රටල මෙම කලාපය තුළ සාප්පු සවාරි පාරාදීසයක් (Shopping Paradise)  කිරීම සඳහා ද ඇඟළුම්ල සපත්තු, ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපකරණ හා අනෙකුත් උපාංග සඳහා ද වන බදු සංශෝධනය කිරීමට මා යෝජනා කරනවා.
     
    247.මුදල් හුවමාරුකරන්නන් : විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරය ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර ගාස්තුවකට හා මාර්ගෝපදේශවලට යටත්ව ලිහිල් කිරීමට මා යෝජනා කරනවා.
     
    248. සංස්කෘතික, ආගමික, පාරිසරික සහ වෛද්‍ය සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට විශාල විභවයක් ඇත.  සංස්කෘතික ත‍්‍රිකෝණය, නැගෙනහිර මුහුදු වෙරළල නුවරඑළිය, බදුල්ල සහ උඩරට හඳුනාගත් ස්ථානයන් සංචාරක ආකර්ශනයන් ලෙස පරිවර්තනය කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබේ. බෙන්තොටල දේද්දුව, මිරිස්ස, කොළඹ කොටුව ප‍්‍රදේශය සංචාරක කලාප ලෙස පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව සංවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. තවද, ගාලු කොටුව එහි පෞරාණික අසිරිය රැකෙන අයුරින් සංරක්ෂණය කරන අතර ගාලු පුරවරය ජාතික උරුමයක් ලෙස සංවර්ධනය කරනු ලැබේ.  මෙම කාර්යය සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන්කිරීමට මා යෝජනා කරනවා. 
     
    249.ගරු කථානායකතුමනි, වෛද්‍යල සෞඛ්‍ය ආරක්ෂක සංචාරක ව්‍යාපාරයට,  විශේෂයෙන් අපගේ පාරම්පරික වෛද්‍ය පරිචයන්ට, ජාත්‍යන්තර අවධානය යොමු කර ගැනීමේ හැකියාව ඇත. එසේ වුවද, ඉහළ ප‍්‍රමිතියෙන් යුතුව එය පවත්වාගෙන යාම ඉතා වැදගත් වන අතර රටේ ප‍්‍රතිරූපයට හානියක් වන අනිසි හා නුසුදුසු භාවිතයන්ට ඉඩ නොදිය යුතුය. එබැවින් මෙම ක්ෂේත‍්‍රය නියාමණය කිරීම සඳහා ඉතා ඉක්මනින් නීති සම්පාදනය කළ යුතු බවට මා යෝජනා කරනවා.
     
    250.රජය සතු නිවාඩු නිකේතන සහ සංචාරක බංගලාවල දුර්වල කළමනාකරණය සහ නඩත්තුව නිසා ඒවායේ පවත්නා ගරා වැටුනු තත්ත්වය සැලකිල්ලට ගෙන මේ සියළුම ඒකක කළමනාකරණ සමාගමක් යටතට ගෙන ඒමට යෝජනා කරනවා. අදාල සියලූ  පාර්ශවකරුවන් මෙහි හවුල්කරුවන් වන අතර දැරිය හැකි මිලකට නවාතැන් පහසුකම් ලබාදීමට මෙම ආයතන වැඩිදියුණු කිරීම සඳහා මෙම සමාගමල වෘත්තිකයන් විසින් පවත්වාගෙන යා යුතු යැයි මා යෝජනා කරනවා.
     
     
    251.  රාජ්‍ය පෞද්ගලික සහභාගිත්වය යටතේ පාර්ලිමේන්තුව අසල ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද අදහස් කරනවා. 
     
    252. පසුගාමී ප‍්‍රදේශයන් හි තේමා උද්‍යාන ඇති කිරීම දිරි ගන්වන අතර මේ සඳහා රජයේ ඉඩම් ලබා දීමටත් වසර 10 කාලයක් සඳහා අර්ධ බදු විරාමයක් ලබා දීමටත් මා යෝජනා කරනවා. විනෝදාත්මක කටයුතු හා සංචාරක ව්‍යාපාරය පුළුල් වීම නිසා මෙමඟින් එම ප‍්‍රදේශවල ආර්ථික කටයුතු වර්ධනය වීමට ද ඉඩ සැලසෙනවා.
     
     
    253.   රටෙහි ක‍්‍රියාත්මක වන හෝටල් අතුරින් සියයට 60 ක් පමණ ලියාපදිංචි වී නොමැති බව මා දන්නවා. මේ තත්ත්වය දිවයිනේ ආගන්තුක සත්කාර කර්මාන්තයේ නියම ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බොහෝ ගැටළු ඇති කිරීමට හේතු වී තිබෙනවා.  එබැවින් 2016 ජුනි 01 දින සිට සියළුම හෝටල්, සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය කිරීමට මා යෝජනා කරනවා. එසේ ලියාපදිංචි නොවන හෝටල් සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය ක‍්‍රියා කළ යුතුයි.
     
    254.  වාණිජ මණ්ඩල සංසදය (Federation of Chambers)  යටතේ ලියාපදිංචි වී ඇතිල හෝටල් වාණිජ මණ්ඩලය මඟින් පාලනය කරනු ලබන තරු පන්ති වර්ගීකරණය යොදා ගැනීමට හෝටල් ව්‍යාපාරිකයන් උනන්දු කිරීමට මා කැමතියි. 
     
    255. රුවල් නැව් (Yatch) ගැල් රථ, (Caravan Carriages), රළමත පදින ක‍්‍රීඩා උපකරණ (Surfing Equipment), වේග බෝට්ටු (Speed Boats)  සහ කුඩා සංචාරක බෝට්ටු ආදියෙහි ආනයන බදු ඉවත් කිරීමට මා යෝජනා කරමි. 
     
    බැංකු සහ මූල්‍ය 
     
    කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (CIFC)
     
    256. ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාව තුළ මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳව වසර ගණනාවක් පුරා අප පුරසාරම් දෙඩුවද මෙතෙක් එවැන්නක් ඇති කර නැත. සමස්ත ලෝක ජනගහණයෙන් හතරෙන් එකක් පමණ වෙසෙන සාර්ක් කලාපය තුළ අපේ භූගෝලීය පිහිටීම එවැනි මධ්‍යස්ථානයක්  පිහිටුවීම සඳහා අපට ඉඩකඩ හා අවකාශ සලසා තිබෙනවා. ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය බලය හා ශක්තිය සැපයීමේ හැකියාවක් මූල්‍ය මධ්‍යස්ථාන සතුවේ. ඒ සඳහා අපගේ පාර්ශවයෙන් විශේෂිත භෞතික හා ඩිජිටල් යටිතල පහසුකම්ල මානව ප‍්‍රාග්ධනයල අවශ්‍ය නීතිමය හා නියාමන පහසුකම් සැලසීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. හොඳ ප‍්‍රතිඵල ගෙන දිය හැකි කටයුතු සඳහා මුදල් අයෝජනය කළ යුතුය යන්න මගේ විශ්වාසයයි. මේ තත්ත්වය යටතේ අප කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කරනවා. 
     
    257.  මෙම විශේෂිත කලාපය ඩුබායිවල පිහිටි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයට සහ ලෝකය පුරා ඇති අනෙකුත් එවැනි මධ්‍යස්ථානවලට නොදෙවෙනි අයුරින් ගොඩනැගෙනු ඇත. එය ඩී. ආර්. විජේවර්ධන මාවත සමීපයේ වර්ග අඩි 300,000 ක බිම් ප‍්‍රමාණය තුළ ගොඩනැගෙනු ඇත. මූල්‍ය අංශයේ නියාමන අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ඉක්මනින් හා සාධාරණ  අයුරින් වෙළඳ ආරවුල් විසදීම සඳහා වන වානිජ අධිකරණයකින්ද මෙම මධ්‍යස්ථානය සමන්විත වනු ඇත.  මෙම  වැදගත් පියවර පසුගිය රජයේ කුප‍්‍රකට”කැසිනෝ ” යෝජනාව මෙන් නොව වැඩි රැකියා අවස්ථාවන් ඇති කරනු ලබන ශක්තිමත් ව්‍යාපාර ආයතනයක් වනු ඇත. මෙම මධ්‍යස්ථානයේ කොටස්කරුවන් වන ලෙසට ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක දේශීය සහ ජාත්‍යන්තර බැංකු වෙත අප ආරාධනය කර සිටිනවා. මෙය 2016 අපේ‍්‍රල් 1 දින සිට ක‍්‍රියාත්මක වීමට නියමිතය.
     
    වාණිජ බැංකුකරණය
     
    258.  ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ ලියාපදිංචි වූ බැංකු 32 ක් සහ මූල්‍ය සමාගම් 48 ක් තිබෙනවා.  ශ‍්‍රී ලංකාවේ බැංකු තිරස් ලෙස පුළුල් වී ඇති අතර ඒ හේතුවෙන් මෙම අංශය සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී ඇත.  අද වන විට අපගේ බැංකු ඒ.ටී.එම් (ATM), ඊ- බැංකු(e-Banking)  සහ අනෙකුත් නවීන පහසුකම්  තම පාරිභෝගිකයින්ගේ දොරකඩටම ගෙනගොස් තිබෙනවා. බැංකු ක්ෂේත‍්‍රයේ ඇතිවී ඇති මෙම ව්‍යාප්තිය පිලිබඳව මගේ සුබපැතුම් පිරිනමනවා. ඒ සමඟම ඇප මත පදනම් වූ ණය ලබා දීමට පමණක් අපගේ බැංකු සීමා වී ඇති බවද ‘‘ව්‍යාපාරික මාදිලිය’’ පදනම් කර ගත් ණය සැපයීමට පසුබට වී ඇති බව ද නොකියා බැරිය. මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ වර්ධනයටත්, නව ව්‍යාපාර ඇරඹීමේ සංස්කෘතියක් බිහිවීමටත් බාධාවක් වී තිබෙනවා.
     
    xගරු කථානායකතුමනි, අපගේ බැංකු ක්ෂේත‍්‍රය තවමත් විශාල බැංකු කිහිපයකට හා කුඩා බැංකු කිහිපයකට සීමා වී තිබෙනවා. එබැවින් ශක්තිමත් ශේෂපත‍්‍රයක් ලබාගැනීම, දේශීය සහ විදේශීය වෙළඳපල තුළ වඩා පුළුල් තත්ත්වයක් සහ ඉහළ මට්ටමක ශ්‍රේණිගත වීම සඳහා මෙම බැංකු ස්වේච්ඡාවෙන් ඒකාබද්ධවීම සඳහා උනන්දු කරනවා. එම කාර්යය කළ යුත්තේ සිටින සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතභවය තහවුරු කරන ආකාරයට බවද මා අවධාරණය කරනවා.
    x ගරු කථානායකතුමනි, නිවාස සංවර්ධන මූල්‍ය සමාගම් බැංකුව (HDFC Bank)  සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වඩා විශාල ලෙස ශක්තිමත් වූ ”ජාතික නිවාස බැංකුව” ලෙස ඒකාබද්ධ කිරීමට මා යෝජනා කරනවා.  එසේම ලංකා පුත‍්‍ර බැංකුව (LDB)  සහ ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB)  ලංකා ව්‍යවසාය සංවර්ධන බැංකුව ලෙස ඒකාබද්ධ කිරීමට ද මා යෝජනා කරනවා.  එමෙන්ම ශ‍්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ ඒකාබද්ධ කිරීමට  ද මා යෝජනා කරනවා.  
    x දැනට දිවිනැගුම බැංකුව සතුව තැන්පතු වශයෙන් රුපියල් බිලියන 59 ක්  පමණ තිබෙනවා. මෙතරම් විශාල මුදලක් කළමනාකරණය කිරීම සඳහා එම බැංකුවට හැකියාවක් නැත. මෙම බැංකුවේ කොටස්කරුවන් අපගේ සමාජයේ සිටින දුෂ්කරතාවයන්ගෙන් වැඩියෙන්ම පෙළෙන අය බැවින් මෙම අරමුදල ආරක්ෂා කිරීම අප වෙත පැවරී ඇති වගකීමකි. එබැවින්, දිවිනැගුම බැංකුවේ අරමුදල් වෘත්තීය කළමනාකරණය තුලින් ආරක්ෂා කිරීමේ අරමුණින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ සම්බන්ධ කිරීමට යෝජනා කරනවා.
     
    259.ගරු කථානායකතුමනි, සියළුම බලපත‍්‍රලාභී බැංකු ප‍්‍රධාන බැංකු කටයුතු කෙරෙහි  වඩා වැඩි අවධානයක් යොමුකළ යුතු බවට මා යෝජනා කරනවා. කෙසේ වෙතත්, බැංකු කල්බදු ව්‍යාපාරය වෙත යොමු වීම නිසා සිය ප‍්‍රධාන කාර්ය භාරයෙන් වෙනතකට යොමු වී තිබෙනවා. එබැවින් අදාළ බැංකු 2016 ජුනි 1 වන දින සිට කල්බදු ව්‍යාපාරයේ යෙදීම නතර කළ යුතු වෙනවා.
     
    260ග  අද බැංකු සමහර ක්ෂේත‍්‍රවලට ණය ලබාදීමට මැලිබවක් දක්වනවා.   එය එම ක්ෂේත‍්‍රවල වර්ධනය සීමා කිරීමට හේතු වී තිබෙනවා.  මෙම පසුබිම යටතේ සියළුම බැංකු තමන්ගේ මුළු ණය ප‍්‍රමාණයෙන් අවම වශයෙන් සියයට 10 ක් කෘෂිකර්මයටද, සියයට 5 ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට තවත් සියයට 5ක් තරුණයින් සහ කාන්තාවන් වෙනුවෙන් ද වෙන්කළ යුතු බවට මා යෝජනා කරනවා. ජාත්‍යන්තර රත‍්‍රන් මිල විශේෂයෙන් විශාල වශයෙන් රත‍්‍රන් උකසට ගන්නා දේශීය බැංකු කෙරෙහි බලපෑමක් ඇති කරන හෙයින් සෑම බැංකුවක්ම තමන්ගේ මුළු ණය ප‍්‍රමාණයෙන් රත‍්‍රන් උගස් ණය සියයට 5 කට සීමා කරන ලෙසට ඉල්ලා සිටිනවා.  කොටස් වෙළඳපොලෙහි කටයුතුවල නිරත සිය ගනුදෙනු කරුවන්ට ණය පහසුකම් වැඩිකිරීම සඳහාද මා  බැංකු දිරිමත් කරනවා. 
     
    261.උකස් තැරව්කරුවන් සඳහා වන ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 25,000 දක්වා වැඩිකළ හැකි අයුරින් උකස් තැරව්කරුවන්ගේ ආඥා පනත (Pawnbrokers Ordinance) සංශෝධනය කිරීමට යෝජනා කරනවා.
     
    262. රටේ මූල්‍ය ක‍්‍රමපද්ධතිය සංවර්ධනය කිරීමේ රජයේ උපාය මාර්ගයේ කොටසක් ලෙස රටේ සියළුම ගෙවීම් හා පියවීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම දරන ආයතනයක් වන ජාතික ගෙවීම් සභාව නැවත ස්ථාපිත කර ඇත. මෙය කොළඹ මූල්‍ය මධ්‍යස්ථානය පිහිටුවීමේ කටයුත්ත ද පහසු කරවනු ඇත.
     
    263.ප‍්‍රමාණවත් තරම් මුදලක් ගිණුම්වල නොමැතිව චෙක්පත් නිකුත් කිරීම සහ විශාල ලෙස චෙක්පත් අගරුවීම බැංකු ක්ෂේත‍්‍රයේ විශාල ගැටළුවක් බවට පත්වී තිබෙනවා.  එසේම මෙය වංචාකාරී ලෙස ව්‍යාපාර කිරීම සඳහා ද යොදා ගනු ලැබේ. විශ්වාසනීය ව්‍යාපාර සංස්කෘතියක් ඇති කිරීම සඳහා සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා චෙක්පත් අගරුවීමේ අවස්ථා සාපරාධී වරදවල් ලෙස සලකා එවැනි වරදවල්වලට එරෙහිව තදබල නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට යෝජනා කරනවා.
     
    264. ගරු කථානායකතුමනි, බැංකු දෙකක් හැර අනෙකුත් දේශීය බැංකු තම ව්‍යාපාරික කටයුතු ජාත්‍යන්තර වශයෙන් පුළුල් කර නැහැ. නමුත් ඒ සඳහා ඇති අවස්ථා ඉතා ඉහළයි. අපගේ දේශීය බැංකුවලට එම අවස්ථා සොයා ගැනීමට අවස්ථාව ඇති බවට මා විශ්වාස කරනවා. එබැවින් දැනට පවතින බදු දිරිගැන්වීම් ප‍්‍රයෝජනයට ගනිමින් තම බැංකුවල ව්‍යාපාරික කටයුතු ජාත්‍යන්තරය දක්වා පුළුල්  කිරීම ධෛර්යමත් කරනවා.
     
    265.  තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා තමන්ගේ ශේෂපත‍්‍රයන් (Balance Sheet)  පදනම් කරගෙන විදේශ ආයතනවලින් ණය ගැනීම් කෙරෙහි දේශීය සමාගම් තවදුරටත්  ධෛර්යමත් කරනවා. මෙම ණයවල පොලී අනුපාතයන් වෙළඳපලේ පවතින තරගකාරී අනුපාතයන්වලට පුළුල් වශයෙන් අනුරූප විය යුතුය. එවැනි අවස්ථාවලදී සිදුවිය හැකි විදේශීය විනිමය අනුපාත වෙනස්වීමේ අවදානම අදාළ ණය ලබා ගන්නා සමාගම් විසින්  දරා ගත යුතුවේ.  පොලී ගෙවීම් ලෙස විදේශ වෙත යවනු ලබන මුදල් ඒ පිළිබඳව සිදුවිය හැකි වංචා අවම කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ඇත.
     
    266. ගරු කථානායකතුමනි, බැංකු තමන්ගේ අක්වෙරළ ව්‍යාපාර කටයුතු (Offshore Banking)  රටෙන් පිටතට ව්‍යාප්ත කර විදේශ විනිමය ශ‍්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු කිරීම  ධෛර්යමත් කිරීමට කැමැතියි. මෙමගින් නිල සංචිත ශක්තිමත් වනවා මෙන්ම බැංකුවලට තම ව්‍යාපාරික කටයුතු සඳහා වැඩි වශයෙන් දේශීය අරමුදල් යොදා ගැනීමටද හැකි වනු ඇත. 
     
    267.ගරු කථානායකතුමනි, අනේවාසිකයින් සඳහා වන රජයේ සුරැකුම්පත් සීමාව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වශයෙන් නිකුත්කර ඇති මුළු ප‍්‍රමාණයෙන් සියයට 12.5 සිට සියයට 10 ක් දක්වා සංශෝධනය කිරීමට මා යෝජනා කරනවා. මෙමගින් දේශීය ආයෝජකයින්ට රජයේ සුරකුම්පත්වල ආයෝජනය සඳහා වැඩි ඉඩප‍්‍රස්ථාවක් සැලසෙන අතර මෑත කාලීනව සිදු වූ ලෙස අනේවාසිකයින් විසින් ඔවුන්ගේ ආයෝජන හදිසියේ ආපසු ගැනීම හේතුවෙන් විදේශ විනිමය අනුපාතයට සිදුවිය හැකි අහිතකර බලපෑම සහ සංචිත අඩුවීමේ අවදානම අඩු වනු ඇත.
     
    268. අප ඉතා නවීන මුදල් කළමනාකරණ ක‍්‍රමයක් වෙත ගමන් කරමින් සිටිනවා. ආරක්ෂිත හේතු මත මුදල් ප‍්‍රවාහනය අධෛර්යමත් කිරීම සඳහා මුදල් ආපසු ලබාගැනීමේදී පහත සඳහන් ගාස්තු පැනවීමට මා යෝජනා කරනවා. 
     
                      රුපියල් මිලියන 1 කට වඩා අඩු අය කිරීමක්  නැත
     
                      රුපියල් මිලියන 1 ක් සහ රුපියල් මිලියන 10 ක් අතර සියයට 2 ක්
     
                      රුපියල් මිලියන 10 ට වඩා වැඩි  සියයට 3 ක්
     
     
     
     
    269. බැංකු අණකර සඳහා අය කරන ගාස්තුව එක් අණකරයකට රු. 150 ක් නොඉක්ම විය යුතු බවටද මා යෝජනා කරනවා. 
     
    270.එම කාරණයට අදාලවම වැටුප් ගෙවීම් කාර්යය සඳහා  තම සියළුම සේවකයින්ට බැංකු ගිණුමක් විවෘත කරන ලෙස උපදෙස් දෙන්නැයි මා සියළුම සේවා යෝජකයින්ට යෝජනා කරනවා. 
     
    271ග ගරු කථානායකතුමනි, සියළු ව්‍යවස්ථාපිත ගෙවීම් පිළිබඳව  පසු විපරම් කිරීමේ පහසුව සඳහා සියළුම සමාගම් විසින් සෘජු හර කිරීම් කටයුතු සඳහා ඒ සඳහාම වෙන්වූ බැංකු ගිණුමක් (Dedicated Bank Account) පවත්වාගෙන යා යුතු බවට මා යෝජනා කරනවා. 
     
    272.  වාහන වෙනුවෙන් කල්බදු පහසුකම් ලබාගැනීම සඳහා අවශ්‍ය වන තක්සේරු සහතික සඳහා අයකරනු ලබන ගාස්තු 2016 ජනවාරි 01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරනු  ලබනවා.  ඒ අනුව මෝටර් බයිසිකල් සහ ත‍්‍රීවීල් වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු රුපියල් 2,500 ක් ද වන අතර, මෝටර් කාර් රථ ඇතුළු අනෙකුත් සියළුම වාහන වෙනුවෙන් අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000 ක්  විය යුතු බවට මා යෝජනා කරනවා.
     
    273. ගරු කථානායකතුමනි, නාගරික ප‍්‍රදේශවල පමණ ඉක්මවා බැංකු ශාඛා පිහිටුවා ඇති බවද මූල්‍ය පහසුකම් සඳහා පිවිසීමට ඇති ඉඩකඩ සීමා කරමින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල බැංකු කටයුතු සඳහා අඩු පහසුකම් ඇති බවද ඔබ පිළිගන්නවා ඇති. ඒ අයුරින් ඇතිවන අසමතුලිතතාවය විසඳිම සඳහා ආර්ථික ක‍්‍රියාකාරකම් වැඩි කරන අතරම සියළුම බැංකු සියයට 15 කින් තම ශාඛාජාලය පසුගාමී ප‍්‍රදේශ දක්වා ව්‍යාප්ත කළයුතු බවට මා යෝජනා කරනවා.  මෙම ශාඛාවක අවම වශයෙන් සේවකයින් 6 දෙනෙකුවත් සිටිය යුතු වනවා.
     
    274. ගරු කථානායකතුමනි, මූල්‍ය අංශයේ වර්ධනය සඳහා මූල්‍ය පහසුකම් වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීම සඳහා අවදානම් පදනම් කරගත් මිල මත ණය දීම, මූල්‍ය විනය වැඩිදියුණු කිරීම සහ මූල්‍ය ආයතන අතර තරඟකාරිත්වය ඇති කිරීම සඳහා ණය තොරතුරු කාර්යාංශවල ක‍්‍රියාකාරිත්වය ඉතා වැදගත් වනවා. දැනටමත් මෙරට ණය තොරතුරු කාර්යාංශයක් (CRIB)  රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මක වනවා.  කෙසේ වුවත්, මූල්‍ය ක්ෂේත‍්‍රයේ වර්ධනය සැලකිල්ලට ගෙන පෞද්ගලික ණය තොරතුරු කාර්යාංශය ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ ඇතිකිරීමට පෞද්ගලික අංශය උනන්දු කරවනවා. මෙහි පාර්ශවකරුවන් ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව, සේම මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම්, පහසුකම් සපයන්නන් ආදී විවිධ ක්ෂේත‍්‍රයන්ගෙන් සැදුම්ලත් ආයතන සහභාගි වනු ඇත.  මේ සඳහා අවශ්‍ය නීති රීති සංශෝධනය කිරීමට මා යෝජනා කරනවා. එසේම, රක්ෂණ ව්‍යාපාරය සඳහා ද පෞද්ගලික ණය තොරතුරු කාර්යාංශයක් ඇරඹීම මා දිරිමත් කරනවා. 
     
    275.  ඒ සමඟම, වාණිජ බැංකුවල පවතින අක‍්‍රිය ගිණුම්වල ඇති මුදල් 2016 ජනවාරි 1 දින වන විට ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුයැයි යෝජනා කරනවා. 
     
     
    මූල්‍ය සමාගම්
     
    276.  ගරු කථානායකතුමනි, පසුගිය දශකය තුළ මූල්‍ය ආයතන රාශියක් අර්බුදයට ලක්වූ බව ඔබතුමාට මතක ඇතැයි සිතනවා.  මෙම අර්බුදයේ ප‍්‍රතිඵල සමාජයේ සෑම කෙනෙකුටම දැනුණු අතර අපගේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ස්ථාවරත්වයට ද එය හානිකර වුනා. තැන්පත්කරුවන් කණගාටුදායක ලෙස පිටුදකිනු ලැබුවා. මෙහිදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සිය අධීක්ෂණ කාර්යය ඉටු කිරීමට අපොහොසත් වී ඇත්තේ යුග ගණනක් පුරා පැවති ස්වාධීනත්වය දේශපාලනීකරණය මත කැප කිරීමට සිදුවීම නිසාය. 
     
    277. ගරු කථානායකතුමනි, මූල්‍ය සමාගම් අවදානම් තත්ත්වයක පැවති අතර ඔබතුමාද දන්නා පරිදි ගෝල්ඩන්කී තැන්පත්කරුවන්ට සහන සැලසීම සඳහා රජයට විශාල වැය බරක් දැරීමට සිදුවුනා. මෙම ගැටළුවට දීර්ඝකාලීන විසදුමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති Revolution Trust Corporation  හා සමාන මූල්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ආයතනයක් (Financial Intitutions Restucturing Agency - FIRA)  නුදුරු අනාගතයේ දී  ස්ථාපිත කරනු ලැබේ. එමගින් අර්බුදයට ලක්වන මූල්‍යායතන ප‍්‍රතිප‍්‍රාග්ධනීකරණයට සහාය වීමේ සහ ඒවායේ අර්බුදයට ලක්වී ඇති වත්කම් භාරගෙන එම ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් කටයුතු කරනු ඇත. තැන්පතු පොලිය සහ ණය පොලී අතර අතිවිශාල වෙනස මූල්‍ය ක්ෂේත‍්‍රයේ අකාර්යක්ෂමතාවය පෙන්නුම් කරයි.  මෙය ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර ප‍්‍රජාවට සහ ව්‍යාපාර ක්ෂේත‍්‍රයට දැරීමට සිදුවන අතරමැදි වියදම වැඩිවීමට හේතුවක් වී තිබෙනවා. මූල්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කරන ආයතනය ( FIRA)  වෙත රජය විසින් මූලික ප‍්‍රාග්ධනය වශයෙන් රුපියල් මිලියන 10 ක්ද වසර 5 කින් කල් පිරෙන රුපියල්  බිලියන 25 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ද ලබා දෙනු ඇත. මෙලෙස ප‍්‍රතිව්‍යුහගත කරන ලද මූල්‍යායතන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දැඩි අධීක්ෂණයට යටත් කරනු ලැබේ.  කෙසේ වුවද මේ සඳහා ප‍්‍රවේශයක් වශයෙන් තැන්පත්කරුවන්ට ආරක්ෂාව සහ සහනයක් ලබා දීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සියයට සියයක (100 %)  ඇපකරයක් සියළුම ලියාපදිංචි මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් සඳහා 2016 ජනවාරි මස අග භාගයේ දී ලබාදෙනු ඇත.  
     
    278. ගරු කථානායකතුමනි, බැංකු නොවන ක්ෂේත‍්‍රය තුළ අනවශ්‍ය ලෙස තැන්පතු කේනද්‍ර ගතවීම  වැලැක්වීම සඳහා මූල්‍ය ආයතන විසින් ගෙවනු ලබන පොලී අනුපාතයන් සඳහා උපරිම සීමාවක් පැනවීමට මා යෝජනා කරනවා.  තවද, මූල්‍ය ආයතන විසින් ලබා දෙන ණයකාඞ් පත් (Credit Cards)  සහ වෙනත් පෞද්ගලික ණය වෙනුවෙන් අයකරනු ලබන ඉහළ පොලී අනුපාතයන් සහ දඩ මුදල් නිසා අපහසුවට පත්වන මහජනයා ආරක්ෂා කිරීමට ද කටයුතු කරනු ඇත.  මේ සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක අනෙකුත් බැංකු හා ඒකාබද්ධව ලබාදෙන ණය උපදේශක සේවා වඩාත් පුළුල් කරනු ඇත. වැඩි විශ්වාශයකින් යුත් පුද්ගලයන්ට මූල්‍ය ආයතනය විසින් ඉහළ පොළී සහිතව විශාල ණය ලබා දීම සීමා කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් උපදෙස් නිකුත් කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. 
     
     
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු
     
    279. වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියන 1 දක්වා තැන්පතු වෙනුවෙන් සියයට 15 පොලී අනුපාතයක් දැනටත් ලබා දෙනවා. ඉදිරියට මෙම සහනය ලබන වයස් සීමාව අවුරුදු 60 සිට 55 දක්වා අඩු කිරීමට තැන්පතු මුදල රුපියල් මිලියන 1.5 දක්වා වැඩි කිරීමටත් මා යෝජනා කරනවා. මෙම පහසුකම සපයන  බලපත‍්‍රලාභී මූල්‍ය සමාගම් හරහා ලබා දෙනු ඇති අතර  සියයට  1.5 ක පොළී සහනාධාරයක් රජය මගින් ලබා දෙනු ඇති. මේ සඳහා රුපියල් මිලියන 1,500 ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙම තැන්පතු සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂාව ලැබෙන හෙයින් තැන්පත්කරුවන්ගේ විශ්වාසය වැඩි වන බව මා සඳහන් කිරීමට කැමතියි.
     
     ඉතුරුම් සංස්කෘතියක් නිර්මාණය කිරීම
     
    280. ගරු කථානායකතුමනි, රටේ ජාතික ඉතුරුම් වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරන අතර රටතුල ඉතුරුම් සංස්කෘතියක් නිර්මාණය කිරීම වඩා වැදගත් වෙනවා.  මෙම පසුබිම තුළ සියළුම බැංකුවලින් මා ඉල්ලා සිටින්නේ පාසැල්වලට ඇතුලත්වන සියළු ළමුන් සඳහා වර්ෂයකට රුපියල් 250 ක අවමයකට යටත්ව ළමා ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කරන ලෙසයි.  මෙම රාජ්‍ය ප‍්‍රතිපත්තිය සඳහා බැංකුකරුවන්ගේ ආයතනය සිය සහයෝගය පළකර ඇති අතර බැංකු ක්ෂේත‍්‍රයේ සැමදෙනාම පෙරට පැමිණ මෙම අගනා කාර්යයට සහාය දෙන ලෙස අදාළ බැංකු උනන්දු කරවනවා. මෙය 2016 ජනවාරි මස 1 වන දින සිට ක‍්‍රියාත්මක වනු ඇත. 
     
     
    ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම සඳහා ප‍්‍රාග්ධන වෙළඳපොල
     
    281. ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග්ධන වෙළඳපොල තවමත් අත නොගැසූ සම්පතක් ලෙස පවතිනවා.  ව්‍යාපාර කටයුතුවල පුළුල්වීම සහ වර්ධනය සඳහා ඉතාමත් අවශ්‍ය වන අඩු වියදම් දිගුකාලීන මූල්‍ය පහසුකම් සංවර්ධනය වූ ප‍්‍රාග්ධන වෙළඳපල විසින් ව්‍යාපාර වෙත සපයනු ලබයි. අපගේ ප‍්‍රාග්ධන වෙළඳපල සීමිත තාක්ෂණ භාවිතය හා යහපාලනයේ ප‍්‍රමාණවත් මිණුම්දඩු නොමැතිවීම හේතුවෙන් බාධාවන් මධ්‍යයේ ක‍්‍රියාත්මක වෙනවා. ගරු කථානායකතුමනි, ඔබතුමා නිසැකවම දන්නා  පරිදි සුරැකුම්පත් හා විනිමය  කොමිෂන් සභාව පසුගිය වසර 10 ක කාලය තුල දැඩි පීඩාවකට ලක්ව තිබූ අතර එයට හේතුව වූයේ කොටස් වෙළඳපල හා සම්බන්ධ වන්නන්ට ව්‍යාපාරික විනය පිළිබඳව හැඟීමක් ඇතිකිරීමට නොහැකි වීමයි. අපගේ රජය මෙම තත්ත්වය පාලනය කිරීම ගැන විමසිලිමත්ය. මා විශ්වාස කරන පරිදි ආයෝජන ප‍්‍රජාවෙහි අපේක්ෂාවන් පසුගිය මාස කිහිපය තුළ නිසැකවම වර්ධනය වී තිබෙනවා. මේ පසුබිම තුළ යහපාලනය හා ප‍්‍රතිසංස්කරණවලට රජය කැපවී සිටින තත්ත්වයක් යටතේ ප‍්‍රාග්ධන වෙළඳපලෙහි ප‍්‍රතිසංස්කරණ ද හඳුන්වා දෙනු ඇත. 
     
    282. ගරු කථානායකතුමනි, කොළඹ කොටස් වෙළඳපල මේ දක්වා සාමාජිකයන්ට පමණක් අයත් ඒකකයක් වන අතර එය ලාභ අපේක්ෂාවෙන් පවත්වාගෙන යනු ලබන ආයතනයක් නොවේ. ලෝකයේ සාර්ථකව ඇති කොටස් හුවමාරු දෙස බැලීමේ දී ඒවා අසාමූහික තත්ත්වයන් යටතේ ක‍්‍රියාත්මක වන බව දක්නට ලැබෙනවා.
     
    283. මේ ආකාරයෙන් අසාමූහිකව කටයුතු කිරීම වැදගත් වන්නේ මූල්‍ය මැදිහත්කරුවන් තෘප්තිමත් කිරීම වෙනුවට වෙලඳපොල සහභාගි වන්නන්ගේ ගැටළුවලට අවධානය යොමු කිරීම නිසාවෙනි. තවද මෙමගින් ඉහළ මට්ටමේ විනිවිදභාවයක් පවත්වාගෙන යාම සඳහා තාක්ෂණය භාවිතා කිරීම සහතික කරනු ලබනවා. එසේම රජය කොටස් වෙළෙඳපලහි  යහපත වෙනුවෙන් විනිවිද භාවයෙන් ක‍්‍රියා කරන සාධාරණ හා කාර්යක්ෂම පරිසරයක් ඇතිකිරීමට කැප වී ඇති හෙයින් 2016 වර්ෂය තුළ කොළඹ කොටස් වෙළඳපල අසාමූහික කිරීමේ ක‍්‍රියාවලිය අවසන් කිරීමට යෝජනා කරනවා.
     
    284. ගරු කථානායකතුමනි, මෙම රජය කොටස් වෙළඳපොල කාර්යක්ෂමව හා ඵලදායීව ක‍්‍රියාත්මක කරවීමට සුදුසු පරිසරයක් ඇතිකිරීමට කැපවී සිටිනවා. කොටස් වෙළඳපොලෙහි වර්ධනය පහසු කරවීමට අවශ්‍ය ප‍්‍රධානතම අංගයක් වන්නේ සුදුසු නියාමන රාමුවක් පැවතීමයි. එසේම වෙළඳපොලේ පවත්නා නියාමන දුර්වලතාවයන් ආමන්ත‍්‍රණය කිරීම සඳහා කොටස් හා විනිමය පනත සංශෝධනය කිරීමට ද යෝජනා කරනවා.
     
    285.ගරු කථානායකතුමනි, ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම ප‍්‍රවර්ධනය කිරීම සහ ඒවා සාර්ථක වීමේ දීර්ඝ කාලීනව අඩු වියදම් ප‍්‍රාග්ධනය ලබාදීම වැදගත් වෙනවා. 2012 වර්ෂයට සාපේක්ෂව 2014 වර්ෂයේදී ශ‍්‍රී ලංකාවේ සංයුක්ත ණය සුරැකුම් වෙළඳපල රුපියල් බිලියන 50 ක් දක්වා වර්ධනයක් පෙන්නුම් කරමින් කාර්යක්ෂමව කටයුතු කර තිබෙනවා. මෙය සිව් ගුණයක වර්ධනයකි. එසේම සංයුක්ත ණය සුරැකුම් වෙළඳපොලෙහි ව්‍යාප්තිය පහසු කරලීම සඳහා 2016 වර්ෂයේදී එහි කටයුතුවලට අදාළ ආදායම් බදු සහ රඳවා ගැනීම් බදු ඉවත් කිරීමට යෝජනා කරනවා. 
     
    286.ගරු කථානායකතුමනි, රජයේ සුරැුකුම්පත් අලෙවි කිරීම සඳහා අලෙවි ව්‍යුහයක් (Trading Platform)  අප සතුව නොමැත.  එබැවින්, ණය හුවමාරුව ලෙසින් හඳුන්වන සංස්ථාගත ණය සුරැකුම් (Corporate Debt Security)    ඇතුළුව අනෙකුත් ණය උපකරණ දක්වා රජයේ ගනුදෙනු ව්‍යාප්ත කිරීමට හැකි බැඳුම්කර නිශ්කාෂන ආයතනයක් පිහිටුවීමට මා යෝජනා කරනවා.  ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම බැඳුම්කර නිශ්කාෂන ආයතනය පිහිටුවනු ලබනවා.  බැඳුම්කර නිශ්කාෂන ආයතනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක තත්ත්වයට පත්වූ පසු ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක පාලනයට යටත් කිරීමට ද මා යෝජනා කරනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ අලෙහි ව්‍යුහයක් පිහිටුවීම සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
     
    287. මේ අතරම, පහත වැටී ඇති කොටස් ගනුදෙනු ඉහළ නංවමින් කොටස් වෙළඳපොලේ ගනුදෙනු දිරිමත් කිරීම සඳහා කොටස් ගනුදෙනුවක් සඳහා ගැනුම්කරුවන්ගෙන් සහ විකුණුම්කරුවන්ගේ අයකරනු ලබන සියයට 0.3 ක් වන කොටස් ගනුදෙනු බද්ද ඉවත් කරනු ලැබේ. මීට අමතරව, කොටස් සහතික මත පනවන මුද්දර බද්දද ඉවත් කරනු ඇති.
     
    288ගගරු කථානායකතුමනි, කොටස් වෙළඳපලේ අස්ථාවරත්වයන් හේතුවෙන් කොටස් තැරැුව්කරුවන්ට සැලකිය යුතු තරම් අර්බුදවලට මුහුණපෑමට සිදුවී තිබෙනවා.  ප‍්‍රාග්ධන වෙළඳපොලේ දිගුකාලීන දියුණුව තහවුරු කිරීම සඳහා කොටස් තැරැව්කරුවන් ඔවුන් විසින්ම ස්ථාවර වීම අතිශයින් වැදගත් වන බව පෙනේ.  ඒ අනුව, කොටස් තැරැව්කරුවන්ගේ ධාරිතාව හා හැකියාව ශක්තිමත් කර ගැනීම සඳහා ඔවුන් ඒකාබද්ධ වීම සඳහා උනන්දු කරනවා. 
     
    289. ගරු කථානායකතුමනි, වාණිජ හා මූල්‍ය වෙළඳපල කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වීම තහවුරු වීම සඳහා දත්තවල නිරවද්‍යතාව වැදගත් වෙනවා. තොරතුරුවල විශ්වශනීයත්වය තහවුරු කිරීම සඳහා විගණන හා ගිණුම්කරණ ප‍්‍රමිත විශාල කාර්යභාරයක් ඉටුකරනවා. ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ රටෙහි සියලූම ව්‍යාපාරික ආයතන භාවිතා කරනු ලබන ශ‍්‍රී ලංකා විගණන හා ගිණුම්කරණ ප‍්‍රමිතීන් සකස් කරනු ලබන ශ‍්‍රී ලංකා විගණන හා ගිණුම්කරණ ප‍්‍රමිති අධීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කළ යුතුව තිබෙනවා.  ගරු කථානායකතුමනි, තාක්ෂණික හා මූල්‍ය සම්පත් ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ආයතනයේ කටයුතුවලට බාධා පැමිණ ඇත.  පසුගිය රජයන් මෙම ආයතනයේ අවශ්‍යතාවයන් නොසලකා හැර තිබෙනවා.  මෙම ආයතනයේ කාර්යභාරය සහ විෂයපථය පුළුල්කිරීම සඳහා අදාල පනත සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අප විසින්  කටයුතු කරනු ඇත. ඒ අනුව මෙම ආයතනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 100 වෙන්කිරීමට මා යෝජනා කරනවා.
     
    290ගගරු කථානායකතුමනි, දේපල වෙළඳාම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප‍්‍රාග්ධනය සැපයීමට සහ කුඩා ආයෝජකයින්ට දේපල වෙළඳාම් ක්ෂේත‍්‍රයේ වර්ධනයෙහි ප‍්‍රතිලාභ සෘජුව ලබා ගැනීමට හැකිවන පරිදි, ලැයිස්තුගත දේපල වෙළදාම් භාරයන් (Real Estate Trusts)  පිහිටුවීමට මා යෝජනා කරනවා. දේපල, වත්කම් මෙම භාරයට මාරු කිරීමේදී මුද්දර බද්දෙන් නිදහස් කරනු ලබන අතර එහි අගය මෙන් අවම වශයෙන් සියයට 90 ක් ව්‍යාපාරයේ ඒකක හිමිකරුවන්ට ලබා දෙනු ඇත. 
     
    291. තවද, ජනගහන විකාශයේ වෙනස් වීමත් සමඟ ‘‘උකස් ආපසු හැරවීම’’ (Reverse Mortgages)  පිළිබඳව සලකා බැලීම සුදුසුය. 
     
    292.ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාව විසින් මෙතෙක් යොදා ගනු ලැබුවේ ඇමෙරිකානු ඩොලර් මගින් නිකුත් කළ බැඳුම්කර පමණි.  මේ පිළිබඳව ඉදිරි පියවරක් වශයෙන් චීන යුවාන් සහ සුකුක් බැඳුම්කරද ඇතුළු සාම්ප‍්‍රදායික නොවන බැඳුම්කර පිළිබඳව විමර්ශනය කළ යුතුය.  එමගින් ණය ගැනීමේ වියදම අඩු කර ගත හැකිවනු ඇත.
     
    293. ගරු කථානායකතුමනි, කොටස් වෙළඳපොලෙහි පවත්නා රෙගුලාසිවලට අනුගතවීමේ නොහැකියාව නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට කොටස් වෙළඳපොලෙහි ලැයිස්තු ගතවීම අපහසු වී තිබෙනවා. එබැවින් එය සුළු හා මධ්‍ය පරිමාණ අංශයට දිගුකාලීන හා සාපේක්ෂ වශයෙන් පිරිවැය අඩු මූල්‍ය පහසුකම් ලබා ගැනීමට බාධාවක්ව පවතී. එම බාධා ඉවත් කිරීමට කොළඹ කොටස් වෙළඳපලේ නව සුළු හා මධ්‍ය පරිමාණ කවුළුවක් පිහිටුවීමට යෝජනා කරනවා. එහිදී එම අංශය, කොටස් වෙළඳපොලෙහි අවශ්‍යතාවයන් සඳහා දැඩිව අනුකූල වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කෙරෙනු ඇත.  මෙය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය තුළ ආයෝජනය කර ඇති ව්‍යාපාර ප‍්‍රාග්ධන සැපයුම් සමාගම්වලට පහසුවෙන් ඉන් ඉවත් වීමට ඉඩ සලසනු ඇත.
     
    294.කොටස් වෙළඳපලේ ලැයිස්තුගත කිරීම සඳහා විදේශ සමාගම් ආකර්ශණය කරගැනීමට කොළඹ කොටස් හුවමාරුව (CSE)  සක‍්‍රීය කාර්යභාරයක් ඉටුකළ යුතු බවට මා යෝජනා කරනවා.  කොටස් වෙළඳපලෙහි ලියාපදිංචි දේශීය සමාගම් වසර 2 ක් සඳහා බදු සහන ලබන අතර ලන්ඩනය, සිංගප්පූරුව, හොංකොං මෙන්ම මුම්බායි වැනි පෙරදිග කොටස් වෙළඳපොල මිල ලැයිස්තුගත වූ දේශීය සමාගම් වලට මෙම බදු සහනය වසර 3 දක්වා දීර්ඝ කරනු ඇත. එසේම, කොළඹ කොටස් වෙළඳපොළේ ඩොලර් ලැයිස්තුගත වීම ස`දහා විදේශීය සමාගම් උනන්දු කරවනවා.  
     
    295. වර්තමානයේ වෙළඳපල ප‍්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 28 කි. යෝජිත සියළු ක‍්‍රියාමාර්ග  තුළින් වෙළඳපල ප‍්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 50 දක්වා වැඩි වෙතැයි අපේක්ෂා කරනවා. 
     
    වෙළඳ භාණ්ඩ හුවමාරු වෙළඳපල 
    296.  ගරු කථානායකතුමනි, තේ, රබර්, පොල් වැනි වෙළඳ භාණ්ඩ සමූහය අපගේ අපනයන ආර්ථිකයේ වැදගත්ම කොටසක් වුවද අපට හුවමාරු වෙළඳපලක් නැත. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා විසින් නියාමනය වන වෙළඳ භාණ්ඩ හුවමාරුවක් ඇති කිරීමට දැන් අවස්ථාව එළඹ ඇති බව මා විශ්වාස කරනවා. 
     
    සැමට අවස්ථාව සලසන ශක්තිමත් කම්කරු වෙළඳපල-
     
    297.  ගරු කථානායකතුමනි, වයස්ගතවන ජනගහනය හමුවේ ශ‍්‍රම හමුදාවේ සංයුතිය සීඝ‍්‍ර ලෙස වෙනස් වෙමින් පවතානවා. ඒ සඳහා අපට විකල්ප දෙකක් තිබෙනවා. එනම් වැඩ කරන සේවයින් සංඛ්‍යාව වැඩි කිරීම හෝ සේවකයින්ගේ නිමැවුම වැඩි කිරීමයි. වෙළඳපල සමඟ කරන ලද සාකච්ඡාවේ දී මෙම ගැටළු දෙක සඳහාම විසදුම් සෙවිය යුතු බව පැහැදිළි වුනා.
     
    298. දැනට පවතින අවම විරැකියා මට්ටම සහ වයස්ගත ජනගහනයන් සමඟ රටේ ශ‍්‍රම බලකායේ සහභාගිත්වය සැලකිල්ලට ගෙන ස්ථිර සේවයට නියමිත සතියට පැය 40 ක සේවා කාලයට අඩු සේවා කාලයක් සේවය කිරීමට කැමති නිපුණතා සහිත ශ‍්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අර්ධකාලීන රැකියා සංස්කෘතියක් ඇතිකිරීම සුදුසුය.  එබැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්ට නිපුණතා ඇති සේවකයින් අන්තර්ග‍්‍රහණය කර ගනිමින් ඵලදායිත්වය හා තරඟකාරිත්වය ඉහළ නැංවිය හැකි අර්ධකාලීන රැකියා සංස්කෘතියක් හඳුන්වා දීමට සුදුසු පරිසරයක් ඇති කිරීමට මා යෝජනා කරනවා.  
     
    299. ගරු කථානායකතුමනි, මා දන්නා පරිදි ව්‍යාපාර කටයුතු සහ දැනුම් කටයුතු බාහිර පාර්ශවයන් වෙතින් ඉටුකර ගැනීම එනම් BPOs  සහ KPOs ආකර්ශනය කර ගැනීමට උනන්දු වුවත් අපගේ යල් පැනගිය කම්කරු නීති එයට බාධාවක් වී තිබෙනවා. මෙම ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කාලය එළඹ තිබෙනවා. ඊට අදාළ නීති සම්පාදනය කිරීමට අප රජය බලාපොරොත්තු වෙනවා. 
     
    300.මෙමගින්, සියයට 65 ක් වන අපගේ පිරිමි ශ‍්‍රම බලකායට සාපේක්ෂව සියයට 35 ක් පමණ සැලකිය යුතු අඩු මට්ටමක පවතින කාන්තා ශ‍්‍රම බලකායේ සහභාගිත්වය වැඩිකිරීමට හැකිවනු ඇති.
     
    301.දැනට මාස 6 ක අඛණ්ඩ සේවා කාලයක් ඇති කොන්ත‍්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයින් ස්ථිර කළ යුතු බව මා දන්නවා.  මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ සේවා යෝජකයින් තරුණ සේවකයින් කොන්ත‍්‍රාත් පදනම මත බඳවා ගැනීමට මැලිකමක් දක්වන බැවින් එමගින් ඔවුන්ගේ ඉපයීමේ හැකියාව අහිමි කර තිබෙනවා.  එබැවින් කොන්ත‍්‍රාත් පදනමින් ලබාගත් සේවකයින් ස්ථිර කිරීමට පෙර අඛණ්ඩ සේවා කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මා යෝජනා කරනවා.  
     
    302.පෞද්ගලික අංශයට සතියට දින 5 ක් වැඩ කිරීමේ සංස්කෘතියට අවතීර්ණ වන මෙන් මා යෝජනා කරනවා.  මෙමගින් සේවකයින්ට වැඩි විවේක කාලයක් සහ ඔවුන්ගේ පවුල් සමඟ වැඩි කාලයක් ගත කිරීමට හැකියාව ලැබෙනවා.  එසේම දින 5 වැඩ කිරීමේ සතිය හඳුන්වා දීමෙන් සමාගම්වලට පැය 45 ක වැඩ සතියක් සඳහා වැයවන පරිපාලන වියදම් අඩු කර ගැනීමට ද හැකියාව ලැබෙනවා.
     
    303ගගරු කථානායකතුමනි, ඔබතුමාද දන්නා පරිදි රජයේ සේවකයින් සඳහා අප රජය විසින් මසකට රුපියල් 10,000/- ක අතිරේක දීමනාවක් ලබා දුන්නා.  පෞද්ගලික අංශයේ සේවකයන්ට ද යම් ප‍්‍රතිලාභයක් ලැබිය යුතුයැයි අප තරයේ විශ්වාස කරනවා.  එබැවින් පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා අවම වශයෙන් මසකට රුපියල් 2,500/- ක වැටුප් වැඩිවීමක් මා ඉල්ලා සිටිනවා.  මෙයින් රුපියල් 1,500/- ක් 2015 වර්ෂයේදීත් ඉතිරි රුපියල් 1,000/- 2016 වර්ෂයේදීත් ලබාදීමට මා යෝජනා කරනවා.  මේ සඳහා හාම්පුතුන්ගේ සංගමයද එකඟ වී ඇති බැවින් ඊට අදාළ නීති සම්පාදනය කරනු ඇත.
     
    304. වැඩකරන ජනතාවට අවම වැටුපක් ලැබෙන බවට තහවුරු කිරීම සඳහා රැකියා කවුන්සලයක් පිහිටුවන අතර එය වාණිජ මණ්ඩල හා සිවිල් සාමාජිකයින් විසින් කළමනාකරණය කරනු ලබයි.  
     
    අධ්‍යාපනය
    305.ගරු කථානායකතුමනි, පසුගිය දශකය තුළ අධ්‍යාපනය සඳහා වූ රාජ්‍ය ආයෝජන කණගාටුදායක ලෙස පහළ මට්ටමක පැවතුනි.  එහි ප‍්‍රතිඵලයක් ලෙස අප පාසල් වල ජල හා සනීපාරක්ෂක පහසුකම්, නවීන පන්ති කාමර, විද්‍යාගාර, ක‍්‍රීඩාංගන වැනි මූලික පහසුකම් අවම මට්ටමක පවතිනවා.  ගුරුවරුන් බඳවා ගැනීම හා නිසි පරිදි අනුයුන්ක කිරීම සඳහා අපට විධිමත් ප‍්‍රතිපත්තියක් නොමැතිවීම රහසක් නොවන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ගණිතය, විද්‍යාව සහ ඉංග‍්‍රීසි යන විෂයයන් සඳහා ගුරුවරුන් නොමැතිව සමහර පාසල් කටයුතු කරනවා. අප රජයේ අධ්‍යාපන උපාය මාර්ග ප‍්‍රධාන වශයෙන් ඉගැන්වීමේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමටත් පාසල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ශිෂ්‍යයින්ගේ සහ පාසල් විෂයමාලා සංවර්ධනය කිරීමත් යන ප‍්‍රධාන ස්ථර තුන මත පදනම්ව තිබෙනවා.
     
    306.අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට ඉගැන්වීමේ ගුණාත්මකභාවය ඉතා වැදගත් වෙනවා. බොහෝ දුෂ්කර යටතේ කටයුතු කරන අපේ ගුරුවරුන්ට මා ප‍්‍රශංසා කරනවා. ජාතික අධ්‍යාපන ආයතනය විසින් සියළුම ගුරුවරුන්ට අඛණ්ඩව ගුරු පුහුණුව ලැබීමට අවස්ථාව සලසන වැඩසටහනක් සකස් කළ යුතු බවට මා යෝජනා කරනවා. රජයට හා රජයෙන් ආධාර ලබන පාසැල්වලට බඳවා ගනු ලබන සියළුම ගුරුවරු සේවයට බැඳී මුල් වසර 5 තුල වසර දෙකක පූර්ණකාලීන ගුරු පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කළ යුතු බවටද මා යෝජනා කරනවා. මෙම කාර්යය සඳහා රුපියල් මිලියන 1,000 ක් ලබාදීමට මා යෝජනා කරනවා.  ගුරුවරුන්ගේ නිපුණතාවයන් වර්ධනය කිරීම සඳහා ගුරුවරුන්ට අඛණ්ඩ පුහුණුව ලබාදීමට අපගේ රජය උත්සුක වෙනවා.
     
    307.විශේෂයෙන් ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය පාසල් සඳහා විද්‍යාව, ගණිතය, තොරතුරු තාක්ෂණය සහ ඉංග‍්‍රිසි ඉගැන්වීම සඳහා ගුරුවරු විධිමත්ව අනුයුක්ත කිරීම සහතික කරනු වස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිශ්චිත කාලරාමුවක් සහිතව ක‍්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කරනු ඇත.  ගුරුවරුන් අනුයුක්ත කිරීම පහසු කරලීම සඳහා ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය පාසල්වල ගුරු නිවාස සහ ගුරු විවේකාගාර ආදිය ලබාදීමට මම යෝජනා කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක මුදලක් ලබාදීමට යෝජනා කරනවා.
     
    308.අපගේ බොහෝ ප‍්‍රාථමික හා ද්විතියික පාසල්වල විධිමත් සනීපාරක්ෂක පහසුකම් නොමැති බැවින් වසර 2016 අවසානය වන විට දිවයිනේ සියළුම පාසැල්වලට සනීපාරක්ෂක හා ජල පහසුකම් ලබාදීමට මා යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 4,000 ක් ලබාදීමට මා යෝජනා කරනවා.
     
    309. ජාතික පද්ධතිය මගින් හෝ සූර්ය බලශක්තිය මගින් හෝ දිවයිනේ විදුලිය නොමැති පාසල් සඳහා විදුලිය ලබාදීමට යෝජනා කරන අතර ඒ සඳහා රුපියල් .මිලියන 2,000 ක් වෙන්කර දීමට ද යෝජනා කරනවා.
     
    310ග මධ්‍යකාලීන හා ක‍්‍රියාකාරී සැලැස්මක් යටතේ දිවයිනේ ප‍්‍රාථමික පාසල් 3,577 ක් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක් ලබාදීමට මා යෝජනා කරනවා.
     
    311ග ඒ සමඟම ද්විතියික පාසල් 1,000 ක් සඳහා ක‍්‍රියාකාරකම් කාමර, විද්‍යාගාර, බහුමාධ්‍ය කාමර, ඉලෙක්ට්‍රොනික කියවීම් පහසුකම් සහිත පුස්තකාල ආදී පහසුකම් ලබා දීම ස`දහා රුපියල් මිලියන 15,000 ක් ලබාදීමට යෝජනා කරනවා.
     
    312. ගරු කථානායකතුමනි, මෑත යුගයේදී රජයෙන් කිසිඳු පහසුකමක් ලබා නොදී නොසලකා හැර තිබූ පාසල් 1,360 ක් පමණ පවතින බවට වාර්තා වී තිබෙනවා.  මෙවැනි අත්හැර දමා තිබුණු පාසල්වල පහසුකම් හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 30,000/- ක් ලබාදීමට මා යෝජනා කරනවා.
     
    313. එසේම වැවිලි ක්ෂේත‍්‍රයේ පාසල් 25 ක් ද්විතීයක මට්ටමට උසස්  කිරීම සඳහා සම්පත් ලබාදෙනු ලබන අතර ඒ සඳහා රුපියල් මිලියන 250 ක් ලබාදීමට මා යෝජනා කරනවා. 
     
    314.ස්ථාවර විද්‍යාගාර පහසුකම් නොමැති පාසල්වල විද්‍යා අධ්‍යාපනය දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 450 ක් ලබාදීමට මා යෝජනා කරනවා.
     
    315.පාසල්වල දන්ත සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම හා අදාළ උපකරණ ලබාදීම සඳහා රුපියල් මිලියන 250 ක් ලබාදීමට මා යෝජනා කරනවා.
     
    316.මුද්‍රිත පොත්, සඟරා සහ ජර්නල් සඳහා වූ ආනයන බදු ඉවත් කරනු ලබනවා
     
    317.ගරු කථානායකතුමනි, අපේ පාසල්වලට අයත් බොහොමයක් ඉඩම් භාවිතයට ගෙන නැහැ.  ඒවායින් උපයන ආදායම පාසල සමඟ බෙදාගැනීමට යටත්ව එවැනි පාසල්භූමි පෞද්ගලික අංශය සමඟ එක්ව වගාකිරීමේ අවසරය පාසල්වලට ලබාදීමට මා යෝජනා කරනවා. එසේ උපයන ආදායම අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමතියට යටත්ව පාසලේ පහසුකම් වැඩිදියුණු කිරීමට හා නඩත්තු කිරීමට උපයෝගී කරගත යුතු වනවා.
     
    318.ගරු කථානායකතුමනි, අධ්‍යාපනය සඳහා මින් පෙර නොවූ ප‍්‍රමාණයේ වියදමක් මෙවර දැරීමට යෝජනා කර තිබෙනවා. ඒ සමඟම සියළුම සිසුන් වසර 13 ක් පාසලෙහි හෝ වෘත්තීය පුහුණු ආයතනයක අධ්‍යාපනය ලැබීම අප විසින් අනිවාර්ය කරනවා.  
     
    319.පාසල් තුළ වඩාත් සුදුසු පරිසරයක් ඇතිකිරීම සඳහා සහ සිසුන් හා ගුරුවරුන් අතර අන්තර් සබඳතා වැඩිදියුණු වනු පිණිස පංතියක සිටින ළමුන් සංඛ්‍යාව 35 කට සීමා කිරීමට යෝජනා කරනවා.
     
    320.ගරු කථානායකතුමනි, එක් එක් පාසල වෙනම පිරිවැය මධ්‍යස්ථානයක් ලෙස සැලකීමටත් යෝජනා කරනවා.  සම්පත් මැනවින් භාවිතා කිරීමට හා මූල්‍ය කළමනාකරණයේ වගවීම තහවුරු කිරීම සඳහා මෙම ක‍්‍රියාපිළිවෙල හේතුවනු ඇතැයි මා අදහස් කරනවා. මෙහිදී භාණ්ඩාගාරයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම අවශ්‍ය වනු ඇති.
     
    321.ගරු කථානායකතුමනි, හිටපු ජනාධිපති අතිගරු ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ පාසල් නිල ඇඳුම් වැඩසටහන දේශපාලන මැදිහත්වීම් නිසා දැන් පිරිහීමට ලක්ව  තිබෙනවා.  එබැවින් පාසල් නිල ඇඳුම් සැපයීම සඳහා වවුචර් ක‍්‍රමයක් හඳුන්වා දීමට මා යෝජනා කරනවා. කෙසේ වෙතත්, 2016 වර්ෂය තුළදී මෙම වැඩපිළිවෙල යටතේ සෑම ළමයෙකුටම ප‍්‍රතිලාභ ලැබෙන බව තහවුරු කිරීම සඳහා අන්තර්කාලීන වැඩපිලිවෙලක් ලෙස එසේ වවුචර් නොලැබෙන පාසල් සඳහා පෙර පරිදි පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරනු ලැබේ.
     
     
    විශ්වවිද්‍යාල ප‍්‍රමිතිකරණය
     
    322.ගරු කථානායකතුමනි, 2015 වසර හා සැසඳීමේදී අප උසස් අධ්‍යාපනය සඳහා අයවැය ප‍්‍රතිපාදන සියයට 30 කින් පමණ වැඩිකර ඇති බව මා මේ සභාවට සැලකර සිටින්නේ සතුටිනි.  උසස් අධ්‍යාපන විප්ලවයක් සඳහා පිය නැගීමට දැන් කාලය එලඹ තිබෙනවා.
     
    323.තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය සමත් වූ පළමු සිසුන් කණ්ඩායම 2016 වසරේදී අප විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන බව මා සතුටින් සඳහන් කරනවා.  අදාළ විශ්ව විද්‍යාල තාක්ෂණවේදී උපාධිය පිරිනැමීම සඳහා අවශ්‍ය තාක්ෂණ පීඨ පිහිටු විය යුතු අතර අවශ්‍ය මානව සම්පත්, යටිතල පහසුකම් හා උපකරණ ලබාදීම මගින් මෙම පීඨයන් ශක්තිමත් කළ යුතුව තිබෙනවා.
     
    324. ළමුන් හා පීඨ මුහුණ දී ඇති ප‍්‍රධාන ගැටළුවක් වන්නේ නේවාසිකාගාර හා නිවාස පහසුකම් ලබාගැනීමයි. 2018 වසර වන විට සියළුම සිසුන්ට සිය මුළු විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලය සඳහා නේවාසිකාගාර පහසුකම් ලබාදිය යුතු බවට මා යෝජනා කරනවා. විශ්වවිද්‍යාල වලට කාර්ය මණ්ඩලය ආකර්ශණය කර ගැනීමට හා රඳවා තබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල පීඨයන් සඳහාද නේවාසික පහසුකම් ලබාදෙනු ලැබේ.
     
    325.ගරු කථානායකතුමනි, අපේ රටේ විශ්වවිද්‍යාල ඉහළම දැනුමින් සපිරි කොටසකට සේවය සලසන අතර දේශීය විශ්වවිද්‍යාල පෞද්ගලික අංශය සම`ග ඇති සම්බන්ධතාවය ගැන බොහෝ දෙනා විවාද කරනවා. මෙම තත්ත්වය තුල සමහර අපේ විශ්වවිද්‍යාල ස්වකීය විෂයමාලා තුලට දත්ත විද්‍යාව, ආයුගණක විද්‍යාව, ජෛව තොරතුරුවේදය, ව්‍යාපාර විශ්ලේෂනය, ප‍්‍රමාණ සමීක්ෂණය ආදී නව පාඨමාලා හඳුන්වා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බව පෙනී යනවා. මෙවැනි මූලාරම්භයන් දිරිගන්වනු පිණිස එම විශ්වවිද්‍යාල වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට මා යෝජනා කරනවා.  ගොඩනැගිලි, විද්‍යාගාර හා උපකරණ වැනි පහසුකම් මෙයට ඇතුලත් වනු ඇත.
     
    326.මෙම උත්තරීතර සභාව දන්නා පරිදි අපේ විශ්වවිද්‍යාල සඳහා ඉහළ මට්ටමේ කථිකාචාර්යවරුන් බඳවා ගැනීම හා රඳවා ගැනීම ඉතා අපහසු කාර්යයක් වී ඇත.  බොහෝ විදේශීය විශ්ව විද්‍යාල මෙම ගැටළුවට විසදුමක් ලෙස යොදා ගෙන ඇත්තේ සුවිශේෂී මහාචාර්ය තනතුරු ඇතිකිරීමය.  රටෙහි උසස් අධ්‍යාපන විප්ලවයේ කොටස්කරුවන් වීමට භාහිර පුද්ගලයින් හා සමාගම් දිරිගැන්වීම සඳහා පර්යේෂණ හා සංවර්ධනය සඳහා දැනටමත් ලබාදී ඇති ත‍්‍රිත්ව බදු සහනය ජාතික විශ්වවිද්‍යාල සඳහා පුළුල් කිරීමට මා යෝජනා කරනවා.
     
    327.විදේශීය ශිෂ්‍යයන් විශේෂයෙන් පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ආකර්ශනය කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය ආයතන සමඟ අන්‍යොනය සම්බන්ධතා ඇති කර ගැනීමට දිරි ගැන්විය යුතුය.  එවන් මූලාරම්භයක් සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට මා යෝජනා කරනවා.
     
     
    මහපොල විශ්වවිද්‍යාලය
     
    328.ගරු කථානායකතුමනි, දිවංගත ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වෙළඳ ඇමතිවරයා වශයෙන් හා අපගේ වර්තමාන ගරු අගමැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන්  කටයුතු කළ කාලයේ ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් අපගේ ජාතියට කළ සේවය පිළිබඳව සඳහන් නොකරන්නේ නම් එය මා විසින් හිතාමතා අතපසු කිරීමක් සිදුකලා වෙනවා. මහපොල ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරම්පරාවන් රැසකට ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථකව සම්පූර්ණ කිරීමට උපකාර වී ඇත.  එමෙන්ම ඔවුනට මෙරට මෙන්ම පිටරට සේවය කරනු ලබන අධ්‍යපනඥයින් මෙන්ම වෘත්තිකයන් වීමටද ඉඩකඩ සැලසී තිබෙනවා. එබැවින් මෙම ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට ගෞරව කිරීම සඳහා මාලඹේ මහපොල විශ්වවිද්‍යාලය නමින් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුව එකඟවනු ඇති බවට මට විශ්වාසයි. මෙම විශ්ව විද්‍යාලය තොරතුරු තාක්ෂණවේදය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංග‍්‍රීසි, කළමනාකරණය හා වෙලඳපොල ඉලක්ක කරගත් අනෙකුත් නව විෂය මාලාවන් ඉගැන්වීම සඳහා අවධානය යොමු කරනු ඇත. එබැවින් මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන්කිරීමට යෝජනා කරනවා. 
     
    329.ගරු කථානායකතුමනි, අප සමාජයේ අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කිරීමට අප රජයේ ඇති කැපවීම සනිටුහන් කරමින් කිලිනොච්චියේ ඉංජිනේරු විද්‍යා පීඨයක් ඇති කිරීමටත්, වවුනියාවේ  කෘෂිකර්ම පීඨයක් ඇති කිරීමටත් මා යෝජනා කරනවා.
    330. පාලි හා බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනය සඳහා නව ගොඩනැගිල්ලක් ඇතුළුව අවශ්‍ය යටිතල පහසුකම් සැපයෙනු ඇත.  මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා. 
     
    331.විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සඳහා පොලී රහිත අවුරුදු 3 ක ණයක් ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා ලබාදීමට යෝජනා කරනවා. එමෙන්ම නිදහස් wi-fi  කලාප සෑම විශ්වවිද්‍යාලයකටම ලබාදෙනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.
     
    332.ගරු කථානායකතුමනි, විශ්වවිද්‍යාලයට ඇතුලත්වීම සඳහා සලකා බැලීමේදී අතිරේක ලකුණු ලබා දීමට දැනට භාවිතා කරන ක‍්‍රමවේදය යටතේ ක‍්‍රීඩාවෙන් දක්ෂකම් දක්වන අයට අමතර ලකුණු ලබා දෙන ආකාරයට දීමට සමානව නව නිෂ්පාදනයන් හෝ සේවාවන් පිළිබඳ නව සොයාගැනීමක් සිදුකර තිබීම, නව ප‍්‍රවේශයන් නිර්මාණය කරනු ලැබූ අන්තර්ජාතික තරග එනම් ”මැත්ස් ඔලිම්පියාඩ්” ආදී තරගවලට සහභාගි වී තිබීම වැනි අංශවලටද පුළුල් කිරීමට යෝජනා කරනවා. 
     
    333.ගරු කථානායකතුමනි, අපගේ ශිෂ්‍යයන් සඳහා විදේශ අධ්‍යාපනය ලබාදීමට වැය කිරීම සඳහා බොහෝ කාලයක් තිස්සේ විදේශ විනිමය රටින් පිටට ගලාගොස් තිබෙනවා. එම ක‍්‍රියාවලිය ආපසු හැරවිය යුතුය. සත්‍යවශයෙන්ම අපගේ පවත්නා ධාරිතාව සැලකිල්ලට ගැනීමට විදේශ ශිෂ්‍යයන් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබීමට පොළඹවා ගැනීමටත් මගින් විදේශ විනිමය මෙරටට අද්දවා ගැනීමටත් හැකි වෙනවා. ශ‍්‍රී ලංකාවට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වීම සඳහා වැඩි ඉඩකඩක් තිබෙනවා. මේ සම්බන්ධව පසුගිය රජය විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා අවසර දීමට ගනු ලැබූ තීරණය නිවැරදි දිශාවට යොමු වූවක්. එසේම වෛද්‍ය අංශය හැර අනෙකුත් විෂයන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ ලබා දිය යුතු බව අප රජයේද අදහසයි. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අධීක්ෂණය කිරීමේ කොන්දේසිය මෙන්ම  එම විශ්වවිද්‍යාලයට බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 10 ක් ශ‍්‍රී ලංකාවේ අ.පො.ස. උසස් පෙළ සාර්ථකව සමත්වන ශිෂ්‍යයින් සඳහා නොමිලේ ප‍්‍රදානය කිරීමේ කොන්දේසිය මත මෙම ආයතන ක‍්‍රියාත්මක වනු ඇත. එවැනි ඒකාබද්ධ ව්‍යාපාරවල දේශීය පාර්ශවකරුවන් සඳහා බදු සහන ලබාදෙනවා. කෙසේ වුවත්, අප රජය කිසිදු අවස්ථාවන දැනට පවත්නා නිදහස් අධ්‍යාපන ක‍්‍රමයෙන් බැහැරවීමට කටයුතු නොකරන බව ද මා මෙම ගරු සභාවට සහතික කර සිටිනවා. 
     
    334.මා දන්නා පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපන කාර්ය මණ්ඩල රාජකාරිමය වශයෙන් එනම් පර්යේෂණ වාර්තා පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කිරීම ඇතුළුව විදේශ සංචාරවල යෙදෙන විට සමහර ගෙවීම් සඳහා සුදුසුකම් නොලබයි. එමනිසා රජයේ සියළු විවෘත සේවාවල විධායක නිලධාරීන්ට ලබාදෙනු ලබන එවැනි පහසුකම් විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලවලටද ලබාදීමට මා යෝජනා කරනවා.
     
    335.රජය විසින් තරගකාරී විභාග ක‍්‍රියාවලිය හරහා උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම අඛණ්ඩව සිදුකරනු ඇත.  අප රජයේ නව ප‍්‍රවේශයන් අනුව ලෝකයේ ඉදිරි අභියෝගයන්ට මුහුණදීමට හැකිවන පරිදි රාජ්‍ය අංශයේ සේවකයන්ගේ ධාරිතා වර්ධනය කළ යුතු වෙනවා. එමනිසා වර්තමාන වෙළඳපොල රැුකියා ඉල්ලූමට සරිලන පරිදි තමන්ගේ පාඨමාලා සකස් කරන ලෙසට විශ්වවිද්‍යාලවලින් මා ඉල්ලා සිටිනවා.  
     
    336. ගරු කථානායකතුමනි, මාවිසින් ඉහත සඳහන් කළ ක‍්‍රියාකාරකම් සඳහා රුපියල් මිලියන 6,000 ක අමතර ප‍්‍රතිපාදනයක් වෙන්කිරීමට යෝජනා කරනවා.
     
     
    වෘත්තීය පුහුණුව හා තාක්ෂණික අධ්‍යාපනය - විවිධ අවස්ථා
     
    337.ගරු කථානායකතුමනි, අයවැය සම්පාදන ක‍්‍රියාවලිය තුලදී විවිධ කර්මාන්ත අංශවල වාණිජ මණ්ඩල සමඟ මා අදහස් හුවමාරු කරගනු ලැබුවා. එම වාණිජ මණ්ඩලවලින් මතුකරන ලද එක් ගැටළුවක් වූයේ ප‍්‍රාථමික සහ මධ්‍යම මට්ටමේ රැකියා ස`දහා පුහුණු ශ‍්‍රමිකයන්ගේ හිඟතාවයයි. 
     
    338ග වෘත්තීය පුහුණු සහ කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සපයනු ලබන රජයේ ආයතන 400 ක ට වඩා රටපුරා ඇති බව සඳහන් කරන්ට කැමතියි. කෙසේ වුවද මෙම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති බවත්, පෞද්ගලික අංශය සමඟ ඇති සම්බන්ධතා අවම බව නිරීක්ෂණය වෙනවා.  එබැවින් ගරු කථානායකතුමනි, විවිධ කර්මාන්ත අංශයන්ට අදාලව ඇති කර්මාන්ත සභාවන් (Industry Sector Councils)  ශක්තිමත් කිරීමට යෝජනා කරන අතර එමගින් අදාල රේඛීය අමාත්‍යාංශය/තෘතීය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිසමට සුදුසු උපදෙස් ලබාදීමටත් එමගින් වෘත්තීය පුහුණු උපායමාර්ගයන් පෞද්ගලික අංශයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සකස් කිරීමටත් හැකිවනු ඇත. 
     
    339. ගරු කථානායකතුමනි, තාක්ෂණ විශ්ව විද්‍යාලය (UNIVOTEC)  සහ සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීම හරහා, පාසල් පද්ධතියෙන් පිටවන ළමයින් හට සහතික මට්ටමේ පාඨමාලා, ඩිප්ලෝමා හෝ උපාධි දක්වා අඛණ්ඩව සිය අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා විකල්ප මාර්ගයන් ඇතිවී තිබෙනවා. එබැවින් සාගර විශ්වවිද්‍යාලය මගින්, සාගර ජීවවිද්‍යාව, සාගරය ආශ‍්‍රිත විනෝදාස්වාද ක‍්‍රියාකාරකම්, වරාය සම්බන්ධ තටයුතු, බෝට්ටු/නැව් ඉදිකිරීම්, ඒකාබද්ධ වෙරළ සම්පත් කලමනාකරණය වැනි විවිධ විෂයයන්ට අදාල නව උපාධි පාඨමාලාවන් හඳුන්වාදීමට යෝජනා කරනවා.
     
    340.ගරු කථානායකතුමනි රටතුල පුහුණු ශ‍්‍රම බලකාය ඉහළ නැංවීමේ අරමුණින් විශ්වවිද්‍යාල විද්‍යායතන (Univesity Colleges)  පහක් දැනටමත් පිහිටුවා ඇති අතර තවත් එවැනි එක් විද්‍යාලයක් නුදුරු කාලයේ දී බටන්ගල ආරම්භ කිරීමට නියමිතය. එබැවින් සිය පාඨමාලා වැඩි දියුණු කොට තව දුරටත් පුළුල් කිරීම ස`දහා මෙම විශ්වවිද්‍යාල විද්‍යායතනවල විෂය මාලාවන් තවදුරටත් පුළුල්කොට පොලිමර් තාක්ෂණය, පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය, වතුවගා තාක්ෂණය, ලේඛන කලාව වැනි විවිධ විෂය ධාරාවන් ඇතුලත් කිරීමටත් තාක්ෂණික විද්‍යාල, විශ්වවිද්‍යාල විද්‍යායතන මට්ටමට උසස් කිරීමටත් මධ්‍යම මට්ටමේ  තාක්ෂණික ශිල්පීන් බිහි කිරීමටත් යෝජනා කරනවා. එසේම, විශ්වවිද්‍යාල මගින් පිටවන NVQ 5 සහ 6 මට්ටමේ සුදුසුකම් ලැබූ ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට උපාධියට සමාන සුදුසුකමක් වන NVQ 7 මට්ටම දක්වා සිය අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවන පරිදි තාක්ෂණ විශ්වවිද්‍යාල මගින් නව පාඨමාලා හඳුන්වා දීමටත් යෝජනා කරනවා.
     
    341.පවත්නා විශ්වවිද්‍යාලවලට සමාන්තරව විශේෂයෙන්ම පසුගාමී ප‍්‍රදේශයන්හි  විශ්ව විද්‍යාල පිහිටු වීමට  වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණය පාදක කරගත් මණ්ඩප සහ වෘත්තීය පුහුණු ආයතන පිහිටුවීමට ද අප විසින් කටයුතු කරනවා.  එසේම අඩු ආදායම්ලාභී පවුල්වල සිටින දක්ෂතා සහිත සිසුන්ට මෙම තාක්ෂණය පාදක කරගත් මණ්ඩප සහ වෘත්තීය පුහුණු ආයතනවලට ඇතුලත් වීම පහසු කිරීමට වවුචර් පත‍්‍ර ක‍්‍රමයක්ද හඳුන්වා දීමට අප කටයුතු කරනවා.
     
    342.තාක්ෂණික සහ වෘත්තීය පුහුණු අධ්‍යයන අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට (Ceylon German Technical Institute) ඇතුලත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වසර දෙකක් තුල 200 කින් වැඩිකිරීමටද මා යෝජනා කරනවා. ජර්මන් තාක්ෂණික ආයතනය (GIZ)  මගින් අරමුදල් සපයා ඉදිකරනු ලබන කිලිනොච්චි වෘත්තීය පුහුණු ආයතනය ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා. එබැවින් එම පුහුණු ආයතනය ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට සමාන ස්වාධීන පුහුණු ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට ද මා යෝජනා කරනවා. 
     
    343. ගරු කථානායකතුමනි, ශ‍්‍රම වෙළඳපොල ඉල්ලූම සපුරාලීමට හැකිවන පරිදි  පුහුණු ශ‍්‍රම බලකායක් විශේෂයෙන්ම ගොඩනැගිලි සහ ඉදිකිරීම්, හෝටල් සහ සංචාරක, ලූහු ඉංජිනේරු සහ නිෂ්්පාදන වැනි ක්ෂේත‍්‍රයන්හි ඇති කිරීමට අප රජය විශේෂ අවධානයක් යොමු කරනවා.  ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් ඒකාබද්ධව  පුහුණු වැඩසටහන් හඳුන්වා දීමටත් ඒවා සම්පූර්ණ කරනු ලබන ශිෂ්‍යයින්ට ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් ලෙස පිලිගත්(NVQ Accredited)  සහතිකයක් ලබාදීමටත් මා යෝජනා කරනවා.
     
    344.ගරු කථානායකතුමනි, අප රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප‍්‍රකාශන සකස් කිරීම, ව්‍යාපාර සැලසුම් සකස් කිරීම වැනි ක්ෂේත‍්‍රයන් සම්බන්ධව දැනුම ඇති සේවකයින් නොමැති බව පොදුවේ පිලිගත් කරුණකි. එබැවින් ලියාපදිංචි විගණන සමාගම් විසින් මෙම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන්හි කාර්ය මණ්ඩලයට මාස තුනක පමණ වන පාඨමාලා මගින් අවශ්‍ය පුහුණුව ලබා දීමට මා යෝජනා කරනවා.  එයට දිරිගැන්වීමක් ලෙස එසේ පුහුණු කරනු ලබන  එක් අයෙකු වෙනුවෙන් මාසිකව රු.2,000 ක මුදලක් එවැනි විගණන සමාගම් වලට ප‍්‍රතිපූරණය කිරීමට රජය පියවර ගනු ලබනවා. එක් කාර්තුවකදී මෙවැනි තරුණයින්් 2500 ක් පුහුණු වනු ඇතැයි අපේක්ෂා කරනවා.  මෙම කාර්යය වෙනුවෙන් රුපියල් මිලියන 30 ක් වෙන්කිරීමටද මා යෝජනා කරනවා.
     
    345.එසේම රැුකියා වෙළඳපලෙහි තරඟකිරීමට මෘදු කුසලතා (Soft Skills)  වැඩිදියුණු කරගැනීම සහ ඉංග‍්‍රීසි භාෂාවෙහි ප‍්‍රවීනතාවයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.  එබැවින් එවැනි මෘදු කුසලතා හා ඉංග‍්‍රීසි භාෂාව පිලිබඳ නිසි අධ්‍යාපනයක් වෘත්තීය පුහුණු අංශයේ ශිෂ්‍යයින්ට ලබා දීම අරමුණු කරගෙන පුහුණුකරුවන් විදේශයන් වෙත යාම මෙන්ම  පෞද්ගලික අංශයේ ආයතනවලට ප‍්‍රමිතියෙන් යුතු ඉංග‍්‍රීසි පාඨමාලා ආරම්භ කිරීමට ද යෝජනා කරනවා. 
     
    346ගගරු කථානායකතුමනි, ඉහත සඳහන් යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 3,000 ක අතිරේක ප‍්‍රතිපාදන වෙන් කිරීමට මා යෝජනා කරනවා.
     
    යොවුන් සේනාංක හරහා තරුණයින් සවිබල ගැන්වීම
     
    347ගගරු කථානායකතුමනි, අපගේ තරුණ පරපුර රටේ අනාගතයට පිවිසීමේ දොරටුවයි.  එබැවින් තරුණ පරපුරේ සියළු හැකියාවන් වර්ධනය කොට ඒවායින් ප‍්‍රයෝජන ගැනීමට හැකි අවස්ථාවන් ඔවුන්ට ලබාදීමට අප රජය කැපවී සිටිනවා.  මේ සඳහා යොවුන් සේනාංක නැවත සවිබල ගැන්වීමට අප යෝජනා කරනවා.
     
    348ගඅධ්‍යාපන පොදු සහතිකපත‍්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් පසු පාසැල් හැරයන්නන් හට වැඩි රැුකියා අවස්ථා ලබාදීම සඳහා යොවුන් සේනාංක මගින් මෙම තරුණ කණ්ඩායම්වලට රැුකියා අවස්ථා පිලිබඳ උපදෙස් ලබාදීමටත්, නායකත්ව පුහුණු වැඩසටහන් හරහා පෞරුෂත්ව වර්ධනය හා විනයගරුක තරුණ පිරිසක් බිහි කිරීමටත් කටයුතු කිරීමට මා යෝජනා කරනවා.  එසේම ඒ හරහා ඔවුන් වෘත්තීය පුහුණු ආයතනවලට යොමු කිරීමක් සිදුකෙරෙනු ඇත.  ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ නියුතු අනිකුත් ආයතන මෙම යොවුන් සේනාංක සමග ජාලගත කිරීමට ද මා යෝජනා කරනවා. 
     
    349.මෙම කටයුතු සිදුකිරීම සඳහා රුපියල් මිලියන 3,000 ක අතිරේක ප‍්‍රතිපාදනයක් ලබාදීමටද මා යෝජනා කරනවා.
     
    350. ගරු කථානායකතුමනි, අපගේ තරුණ පරපුරේ සාමුහික හැකියාවන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගෙන ස්වාධීන ලෙස සිය අනාගත අපේක්ෂාවන් ඉටුකර ගැනීමට ඔවුන් උනන්දු කරවීමට කාලය පැමිණ ඇත.  මේ සඳහා අවම වශයෙන් සාමාජිකයින් පනස් දෙනෙකුගෙන් සමන්විත ඒකකවලට බිම්මල් වගාව, ගෘහභාණ්ඩ කර්මාන්තය, විදුලි වාහන චාර්ජ් කරන මධ්‍යස්ථාන, ආහාර කර්මාන්ත විසිතුරු මත්ස්‍ය වගාව, කිරි ආශ‍්‍රිත කර්මාන්ත, මීපැණි කර්මාන්තය වැනි ක්ෂේත‍්‍රවල ව්‍යාපෘතිවල නිරත වීම සඳහා කණ්ඩායම් ණය ක‍්‍රමයන් වාණිජ බැංකු මගින් හඳුන්වාදීමට මා යෝජනා කරනවා.  මෙම ව්‍යාපෘති සඳහා වාණිජ බැංකු විසින් සහනදායී පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබා දෙන ඇති අතර එම ව්‍යාපෘති තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ද ඔවුනට මෙම සහනදායී පදනම මත මූල්‍ය පහසුකම් ලබා දෙනු ඇත. ව්‍යාපෘතියේ ප‍්‍රමාණය පදනම්ව මේ සඳහා රජයේ ඉඩම් ලබාදීමටද අප විසින් පියවර ගනු ඇත.  රටපුරා විසිරුණු ගම්මාන 6,000 කින් අවම වශයෙන් තරුණ තරුණයින් 300,000 ක් මේ සඳහා යොමුවනු ඇතැයි අපේක්ෂිත අතර මේ සඳහා සිය ආයතනික සමාජ වගකීම යටතේ වන ව්‍යාපෘති හරහා (Corporte Social Responsibility)  සුදුසු ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දෙන ලෙසට මා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ආරාධන කර සිටිනවා.
     
    සෞඛ්‍යය - නූතන සෞඛ්‍ය පහසුකම්
     
    351.ගරු කථානායකතුමනි, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ආයෝජනයන්හි ඇති අවශ්‍යතාවය සහ වැදගත්කම අප රජය විසින් හොඳින් හඳුනාගෙන ඇත.  අපගේ රටවැසියන්ට නිදහස් සෞඛ්‍ය පහසුකම් සැපයීමට අප බැඳී සිටිමනවා මේ සඳහා කාර්යමණ්ඩලවල ධාරිතාවයන් වර්ධනය මෘදු සහ දෘඩ යටිතල පහසුකම්, පර්යේෂණ හා සංවර්ධනය වැනි විවිධ පැතිකඩ ඔස්සේ ආයෝජනය කිරීම අපගේ ක‍්‍රමෝපායයි.
     
    352.ගරු කථානායකතුමනි, දැනට රට තුළ පැතිරීයන වකුගඩු ආශ‍්‍රිත රෝග පිලිබඳව මෙම සභාව තුළ නිරන්තර විවාදයන් සහ සාකච්ඡාවන් ඇතිවී තිබෙනවා.  මෙම ව්‍යසනය අපට සිතාගත නොහැකි තරම් දරුණු මට්ටමකට මේ වන විට ලඟාවී ඇති නිසා ඒ පිලිබඳව කටයුතු නොකර සිටීමට අපට කිසිම ඉඩක් නැහැ.  එබැවින් මෙම වකුගඩු රෝගය ඉතා තදින් පැතිර ඇති ප‍්‍රදේශවල රුධිර කාන්දු පෙරන මධ්‍යස්ථාන (Kidney Dialysis Centres) 1,000 ක් ඉතා ඉක්මනින් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 6,500 ක් වෙන් කිරීමටද මා යෝජනා කරනවා.
     
    353.එසේම වකුගඩු රෝග කළමනාකරණය සඳහා වෙන්වූ විශේෂ පහසුකම් සහිත රෝහලක් මින්නේරියේ ඉදිකිරීමටත් ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන්කිරීමටත් මා යෝජනා කරනවා.
     
    354.නල්ලූර්, මහනුවර සහ මාතර යන ප‍්‍රදේශවල පිළිකා රෝහල් තුනක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන්කිරීමටද මා යෝජනා කරනවා.
     
    355.වඩාත් ඉහළ මට්ටමේ වෛද්‍ය පහසුකම් ලබාදීම සඳහා අනුරාධපුර, කුරුණෑගල හා යාපනය රෝහල්වල තත්වය උසස් කිරීමටත් ඒ සඳහා නවීන පහසුකම් සහිත ගොඩනැගිලි, උපකරණ සහ අනෙකුත් පහසුකම් සැපයීමටත් මා යෝජනා කරනවා.  ඒ වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක් වෙන් කිරීමටත් මා යෝජනා කරනවා.
     
    356.ගරු කතානායකතුමනි, රටේ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අවකාශ පුළුල් කිරීමේ අරමුණ ඇතිව හදිසියකදී ප‍්‍රතිචාර දැක්වීමේ කාලය කෙටි කිරීම සහ අවස්ථාවන් පුළුල් කිරීම සඳහාත්, ජංගම ආරෝග්‍ය ශාලා සංකල්පය ප‍්‍රවර්ධනය කරනු ඇත. ඒ අනුව, මේ සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.  
     
    357.ගරු කථානායකතුමනි, බෝ නොවන රෝගයන්ට වැඩිහිටියන් මෙන්ම ළමයින්ද ගොදුරුවීමේ ඉහළ අවදානම හා ඒ ආශ‍්‍රිත අභියෝගයන් සැලකිල්ලට ගෙන අප රජය විසින් ඉදිරි වර්ෂ තුන තුල ව්‍යාධි විද්‍යාව (Pathology)  හදිසි අනතුරු වෛද්‍ය පහසුකම්, ළමයින් සහ වියපත් අය වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය සත්කාර සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම මෙන්ම අවශ්‍ය හෙද කාර්ය මණ්ඩල සහ අතුරු වෛද්‍ය සේවාවන්හි කාර්ය මණ්ඩලද පුහුණු කිරීමට මා යෝජනා කරනවා.  ඒ වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.
     
    358.ගරු කථානායකතුමනි, මේ වන විට රට පුරා මූලික රෝහල් සහ ප‍්‍රාදේශීය රෝහල් විශාල සංඛ්‍යාවක රෝගීන්ට අවශ්‍ය ඇඳන්, රෝග නිශ්චය කිරීමේ පහසුකම්, එදිනෙදා අත්‍යාවශ්‍ය වන පාරිභෝගික ද්‍රව්‍ය වැනි මූලික අවශ්‍යතාවන්හි හිඟයක් පවතිනවා. මෙම තත්වය යටතේ වෛද්‍යවරුන්ගේ නේවාසික පහසුකම් ද අවම වීම නිසා ඔවුන් ර`දවා ගැනීම ගැටළු සහගත වී තිබෙනවා. එබැවින් වසර දෙකක කාලයක් තුළ දුෂ්කර ප‍්‍රදේශයන්හි සේවයේ නියුතු වෛද්‍යවරුන් හා අනෙකුත් සහායක කාර්ය මණ්ඩලයන්හි මූලික නේවාසික පහසුකම් සපුරාලීමට මා යෝජනා කරනවා.  මේ සඳහා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව පියවර ගැනීම ධෛර්යමත් කරන අතර පෞද්ගලික අංශය මගින් ඉදිකිරීම් සිදුකොට එම ගොඩනැගිලි පවත්වා ගෙන යාමටත්, එම සේවා සැපයීම වෙනුවෙන් රජය මගින් ඔවුනට කුලියක් ගෙවීමටත් කටයුතු කරනවා.
     
    359. ආඝාත මධ්‍යස්ථාන (Stroke Centers)  දහයක් තෝරාගත් දිස්ත‍්‍රික්කවල ඉදිකර, තෘතියික සත්කාරක රෝහල්වලට අනුයුක්ත කර රෝගී සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීමටත් එම රෝහල්වල හදිසි අනතුරු ප‍්‍රතිකාර හා සේවා පහසුකම් ඉදිරි වර්ෂ දෙක තුළ වැඩිදියුණු කිරීමටත් යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමටත් මා යෝජනා කරනවා.
     
    360.ගරු කථානායකතුමනි, පර්යේෂණ සහ සංවර්ධනය යනු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාල අපගේ ක‍්‍රමෝපායයන්හි වැදගත් අංගයන් වේ.  සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නියුතු වෘත්තිකයන් විසින් රජයේ කිසිදු සහයක් නොමැතිව හෝ අවම පහසුකම් යටතේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාල පර්යේෂණයන්හි නිරතව සිටිනවා. මෙහිදී 2015 වර්ෂයේදී  ජිනීවාහි  පැවති  නව  නිපැයුම්කරුවන්ගේ අන්තර්ජාතික ප‍්‍රදර්ශනයේදී  Footie  නමැති උපකරණයක් නිපදවීම වෙනුවෙන් රන් පදක්කම් ලබාගත්  දොස්තර තුසිත කහදුව මහතා සහ පර්යන්ත ස්නායු උත්තේජක ඉදිකටුවක් (Peripheral nerve stimulator needle)  සොයා ගැනීම වෙනුවෙන් දොස්තර අනූප හේරත් මහතාට මෙන්ම අඩු වියදම් සහිත රූපමය ස්වරාලේක්ෂයන් (video laryngoscope) නිපදවීම වෙනුවෙන් නිර්වින්දන වෛද්‍යවරුන්ගේ ලෝක සංගමයේ නවනිපැයුම් සම්මානය ^World Federation of Societies of Anaesthesiologists Innovalion Award) ලැබූ දොස්තර අනුර වික‍්‍රමසිංහ මහතාත් මා ඉතා ඉහළින් අගය කරනවා.  මෙම තරුණ වෛද්‍යවරුන් මෙයට පෙර රෝගී සත්කාරක සේවාවන් වැඩිදියුණු කොට ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා මෙවැනි නව නිපැයුම් හඳුන්වා දුන් මෙරටෙහි සිටි ශ්‍රේෂ්ඨ වෛද්‍යවරුන්ගේ අඩිපාරේ යමින් මෙවැනි නවනිපැයුම් සොයාගෙන ඇති බව මා විශ්වාස කරනවා.  ඔවුන් සියළු දෙනාගේ මෙම දක්ෂතා වෙනුවෙන් අපගේ ප‍්‍රශංසාවත් ප‍්‍රනාමයත් පුදකර සිටිනවා.
     
    361.සෞඛ්‍ය අංශයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල වැදගත්කම සැලකිල්ලට ගෙන, දියවැඩියාව, ඩෙංගු, වකුගඩු ආශ‍්‍රිත රෝග සහ පිලිකා සම්බන්ධ පර්යේෂණ සිදුකිරීමට  සහාය දැක්වීම වෙනුවෙන් ජාතික විද්‍යා පදනමට (World Federation of Societies of Anaesthesiologists Innovalion Award) වෙත රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමටද මා යෝජනා කරනවා.
     
    362. ගරු කථානායකතුමනි, පෞද්ගලික අංශය සමග තරඟ කිරීමට හැකිවන පරිදි ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල නවීකරණය කොට එහි සේවාවන් පුළුල් කිරීමට පියවර ගැනෙනු ඇත. ඒ සඳහා රුපියල් මිලියන 1,500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. එසේම දේශීයව හා විදේශීයව සුදුසුකම් ලැබූ හෙඳ කාර්ය මණ්ඩලයට ඇති ඉහළ ඉල්ලූම සැලකිල්ලට ගෙන ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට අනුබද්ධ හෙද පාසලෙහි වර්ෂයකට හෙදියන් 2000 ක් පුහුණු කිරීමට හැකි වන පරිදි යටිතල පහසුකම් දියුණු කිරීමට පියවර ගත යුතු වෙනවා.  මෙම කාර්යය සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන්කිරීමට ද මා යෝජනා කරනවා.  
     
    363.මෙම යෝජනා සඳහා වෙන්කරනු ලබන මූල්‍ය ප‍්‍රතිපාදන නිසි පරිදි යොදවා ගැනෙන බවට නිරන්තරව පසුවිපරම් කටයුතු සිදු කිරීම සඳහාත් රජය විසින් යොදවන මුදලට නිසි වටිනාකමක් ලැබෙන බවට වන සංකල්පය ක‍්‍රියාත්මක කෙරෙන බව සනාථ කර ගැනීම සඳහාත් සෑම රෝහලකම අධීක්ෂණ ඒකකයක් පිහිටුවීමට ද මා යෝජනා කරනවා.  
     
    364.ඖෂධ ද්‍රව්‍ය ආනයනය සඳහා විදේශයන්ට ඇදී යන අපගේ විදේශ විනිමයන් මෙරට තුළ රඳවා ගැනීමට රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ඖෂධ නිෂ්පාදන කලාප පිහිටුවීමට මා පෞද්ගලික අංශයට ආරාධනය කර සිටිනවා.  එහිදී රජයේ දායකත්වය ලෙස අවශ්‍ය ඉඩම් ලබාදෙනු ලබනවා.  රජයේ රෝහල්වල අවශ්‍යතා සපුරාලීම ස`දහා එම ඖෂධ මිලට ගැනීම සනාථ කෙරෙන ගිවිසුම්වලට එලඹීමටත් (buy back arrangements)  කටයුතු කෙරෙන අතර එම නිෂ්පාදන සඳහා වෙනත් වෙළඳපොලවලට ප‍්‍රවේශවීමට ද ඔවුන් ධෛර්යමත් කරනු ලැබේ.
     
    දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රය දිරිමත් කිරීම
     
    365.ගරු කථානායකතුමනි, බටහිර වෛද්‍ය ක‍්‍රම මෙරටේ ප‍්‍රචලිත වන තෙක්ම අපගේ සම්ප‍්‍රදායානුකූල රෝග සුව කිරීමේ ක‍්‍රමවේදයන් පරම්පරාවෙන් පරම්පරාවට ලබාදීම හරහා පවත්වාගෙන එනු ලැබීය.  
     
    366.කෙසේ වුවද, රෝග නිවාරණයේදී දේශීය වෛද්‍ය ක‍්‍රමවේදයන් කිසිවිටක අප සමාජයෙන් මුළුමනින්ම ඉවත්ව ගොස් නොමැත.  බටහිර රටවල මෙවැනි දේශීය වෛද්‍ය ක‍්‍රමවලට ඇති ඉල්ලූම නැවත ඉහළ යාමත් සමඟම අප රට තුලද ඒ සඳහා නැවත පිබිදීමක් ඇතිවී තිබේ.  ඒ හේතුවෙන් අද වන විට ශ‍්‍රී ලංකාව ආයුර්වේද සංචාරක මධ්‍යස්ථානයක් ලෙස අන්තර්ජාතික වශයෙන් ප‍්‍රචලිත වී ඇත.
     
    367.දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රයට අදාළ ගැටළු රැුසක්ම ඇති අතර ඉන් ප‍්‍රධානතම ගැටළුවක් වන්නේ දේශීය අමුද්‍රව්‍ය වල ඇති හිඟකමයි.   එබැවින් එයට පිලියමක් ලෙස කටුවැල්බටු, විෂ්නුක‍්‍රාන්ති වැනි කෙටිකාලීන වගාවන් ධෛර්යමත් කිරීම සඳහා ගොවීන් 2000 කට අවශ්‍ය ඉඩම් ලබාදීමටත් ඒ සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාදීමටත් මා යෝජනා කරනවා.  
     
    368.දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වසනීයත්වයත් ජාත්‍යන්තර මට්ටමේ පිලිගැනීමත් පවත්වා ගැනීම සඳහා රටපුරා ඇති සියළුම ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදයක් හඳුන්වා දීමටත් මා යෝජනා කරනවා.
     
    නවෝත්පාදන ආර්ථිකයක් සඳහා පර්යේෂණ සහ සංවර්ධනය
     
    369.ගරු කථානායකතුමනි, අප විසින් විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත‍්‍රයන්හි කර ඇති ආයෝජන ප‍්‍රමාණයන් අපගේ දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සමගාමීව පවත්වා ගැනීමට අප අසමත් වී ඇත. උසස් තාක්ෂණයකින් යුතු නිෂ්පාදන අපනයනයන්ගේ වටිනාකම එකතු කිරීම අනෙකුත් සංවර්ධිත කාර්මික රටවල පවතින සියයට 50 - සියයට 75 පමණ වන අගයට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ එය සියයට 0.9 ක් වැනි ඉතා පහළ අගයක පැවතීම මගින් සිදුවී ඇති අහිතකර බලපෑම පැහැදිලිව පෙන්නුම් කරයි.  එසේම පේටන්ට් බලපත‍්‍ර හා පර්යේෂණ මත පදනම්ව සේවා සපයනු ලබන කර්මාන්තවලින් අපගේ ආර්ථිකයට සපයනු ලබන දායකත්වයද ඉතා පහළ මට්ටමක පවතිනවා. නවෝත්පාදන තුළින් මෙහෙයවනු ලබන ආර්ථිකයක් අපට ලඟාකර ගැනීමට නම් මෙම තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් කරගත යුතුව තිබෙනවා. 2020 වර්ෂය වන විට අපගේ අපනයනයන්ගෙන් අවම වශයෙන් සියයට 10 ක් වත් ඉතා උසස් තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන නව නිෂ්පාදන විය යුතු බවට අපේක්ෂා කරනවා.  
     
    370.මෙම ක‍්‍රියාවලිය වේගවත් කිරීම සඳහා නවෝත්පාදන දිරිමත් කරන පසුතලයක් ඇති කිරීමට මා යෝජනා කරනවා.  එමගින් විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI)  ජාතික නවෝත්පාදන මෙන්්ම ජාතික තේමා මූලික පර්යේෂණ වැඩසටහන (National Thematic Research Programme) ජාතික විද්‍යා පදනම මගින් කි‍්‍රයාත්මක කෙරෙන තාක්ෂණ පහසුකම් සැපයෙන වැඩසටහන් ද, ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, පාරිසරික තත්ත්වය යන සිද්ධාන්ත මත පදනම් වූ තිරසාරබව සුරැකීමේ පැහැදිළි අරමුණකින් යුතුව  ඒකාබද්ධ කෙරෙනු ඇත.  
     
    371. ගරු කථානායකතුමනි, මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා චක‍්‍රීය අරමුදලක් ලෙස ක‍්‍රියාත්මක කරනු ලබන නවෝත්පාදන වේගවත් කිරීමේ අරමුදල මගින් කළමනාකරණය කරනු ලබන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානයන් පිහිටුවීමට ද මා යෝජනා කරනවා. මෙම මධ්‍යස්ථානයේ මූලික ප‍්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 100 ක් ලබාදීමට යෝජනා කරන අතර තවත් මිලියන 3000 ක් ඉදිරි වර්ෂ තුනක කාලයක් තුළ ලබාදීමට ද කටයුතු කරනවා.
     
    372. මෙම නවෝත්පාදන අවසානයේදී ලාභ උපදවන වාණිජ නිෂ්පාදනයන් බවට පත්කිරීම සහතික කිරීම අපගේ අපේකෂාවයි.  මේ වන විටත්  විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI)  මගින් එවැනි සාර්ථක වාණිජමය නිෂ්පාදන සඳහා විභවයන් ඇති ව්‍යාපෘති 25 ක් හඳුනාගෙන තිබෙනවා.  මෙම නවෝත්පාදන අතරට ” ගොවිණැන ” නම්වූ කෘෂිකාර්මික නිෂ්පාදන ප‍්‍රවර්ධනයට සහාය වන ජංගම සේවාවක්, බලශක්ති ගබඩාකර තැබීමේ ක‍්‍රමවේද ආදිය ඇතුලත් වනවා. මෙවැනි නවෝත්පාදන අදාළ කර්මාන්ත ක්ෂේත‍්‍රයට සෘජු දායකත්වයක් සපයන අතර ඉලක්ක ගත අංශයන්හි තිරසාර බවට ද දායක වනු ඇත.  මෙවැනි නවෝත්පාදන වාණිජකරණයට දායක වන සමාගම් වෙනුවෙන් අර්ධ බදු සහන මෙන්ම අධිතාක්ෂණික උපකරණ ක්ෂයවීමට ලබාදෙන කාලසීමාව අඩු කිරීම වැනි සහන ලබාදීමට ද කටයුතු කරනවා.  එම ව්‍යාපෘතිවල ස්වභාවය සැලකිල්ලට ගෙන රජය විසින් ඒ සඳහා අවශ්‍ය ඉඩම් හෝ වෙනත් එවැනි පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.  
     
     
    373. දැනට ක‍්‍රියාත්මක නැණසල මධ්‍යස්ථාන, ව්‍යවසායකත්ව වෙනුවෙන් වන නවෝත්පාදන මධ්‍යස්ථාන ලෙස උස් ශ්‍රේණිගත කිරීමටද මා යෝජනා කරනවා.  ඒ අනුව නැණසල උස්ශ්‍රේණිගත කිරීමේදී සංකේතමය පිරිසැකසුම් පරිඝනක මධ්‍යස්ථානයකට ත‍්‍රිමාණ මුද්‍රණ පහසුකම්, ලේසකටර්ස්, කැටයම් ශිල්පීය උපකරණ  වැනි අනෙකුත් බලශක්ති මෙවලම් ඇතුලත් වනු ඇත.  එබැවින් 2016 වර්ෂයේදී නැණසල මධ්‍යස්ථාන උස් ශ්‍රේණිගත කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන්කිරීමට ද මා යෝජනා කරනවා. මෙසේ උස්ශ්‍රේණිගත කරන ලද මධ්‍යස්ථාන වලින්, සාමාන්‍යයෙන් සිදුකරනු ලබන තොරතුරු තාක්ෂණය බලගැන්වීමට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ දේශීය ව්‍යවසායකත්වය ප‍්‍රවර්ධනය සහ තාක්ෂණික පහසුකම් සැපයීමද සිදුකරනු ඇත.
     
    374.ශ‍්‍රී ලංකාවේ අපනයනයන සඳහා ඉහළ ආන්තිකයක් ලබාගැනීමට නම් අගය එකතුකළ පිළිගත් වෙළඳනාම සහිත විදේශයන්හි ලියාපදිංචි කළ වෙලඳනාම සහිත නිෂ්පාදනයන් විය යුතුය. මෙම ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය වේගවත් කොට ඒ සඳහා වන වියදම් අඩු කිරීම සඳහා ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ අන්තර්ජාතික කාර්යාංශය (WIPO)  මගින් පාලනය කරන වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ මැඩ්රිඩ් ක‍්‍රමවේදයේ සාමාජිකත්වය ශ‍්‍රී ලංකාවට ලබාගැනීමට ද මා යෝජනා කරනවා. මෙම යෝජනාව කර්මාන්ත නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකි. ඒ අනුව බුද්ධිමය දේපල කාර්යාංශය මගින් වෙළඳ නාම පනත සංශෝධනය කොට මැඞ්රිඞ් ක‍්‍රමවේදයේ සාමාජිකත්වය ලබාගැනීමට හා පහසුකම් සැපයීමට හා අදාළ භෞතික හා මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් වෙන්කිරීමට ද මම යෝජනා කරනවා.
     
    375. අන්තර්ජාතික පේට්න්ට් අයිතීන් (Patent Rights)  ලබා ගැනීමේ ප‍්‍රතිලාභ පිළිබඳව නව නිපැයම්කරුවන් දැනුවත් කරමින් පේටන්ට් ඉල්ලූම්පත් ලෝක ව්‍යාප්තව ප‍්‍රවර්ධනය කිරීම සඳහා ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට මා යෝජනා කරනවා. එමෙන්ම, අන්තර්ජාතික පේටන්ට් අයිතීන් ලබා ගැනීම සඳහා සුදුසු නව නිපැයුම් හඳුනා ගැනීමට ඒ සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමටත් නව නිපැයුම් කොමිසම කටයුතු කළ යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් නව නිපැයුම්කරුවන් දරනු ලබන වියදම ඇමෙරිකානු ඩොලර් 100,000 ක උපරිමයකට යටත්ව රජය විසින් දැරීමට මා යෝජනා කරනවා. 
     
    වයස්ගත ජනතාවට රැකවරණ සැලසීම
     
    376.ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය 2000 වසරේදී මුළු ජනගහනයෙන්  සියයට 9.3 ක් වූ අතර එය 2020 වන විට සියයට 20 ක් පමණ වේයැයි අපේක්ෂා කෙරෙනවා. මෙහිදී පොදුවේ හඳුනාගත හැකිවූ තත්ත්වය නම් වයස්ගත ජනගහනය සමාජයට සහ ආර්ථිකයට ඉතා දැඩි බලපෑමක් ඇති කරන බවයි.  වයස්ගත ජනගහනය මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයන් හමුවේ අවශ්‍යතා ඇති වයෝවෘද්ධ පුද්ගලයින් සඳහා වඩාත් විධිමත් වයෝවෘද්ධ රැකවරණ ක‍්‍රම සහ ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය සම්පාදනයන් සහ සේවා සැපයීම් වෙනුවෙන් ඇති කෙරෙන අතිරේක ඉල්ලූම සපුරාලිය යුතුයි.  ගරු කථානායකතුමනි, වයෝවෘද්ධ ශ‍්‍රී ලාංකිකයන් අතර වර්ධනය වන අසමානතා මගින් ඇතිකරන බලපෑම සහ එමගින්, ඔවුන් වෙනුවෙන් වන සේවා සඳහා ඇතිකරන ඉල්ලූම පිළිබඳව අපට දැනට මනා අවබෝධයක් නැත.මෙම සේවා පහසුකම් සඳහා වර්ධනය වන ඉල්ලූමක් තිබුනද ශ‍්‍රී  ලංකාවේ වයෝවෘද්ධ සත්කාරක සේවා වෙළඳපොළ අනෙකුත් මැදිආදායම් රටවල තත්ත්වයට දියුණු වී නොමැත.  මේනිසා පහත සඳහන් කරුණු ඇතුළත් වූ බහුවිධ ක‍්‍රමෝපායයක් යෝජනා කරනවා.
     
    xඅදාල උනන්දුවක් දක්වන සියළු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර වයෝවෘද්ධ පුද්ගලයින් සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වයෝවෘද්ධ පුද්ගලයන් පිළිබඳ ජාතික කවුන්සිලයක් පිහිටුවීම.  මේ සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් ඒකාබද්ධ අරමුදලින් වෙන්කිරීමට යෝජනා කරනවා. 
    xගරු කථානායකතුමනි, වෘද්ධ චිකිත්සක දක්ෂතාවලින් හෙබි වෘත්තිකයින්ට දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ඉහළ ඉල්ලූමක් තිබෙනවා. එමනිසා ජාතික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන වෘද්ධ චිකිත්සක රැකවරණ සේවා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් හා පාඨමාලා පැවැත්වීම සඳහා ධෛර්යමත් කරනවා.  ඕනෑම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් විසින් ජාත්‍යන්තරව පිළිගන්නා වෘද්ධ චිකිත්සක පාඨමාලා පවත්වාගෙන යන්නේ නම් ඒ අයට අවුරුදු 05 ක් දක්වා සියයට 50 ක බදු අඩුකිරීමක් ලබාදෙනු ඇත.
    xවයස්ගත පුද්ගලයන් සඳහා වූ නිවාස සඳහා ද (Housing for elderly)  ඉහළ ඉල්ලූමක් පවතින නමුත් රටේ ඒ සඳහා සැපයුම ඉතා අඩු මට්ටමක පවතී.  වයෝවෘද්ධ පුද්ගලයන් සඳහා නිවාස පහසුකම් ඉදිකරන පෞද්ගලික සමාගම් සහ තනි පුද්ගලයන් වෙත සියයට 50 ක බදු විරාමයක් ලබා දෙනු ඇත.  
    xමා දන්නා පරිදි රක්ෂණ සමාගම් විසින් වෛද්‍ය ආරක්ෂණ ආවරණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත නිකුත් කරන්නේ නැහැ.  මෙය සමාජයේ කොටසකට කරනු ලබන අසාධාරණයක් බව පෙනෙනවා.  එමනිසා වයස අවුරුදු 75 දක්වා සියලූ පුරවැසියන්ට වෛද්‍ය රක්ෂණ ආවරණ ලබා දෙන ලෙස සියලූ රක්ෂණ සමාගම් වෙතින් මා ඉල්ලා සිටිනවා. 
    xගරු කථානායකතුමනි, අවුරුදු 65 ට වැඩි සියලූ පුරවැසියන් වෙත ජාතික ඩිජිටල් හැඳුනුම්පත (NDI)  නිකුත් කළ විට ඔවුන්ට නොමිලේ පොදු ප‍්‍රවාහන පහසුකම් භුක්තිවිඳීමට හැකි වනවා. 
     
    ළමා ආරක්ෂණය - අපේ අනාගතය
     
    377.තිරසාර සංවර්ධනය සඳහා පදනම වන්නේ අපගේ ළමා පරපුරයි.  පූර්ව ළමාවිය වැදගත් වන්නේ එක් එක් ළමයාගේ සෞඛ්‍ය සහ ශාරීරික වර්ධනයට පමණක් නොව ළදරුවාගේ බුද්ධිමය සහ සංවේදීබව වර්ධනයටත් එය එකසේ වැදගත් වන නිසයි. මෙම අරමුණ පෙරදැරි කරගෙන රජය විසින් පූර්ව ළමා විය සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් එනම්  රුපියල් මිලියන 7,000 ක් සඳහා ලෝක බැංකුව සමඟ දැනටමත් ගිවිසුමකට එළඹ තියෙනවා.  
     
    378.ගරු කථානායකතුමනි, පවුලේ ව්‍යුහාත්මක පරිණාමයත් සමඟ එනම් විස්තීර්ණ පවුලේ සිට න්‍යෂ්ටික පවුල දක්වා සිදුවූ වෙනස සමඟ මෙන්ම දෙමව්පියන් රැකියාවන්හි නියුතු වීම නිසා දරුවන් සඳහා හොඳ තත්ත්වයේ විශ්වාසදායී ළමා සුරැකුම් පහසුකම් නොමැතිවීම සංකීර්ණ ගැටළු ඇතිකිරීමට හේතු වී තියෙනවා  එසේම දැනට පවතින ළමා සුරැකුම් මධ්‍යස්ථාන බොහෝ විට අවශ්‍ය පොදු පහසුකම් නොමැතිවීම සහ ළමයින් රැකබලා ගන්නන් ඒ සඳහා විධිමත් පුහුණුවක් ලැබූ අය නොවීමත් හේතුවෙන් එම මධ්‍යස්ථාන ළමයින් රැකබලා ගැනීමට සුදුසු ස්ථාන නොවන බවට හඳුනාගෙන ඇත.  එමනිසා පෞද්ගලික අංශය විසින් ජාතික ළමා රක්ෂණ අධිකාරිය මගින් නියාමනය කරන ළමා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට උනන්දු කරවනවා. මා ඒ සඳහා යන වියදම් බදුකරණයේදී සුදුසුකම් ලත් වියදම් ලෙස ඉඩදීමට යෝජනා කරනවා. 
     
    379.ගරු කථානායකතුමනි, පසුගිය මාස කිහිපය තුළ පමණක් තරුණ ළමයි පැහැරගෙනයාම, දූෂණය කිරීම සහ ඝාතනය කිරීම වැනි හද සසල කරවන ප‍්‍රවෘත්ති අපට අසන්නට ලැබුණා.  ළමයින්ගේ රැකවරණය පිළිබඳව රජයට ඇති දැඩි වගකීම පිළිබඳ පුන පුනා කීමට අවශ්‍ය නැත.  ළමයින් සම්බන්ධවූ කිසිම ගැටළුවක් හුදකලා ලෙස සැලකිය නොහැක.  මෙහි සංකීර්ණ භාවය සලකා අනාගතය වෙනුවෙන් පහත යෝජනා යෝජනා කරනවා. 
    xආරක්ෂිත හා සත්කාරක ළමා සුරැකුම් පහසුකම් සැලසීමේ අරමුණ ඇතිව පවුල්වල සහ ළමයින්ගේ අවශ්‍යතා තහවුරු කිරීමට පූර්ව ළමාවිය සංවර්ධනය කිරීමේ රාමුවක් සහ ජාතික නෛතික හා ගුණාත්මක තත්ත්ව රාමුවක් සහ නියාමන පසුබිමක් සකස් කිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරියට බලය ලබාදෙනු ලැබේ. ජාතික ළමා රක්ෂණ අධිකාරියේ කාර්යභාරය මෑත කාලයේදී සැලකිය යුතු අන්දමින් පුළුල් වී ඇති බැවින් මෙම ආයතනය ශක්තිමත් කළ යුතුයැයි මා විශ්වාස කරනවා.  ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් ඒකාබද්ධ අරමුදලින් වෙන්කිරීමට මා යෝජනා කරනවා. 
    xළමයින් රැකබලා ගැනීම සඳහා අවශ්‍ය දක්ෂ පලපුරුදු පුද්ගලයින්ගේ හිඟයක් රටේ තිබෙනවා මෙය සමස්ථ සමාජය කෙරෙහි අගතිගාමී බලපෑමක් ඇතිකර තිබෙනවා. මිලයන 50 වෙන් කරනවා   ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ළමා රක්ෂණ අධිකාරිය සමඟ ඒකාබද්ධව  ළමුන් රැකබලා ගන්නන් සඳහා කඩිනම් පුහුණු වැඩසටහන් සකස් කිරීම සඳහා ආරම්භයක් ලෙස රුපියල් මිලියන 50 ක් වෙන් කරනවා  
     
    380.මේ අතර යම් පුද්ගලික ආයතනයක් ළමයින් රැුකබලා ගැනීම පිළිබඳව පිළිගත් පාඨමාලාවක් පවත්වා ගෙන යන්නේ නම් ඒ සඳහා ද්විත්ව බදු සහන ලබා දෙනු ලබනවා.  
     
     
     
    තැපැල් සේවාව
     
    381.විද්‍යුත් ලිපි, අන්තර්ජාල පහසුකම් සහ විද්‍යුත් අලෙවිකරණ කටයුතු ආදිය නිසා ලොව වටා තැපැල් සේවය බරපතල ගැටළුවලට මුහුණ දී ඇත.  අපගේ තැපැල් සේවයද එම අභියෝගවලට අද මුහුණ පා සිටී.  එමනිසා තැපැල් දෙපාර්තමේන්තුව ඔවුන්ගේ ව්‍යාපාරයන් වාණිජ මට්ටමෙන් කුරිය සේවාවන් (Courier Services)  තත්වයට පරිවර්තනය කිරීම දිරිගන්වනවා. තවදුරටත් තරඟකාරී නොවන උපතැපැල් කාර්යාල ඔවුන්ගේ කටයුතු නවීකරණය කර මූල්‍ය හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට ධෛර්යමත් කරනවා. එසේම බැංකු වෙනුවෙන් ඉතිරිකිරීම් එකතුකිරීමටත් අනෙකුත් අනුශාංගික සේවා සැපයීම මගින්  අතිරේක ආදායම් ලබා ගැනීමටත් එමගින් ලාභදායී ඒකක බවට පත්කිරීමටත් දිරිමත් කරනවා. කෙසේ වෙතත් දැනට පවතින ක‍්‍රමය යටතේ උපතැපැල් කාර්යාල සඳහා රජය විසින් කරනු ලබන සේවා එපරිදිම කරගෙන යනු ඇති බවද අවධාරණය කරනවා.
     
    මහජන සාමය සහ ආරක්ෂාව
     
    382.ගරු කථානායකතුමනි, ගම් මට්ටමේ නීතිය, සාමය සහ ආරක්ෂාව වර්ධනය කිරීමේ අරමුණින් දැනට ඇති පොලිස් ස්ථාන නීතිය හා සාමය පිළිබඳ ගරු අමාත්‍යතුමා සහ පොලිස්පතිතුමා සමඟ සාකච්ඡුා කර පොලිස් ස්ථාන සංඛ්‍යාව 428 ක සිට 600 ක් දක්වා වැඩිකිරීමට මා යෝජනා කරනවා.  ඒ සඳහා රුපියල් මිලියන 1,000 ක අතිරේක ප‍්‍රතිපාදන ලබාදීමට මා යෝජනා කරනවා.
     
    383.අපේ පොලිස් නිලධාරීන් වැඩකරන්නේ අතිශය වේදනාකාරී තත්ත්වයකයි.  ඔවුන් නිතරම හදිසි අවස්ථාවලදී ප‍්‍රථමයෙන්ම ප‍්‍රතිචාර දක්වන අය වන අතර  ඔවුන් විවිධාකාර සේවාවන් මහජනයා වෙනුවෙන් ඉටු කරනවා.  ඔවුන්ට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට හා නවීන රථවාහන හැසුරුවීමේ ක‍්‍රම පිලිබඳව අඛණ්ඩ පුහුණු පාඨමාලා දේශීය හා විදේශීය වශයෙන් ලබාදීමට යෝජනා කරනවා..  මේ සම්බන්ධව රටේ ජාතික පොලිස් පුහුණු ඇකඩමිය ශක්තිමත් කිරීමට යෝජනා කරනවා..  මෙම කාර්යය සඳහා රුපියල් මිලියන 100 ක් වෙන්කිරීමට යෝජනා කරනවා.
     
    384.අද දින වන විට ජාලගත සන්නිවේදනය (Network Communication) උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත්වී ඇත.  අපගේ පොලිසියට මෙම පහසුකම භාවිතා කරමින් රාජ්‍ය ආයතන හා මහජනතාව අතර හදිසි අවස්ථාවලදී සම්බන්ධීකරණය සඳහා යොදා ගත හැකිය.  මේ සඳහා මා රුපියල් මිලියන 250 ක ප‍්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.
     
    385.අපගේ රජය පොලිස් සේවාව පැහැදිලිවම හඳුනාගෙන ඇති අතර පොලිස් සේවයේ වැටුප් විෂමතාවයන් වර්ෂ දෙකක් තුළදී විසඳීමට කටයුතු කරනු ඇත.  එම ගෙවීම් වලින් සියයට 50 ක් ගෙවීම සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කරනවා.
     
    386.තවද එක් එක් පොලිස් ස්ථාන වෙනම පිරිවැය ඒකක ලෙස සලකනු ඇති අතර එය ඔවුන්ගේ මූල්‍ය විනය දියුණු කිරීමට ද හේතුවනු ඇත.
     
    රාජ්‍ය ව්‍යාපාර
     
    387.රාජ්‍ය ව්‍යාපාර රජයේ ආර්ථික ක‍්‍රමෝපායේ ඉතා වැදගත් කොටසක් ලෙස පවතින අතර ප‍්‍රධාන ක්ෂේත‍්‍රවල විදුලිබල හා බලශක්ති, වරාය හා ගුවන් තොටුපොල, ගුවන් සේවා ආයතන, ජල සැපයුම වැනි අංශවල පාලන බලයක් හෝ ඒකාධිකාරී  බලයක් සතුව ඇත.  කිසිම රාජ්‍ය ව්‍යාපාරයක් ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් පෞද්ගලීකරණය නොකරන බව රජය නැවතත් අවධාරණය කිරීමට කැමතියි.  ඒ වෙනුවට රජය සතු ව්‍යාපාර වඩා ස්වාධීන ආයතන බවට පත්කිරීම ශක්තිමත් කිරීම සඳහා වඩා උපායශීලී ප‍්‍රවේශයක් අනුගමනය කිරීම කෙරෙහි රජය දැඩි අවධානයෙන් පසුවනවා.  
     
    388.එසේම ආරම්භක පියවරක් ලෙස රජය සතු සියළු ව්‍යාපාර සිංගප්පූරුවේ Temasek Holdings    සමාගමට අනුරූපීව ඇති කරනු ලබන රජය සතු සමාගමක් යටකට පත්කරනු ඇත.  මෙම රාජ්‍ය සමාගම යහපත් මූල්‍ය හා වෙළඳපොළ ආර්ථික සිද්ධාන්ත මත ක‍්‍රියාත්මක වනු ඇත.  මෙම ව්‍යවසායයන්හි කොටස් රාජ්‍ය  ධන භාරයට (Public Wealth Trust)  මාරුකරනු ඇත.  භාණ්ඩාගාර ලේකම්වරයා සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙහි භාරකරුවන් වේ.  ව්‍යවස්ථාපිත කවුන්සිලය විසින් නම්කරනු ලබන සිවිල් සමාජයේ, වාණිජ මණ්ඩල හා වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් මගින් මෙම භාරය කළමනාකරණය කරනු ලබයි.  මෙම රාජ්‍ය ධන භාරය පාර්ලිමේන්තුව වෙත වගකිව යුතුවේ.  නව රාජ්‍ය ව්‍යාපාර පනතක් මගින් මේ සඳහා අවශ්‍ය නෛතික රාමුව සලසනු ඇත. 
     
    389.රාජ්‍ය ව්‍යාපාරවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා වෘත්තිකයන් පත්කරමින් ශක්තිමත් කරනු ඇත.  ප‍්‍රධාන රාජ්‍ය ව්‍යාපාර කාර්ය සාධන දර්ශක මත (KPI) පදනම්ව ක‍්‍රියාත්මක කිරීමටත් කාර්ය සාධන ඇගයීමටත් ඉඩ සලසනු ඇත.  ප‍්‍රධාන රාජ්‍ය ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ (Rating)  ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමට උනන්දු කරනු ඇත. නොයෙක් වෙළඳපොළ උපකරණ තුලින් ඔවුන්ගේ ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා දේශීය හෝ විදේශීය ප‍්‍රාග්ධන වෙළඳපොලවල් වලට ප‍්‍රවේශවීමට උපකාරී වනු ඇත.
     
    390.ස්වයං පැවැත්මක් ඇති රජය සතු ව්‍යවසායන් ඇතිකිරීමේදී ශක්තිමත් නියාමන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය අවබෝධ කරගනිමින් රජය විසින් මහජන උපයෝගිතා කොමිෂම (Public Utilities Commission of Sri Lanka)  ශක්තිමත් කිරීමට හා පුළුල් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරනු ඇත.  මෙම කොමිසමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලත් වන ඇති අතර එමගින් වඩාත් පිරිවැය පිළිබිඹු කරන විනිවිද භාවයෙන් යුත් මිල යාන්ත‍්‍රණයක් හඳුන්වා දීමට හැකිවනු ඇත.
     
    391.රාජ්‍ය ව්‍යාපාරවලට අදාළ රජයේ ප‍්‍රතිපත්තිය ආර්ථිකයට අදාලව උපායශීලී ලෙස සිදුකෙරෙන ආයෝජන මත රඳා පවතිනු ඇත. රජයේ ආයෝජන සංයුතියට රජය සතු ව්‍යාපාර විසින් පවත්වාගෙන යන සහ පාලනය කරනු ලබන විදුලිබල උත්පාදනය හා බෙදාහැරීම, වරායන්, ගුවන් තොටුපොල, ජල සැපයීම් ආදියෙහි කෙරෙන වැදගත් උපායශීලී පොදු පහසුකම් පමණක් නොව හෝටල්, ආරෝග්‍යශාලා වැනි උපායශීලී නොවන අංශවල කරන ආයෝජනයන් ගෙන් ද සමන්විත වේ.   එසේම ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් මේ සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයේ සඳහන් පරිදි රජය සිය ආයෝජන සංයුතිය (Investment Portfolio) úêu;a lsÍu i|yd Lanka Hospital, Hotel Developers Pvt. Ltd. (Colmbo Hilton), Hyatt Residencies, Waters Edge, Grand Oriental Hotel, Ceylinco Hospital සහ Mobitel    යන ව්‍යාපාරවල සිදුකර ඇති උපායශීලී නොවන ආයෝජන කොළඹ කොටස් වෙළඳපොලේ 2016 වසරේ ලැයිස්තුගත කර සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජය ඉවත් වනු ඇත.  මෙම ලැයිස්තුගත කිරීමෙන් උපයනු ලබන මුදල් රාජපක්ෂ පාලන සමය විසින් අත්පත් කරගත් අධික පිරිවැය සහිත ණය නිරවුල් කිරීම සඳහා යොදා ගනු ලැබේ.  මෙම රජයේ උපක‍්‍රමය ඒකපාර්ශවීය නොවේ.  එක් අතකින් රජය උපායශීලී නොවන වත්කම්වලින් ඉවත් වීමට පසුබට නොවන අතර වෙළඳපොල අධීක්ෂණය කරමින් රටේ ආර්ථික ප‍්‍රතිපත්තියට අනුකූල වන්නේ නම් උපායශීලී වත්කම්වල දේශීය හා විදේශීය වශයෙන් ආයෝජනය කිරීමට ද පසුබට නොවනු ඇත. 
     
    392.ගරු කථානායකතුමනි, වෙලඳපොල මිල ස්ථායිකරණයට ඵලදායී ලෙස දායක විය හැකිව තිබූ  ලක් සතොස ආයතනය බංගලිදේශයෙන් සහල් කිලෝ එකක් රුපියල් 70 ක මිලට ගෙන රුපියල් 50 ගණනේ අලෙවි කිරීම වැනි අනුවන දේශපාලන තීන්දු ගැනීම නිසා ක‍්‍රමයෙන් වැඩිවූ රුපියල් බිලියන 8 ක ණය සම්භාරයක් සමඟ පවත්වාගෙන යාමට සිදුවී ඇත.  ලක් සතොස ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ මෙවලමක් හැටියට භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.  මේ නිසා ලක් සතොස නවීකරණය කිරීමේ උපාය මාර්ගයේ කොටසක් වශයෙන් එහි ණය ප‍්‍රතිසංවිධානය කරනු ඇත.  ඒ සමඟම බෙදාහැරීමේ ශාඛා ජාලය 500 දක්වා ව්‍යාප්ත කරනු ඇත.  මේ සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.  
     
    393.ගරු කථානායකතුමනි, දකුණු අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගය කළමනාකරණය කිරීම සඳහා විශේෂ කාර්ය ඒකකයක් (SPV)  පිහිටුවීමට මා යෝජනා කරනවා.  රජය විසින් අවම ආදායමක් සහතික කරන මෙම ඒකකයෙහි ආයෝජනය කිරීමට පුද්ගලික අංශයටද මා ආරාධනය කරනවා. මෙම ඒකකයේ ආයෝජනයෙන් උපයා ගන්නා අරමුදල් අප රට පැටලී ඇති ණය නිරවුල් කිරීමට යොදා ගනු ලැබේ. 
     
    394.නොරොච්චෝලේ ගල් අ`ගුරු බලාගාරය සුරැුකුම්කරණය සඳහා (Securitization)  විශේෂ කාර්ය ඒකකයක් (SPV)    පිහිටුවීමට යෝජනා කරනවා.  මෙම බලාගාරයේ හිමිකාරිත්වයේ වෙනසක් නොවන බවට මා සහතික වන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ද්‍රවශීලතා තත්ත්වය වැඩිදියුණු කිරීමටත් එමගින් එහි කටයුතු පුළුල් කිරීමටත් බලාපොරොත්තු වනවා.
     
    395.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවත් ආයෝජකයින් සමඟ සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කරන අතර එමගින් ත‍්‍රිකුණාමලයේ පිහිටි දැනට ඌණ උපයෝජිත තෙල් ටැංකි කළමනාකරණය කිරීමට කටයුතු කරනු ලැබේ.  මෙම පහසුකම බන්ධිත ගුදමක් (Bonding Ware House)  ලෙස ක‍්‍රියාත්මක වනු ඇත.
     
    396.ගරු කථානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් රාජ්‍ය ව්‍යවසායයන්ගේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල වෙත ගෙවන වැටුප් හා දීමනා නිශ්චිතව සඳහන් කරන ලෙස උපදෙස් දී ඇත. මේ පිළිබඳව කලින් උපදෙස් නිකුත් කර තිබුනත් ඒවා  පිළිපැද නොමැති බව නිරීක්ෂණය කරනවා. කෙසේ වුවද 2016 ජනවාරි 01 දා සිට භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන උපදෙස් තරයේ පිළිපැදිය යුතු වනවා.
     
    සිවිල් ගුවන් සේවා 
     
    397.බාධාවකින් තොර ගුවන්යානාවලට නිදහස් ගුවන් කලාප (Open Sky)  ප‍්‍රතිපත්තියක් කරා එළඹීමට රජය අදහස් කරයි.  ඒ අනුව අන්තර්ජාතික ගුවන් සමාගම්වලට ශ‍්‍රී ලංකාව වඩාත් කැමති ගමනාන්තයක් බවට පත්කර ගන්නා ලෙසට මා ආරාධනය කරනවා. 
     
    398ගදේශීය ගුවන් ප‍්‍රවාහන කටයුතු ශක්තිමත් කිරීම තුළින් රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාව මත ක‍්‍රියාත්මක වන නව අභ්‍යන්තර ගුවන් තොටුපොලවල් තුනක් දිගන, බදුල්ල සහ පුත්තලම ප‍්‍රදේශවල ආරම්භ කරනු ඇත. 
     
    399.ගරු කථානායකතුමනි, අප‍්‍රිකාව සහ නැගෙනහිර ආසියාව සමඟ ගමනා ගමන කටයුතු ප‍්‍රමාණවත් ලෙස සිදුවන අතර එය ඉදිරි වසර 10 තුල වැඩියෙන් වර්ධනය වනු ඇත.  එමනිසා ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයට අන්තර්ජාතික ගුවන් සේවා ආයතන සමඟ නැගෙනහිර සිට බටහිරට සංචාරය කරනු ලබන මෙම සංචාරකයින් සඳහා ශ‍්‍රී ලංකාව නැවතුම්පොලක් කරගැනීමට අවශ්‍ය වන ක‍්‍රමවේදයන් සකස් කර ගන්නා ලෙසට යෝජනා කරනවා. 
     
    400ගදේශීය සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් අභ්‍යන්තර ගුවන්තොටුපොලවල් භාවිතා කරන ගුවන් සමාගම් සඳහා ගුවන් තොටුපොල මෙහෙයුම් ගාස්තු (Ground Handling Charges)  හා අනෙකුත් ගාස්තු අයකිරීම අත්හිටවනු ඇත.  එම සමාගම්වලට වර්ෂයකට රුපියල් මිලියන 1.5 ක් වන බලපත‍්‍ර ගාස්තුවක් පමණක් ගෙවීමට සිදුවනු ඇත.
     
    401.ගරු කථානායකතුමනි, වානිජ ගුවන්යානා සඳහා සියයට 20 ක පියාසර ගාස්තුවක් 2016 ජනවාරි 01 වන දින සිට අයකිරීමට මා යෝජනා කරනවා.
    ශ‍්‍රී ලංකන් ගුවන් සේවා
     
    402.ගරු කථානායකතුමනි එමිරේට්ස් ආයතනය වෙතින් කළමනාකරණය ආපසු ලබාගත් පසු ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඉතා දුර්වල ලෙස පවත්වාගෙන ගොස් ඇත.  එහි සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 158 ක් වන අතර එයින් සියයට 72 ක් දරා ඇත්තේ පසුගිය පාලන සමයේ අවසාන වසර තුන තුළදීය. විශේෂයෙන්ම මෙය දූෂණ හා වංචා, ඥාතිමිත‍්‍ර සංග‍්‍රහය, දුර්වල කළමනාකරණය නිසා සිදුවූවක් වෙනවා.  මෙම තත්වය අවතක්සේරු කිරීමෙන් මෙරට බදු ගෙවන්නන්ට අසාධාරණයක් වන බව කිව යුතුය.  මෙමගින් බස් රථ 45,000 ක් ද සියළු පහසුකම් සහිත විශ්වවිද්‍යාල 25 ක් ද සියළු උපකරණ සහිත නවීන ආරෝග්‍යශාලා 30 ක් ද නිවාස 48,000 ක් ඉදිකිරීම සඳහා මූල්‍යනය කළ හැකිව තිබිණ.  අවාසනාවන්ත ලෙස මෙය ශක්තිමත් කිරීමේ ක‍්‍රියාවලිය ඉතා මන්දගාමී ස්වරූපයක් ගෙන තිබෙනවා. 
     
    403.ගරු කථානායකතුමනි, අප විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම දේශීය හා විදේශීය වෘත්තීය කලමනාකරණ විශේෂඥයන්ගෙන් ප‍්‍රතිසංවිධානය කිරීමත් නැවත ස්ථානගත කිරීමත් කරනු ලබන්නේ වඩා ලාභදායී ගමනාන්ත සහිත කලාපීය ගුවන් සමාගමක් ලෙසය. 
     
    404.ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ කිසිම දේශපාලන අතපෙවීමක් සිදු නොවන බවට මා මෙම ගරු සභාවට සහතික කරනවා. අප විසින් මෙම සමාගම කලාපීය ප‍්‍රමුඛයා සහ සාර්ථක ලාභදායී ජාතික ගුවන් සේවය ලෙස නැවත පත්කිරීමට කටයුතු කරනවා. රජය විසින් මෙම පුනර්ජීවන ක‍්‍රියාමාර්ගය සඳහා කැපවී සිටින අතර කොතෙක් නීරස වුවත් මෙම වගකීම භාර ගන්නවා. 
     
    405.ගුවන් තොටුපොල මෙහෙයුම් (Ground Handling)  ආහාරපාන සැපයීම දැනට ලාභදායී තත්ත්වයේ පවතින අතර ඒවා වෙනම ආයතන වශයෙන් සියළුම ගුවන් සේවා සඳහා සේවා සැපයීමට හැකිවන ආකාරයෙන් කළමනාකරණය කරනවා.  
     
    මිහින් ලංකා
    406.ගරු කථානායකතුමනි, පසුගිය රාජපක්ෂ සමයේ රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කිරීමට හේතු වූ මිහින් ලංකා තවත් සිහිවටනයකි.  මේ සම්බන්ධයෙන් දැනටමත් අප විසින් ප‍්‍රතිසංවිධාන සැලසුම් සකස් කර ඇති අතර ඒ අනුව මිහින් ලංකා ”සැරසිලි නැති” බජට් එයාර්ලයින් එකක් ලෙස නැවත ස්ථානගත කරනු ඇත.  එහි මෙහෙයුම් විශේෂයෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් කෙරෙහි අවධානය යොමු කරන අතර එහි ගුවන් කටයුතු තෝරාගත් අන්තර්ජාතික ගුවන් මාර්ග කිහිපයකට සීමා කරනවා. 
     
    මත්තල ගුවන් තොටුපොල
    407.ගරු කථානායකතුමනි, මත්තල ගුවන් තොටුපොල අද දින වන විට සුදු අලියෙකු බවට පත්වී ඇත.  ගුවන් තොටුපොල ඉදිකිරීම සඳහා ලබාගත් ණය හේතුවෙන් සමස්ත රටම ණයකරුවෙකු බවට පත්ව තිබෙනවා. අප රජය මත්තල ගුවන් තොටුපොල රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිතාවයකින් වෙනස් ක‍්‍රියාකාරකම් සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන අතර ගුවන් තොටුපොල නියමු පුහුණු කටයුතු, ගුවන් යානා සඳහා පහසුකම් සැලසීමේ කාර්යයන්, ගුවන් බඩු සේවා ආදී වශයෙන් වන කටයුතු සඳහා භාවිතා කරනු ඇත.  
     
    408.එමෙන්ම මත්තල ගුවන් තොටුපොල ගුවන් බඩු මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීමට යෝජනා කරනවා.  මෙම කාර්යය ධෛර්යමත් කිරීම සඳහා කිලෝ ග්රැමයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 4 ක බහාලූම් ගාස්තුවක් අයකිරීමට යෝජනා කරනවා.
     
    409.පියාසර පුහුණු පාසල් නඩත්තු අළුත්වැඩියාව සහ පූර්ණ අළුත්වැඩියා පහසුකම් මත්තල ගුවන් තොටුපොල තුල පෞද්ගලික අංශය මගින් ආරම්භ කිරීම ධෛර්යමත් කිරීම සඳහා යෝජනා කරනවා.
     
    ඵලදායී සමාජ ආරක්ෂණ ජාලයන් 
     
    410.ගරු කථානායකතුමනි, මෙම රජය විවිධ අවදානම් තත්ත්වයන් යටතේ පහසුවෙන් ගොදුරු විය හැකි සමාජ කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා කැපවී සිටී. පවුල් ඒකකයක් සඳහා රජය ලබාදෙන දීමනා දිගුකාලීනව වැඩිවී ඇති අතර 2015 වර්ෂය ගතහොත් රු.බිලියන 383 ක් ම මේ සඳහා වෙන්කර ඇති අතර 2016 වර්ෂයේ මේ සඳහා වන වියදම රුපියල් බිලියන 420 ක් දක්වා වැඩිකර ඇත.  මෙම පවුල් ඒකකයක් සඳහා හුවමාරු වීම් තුල සමෘද්ධි පොහොර සහනාධාර, විශ‍්‍රාම වැටුප් වැනි සමාජ ආරක්ෂණ යෝජනා ක‍්‍රම අන්තර්ගතය.  කෙසේ වුවද මෙම යෝජනා ක‍්‍රමවල පවතින අකාර්යක්ෂමතා ගැටළු හා සත්‍ය වශයෙන්ම උදවු අවශ්‍යවන පිරිස් කරා ලඟා වීමට දුෂ්කරතා ඇති බවට ඔබ එකඟ වනු ඇත.  ප‍්‍රතිලාභීන් හඳුනාගැනීමේ අක‍්‍රමවත් බව වැඩිවන විෂමාචාරයන්ට මුල්වී ඇති අතර සත්‍ය වශයෙන්ම අවශ්‍යතාවය පවතින පිරිස මුළු ජනගහනයෙන් ඉතා සුළු පිරිසකට සීමා වී ඇත.  
     
    411.මෙම යෝජනා ක‍්‍රම සමාලෝචනය කිරීමට කාලය පැමිණ ඇති බව මා විශ්වාස කරනවා.   ගරු කථානායකතුමනි, සමාජ ආරක්ෂණ ක‍්‍රම අපහසු තාවයට පත් කරන ප‍්‍රධාන ගැටළු දෙක වන්නේ නිසි පරිදි හඳුනාගැනීමට හා සමාජ ප‍්‍රතිලාභ පනතක් යටතේ ආමන්ත‍්‍රණය කළ හැකි ප‍්‍රමාණවත් නොවන ප‍්‍රතිලාභ හුවමාරුව වේ.  මෙම යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සමන්විත අපගේ සමාජ ජාල සහ ග‍්‍රාම නිලධාරී ඇතුළු ප‍්‍රභූවරුන් අපගේ සමාජ ආරක්ෂණ යෝජනා ක‍්‍රම ප‍්‍රතිලාභීන් හඳුනාගැනීම සඳහා යොදා ගැනීමට යෝජනා කරනවා. එමෙන්ම සියළුම ගෙවීම් රට තුල විහිදී ඇති බැංකු ශාඛා පද්ධතිය තුලින් ගෙවීමටත්  යෝජනා කරනවා. වඩා විනිවිද භාවයකින් යුත් මෙම ක‍්‍රමය බාධාවකින් තොරව කාන්දුවීම් සහ දූෂණයෙන් තොරව ප‍්‍රතිලාභ ගලාඒම සඳහා ඉඩ සලසනු ඇත.
     
    412. අපගේ රජය සියළු සමාජ ආරක්ෂණ යෝජනා ක‍්‍රම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ තනි ආයතනයකින් නියාමනය කළ යුතු බවට විශ්වාස කරනවා.
     
    413.මෙම යෝජනා ක‍්‍රම කාර්යක්ෂමව කිරීමෙන් අප සමාජයේ පීඩාවට ලක්වී ඇති කණ්ඩායම් වලට වඩා ඉහළ ප‍්‍රතිලාභ ලබාදීමට හැකිවනු ඇත.  එහිදී සම්ප‍්‍රදායිකව ආබාදිත සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන ආධාර, වැඩිහිටියන්ට ලබාදෙන ප‍්‍රතිලාභ පමණක් නොව අපගේ සමාජ ආරක්ෂණ ජාලය, රැකියා අහිමිවීම් ඇතුළු අවස්ථා ද ආවරණය වන මට්ටමට පුළුල් වනු ඇත.
     
    රාජ්‍ය මුදල්
     
    414.ගරු කථානායකතුමනි, රජය විසින් කරනු ලබන මිලදී ගැනීම් සම්බන්ධව ශක්තිමත් මෙන්ම දැඩි රෙගුලාසි අප විසින් බලාත්මක කරනවා. අගමැතිතුමා විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කරන ලද පරිදි මධ්‍යම ප‍්‍රසම්පාදන ලේකම් කාර්යාලයක් පිහිටවනු ඇත. එමගින් රජයේ කොන්ත‍්‍රාත්තු පිරිනැමීම අධීක්ෂණය කරන අතර නිශ්චිත වටිනාකමකින් ඉහලට  වන සියළුම ප‍්‍රසම්පාදන කටයුතු සිදුකරනු ඇත.  
     
    415.පසුගිය වර්ෂ කිහිපය තුල ක‍්‍රීයාත්මක කරන ලද ව්‍යාපෘති වලින් බොහොමයක් විනිවිද භාවයෙන් තොරව හා තරඟකාරී මිලදී ගැනීම් ක‍්‍රියාවලියට අනුගත නොවී මිල කැඳවුම් වලින් තොරව ඉදිරිපත් කෙරන යෝජනා (Unsolicited Proposals)  මගින් ක‍්‍රියාත්මක කර ඇත.   මේ හේතුව නිසා අප රටට අතිවිශාල මුදලක් සමහර ව්‍යාපෘති සඳහා ගෙවීමට සිදුවී ඇත.  රජයේ ටෙන්ඩර් සඳහා ඉල්ලූම් කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳව පෞද්ගලික සමාගම් සහ කොන්ත‍්‍රාත්කරුවන් දැනුවත් කිරීම පිණිස කමිටුවක් පත්කරනු ලබනවා ඇත. 
     
    416.ගරු කථානායකතුමනි, මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් සම්පූර්ණයෙන් හෝ කොටසක් ලෙස හිමිකාරිත්වය දරන සමාගමකට හෝ රාජ්‍ය ව්‍යාපාරයකට, උප සමාගමකට හෝ ආශ‍්‍රිත සමාගම්වල ආයෝජනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ලිඛිත අනුමැතිය නොමැතිව ඉඩ ලබා නොදෙනු ඇත.  එමෙන්ම කිසිඳු රජයේ අමාත්‍යාංශයකට භාණ්ඩාගාර ලේකම්ගේ ලිඛිත අවසරයකින් තොරව කිසිම සමාගමක මුදල් ආයෝජනය සඳහා ඉඩ ලබා නොදෙනු ඇත.  
     
    417.ගරු කථානායකතුමනි, එමෙන්ම ටෙන්ඩර් සම්බන්ධ ක‍්‍රියාකාරකම් වලට අදාළ ගාස්තු සංශෝධනය කිරීම සඳහා ද යෝජනා කරනවා
     
    418. ගරු කථානායකතුමනි, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල ඇති පාවිච්චියට ගනු නොලබන පිත්තල, තඹ සහ වානේ වැනි ද්‍රව්‍ය විනිවිදභාවයෙන් යුතු ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් හෝ වෙන්දේසි කිරීමක් තුලින් විකුණා දැමිය යුතුය. ඉහත ස`දහන් ක‍්‍රියාවලිය මගින් ලැබෙන ආදායම පිත්තලවලින් රුපියල් මිලියන 1,500 ක් ද වානේ වලින් රුපියල් මිලියන 1,000 ක්ද වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
     
    419.ප‍්‍රධාන ගණන්දීමේ නිලධාරීන් හා ගණන්දීමේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය අංශයේ ආදායම් ගණන් දීමේ නිලධාරීන් විසින් විවිධ රජයේ ආයතන විසින් අයකරනු ලබන ගාස්තු සෑම වසර තුනකටම වරක් සමාලෝචනය කළ යුතු බවද යෝජනා කරනවා.
     
    420. ගරු කථානායකතුමනි, රජයේ වත්කම් අවභාවිතය වී ඇත. එමනිසා ජාතික වත්කම් ලේඛනයක් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යායුතු බවට මා යෝජනා කරනවා. 
     
    421.ගරු කථානායකතුමනි, අයවැය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියවලිය වැඩි දියුණු කළ යුතු බව මා දන්නවා. එබැවින් අයවැය ක‍්‍රියාත්මක කිරීම 2016 ජනවාරි මාසයේ ආරම්භ කරන ලෙස ද ලබා දෙන ලද ප‍්‍රතිපාදන ඉක්මවා බැඳීම් ඇති කර නොගන්නා ලෙසද අපේ ජනතාවට වඩාත් හොඳ සේවාවක් සැලසීම සඳහා ලබා දෙන ලද සෑම රුපියලකින්ම උපරිම ප‍්‍රතිඵල ලබා ගන්නා ලෙසද මා සියළුම අමාත්‍යාංශවලින් ඉල්ලා සිටිනවා. 
     
    422.ගරු කථානායකතුමනි, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතෙහි ඉඩකඩ ලබ දී ඇත්තේ දළ ජාතික නිෂ්පාදිතයෙන් ඇප සීමාව සියයට 7 ක් වශයෙනි. එම සීමාව දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා . රාජ්‍ය සහ පෞද්ගලික පොදු හවුල්කාරත්ව වැඩසටහන් ස`දහා රජය සියයට 50 කට වඩා අඩුවෙන් දායක වන විට කිසියම් ගාස්තුවක් අය කරමින් මෙම ඇප ලබා දේ. ගාස්තුවක් අය කෙරෙමින් ඇප නිකුත් කිරීම පිනිස රෙගුලාසි පනවනු ලබනවා. 
     
    භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු වැඩි දියුණු කිරීම
     
    423.ගරු කථානායකතුමනි, අපේ රටේ ආදායම වැඩිකිරීමේ කාර්යයට අප කැපවී සිටිනවා.  ඒ අනුව ආදායම් කාර්යක්ෂමතාවය සහ අධීක්ෂණ ඒකකයන් මහාභාණ්ඩාගාරය තුල ස්ථාපනය කරනු ඇත.  මෙමගින් රේගුව, සුරාබදු දේශීය ආදායම් සහ තක්සේරු යන අංශවලට අදාළ ආදායම් සහ ආදායම් සම්බන්ධිත කාර්ය පිළිබඳ විමර්ශනය කරනු ලබනවා.  
     
    424. වර්තමාන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිහිටා ඇති ගොඩනැගිල්ලේ ඉඩකඩ මදිවීම හේතුකොටගෙන එහි කටයුතු ව්‍යාප්ත කිරීමට අපහසු වී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව හා ජාතික ලොතරැුයි මණ්ඩලය ස්ථාපනය කිරීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් යුතු ගොඩනැගිල්ලක් ට‍්‍රිපොලි වෙළඳපොල භූමියෙහි ඉදිකරනු  ඇත.  මේ සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන්කිරීමට යෝජනා කරනවා.
     
    425.ගරු කථානායකතුමනි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවෙයි.  රාජ්‍ය මූල්‍යනයට අදාළ සියලූ කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කලයුතු වුවද විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ව්‍යවසාය විසින් ඒකාබද්ධ අරමුදලින් පරිබාහිරව ලැබීම් හා ගෙවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පාලනයෙන් තොරව තම ආයතන මගින් කළමනාකරණය කරනු ලබන ස්ථාපිත නොවන අරමුදල් පවත්වා ගෙන යන බව පෙනීගොස් ඇත.  
     
    426.සියලූම මහජන අරමුදල් පාර්ලිමේන්තුවේ අරමුදල් පිලිගත් ක‍්‍රියාදාමයට අනුකූලව පාර්ලිමේන්තුවේ පාලනයට යටත්කිරීම සහතික කිරීම පිණිස සියළුම ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන රුපියල් බිලියන 80 කට ආසන්න වටිනාකමකින් යුත් අරමුදල් සමාලෝචනය කල යුතු බවට යෝජනා කරනවා.  එවැනි සමාලෝචනයක් මගින් වර්තමානයේ මෙම අරමුදල්වල පැවැත්ම සාධාරණීයකරණය පිළිබඳව වටහා ගැනීමට අපට හැකිවේ.  එසේම එම අරමුදල්වල පැවැත්ම සාධාරණීකරණය කළ හැකි නම් එම අරමුදල්වලට අදාල ව්‍යවස්ථාවන් වර්ථමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කරනු ඇත.  ඒ සමඟම අරමුදල් වල ලැබීම් සහ ගෙවීම් පාර්ලිමේන්තුවේ පාලනයට  ගෙන එනු ලබනවා ඇත.
     
    427.ගරු කථානායකතුමනි, රාජ්‍ය ආයතන විසින් විවිධ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන් එනම් මහා පරිමාණ ඉදිකිරීම්වල සිට කුඩා පරිමාණ ඉදිකිරීම් දක්වා 2011 වර්ෂයේ පමණ සිට 2014 දෙසැම්බර් 31 වන දින දක්වා විවිධ භාණ්ඩ වැඩ සහ සේවා සඳහා වර්ෂ කිහිපයක් තුල ගෙවීමට ඇති ඉල්ලීම් හා ලැබීමට ඇති මුදල් මේ වන විට ගෙවීම් නොකිරීම හේතුවෙන් ඒකරාශී වී ඇත.  මෙම ඉල්ලීම් විමර්ශණය කොට එහි වලංගුභාවය සහතික කිරීම සඳහා සහ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශ‍්‍රාමික ලේකම්වරුන්ගෙන් සැඳුම්ලත් කමිටුවක් පත්කිරීමට යෝජනා කරනවා.
     
    428.ගරු කථානායකතුමනි,  විදේශීය අරමුදල් භාවිතා කිරීම විවිධ කරුණු මත ප‍්‍රමාද වේ.  ක‍්‍රියාවලිය සම්පූර්ණ කිරීමට පමණක් මාස 5 සිට 6 දක්වා කාලයක් ගතවේ. මෙම පසුබිම තුල මුදල් අමාත්‍යාංශයට සිය නීතිමය කටයුතුවලදී සහාය වීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු ද්විතීයන පදනම මත භාණ්ඩාගාරයට නිදහස් කරන ලෙස නීතිපතිතුමාගෙන්  ඉල්ලා සිටිනවා.
     
    429.ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මූල්‍ය කළමනාකරණ කාර්යය ක‍්‍රමයෙන් සංකීර්ණ වෙමින් පවතී.  රාජ්‍ය මූල්‍ය කළමනාකරණය රජයට අතිශය වැදගත් කමකින් යුත් අවශ්‍යතාවයක් වේ. රාජ්‍ය මූල්‍ය අංශයේ නිලධාරීන් පුහුණු කිරීම සඳහා වෘත්තීයමය ආයතනයක් නොමැත.  එමනිසා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන පරාසය තුල වෘත්තීය සුදුසුකම් ප‍්‍රවර්ධනය කිරීමට උපකාරී වන යාන්ත‍්‍රනයක් රටතුල නොමැත.  එබැවින් රාජ්‍ය අංශයේ මූල්‍ය කලමනාකරණ නිලධාරීන් ඔවුන්ගේ සුදුසුකම් පෞද්ගලික අංශයේ මූල්‍ය කලමනාකරණය අරමුණු කර ගනිමින්  පිහිටුවා ඇති ආයතනවලින් සිය වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට පෙළඹී සිටී.  
     
    430.මෙම පසුබිම තුල මුදල් අමාත්‍යාංශයට රාජ්‍ය අංශයේ ගණකාධිකාරීවරුන් සඳහා වෘත්තීය සුදුසුකම් ලබාදීමේ ආයතනයක් පිහිටුවීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 50 ක ප‍්‍රතිපාදන වෙන්කිරීමට යෝජනා කරනවා. 
     
    431. ගරු කථානායකතුමනි, භාණ්ඩාගාරයේ කටයුතු මේ වන විට පුළුල් වී ඇත.  ඒ සඳහා ප‍්‍රමාණවත් දායකත්වයක් ලබාදීම පිණිස විශේෂිත දෙපාර්තමේන්තු අවශ්‍ය වී ඇත.  මේ හේතුව නිසා ප‍්‍රාග්ධන වෙළඳපොල කාර්යයන් සඳහා සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සම්බන්ධතාව ඇති කිරීම සඳහා නව දෙපාර්තමේන්තු  දෙකක් ආරම්භ කිරීමට යෝජනා කෙරේ.
     
    432.ගරු කථානායකතුමනි,  ඉඩකඩ කළමනාකරණය කිරීම පිළිබඳ විධිමත් ප‍්‍රතිපත්තියක් අප රටට නොමැත.  එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය අංශයේ සේවා සැපයීම නිසි පරිදි සිදු නොවේ.  මේ හේතුව නිසා රජයේ ආයතනවලට ඉඩකඩ කළමනාකරණය සඳහා ඉඩකඩ කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනවා.  
      
    රාජ්‍ය පරිපාලනය
     
    433. ගරු කථානායකතුමනි, මෙම රජය, රජයේ සේවකයින්ගේ අභිමානය ආරක්ෂා කරනු ලබන බවට පොරොන්දු වූ අතර එය අප ඉටු කර ඇත.  ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින් පත්කර ඇත. රාජ්‍ය අංශය දේශපාලණීකරණය වීම අතීතයට අයත් සිද්ධියක් බවට පත්වී ඇත.
     
    434.මසකට රුපියල් 10,000 ක් වන රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති ඉහලම වැටුප් වැඩිකිරීම සිදු කරනු ලබන බවට පොරොන්දු වූනා.  එම පොරොන්දුව අප විසින් ඉටුකළ බවට සටහන් කිරීමට කැමතියි.  රාජ්‍ය අංශයේ දැන් වගකීම වන්නේ අපේක්ෂිත  පරිදි සේවා සැපයීමයි.  අප ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකළ යුතුවේ.  රාජ්‍ය අංශයේ සේවා සැපයීම අපේක්ෂා කරන මට්ටමට සිදු නොවන බව සඳහන් කරන්නේ ඉතාමත් කණගාටුවෙනි.  මෙම තත්ත්වය නිවැරදි කළ යුතුය.  ඵලදායිතාවය රටේ සමස්ත ආර්ථික වර්ධනයට බලපාන බලවත් ගැටළුවක් වී තිබේ.  ඉදිරි දැක්මක් සහිත රාජ්‍ය පරිපාලනය මේ සඳහා මග පෙන්වීමට අවශ්‍ය වනු ඇත. 
     
    435.වැඩිපුර සේවකයන් සහිත ආයතනවලින් රාජ්‍ය සේවකයින් ලබාගෙන සේවකයින් අඩු ආයතනවලට ඔවුන් සේවයේ යෙදවීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සංචිතයක් ඇතිකිරීමට මා යෝජනා කරනවා.
     
    436. ගරු කථානායකතුමනි, ඉහළ වියදම් සහ අකාර්යක්ෂමතාවය හේතුවෙන් රජය විසින් වාහන මිලදී ගැනීම හා නඩත්තුව සඳහා සැලකිය යුතු මුදලක් වියදම් කරයි.  මේ හේතුව නිසා වාහන මිලදී නොගැනීමට ඒ වෙනුවට ”මෙහෙයුම් කල්බදු ක‍්‍රමයට” වාහන ලබාගැනීමට යෝජනා කරමි.  එහිදී කල්බදු පහසුකම ලබාදෙන්නා නඩත්තු කටයුතු සහ රක්ෂණ වාරික ගෙවීම් සහ වාහනයට අදාළ අනෙකුත් වියදම් දරනු ලබයි.  කෙසේ වුවද තමන්ගේ වාහනය භාවිතා කිරීමට අපේක්ෂා කරන නිලධාරීන් හට ඉන්ධන දීමනාවට අමතරව මසකට රු.50,000/- ක උපරිම දීමනාවක් ලබාදීමට යෝජනා කරමි. මෙම ක‍්‍රමවේදය යටතේ වසරකට අවම වශයෙන් රුපියල් මිලියන 10,000 ක මුදලක් ඉතිරි වෙතැයි අපේක්ෂා කරනවා.
     
    437.ගරු කථානායකතුමනි, රාජ්‍ය අංශයේ සේවා සැපයුම දුර්වල තත්ත්වයකට පත්ව ඇත.  ලිපිවලට මාස ගණන් තුල පිළිතුරු නොලැබේ.  එමනිසා සියළුම ලිපිලේඛන ලැබුණු බවට අවම වශයෙන් දින 05 ක් ඇතුලත වත් දැන්විය යුතු අතර රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මෙම කටයුතු අධීක්ෂණය කළ යුතුය.
     
    438.අපගේ විදේශ දූත මණ්ඩල ශක්තිමත් කළ යුතුය.  ඒ අනුව මෙම දූත මණ්ඩලවල සේවය කරනු ලබන අය සඳහා පුළුල් පුහුණුවක් ලබාදිය යුතු බවට යෝජනා කරමි.  වර්තමානයේ මෙම දූත මණ්ඩල සාමාජිකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන වියදමින් සියයට 75 ක් රජය මගින් දරනු ලබන අතර සියයට 25 ක් දෙමව්පියන් විසින් දැරිය යුතුය.  ඒ වෙනුවට පළමු දරුවා සඳහා ද්විතීයන පාසැල් අධ්‍යාපනයේ සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලැබේ.  දෙවෙනි දරුවා සඳහා සහ ඉන් පසුව එම වියදමින් සියයට 80 ක් රජය දරනු ඇත. මේ සඳහා රු.මිලියන 150 ක් වෙන්කිරීමට යෝජනා කරමි.  
     
    439.අප ජීවත්වන නවීන ලෝකයේ බොහෝ අභියෝග වලට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව අනුරූපී නැති බවත් ඔවුන් එවැනි තත්ත්වයන් ප‍්‍රදර්ශනය කරනු නොලබන බවත් පෙනේ.  රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය අවුරුදු 5 කට වරක් සමාලෝචනය කළ යුතු බවට අප රජය විශ්වාස කරයි.  
     
    440.ගරු කථානායකතුමනි, රජයේ යතුරු පැදි ලබා දීමේ ක‍්‍රමවේදය යටතේ යතුරු පැදියක් මිල දී ගැනීම සඳහා මේ වන විට මුදල් ගෙවා ඇති රජයේ සේවකයින්ට යතුරුපැදි ලබා දෙන බවට මේ අවස්ථාවේ දී මා ප‍්‍රකාශ කරනවා.  
     
    441.ගරු කථානායකතුමනි, ජූලි වර්ජකයින් සඳහා එක් වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 250,000/- ක මුදලක් ගෙවීමට යෝජනා කරමි. ඒ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
     
    අධිකරණය  
     
    442.ගරු කථානායකතුමනි, අපගේ උසාවි නඩුවලින් ඉතිරී ගොස් තිබෙනවා.  මෙම තත්ත්වය සෑම උසාවියකම දැකිය හැකි අතර ඒ නිසා තීරණ ලබාදීම දැඩි ලෙස ප‍්‍රමාද වෙනවා.  යුක්තිය පසිඳලීම ප‍්‍රමාදවීම යුක්තිය ඉටු නොවීමක් ලෙස මා දකිනවා.  ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීමෙහිලා වැඩි බලපෑමක් සිදුකරන බැවින් වාණිජ අධිකරණයක් හරහා යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය වේගවත් කළ යුතුව ඇත.  එමනිසා වැඩිදියුණු කළ පරිපාලන පරිසරයක් සඳහා ශ‍්‍රව්‍ය පරිගත කිරීම් සහිත ස්වයංක‍්‍රීය නඩු ගොනු කලමනාකරණ පද්ධති පිහිටුවීමටත් ඒ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන්කිරීමටත් යෝජනා කරනවා.
     
    443.ගරු කථානායකතුමනි, අපගේ අධිකරණ සේවා දෙවරු මුර ක‍්‍රමයකට උසාවි පැවැත්වීමේ ක‍්‍රමවේදයක් නැත. කඩිනමින් නඩු විසඳීම සඳහා දෙවරු මුර ක‍්‍රමයකට පැවැත්වීමට මා යෝජනා කරනවා. 
     
    444.අධිකරණ අමාත්‍යාංශය විසින් දැනට පවත්නා පනත් සහ නීති පද්ධති  පරීක්ෂා කර අවශ්‍ය පරිදි සංශෝධන ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. මෙවැනි නීති ප‍්‍රතිසංස්කරණයන් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.
     
    445. එමෙන්ම අධිකරණ පුහුණු ආයතනය ශක්තිමත් කිරීමටත් අධිකරණ නිලධාරීන් සංඛ්‍යාව වැඩිකිරීමටත් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙන්ම නීති කෙටුම්පත් සම්පාදක හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීම සඳහාත් රුපියල් මිලියන 500 ක් වෙන්කිරීමට යෝජනා කරනවා
     
    446.ශ‍්‍රී ලංකාව බේරුම්කරණ මධ්‍යස්ථානයක් ලෙස ප‍්‍රචලිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් දැනටමත් පවතින බව මා විශ්වාස කරනවා.  එබැවින් මෙම බේරුම්කරණ මධ්‍යස්ථානය මගින් ආරවුල් විසඳීමේ හා බේරුම්කරණ කටයුතු ඉතා ඉක්මණින්ම ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් මා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.  
     
    විශ‍්‍රාම වැටුප් අරමුදල් 
     
    447.විශ‍්‍රාමිකයින් විසින් සිය ක‍්‍රියාකාරී සේවා කාලය තුළදී අප රටේ සංවර්ධනයට කරන ලද දායකත්වය සැලකිල්ලට ගෙන ඔවුන්ගේ විශ‍්‍රාම දිවිය ප‍්‍රීතිමත් පරිසරයක් තුල ගත කිරීමට අවශ්‍ය පහසුකම් ඔවුනට ලබාදෙන බවට සහතික කිරීම රජයක් වශයෙන් අප විසින් ඉටුකළ යුතු වනවා.  2014 වර්ෂයේදී සාමාජිකයින් 168,900 ක් සහිතව අනුමත අර්ථසාධක අරමුදල් සහ දායකත්ව විශ‍්‍රාම වැටුප් අරමුදල් 156 ක් ක‍්‍රියාත්මක වී තිබෙනවා.  ඒවායේ සමස්ත වත්කම් හා ආයෝජන ප‍්‍රමාණය 2014 වර්ෂය අවසාන වන විට පිළිවෙලින් රුපියල් බිලියන 151 ක් සහ රුපියල් බිලියන 117 ක් වී තිබෙනවා. 
     
    448.දැනට කම්කරු කොමසාරිස් ජනරාල් වරයා හරහා මෙම අනුමත අර්ථසාධක අරමුදල් සහ දායකත්ව විශ‍්‍රාම වැටුප් අරමුදල් වල සිදුකරන නියාමනය සහ අධීක්ෂණය ප‍්‍රමාණවත් නොවන අතර එය දුර්වල තත්ත්වයක පවතින බවත් ඒ නිසා මෙම අරමුදල්වල ඇති සාමාජිකයින්ගේ ඉතිරිකිරීම් අවදානමකට ලක්වීමට ඉඩ තිබෙන බවත් සඳහන් කළ යුතු වෙනවා.  එබැවින් සාමාජිත අරමුදල්වල සුරක්ෂිත බව සහතික කෙරෙන විචක්ෂණ වූ පාලන ප‍්‍රමිතීන් ඇතුලත් නව නියාමන හා අධීක්ෂණ ක‍්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවයන් මතුවී තිබෙනවා.  එබැවින් මෙම විශ‍්‍රාම අරමුදල් නියාමනය සඳහා නව නියාමන ආයතනයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට මා යෝජනා කරනවා.  එසේම එම විශ‍්‍රාම අරමුදල් නියාමනය කිරීමට අවශ්‍ය නීති පද්ධතියක්  හඳුන්වා දීමටත් මා යෝජනා කරනවා.
     
    449.ගරු කථානායකතුමනි, දැනට වෙනම දායකත්ව අරමුදල් සැපයීමකින් තොරව ක‍්‍රියාත්මක කෙරෙන රජයේ විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමය වෙනුවෙන් කෙරෙන වියදම් මෑත කාලයේදී වඩාත් වැඩිවී තිබෙනවා.  අපගේ ජනගහනය ඉතා ඉක්මණින් වයස් ගතවීමත් ඒ හා බැඳුනු අනෙකුත් සමාජීය කරුණුත් හේතුවෙන් මෙම ගැටළුව වඩාත් අසීරු වී තිබෙනවා.  එබැවින් දැනට පවත්නා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදය පිළිබඳව නැවත ඇගයීමක් කිරීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් වී තිබෙනවා.  කෙසේ වුවද දැනට සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදය එපරිද්දෙන්ම පවත්වා ගෙන යන අතර 2016 ජනවාරි 01 දා සිට රජයේ සේවයට බැඳෙන අය සඳහා දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලබනවා.  එමගින් ඔවුන් විශ‍්‍රාම ගන්නා අවස්ථාවේදී ඔවුනට විශ‍්‍රාම වැටුපක් ගෙවීම සනාථ කෙරෙනවා.  එම දායකත්ව අරමුදල් රජයේ විශ‍්‍රාම වැටුප් අරමුදලකට යොමු කෙරෙනු ඇත.
      
    450.ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කළ පරිදි සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම කරනුයේ රජය සහ වෘත්තීය සමිති අතර මේ පිළිබඳව එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව පමණක් බව මා මේ ගරු සභාවට දැන්වීමට කැමතියි.  
     
    451. සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයින්ගේ වයස අවුරුදු 18 දක්වා වන දරුවන් හට හදිසි අනතුරු, දරුණු රෝගාබාධ හා ශල්‍යකර්ම ආවරණය වන පරිදි රුපියල් 150,000 ක් දක්වා වන සෞඛ්‍ය ආවරණයන්ද මාසයකට රුපියල් 100 ක් වැනි නාමික දායකත්වයන් සාමාජිකයාගෙන් අයකර ගැනීමට යටත්ව ලබාදීමට මා යෝජනා කරනවා.  
     
     
     
    කාන්තාවන් සවිබල ගැන්වීම
     
    452.ගරු කථානායකතුමනි, අපගේ ජනගහනයෙන් අඩකඩ වඩා සිටින්නේ කාන්තාවන් වන අතර ඔවුන් තේ වගාවේ සිට ඇඟළුම් කර්මාන්තයටත් විදේශ රැකියා වලටත් දායක වී තිබෙනවා.  එසේ වුවද අපගේ ප‍්‍රතිපත්ති සම්පාදන ආයතනවල ඔවුන්ගේ දායකත්වය පවතින්නේ අවම ප‍්‍රමාණයකය.  එබැවින් තේරී පත්වන දේශපාලන ආයතනවල කාන්තා සහභාගිත්වය සියයට 25 දක්වා වැඩිකිරීමට අප රජය යෝජනා කරනවා.  
     
    උපරිම ප‍්‍රතිලාභ සහිතව ව්‍යාපාර ක‍්‍රියාවලි කළමනාකරණය කිරීම (Business Process Management- BPM)  
    453.ගරු කථානායකතුමනි, ව්‍යාපාර ක‍්‍රියාවලි කලමනාකරණ (BPM)  අංශය 2016 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන එකක අපනයන ආදායමක් සහ 100,000 ක රැකියා අවස්ථා උපදවනු ඇත.  2020 වන විට මෙම අපනයන ආදායම ඩොලර් බිලියන 5 ක් ඉක්මවනු ඇතැයි අපේක්ෂිතය. A.T.  කර්නි ආයතනය විසින් පසුගිය වර්ෂ තුන තුළ අඛණ්ඩව සිය ගෝලීය ශ්‍රේණිගත කිරීමේදී ශ‍්‍රී ලංකාව BPM අංශයේ ඉහළම රටවල් 25 අතරටත්, ගාර්ට්නර් ආයතනය විසින් සිය ශ්‍රේණිගත කිරීමේදී ඉහළම රටවල් 30 අතරටත් ඇතුළත් කර ඇත.  
     
    454.ඉහත දැක්වූ අපේක්ෂාවන්  ලඟාකර ගැනීම සඳහා නිපුණතාවයෙන් යුතු තොරතුරු තාක්ෂණ විශේෂඥයන් සෑහෙන ප‍්‍රමාණයක් රටට අවශ්‍ය වේ.  එබැවින්, ජාත්‍යන්තර ලෙස පිළිගත් තොරතුරු විශ්වවිද්‍යාල ඇතුළු තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනවලට මෙරටට පැමිණීමට ආරාධනය කරන අතර එම සමාගම් දැනට භුක්තිවිඳින බදු සහන දිගටම පවත්වාගෙන යාමට යෝජනා කරනවා මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය පෞද්ගලික හවුල්කාරත්ව වැඩපිළිවෙල යටතේ පිහිටවනු ලබන අතර රජයේ දායකත්වය වනුයේ ඉඩම් හෝ එවැනි අනෙකුත් යටිතල පහසුකම් සැපයීම වේ.  
     
    455.ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය BPM කර්මාන්තය විසින් අපේක්ෂිත තත්ත්වයට වඩා පහළ මට්ටමක පවතින බව සඳහන් කිරීම අව තක්සේරු කිරීමකි.  ශ‍්‍රී ලංකාව එම ව්‍යාපාරයට එළඹ ඇති බවට ලොවට කියා පෑමට දැන් කාලය පැමිණ ඇත.  එසේම මෙම කර්මාන්තය අපේ සත්‍ය විභවය කියා පෑ යුතුය.  තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයේ වර්ධනය පහසු කරලීම සඳහා අවශ්‍ය වන පරිසරය ඇතිකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප‍්‍රවර්ධනය හා සම්මත ඇගයීමක් කරන අභ්‍යාසයක් ඇරඹීමටත් ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය මාර්ගයෙන් රජය විසින් මුළු ඇස්තමේන්තුවෙන් සියයට 50 ක් හෝ රුපියල් මිලියන 100 ක් ලබාදීමටත්  SLASSCOM ආයතනය විසින් තවත් රුපියල් මිලියන 100 ක් යෙදවීමටත් යෝජනා කෙරේ.  SLASSCOM ආයතනය හා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත අධීක්ෂණ කමිටුවක් මගින් මෙහි කටයුතු වැඩිදුරටත් අධීක්ෂණය කරනු ඇත.
     
    456.වසරකට මූලාරම්භ සියයක් : ගරු කථානායකතුමනි, නවෝත්පාදනයන් හා ව්‍යවසායකත්වයන් නොමැතිව වර්ධනයක් ලබාගත නොහැකිය.  අපේ තරුණ උපාධිධාරීන්ට නවෝත්පාදන අදහස් තිබුණද අවශ්‍ය ප‍්‍රාග්ධනය ලබාගැනීමේ දුෂ්කරතාවය නිසා මෙවැනි නව අදහස් වාණිජ ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමට අවස්ථාවක් නොලැබේ.  එබැවින් ප‍්‍රාග්ධනය නොමැතිවීමේ ගැටළුවට විසඳුමක් ලෙස හා උපාධිධාරීන් ඔවුන්ගේම සමාගම් ඇරඹීමට ධෛර්යමත් කිරීම පිණිස රාජ්‍ය බැංකු හරහා ණය යෝජනා ක‍්‍රමයක් ඇති කිරීමට යෝජනා කෙරේ.  එම ණය ලබාදෙනුයේ එක් අදහසක් සඳහා එක් පුද්ගලයෙකුට වසර 03 ක කාලයක් තුල උපරිම වශයෙන් රු.මිලියන 1.5 ක් ලෙසටය.  එම ණය අවම වශයෙන් උපාධිධාරීන් 1000 ක් සඳහා ලබාදීමට අපේක්ෂා කෙරේ.   ව්‍යාපාර සැලැස්මක් මත පමණක් පදනම්ව මෙම ණය ලබාදෙන අතර ඒ සඳහා ඇප සුරැුකුම් අවශ්‍ය නොවේ.  අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක‍්‍රියාත්මක වන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කර්මාන්ත ක්ෂේත‍්‍රයේ විද්වතුන් හා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් ව්‍යාපාර සැලැස්ම ඇඟයීමට ලක්වනු ඇත.  මෙම ණය රජයේ පූර්ණ ආරක්ෂණය යටතේ ලබාදෙනු ලබයි.  මේ අනුව වසරකට මූලාරම්භයන් සියයක් ඇති කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරනු ලැබේ.  
     
    457.මූලාරම්භ ඇති කිරීමේ පරිසර  ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බව සඳහන් කළ යුතුය. එබැවින් දේශීයව කි‍්‍රයාත්මක කරන විදේශ සමාගම් හා දේශීය සමාගම් විසින් උපාධිධාරීන්ගේ මූලාරම්භක සමාගම් (Angel Investors)  පාර්ශවකරුවන් වන ආයෝජකයින් මූල්‍ය පහසුකම් සැලසීමෙන්, මඟ පෙන්වීමෙන් හා උපදෙස් සැපයීමෙන් සහය වන වෙනත්  ඕනෑම ව්‍යවසායකයකු සඳහා ආයෝජන සහන ලබාදීමට සලකා බලනු ඇත.  
     
    458.ගරු කථානායකතුමනි, රජයක් සාමාන්‍යයෙන් මේ ආකාරයට ක‍්‍රියාකාරීව කර්මාන්ත සඳහා පාර්ශවකරුවකු වන අවස්ථා විරල බව ඔබතුමාද පිලිගන්නවා ඇත. කෙසේ නමුත්, මෙය සත්‍ය වශයෙන්ම රජය විසින් පෞද්ගලික අංශය අප රටේ ආර්ථික සංවර්ධනයේ නියමුවා කිරීමට පහසුකම් සලසන බව පෙන්වීමේ හොඳම උදාහරණයක් බව කිව යුතුය.  
     
    යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන්
     
    459.ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධනය හා සමාජ සාධාරණත්වය ලඟා කර ගැනීම සඳහා වේගවත් භාවය, කාර්යක්ෂමතාවය සහ නිවැරදි තීරණ ගැනීම අත්‍යවශ්‍ය මෙන්ම ඉතා වැදගත්වේ.  අපේ රජය රටේ පවත්නා නීති රීති පද්ධතිය සමාලෝචනය කිරීමට කැපවී සිටිනුයේ යුක්තිය, සාධාරණව ක‍්‍රියාත්මක කරන ක‍්‍රමවේදයක් ඇතිකිරීමට සහ සති ගණනක් තුල නො එසේනම් මාස ගණනක් තුල නමුත් අවුරුදු ගණනක් තුල නොවන කාර්යක්ෂමව මතභේද හා නඩු කටයුතු නිශ්චය කරන ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීමටයි. අපේ නීති පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම ජාතික ආර්ථිකය දිරිගැන්වීමක් වන අතර අපේ සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා පිටුවහලක් වනු ඇත.  
     
    460.අපේ කාර්යයන්ට අදාළවන හෝ අපේ විෂය පථයට අයත් නීති සමාලෝචනය කිරීමේ කාර්යය මගේ අමාත්‍යාංශය දැනටමත් ආරම්භ කර ඇත.  මෙයට විදේශ විනිමය පාලනය, බදුකරණය, රේගුව, සුරාබදු, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල  ඉඩම් (බැහැර කිරීම පාලනය කිරීමේ පනත), ඌණ උපයෝජිත වත්කම් සහ ඌණ ක‍්‍රියාකාරී ආයතන පුනරුදය කිරීමේ පනත සුභසාධක ප‍්‍රතිලාභ පනත සහ පොදු ගිවිසුම් පනත ආදිය මෙයට ඇතුලත්වේ. එසේම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් අපට විධිමත් රෙගුලාසි නොමැති බව මම නිරීක්ෂණය කරමි.  එබැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා හොඳ නෛතික පරිසරයක් ඇති කරන විධිමත් නීතිමය පරිසරයක් සකස් කරන තෙක් අන්තර්කාලීන මාර්ගෝපදේශ නිකුත් කිරීමට මම යෝජනා කරමි.  තවද ජාත්‍යන්තර බේරුම්කරණ ක‍්‍රියාවලියට මුහුණ දීමට සිදු වූ විට රජයට ඒ සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීමට සිදුවේ.  එවැනි බේරුම්කරණයන් සඳහා බොහෝ විට රුපියල් මිලියන 100 ක ට වැඩි මුදලක් වැය කිරීමට සිදුවේ.  අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමේ යෝජනාවට අපිද සහය පල කරන්නෙමු.  එය පිහිටුවීම සඳහා අප දැනටමත් සම්පත් සපයා ඇති අතර ජාත්‍යන්තර බේරුම්කරණ ක‍්‍රියාවලි වෙත යොමුවීමෙන් හැකි සෑම විටම වලකින ලෙසට ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට උපදෙස් දෙනු ලැබේ.
     
     
     
     
    ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය
     
    461.ගරු කථානායකතුමනි, ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ඉතා කඩිනමින් සකස් කිරීම අවශ්‍යයි.  විධිමත් රථවාහන සැලැස්මක් අනුගමනය කර නොමැතිවීම හේතුවෙන්, අපගේ මාර්ග තදබදයට ලක්ව ඇත.  ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ වර්ධනයත් සමඟ නියාමන යාන්ත‍්‍රණය ඇතිවී නොමැත.
     
    462.මේ සම්බන්ධයෙන් ත‍්‍රී රෝද රථ, කුලී රථ සහ පාසැල් වෑන් රථ සහ භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා අදාල වන නීති රීති ඇතුලත් කිරීමට ජාතික ප‍්‍රවාහන කොමිසමේ විෂය පථය පුළුල් කිරීමට පනතට අවශ්‍ය සංශෝධන කිරීමට මා යෝජනා කරනවා.
     
     
    මාර්ග ප‍්‍රවාහනය
     
    463.ගරු කථානායකතුමනි,  දැනට ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අවම වශයෙන් රුපියල් මිලියන 4.5 ක් එක් රථයක් මිළදී ගැනීම සඳහා වියදම් කරයි.  කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දැනට සුන් බුන් ලෙස විකුණනු ලබන පරණ බස් චැසි බස් රථ නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි බවත්, එමගින් බස් රථ මිලදී ගැනීම සඳහා වියදම් කරන මුදලින් කොටසක් ඉතිරි කරගත හැකි බවත් මම යෝජනා කරමි.  එබැවින්, ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට බස් රථ නිෂ්පාදනය කිරීම සඳහා හැකියාවක් ඇති දේශීය සමාගම් සමඟ ඒකාබද්ධ වී මාර්ග ප‍්‍රමාණය සඳහා සුදුසු බස්රථ නිෂ්පාදනය කිරීමට ඇති අවස්ථා සොයා බැලීමට මා යෝජනා කරනවා.
     
    464.එසේම, සියළුම රාජ්‍ය ආයතන විසින් තම ආයතනවල අබලන් තත්වයට පත්ව ඇති සියළුම වාහන සුදුසු පරිදි බැහැර කරන ලෙස මම යෝජනා කරනවා.
     
    465. ගරු කථානායකතුමනි, දිනපතා අපට ත‍්‍රිරෝද රථ සම්බන්ධ වාහන අනතුරු ගැන අසන්නට ලැබෙනවා.  ත‍්‍රිරෝද රථ රටේ ගමනාගමනය සඳහා විශාල දායකත්වයක් සපයා තිබෙනවා.  මෙම ත‍්‍රී රෝද රථ 280 සිලින්ඩර ධාරිතාවක් සහිත රෝද හතරේ වාහන ලෙසට පරිවර්ථනය කිරීමට කාලය දැන් පැමිණ ඇති බව මා විශ්වාස කරනවා.  මේ සඳහා සහනදායී ණය ක‍්‍රමයක් සකස් කිරීමට මා යෝජනා කරනවා.
     
    466. ගරු කථානායකතුමනි, බලශක්තිය ඉතිරි කර ගැනීමට සහ පරිසර හානිය අවම කර ගැනීම සඳහා ත‍්‍රී රෝද රථ ඉන්ධන භාවිතයෙන් ඉවත්ව විදුලියෙන් ධාවනය කළ හැකි ලෙස පරිවර්ථනය කිරීමට ත‍්‍රී රෝද රථ හිමියන් දිරිමත් කරනවා.  මේ අනුව ගාස්තු මීටර් සහිත ත‍්‍රි රෝද රථ විදුලියෙන් ධාවනය කිරීමට හැකි වනසේ පරිවර්ථනය කිරීම සඳහා රුපියල් 150,000 ක සහනදායී ණය මුදලක් ලබා දීමට මා යෝජනා කරනවා.  මේ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
     
    467. රටතුල ලියාපදිංචි වී ඇති සියළුම වාහන සඳහා නොමිලේ රථවාහන සංකේත උපකරණයක් (Traffic Encoder)  සවි කිරීමට ද මා යෝජනා කරනවා.  මෙය රථවාහන කළමනාකරණය කිරීමට සහ වාහන සොරකම් වලින් වලක්වා ගැනීමට මෙන්ම ආර්ථිකය දියුණු වීමට ද ඉවහල් වෙනු ඇත.  ඒ අනුව මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
     
     
    දුම්රිය
    468.ගරු කථානායකතුමනි, අප රටතුල ඇති දුම්රිය මාර්ග කිලෝමීටර් 1,567 ක් වේ.  මෙතරම් සැලකිය යුතු ප‍්‍රමානයක් වන දුම්රිය මාර්ගය තුල දිනකට ධාවනය වන්නේ ඉතා සීමිත දුම්රිය ප‍්‍රමාණයකි.  එමනිසා මෙම දුම්රිය මාර්ගය භාණ්ඩ ප‍්‍රවාහනය හා සංචාරක කර්මාන්තය සඳහා ගාස්තුවකට යටත්ව හවුලේ භාවිතා කිරීමට පුද්ගලික අංශයට ඉඩකඩ ලබාදීමට මා යෝජනා කරනවා.  මෙමගින් උපයනු ලබන ආදායම දුම්රිය ප‍්‍රවාහන කලමනාකරණය ශක්තිමත් කිරීමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් යොදා ගනු ලැබේ. ගරු කථානායකතුමනි, අපගේ දුම්රිය සේවය තුල ප‍්‍රශස්ත ලෙස ප‍්‍රයෝජනයට නොගත් වත්කම් රාශියක් ඒකරාශී වී ඇත.  එබැවින් එලෙසින් ඌණ උපයෝජිත වත්කම් වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීම සඳහා උපායමාර්ග හඳුනා ගැනීම සඳහා සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත දුම්රිය සංවර්ධන සභාවක් (Railway Devoploment Council)  පිහිටුවීමට යෝජනා කරනවා. 
     
    469. ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඔවුන්ගේ පරණ බස්රථ චැසි නැවත භාවිතය සඳහා අනුගමනය කරනු ලබන ප‍්‍රතිපත්තිය දුම්රිය දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ පරණ දුම්රිය මැදිරි සම්බන්ධයෙන් භාවිතා කරන මෙන් මා යෝජනා කරනවා.
     
    470.කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් කරන මගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ප‍්‍රවාහන ධාරිතාව වැඩි කිරීමට හා වේගයෙන් ධාවනය කිරීමට හැකිවනසේ එම දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට රුපියල් මිලියන 1,500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
     
    471.ගරු කථානායකතුමනි, දුම්රිය ස්ථානවල මෙන්ම බස් නැවතුම්වල වාහන නවතා තබා යාමේ (Park & Ride)පහසුකම් ඇති කිරීම මගින් වඩා හොඳ රථවාහන කළමනාකරණයට ඉඩකඩ සැලසෙන අතර මගියාට ද පහසුව සැලසෙන අතර ලාභදායී ද වේ.  එබැවින් ජාඇල, අවිස්සාවේල්ල, පානදුර, කඩවත සහ පිළියන්දල වැනි තෝරාගත් නගරවල දුම්රිය, හා බස් රථ ප‍්‍රවාහනය දියුණු කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශයට රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.  වාහන නවතා තබා යාමේ පහසුකම් සැලසීමෙන් පසු නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙකුවත් ප‍්‍රවාහනය කළ යුතු වන අතර එසේ නොකරන්නන් සඳහා ගාස්තුවක් අය කරනු ඇත.  මෙම යාන්ත‍්‍රණය 2016 සැප්තැම්බර් මාසයට පෙර ක‍්‍රියාත්මක වනු ඇත.
     
    472.මේ අතරම, දුම්රිය මගින් භාණ්ඩ ප‍්‍රවාහනය දිරිමත් කරන අතර එය ප‍්‍රවාහන වියදම අඩුවීමට හේතුවේ.
     
    473. ගරු කථානායකතුමනි, එසේම මහව වවුනියා සහ යාපනය දක්වා දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමට මම යෝජනා කරන අතර ඒ සඳහා රු.මිලියන 200 ක් වෙන් කරනවා.
     
    474. පෞද්ගලික අංශය සමඟ හවුල් වෙමින් එක්ව මීගමුව, කටුනායක සහ කොළඹ සහ කඩවත සම්බන්ධ කරමින් මොනෝ රේල් (Monorail)  පද්ධතියක් පෞද්ගලික අංශය සමග  කටයුතු කරන ලෙස රාජ්‍ය අංශය දිරිමත් කරනවා.
     
    ජලමාර්ග හරහා ප‍්‍රවාහනය
    475.ගරු කථානායකතුමනි, විශේෂයෙන් කොළඹ නගරය ආශ‍්‍රිතව ඇති ජලමාර්ග භාවිතා කරමින් ජල මාර්ග හරහා ප‍්‍රවාහන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට පුද්ගලික අංශයට ආරාධනා කරනවා.
     
    476.සංචාරකයින්ට විවිධත්වයකින් යුතු අතිරේක සේවාවන් සැපයීමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වායුපායන (Hovercrafts)  සහ ජල ආශ‍්‍රිත විකල්ප ක‍්‍රීඩා අවශ්‍යතාවයන් හඳුන්වාදීමට පුද්ගලික අංශය දිරිමත් කරමි.  මෙම යානා මීගමුවේ සිට කොළඹ දක්වාත්, කොළඹ සිට ගාල්ල දක්වාත් එසේම පරාක‍්‍රම සමුද්‍රය වැනි වැව් ආශ‍්‍රිතවත් සුදුසු පරිදි ක‍්‍රියාත්මක කළ හැකිය.
     
    477.ජලආශ‍්‍රිත ප‍්‍රවාහනය සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.  
     
    නාවික ආර්ථිකය 
    478.ගරු කථානායකතුමනි, පෙරදිග හා අපරදිග අටවල් සම්බන්ධ කරමින් දිවෙන නාවික ගමන් මාර්ගයට ඉතා ආසන්නව ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා අපට නාවික කේන්ද්‍රස්ථානයක් වීමට ඇති ඉඩකඩ ඉතා විශාලයි.
     
    479.එබැවින් අප ගෝලීය වටිනාකම් දාම දක්වා වර්ධනය වීම ඉතා වැදගත් වන අතර එමගින් නාවික කේන්ද්‍රස්ථානය තුල විශාල ඉඩකඩක් සලසා ගත හැකි වනු ඇත.  මේ අනුව නාවික ආර්ථිකයක් ගොඩනැගීම සඳහා නැව් හිමියන් ආකර්ෂනය කර ගැනීමට හැකි පරිසරයක් ඇතිකර ගැනීම ඉතා වැදගත්වේ.  
     
    480.ප‍්‍රධාන ප‍්‍රතිනැව්ගත කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය වීමටනම් ප‍්‍රති නැව්ගත කිරීම සහ බහාලූම් භාවිතා නොකර සිදුකරන නැව් ගත කිරීම් පුළුල් කළ යුතුය. 2025 වන විට ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රති නැව්ගත කිරීමේ වරායවල් විස්ස අතරට පැමිණීමට අප ඉලක්ක කර ගත යුතුය. 
     
    481.මේ සඳහා පර්යන්ත ක‍්‍රියාත්මක කරන්නන් නැව් හිමියන් මත යැපෙනු  ඇති අතර මේ වෙනුවෙන් කර ඇති රාජ්‍ය ආයෝජන නැවත අය කර ගැනීම උදෙසා රටේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් වර්ධනය කළ යුතුය.  රජය විසින් නවීන නීති මගින් පාලනය වන නැව් මූල්‍යනය කිරීම, නැව් අළුත්වැඩියා කිරීම, නැව් ලියාපදිංචි කිරීම, නැව්වලට ඉන්ධන සැපයීම සහ ආරවුල් බේරුම්කරන කටයුතු හා සම්බන්ධිත සේවා දිරිමත් කරනු ලැබේ.  කලාපය තුල මෙම ව්‍යාපාරය සඳහා ඇති තරඟකාරිත්වය වැඩිවෙමින් පවතී.
     
    482.ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකා නාවික හමුදාව මුහුදු ආරක්ෂාව සැපයීම සඳහා අවශ්‍ය ශක්තිය අත්පත් කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ වී කටයුතු කරන ලෙසට පෞද්ගලික අංශයේ ව්‍යාපාර වෙත මම ආරාධනා කරමි.   
     
    සැපයුම් සේවා
     
    483. ශ‍්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් කරගනිමින් ධාරිතාවය සහ දැනමට අදාළ සේවාව ව්‍යාප්ත කළ හැකි ගෝලීය සැපයුම් සමාගම් සඳහා රජය පවතින බාධක ඉවත් කරනු ඇත.  මෙමගින් ඔවුනට සාධාරණ බදු පරිසරයක්  යටතේ නව ප‍්‍රාග්ධන යෙදවීම් දේශීය හා විදේශ වෙළඳාම හරහා නව රැකියා අවස්ථාවන් බිහිකළ හැකි පරිදි ආයෝජනයන් කිරීමට හැකිවනු ඇත.  එසේම ආයෝජන මණ්ඩලය යටතේ පවතින කලාපවලට පරිභාහිරව වෙනමම හඳුනාගන්නා ලද ප‍්‍රදේශවල මෙම සැපයුම් කේන්ද්‍රස්ථාන ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරනු ඇත.
     
     
    නාවික භාණ්ඩ ප‍්‍රවාහනය
     
    484.ජාත්‍යන්තර භාණ්ඩ ප‍්‍රවාහනයට ඇතුලත් වීමට ඇති සීමා ලිහිල් කිරීම තුලින් ඒ සඳහා විදේශීය සහභාගිත්වය සියයට 75 ක් දක්වා වැඩි කිරීමටත්, ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් කිරීමටත් බලාපොරොත්තු වේ.  නමුත් මෙම සමාගම්වල සේවා නියුක්තියෙන් අවම වශයෙන් සියයට 90 ක් සඳහා දේශීය ශ‍්‍රමිකයන් යොදා ගත යුතුය.  තවද මෙම භාණ්ඩ ප‍්‍රවාහනය නැව් භාණ්ඩ ප‍්‍රවාහනය දක්වා ව්‍යාප්ත කිරීමටත් එය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදු කිරීමටත් මම යෝජනා කරමි.  නාවික ක්ෂේත‍්‍ර ආශ‍්‍රිතව නිපුණතා සංවර්ධනයට හා පුහුණුව දිරිගැන්වීම සඳහා, පුහුණුව හා ඒ සඳහා අවශ්‍ය වන උපකරණවලට බදු සහනයන් ලබාදීමට මම යෝජනා කරමි.  
     
    485.ගරු කථානායකතුමනි, ඉන්දියානු සාගරයේ සමුද්‍රීය සබඳතා සේවාවේ (Indian Ocean Marine Affairs Cooperation) කාර්යයන් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මම යෝජනා කරමි.
     
    486.ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය තුලට ඇතුළුවන බහාලූම් වාහන නිලධාරිවාදය නිසා අපහසුතාවයට පත්වන බව මා වෙත වාර්තා වී ඇත. එබැවින්, එම වාහන ගමනාගමනය පහසු කරන බස් මාර්ග විවෘත කිරීමටත් එක් වාහනයකට වසරකට රු.100,000/- ක බලපත‍්‍ර ගාස්තුවක් හඳුන්වා දීමටත් මා යෝජනා කරනවා.
     
    කාර්මික ජනපද සහ උද්‍යාන 
     
    487.ගරු කථානායකතුමනි, දැනට අප රටහි කාර්මික ජනපද 27 ක් ඇත.  මේවායේ පහසුකම් වැඩි දියුණු කර නොමැති හෙයින් කර්මාන්තවල ක‍්‍රියාකාරකම් සඳහා එය බාධාවක් වී ඇත.  එමනිසා මෙම කාර්මික ජනපද තත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.  මීට අමතරව, මහනුවර පිහිටි තොරතුරු හා කෘෂිකාර්මික තාක්ෂණ කලාපත් සමඟ, හම්බන්තොට, රයිගම, මහඔය හා ත‍්‍රිකුණාමලයේ කර්මාන්ත සංවර්ධන කලාප පිහිටුවීමට කටයුතු කරනවා.  එනිසා මෙම ජනපදවල පහසුකම් වැඩි දියුණු කිරීමටත් ඒවා පුනරුත්ථාපනය කිරීමටත් රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
     
    ජලසම්පාදනය
     
    488.ගරු කථානායකතුමනි, රටෙහි නල ජලය ලබා ගැනීමේ පහසුකම් ඇත්තේ ජනගහනයෙන් සියයට 44 ට පමණි.  අපගේ ප‍්‍රතිපත්තිය වන්නේ වසර 2020 වන විට එය සියයට 60 දක්වා වැඩි කිරීමයි.  රුපියල් බිලියන 94 වටිනාකමින් යුත් විශාල පරිමාණයේ ජල සම්පාදන ව්‍යාපෘති 29 ක් ක‍්‍රියාත්මක කිරීමට දැනටමත් රජය බැඳී ඇත.  ඒ සමඟම රටතුල අදාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ප‍්‍රධාන ජලපවාහන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.
     
    489.ගරු කථානායකතුමනි, රට පුරා පැතිරී ඇති වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීමේ කඩිනම් වැඩසටහනේ කොටසක් වශයෙන් නල ජලය නොමැති ප‍්‍රදේශවල ජනතාවට Reverse Osmosis Plants  ලබා දීමට යෝජනා කරනවා.
     
    මාර්ග ජාලය
     
    490.ගරු කථානායකතුමනි, මේ වර්ෂයේ මුල් භාගයේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා මුල්ගල තැබූ බව ඔබතුමාද දන්නවා.  මෙම මාර්ගයේ කොටස් 4 ම එකවර ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.  එයින් එක් කොටසක් ඉදිකිරීම දේශීය කොන්ත‍්‍රාත්කරුවන් වෙත ලබා දෙනු ඇත.  
     
    491.ගරු කථානායකතුමනි, මහාමාර්ග ජාලය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 15,000 ක මුදල් ප‍්‍රතිපාදනය කිරීමට මා යෝජනා කරනවා.  මෙම ප‍්‍රතිපාදනය සැලසෙන්නේ රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම, ගාලූ පාරට සමාන්තර සමුද්‍රීය මාර්ගය (මරීන් ඩ‍්‍රයිව්), පානදුර දක්වා දීර්ඝ කිරීම, දඹුල්ල - පොලොන්නරුව, මුලතිව් හා යාපනය යා කෙරෙන අධිවේගී මාර්ගය ඉදිකිරීම, පාමංකඩ, රත්මලාන මාර්ගය දීර්ඝ කිරීම, කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීම පාලම් 25 ක් ප‍්‍රතිසංස්කරණය හා ගුවන් පාලම් 3 ක් ඉදිකිරීම ආදී කටයුතු සඳහාය.
     
    492.ඉදිකිරීම, ක‍්‍රියාත්මක කිරීම සහ අයිතිය පැවරීමේ (BOT)  පදනම මත කොටා පාර සිට කඩුවෙල දක්වා කුළුණු මත ඉදි කෙරෙන පාරක් (Elevated Road)  ඉදිකිරීමට ද අප අදහස් කරනවා.  මේ සඳහා රජයේ දායකත්වය ලෙස රුපියල් මිලියන 1,000 ක් ලබාදීමට ද මා යෝජනා කරනවා.
     
    493.කොළඹ කොටුව ප‍්‍රදේශයට ප‍්‍රවේශ වීම පහසු කරලීම සඳහා කැළණි පාලම සිට කොළඹ කොටුව දක්වා නව කොටුව පිවිසුම් මාර්ගය ඉදිකිරීමට අප අදහස් කරනවා.  මේ සඳහා වසර දෙකක් තුලදී රුපියල් මිලියන 4,000 ක මුදලක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.
     
    රට යා කිරීම - උතුරු නැගෙනහිර අධිවේගී මාර්ගය
     
    494.ගරු කථානායකතුමනි, ඔබ දන්වා පරිදි කොළඹ, කුරුණෑගල හා මහනුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට රජය කටයුතු කරනවා.  මෙම අධිවේගී මාර්ගය රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය යටතේ දඹුල්ල, පොලොන්නරුව, මුලතිව් හා යාපනය සම්බන්ධ කරමින් දීර්ඝ කිරීමට අප අදහස් කරනවා.
     
    495. ගරු කථානායකතුමනි, වර්ධනය සඳහා ඒකාබද්ධ ප‍්‍රවේශයක් අවශ්‍යයයි. අධිවේගී මාර්ගවලට වැඩි අගයක් එක් කරමින් අධිවේගී මාර්ග දෙපස කර්මාන්ත උද්‍යාන ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.  ඒ අනුව ඖෂධ සමාගම් ඉංජිනේරු භාණ්ඩ නිපයුම් උද්‍යානයක් හා තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ඇතුලත් වන පරිදි ජීව තාක්ෂණ උද්‍යානයක් ද, කෘෂි හා ජල ජීවී සංස්කෘතික උද්‍යානයක් ද අධිවේගී මාර්ගය දෙපස ඉදි කිරීමට යෝජනා කරනවා.
     
    496.අධිවේගී මාර්ගය සඳහා අය කරන මුදල (Toll)  පමණක් එවැනි මාර්ග වානිජමය ලෙස සාර්ථකවීමට ප‍්‍රමාණවත් නොමැති බව පිළිගත් කරුණකි.  එය කැපීපෙනෙන ආර්ථික කටයුතුවල කො`දු නාරටිය හෝ ජීවනාලිය විය යුතුය.  එබැවින් එය කොළඹ-නුවර යාපනය යා කෙරෙන හුදු අධිවේගී මාර්ගයක් නොව යෝජිත වාණිජ උද්‍යාන සමඟ එකට බැඳුණු මාර්ගයක් ලෙස සැලකිය යුතු වෙනවා. සත්‍ය වශයෙන්ම මෙම අධිවේගී මාර්ගය ව්‍යවසායකත්වයේ හා නවෝත්පාදනයේ අධිවේගී මාර්ගයක් වනවා.
     
    497.එම යෝජිත සමාගමේ මූලික ප‍්‍රාග්ධනය ලෙස 2016 වසරේදී රු.මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.  දේශීය හා විදේශීය ණයකර නිකුත් කිරීම මගින් මූල්‍යනය සිදු කරනු ලබන යටිතල පහසුකම් සංවර්ධන අධිකාරිය වෙත ඇපයක් ලබා දීමට යෝජනා කෙරේ.
     
    වාරිමාර්ග ව්‍යාපෘති
     
    498.ගරු කථානායකතුමනි, රට ආහාර අතින් ස්වයංපෝෂිත කිරීමේ අපගේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේදී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණය ඉතා වැදගත්වේ.  ඒ අනුව කුඩා පරිමාණයේ වැව් හා අමුණු ප‍්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම සඳහා මා විසින් දැනටමත් වෙන්කර ඇති රුපියල් මිලියන 2,000 ට අමතරව, යාන් ඔය වාරිමාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,000 ක් ද, මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,000 ක් ද වෙන් කිරීමට යෝජනා කරනවා. 
     
    විදුලිබල හා බල ශක්තිය 
     
    499.ගරු කථානායකතුමනි, විදුලිබල අංශය ද ආර්ථිකයේ කැපී පෙනෙන ආයෝජන අංශයක් ලෙස පවතී.  එවැනි තත්ත්වයක් තුල විදුලිබල උත්පාදනය සඳහා වන ආයෝජනවලට කිසිදු සීමා කිරීමකින් තොරව ඉඩදිය යුතු වනවා.
     
    500.ගරු කථානායකතුමනි, සම්ප‍්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා විශේෂයෙන්ම සුලං සහ සූර්යතාප බලයෙන් විදුලිය ජනනය සඳහා ශ‍්‍රී ලංකාවේ විභවතාවය සලකමින් පෞද්ගලික අංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.  මෙමගින් දේශීය විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීමට අමතරව අතිරේක විදුලිය තිබේ නම් විදේශයන් සඳහා එම ප‍්‍රමාණයන් අපනයනය කළ හැකිය.
     
    501.එසේම සම්ප‍්‍රදායික නොවන පුනර්ජනනීය විදුලි බල ජනක ව්‍යාපෘති සඳහා කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ ලිපිවලට අනුකූලව 2015 දෙසැම්බර් 31 දින වන විට වසරකට වඩා වැඩි කාලයක් ගතවුවද තවමත් ඒවා ක‍්‍රියාත්මක කර නොමැති නම් ඒමත කටයුතු කිරීම තහනම් කරනු ලැබේ.  
     
    මහ නගර සහ නාගරික සංවර්ධනය
     
    502.ගරු කථානායකතුමනි, ඉවක් බවක් නැතිව කරන නාගරික හා නගර ආශ‍්‍රිත සැලසුම් මේ රටේ ප‍්‍රධාන ලක්ෂණයක් වී ඇත. මේ නිසා ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් බස්නාහිර පළාත් මහා නාගරික ප‍්‍රදේශයක් බවට පරිවර්තනය  කිරීමේ සංකල්පය හඳුන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් රජය විසින් මහා නගර සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලූ නීති රීති හ`දුන්වා දෙනු ඇත. මේ අනුව මහා නගර ව්‍යාපෘතියට අදාළ ප‍්‍රධාන සැලැස්ම 2016 දී සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති අතර බොහෝ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනු ලබන්නේ පෞද්ගලික  හා රාජ්‍ය හවුල් ව්‍යාපාර (PPP)  පදනමිනි. නගර ආශ‍්‍රිත සංවර්ධනය නාගරික ඝන අප ද්‍රව්‍ය කළමනාකරණය වැනි ව්‍යාපෘති සඳහා රු. මිලියන 10,000 ක මුදලක් වෙන් කිරීමට මම යෝජනා කරමි. 
     
    503.එසේම තව දුරටත් පිරිසිදු ජලය සැපයුම් වැඩි කිරීමටත් අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකම් සඳහාත් නාගරික සංවර්ධනය සඳහාත් රු. මිලියන 2500 ක් නාගරික සංවර්ධන හා ජල සැපයුම් අමාත්‍යාංශයට වෙන් කිරීමට යෝජනා කරමි. 
     
    දක්ෂිණ සංවර්ධනය 
     
    504.ගරු කථානායකතුමනි, දකුණු පළාතේ ආර්ථිකයට ඇති දායකත්වය සියයට 15 පමණ වේ. කෙසේ වුවත, මේ ප‍්‍රමාණය වැඩි කර ගැනීම සඳහා වැඩි ඉඩකඩක් ඇති බව මම විශ්වාස කරමි. මේ නිසා දකුණු පළාත සංවර්ධනය කිරීමේ උත්සාහය ප‍්‍රධාන වශයෙන්ම යොමු වන්නේ වරාය සංවර්ධනය සහ ගුවන්තොටුපල මගී සහ භාණ්ඩ උපකාරක සේවා, කෘෂිකර්මාන්ත පදනම් කරගත් කර්මාන්ත කෘෂිකර්මාන්ත උපකාරක සේවා වැඩි දියුණු කිරීම ග‍්‍රාමීය සනීපාරක්ෂාව නාරගික සංවර්ධනය ආදිය සඳහා වේ. මේ අරමුණ ස`දහා ද මිලියන 1000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
     
    වයඹ සංවර්ධනය 
    505.ගරු කථානායකතුමනි, වයඹ පළාතේ පානීය ජල ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහාත් වාරිමාර්ග පහසුකම් දියුණු කිරීම සඳහාත් ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහාත් රු. මිලියන 2500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
     
    පුබුදමු පොලොන්නරුව 
     
    506.ගරු කථානායකතුමා පුබුදමු පොළොන්නරුව අතිගරු ජනාධිපතිතුමාගේ මුල පිරීමකි. මෙය සියලූම අංශවල පුනර්ජීවයක් ඇති කරන වැඩසටහනකි. මෙම වැඩසටහන මගින් පිරිසිදු ජලය සැපයීම වැඩිකිරීම, සෞඛ්‍යසේවා පහසුකම් දියුණු කිරීමට වැව් පුනරුත්ථාපනය කිරීමට පාසැල්වල පොදු පහසුකම් සහ උසස් තත්ත්වයේ ක‍්‍රීඩා පහසුකම් දියුණු කිරීම ආදිය ආවරණය කරනු ලැබේ. එසේම, කදුරුවෙල ආරෝග්‍ය ශාලාව මුල්කරගත් නගර සංවර්ධනය, නව නගරය, ඓතිහාසික පොළොන්රු නගරය නව නගරයක් ලෙස ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව මින්නේරිය නගරයේ  ඉදිකිරීමට යෝජිත වකුගඩු ස`දහා දැනට වෙන්කර ඇති රුපියල් මිලියන 2,000 කට අමතරව රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
     
    උතුරු නැගෙනහිර සංවර්ධනය 
     
    507.ගරු කථානායකතුමනි, අපගේ රජය ගැටුම්කාරී තත්ත්වයන් පැවති ප‍්‍රදේශවල මිනිසුන්ගේ දුක්ගැනවිලි සම්බන්ධව ඉතා සංවේදී වන අතර මෙම ප‍්‍රදේශවල ජනතාව වර්ෂ ගණනාවක් තිස්සේ ඔවුන්ගේ මූලික අවශ්‍යතා වැඩි දියුණු  කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙම ප‍්‍රදේශ සංවර්ධනය සඳහා රජය සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට බැඳී ඇති අතර ද්විපාර්ශ්වික හා  බහුපාර්ශ්වික ආධාර දෙනු ලබන සංවිධානවල සහයෝගයෙන් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා ආධාර ලබා ගැනීමේ අදහසින් ආධාර දෙන  කණ්ඩායම්වල රැුස්වීම් 2016 වර්ෂයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.  
     
    508.අභ්‍යන්තර අවතැන් වූ පුද්ගලයන්ගේ ගැටළු  කඩිනමින් විසඳීම සඳහා අප ඇපකැප වී සිටිමු. මේ සම්බන්ධයෙන් අප විසින් විශාල පරිමාණයේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන් සීග‍්‍ර ලෙස ක‍්‍රියාවට නංවා තිබෙනවා. එමගින් දැනටමත් නැවත පදිංචි වී ඇති පවුල් සඳහා මූලික  අවශ්‍යතා සහ ජීවනෝපාය අවස්ථා සැලසීමට කටයුතු කරනු ඇත. මේ සම්බන්ධව අප විසින් නිවාස 20,000 ක් විශේෂයෙන්ම මන්නාරම සහ මුලතිව් දිස්ත‍්‍රික්කවල අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, පිරිසිදු ජලය සහ විදුලිය සහිතව ඉදිකරනු ඇත. ඩෙල්ෆ් ජැටිය ඉදිකිරීම වැඩි දියුණු කිරීම සඳහා වෙලකයි සිටි කයිට්ස් දක්වා මාර්ගය වැඩිදියුණු කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය ක‍්‍රමයක් ඇති  කිරීම ආදිය ඒ අතර වේ. මේ අරමුණ ස`දහා රු. මිලියන 14,000 ක් වෙන් කිරීමට මම යෝජනා කරමි. 
     
    509.ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීත්වයෙන්  රතුමැටි කම්හලක් ඔඞ්ඩුසුඩාන් ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජනා කරනවා.
     
    වතු යටිතල පහසුකම් 
    510.ගරු කථානායකතුමනි, 160,000 කට වඩා වූ වතු කම්කරු පවුල් තවමත් ජීවත් වන්නේ ඉතා පැරණි ලයින් කාමරවල. අපගේ රජය විසින් වතු කම්කරු ජනතාව සඳහා අඩු වියදම් නිවාස වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. 
     
    පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම 
    511.ගරු කථානායකතුමනි,  යටිතල  පහසුකම් දියුණු කිරීම සඳහා පළාත් පාලන අධිකාරීන් වෙත රු. මිලයන 1,500 ක් වෙන් කිරීමට මම යෝජනා කරමි. 
     
    විශේෂ ව්‍යාපෘති
    512.ගරු කථානායකතුමනි, අළුතින් පිහිටුවන ලද විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 150 ක් වෙන්කර දෙමි.  
     
    513.ගරු කථානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ අදහස වන්නේ ජාතික රජය පිහිටුවීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියළුම නියෝජිතයින් යහපත් පාලන ක‍්‍රමයක් වෙනුවෙන් සත්‍ය වශයෙන්ම දායක විය යුතු බවයි.  ඒ අනුව විමධ්‍යගත අයවැය යටතේ එක් පාර්ලිමේන්තු නියෝජිතයෙකුට රුපියල් මිලියන 15 ක් බැගින් වෙන් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා රුපියල් මිලියන 3,375 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා. 
     
    සංස්කෘතික හා කලාව 
    514.ගරු කථානායකතුමනි, අපගේ අනාගත පරම්පරාව සඳහා සංස්කෘතික උරුම ස්ථාන ආරක්ෂා කිරීමට අප බැඳ සිටිනවා. ඒ සමඟම රජය දේශීය ශිලිප කලා හා අත්කම් ප‍්‍රවර්ධනය කිරීමටත් එම කුසලතා අන්තර්ජාතික වශයෙන් ප‍්‍රදර්ශනය කිරීමටත් කටයුතු කරනවා. 
     
    515.අපගේ ගායකයන්, නළුවන් සහ අපේ ජීවිතවලට සතුට හා අලෝකය ගෙන එන කලාකරුවන් බොහොමයක් ඔවුන්ගේ අවසාන ජීවිත කාලය  ගෙවන්නේ ආපදා තත්ත්වයක බව සඳහන් කරන්න කැමතියි. අපගේ රජය විසින් දක්ෂ කලාකරුවන් වෙනුවෙන් තමා විසින්ම දායක කර ගන්නා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇති කරනවා. ඒ සඳහා රු. මිලියන 15 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. 
     
    ක‍්‍රීඩා 
    516.ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර ක‍්‍රීඩා තරඟවලදී අපගේ දක්ෂතා ක‍්‍රමානුකූලව හීනවෙමින් පවතිනවා. අද වන විට අපගේ ක‍්‍රීඩා සංගම් සහ ආයතනවලට දේශපාලනය ඇතුල්වීම නිසා අකර්මන්‍ය බවට පත්ව තිබෙනවා. රටේ ක‍්‍රීඩාවේ උන්නතියට බාධා පමුණුවන මෙම ක‍්‍රමය වෙනස් කිරීමට රජය ඇපකැප වී සිටිනවා. 
     
    517ගගරු කථානායකතුමනි, අපේ රට කුඩා රටක් වුවත් ක‍්‍රීඩාවෙන් විශිෂ්ඨ දක්ෂතා තිබෙන තරුණ තරුණියන් අපට ඉන්නවා. එහෙත් අවාසනාවකට වගේ තරුණ වයසේ දක්ෂතා ඇති තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනාගැනීමේ විධිමත් ක‍්‍රමවේදයක් අපට නැහැ. ඒ නිසා අප විසින් වැඩි දියුණු කළ  යුතු දක්ෂතා හඳුනා ගැනීමට හා සොයා බැලීමට ක‍්‍රමයක් හඳුන්වා දිය යුතුව තිබෙනවා. මෙහි දී මම උදක්ම  ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවකරුවන්ට එකට එකතු වී මේ උතුම් අරමුණ වෙනුවෙන් වැඩ කරන්න කියලා. මෙම උත්සාහයන්වලදී සියලූම වියදම් ජාතික ජවන හා පිටිය ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් විසින් දරන සම්පූර්ණ වියදම තෝරාගත් ක‍්‍රීඩා කිහිපයක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් විසින් ජාත්‍යන්තර තර`ගවලට සහභාගිවීමේ දී දරන සම්පූර්ණ වියදම රජය විසින් දැරීමට මා යෝජනා කරනවා.  
     
    518.නොදියුණු ප‍්‍රදේශවල ක‍්‍රීඩා උපදේශක කටයුතු ඇතුලත්ව පුහුණු වීම් පහසුකම් ආරම්භ කිරීම සඳහා පෞද්ගලික අංශය උනන්දු කරවනවා. මේ ස`දහා සහනදායී ණය පහසුකම් හා ඉඩම් ලබා ගැනීමට යෝජනා කරනවා. 
     
    519.ක‍්‍රීඩා දියුණු කිරීමට අපගේ ඇති කැපවීම අනුව විදේශීය පුහුණුකරුවන් මගින් අපගේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමට ළඟා වීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමට විදේශ රාජ්‍යයන් සමඟ සාකච්ඡා කිරීමට යෝජනා කරනවා.  
     
    520.ඉහත කරුණු අනුව ඉටු කරලීම ස`දහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. 
     
    විදේශ රැකියා
     
    521.ගරු කථානායකතුමනි, ඊළඟ වසර 2 තුළ රැකී රක්ෂා පිබිදීමක් අපගේ ආර්ථිකය තුළ ඇති වේ යැයි අපේක්ෂා කරනවා. එම නිසා මම ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් සඳහා ඉල්ලූමක් ඇති විදේශ රටවල් සමඟ සම්බන්ධ වී නුපුහුණු හා අර්ධ පුහුණු විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම මාසික වැටුප ඇමෙරිකන් ඩොලර් 300 කට නියම කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උනන්දු කරවනවා. 
     
    522.පුහුණු හා අර්ධ පුහුණු සේවකයින් ගේ හිඟකම නිසා ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රමිකයන් සඳහා සැලකිය යුතු ඉල්ලූමක් තිබුණත් එම ඉල්ලූමෙන් අපට සපුරාලීමට හැක්කේ සියයට 20 ක්  පමණයි. එම නිසා  අපගේ තරුණ පිරිස් වෘත්තීය පුහුණු පහසුකම්වලට සම්බන්ධවීමටත් එමගින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වඩාත් ඉහළ වැටුපක් ලැබෙන රැුකියා කරා යොමුවන ලෙසත් මම උනන්දු කරවනවා.   
     
    523.එසේම, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් එක් සේවකයකුගෙන් එකතුකරනු ලබන නියෝජිත ගාස්තුව රු. 15,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. සියලූම සංක‍්‍රමනික සේවකයන් පිටත්වීමට පෙර බැංකු ගිණුමක්, රක්ෂණ ආවරණයක් සහ ඔවුන් පිළිබද තොරතුරු තමන්් සතුව තිබිය යුතුයි.    
     
    524.සංක‍්‍රමනික සේවකයන් වෙනුවෙන් රක්ෂණ ආවරණ ලබා දෙන රක්ෂණ නියෝජිතයන් තෝරා ගැනීමේ දී තරඟකාරී සහ විනිවිද භාවයකින් යුතුව තෝරා ගන්නා  ක‍්‍රමයක් අනුගමනය කරන ලෙස යෝජනා කරනවා. 
     
    525.මැද පෙරදිග ශ‍්‍රමිකයින්ගේ දායකත්වය අගයකිරීම වෙනුවෙන් ඔවුන් සඳහා වෙන්වුන ආගමන හා විගමන කවුන්ටර දෙකක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙහි විවෘත කිරීමට යෝජනා කරනවා.
     
    තිරසාර සංවර්ධනය සඳහා ශක්තිමත් පාලන රාමුවක්
     
    526.ගරු කථානායකතුමනි, වෙළඳාම ප‍්‍රවර්ධනය කිරීමට කැපවන අතරම දේශීය ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද හැඟීමෙන් යුක්තව කටයුතු කරන අතර පාරිභෝගිකයින් අසාධාරණ වෙළඳ ක‍්‍රියාකාරකම් වලින් හා තත්ත්වයෙන් බාල භාණ්ඩ හා සේවා වලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳවද අවධානයෙන් කටයුතු කරනවා.  මේ හේතුව නිසා ප‍්‍රතාපනවිරෝධී (Anti Dumping)  සහ ප‍්‍රතිතෝලන බදු (Countervelling)  සඳහා අවශ්‍ය රෙගුලාසි පැනවීමේ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කරනවා.  
     
    527ගගරු කථානායකතුමනි, දැනට ලංකාවට ආනයනය කරනු ලබන සුවඳ විලවුන් හා ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන හා අලෙවි කරනු ලබන සුවද විලවුන් රටේ කිසිදු අධිකාරියක් විසින් නියාමනය කරනු නොලබයි.  මේ හේතුව නිසා සාමාන්‍ය පාරිභෝගිකයා විවිධ රටවලින් ආනයනය කරනු ලබන හානිකර සුවද විලවුන් වර්ග සහ මෙරටේ වංචනික නිෂ්පාදකයින් විසින් කරනු ලබන එවැනි නිෂ්පාදන නිසා සාමාන්‍ය පාරිභෝගිකයා දැඩි තර්ජනයට ලක්වී ඇත.  එමනිසා සුවද විලවුන් උපකරණ නියාමනය කිරීම සඳහා නීති හඳුන්වා දීමට යෝජනා කරමි. එම කටයුතු සම්පූර්ණ වන තෙක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සියළුම සුවඳ විලවුන් නිෂ්පාදනවල සම්පූර්ණ සංඝටක ලැයිස්තුව අන්තර්ජාතික සුවද විලවුන් සංඝටක නාමකරණයට අනුකූලව ආයුර්වේද සුවඳ විලවුන් ද ඇතුළුව අවම වශයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන් සියළුම දවටනවල සඳහන් කිරීමට අවශ්‍ය රෙගුලාසි ගැසට් පත‍්‍රයේ පළකරනු ඇත.  
     
    528ගආනයනය කරනු ලබන භාණ්ඩ එනම් කිරිපිටි, සුවඳ විලවුන් හා ෂැම්පු වර්ග ආදියෙහි ගුණාත්මක භාවය සහතික කිරීම සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ඖෂධ පර්යේෂණ රසායනාගාරය යන ආයතනවල තාක්ෂණික කාර්ය මණ්ඩල වැඩිකිරීමෙන් ශක්තිමත් කිරීමටත් රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමටත් මා යෝජනා කරන අතර ඒ සඳහා රු.මිලියන 200 ක් වෙන්කිරීමට යෝජනා කරනවා.
     
    529.ගරු කථානායකතුමනි,  මා විසින් වෙළඳපොලෙහි ඇතිවන තරගකාරිත්වයට හානිකර ව්‍යාපාරික හැසිරීම එනම් සාධාරණ නොවන ඒකාධිකාරයන් සුවිශේෂී වූ ගනුදෙනු සහ අසාධාරණ මිල ගණන් තීරණය කිරීම ඇතුළු කටයුතු නියාමනය කිරීම සඳහා සාධාරණ වෙළඳ කොමිසමක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා.
     
    ශ‍්‍රී ලංකාවට හිමි චන්දි‍්‍රකා භාවිතය සඳහා වන අභ්‍යවකාශයේ ඉඩකඩ
    530ගගරු කථානායකතුමනි, අපගේ චන්ද්‍රිකා භාවිතය සඳහා වන අභ්‍යවකාශයේ ඉඩකඩ භාවිතයට ගෙන නොමැති අතර එය විනිවිද භාවයෙන් යුතුව ලංසු කැඳවීමට කටයුතු කරනු ඇත.
     
    ඇඟළුම් සඳහා සුපිරි සාප්පු සංකීර්ණයක්
    531ගගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තයේ යෙදෙන සංගම් කිහිපයක් සන්නාම නාම සඳහා ප‍්‍රවේශ වෙමින් ඔවුන්ටම අනන්‍ය වූ මාවතකට අවතීර්ණ වී තිබෙනවා.  එම සන්නාම ප‍්‍රවේශය ඉදිරියට ගෙනයාම සඳහා නිෂ්පාදකයින් විසින් අවශ්‍ය පහසුකම් සහිත ලංකාවේ නිෂ්පාදිත සන්නාම නාම සහිත භාණ්ඩ අලෙවි කිරීමට ස්ථිර ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයක් අවශ්‍ය වී තිබෙනවා.  එමෙන්ම මෙම භාණ්ඩ දැවටුම් හා හිසේ සිට පාදාන්තය දක්වා වූ භාණ්ඩ සංයුතියකින් යුක්තව ඉහළ ගනයේ ගුණාත්මක භාවයකින් යුතු භාණ්ඩ වලින් සමන්විත විය යුතුය.
     
    532.මෙම මධ්‍යස්ථානය දේශීය හා විදේශීය ගැනුම්කරුවන් ක්ෂණික මිලදී ගැනීම් සිදුකරන නැතහොත් දේශීය වෙළඳපොල සඳහා ඇණවුම් ලබාදෙන කටයුතු සඳහා හමුවන ස්ථානයක් වනු ඇත.  එමනිසා මෙම ගමනට සහයෝගය දැක්වීම පිණිස සැකසෙන තොග හා සිල්ලර සුපිරි සාප්පු සංකීර්ණය අනිවාර්යයෙන්ම දේශීය සන්නාම නාම සහිත ඇගළුම් සඳහා ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. මෙය අවම වශයෙන් වර්ග අඩි 400,000 ක ඉඩකඩක් සහිත සුපිරි සාප්පු සංකීර්ණයක් අරඹන අතර ඒ සඳහා රජය මගින් දීර්ග කාලීන බදු පදනම මත ඉඩම් ලබාදෙනු ලබන අතර එයට රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහයෝගයෙන් රුපියල් මිලියන 2500 ක වියදමක් දරනු ඇත.
     
     
    ස්වාභාවික විපත් සඳහා රක්ෂණාවරණයක්
     
    533.ගරු කථානායකතුමනි, පසුගිය මාස 12 ක කාලය තුල පමණක් කුණාටු නිසා ඇතිවන ජලගැලීම්වල සිට නායයෑම් දක්වා වන ස්වාභාවික ආපදාවන්වලට අප මුහුණ දුන්නා.  ජීවිතවලට සිදුවූ විනාශය සහ දේපලවලට සිදුවූ විනාශය අතිවිශාලයි. රජය වාර්ෂිකව මෙම විනාශවීම් වෙනුවෙන් වන්දි ලබාදීමට ද නැවත ඉදිකිරීම් ප‍්‍රවර්ධනය සඳහාද රුපියල් මිලියන 500 කට වඩා වියදම් දරා ඇත.  කෙසේ වුවද තවමත් මෙම විනාශයන්ට ගොදුරු වූ අය ඔවුන්ට හිමි වන්දි මුදල් ලබාගැනීම සහ ඒවා ලබාදීමේ ක‍්‍රියාවලියෙහි ප‍්‍රමාදයන් මෙම යාන්ත‍්‍රණය තුළ දැකිය හැක.  එමනිසා එවන් ගැටළු මැඩලීම පිණිස මුළු රටම සුළිසුලං, කුණාටු, නියඟ, ගංවතුර, නායයෑම්, හරිකේන් කුණාටු, භූ චලන, සුනාමි හා  ඕනෑම ආකාරයක ස්වභාවික විපත් වලින් ආරක්ෂා කල යුතු බවට මා යෝජනා කරනවා.  මෙමගින් ස්වාභාවික විපත් සඳහා ඒක පුද්ගල රක්ෂණ ආවරණය රුපියල් මිලියන 2.5 ක් ද, හානි සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 10,000 ක් දක්වාද, එමෙන්ම රුපියල් මිලියනයක ජීවිත රක්ෂණ ආවරණයක් හා හදිසියකදී බේරා ගැනීමේ කටයුතු සඳහා ධීවරයන්ට හිමිවනු ඇත. රක්ෂණ වාරික වශයෙන් රුපියල් මිලියන 300 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.
     
    මිළ පාලනය තුළින් ස්ථාවර ආර්ථිකයක්
     
    534.ගරු කථානායකතුමනිල 2015 ජනවාරි 09 වන දින සිට වත්මන දක්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලබා නොදුන් මට්ටමේ සහන ලබා දෙමින් ජීවන වියදම් බරින් පීඩාවට පත්වූ බොහෝ දෙනෙකුට සහන සලසා ඔවුනට නව ජීවයක් ලබාදීමට හැකිවුණාග  මෙම කෙටි කාලය තුළ කිරිපිටිල පාන්පිටිල සීනි ඇතුළු අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය  13 ක මිළ ගණන් අඩු කිරීමට පියවර ගත්තා. පෙට්ර්ල් හා ඩීසල් මිළ පෙර කිසි කලක නොපැවති මට්ටමකින් අඩුවූ අතර තීරුබදු පහළ දැමීම නිසා පවුලකට සරිලන වාහන මිළ ද පහත වැටුණා.  මෙම සහන හේතුකොට ගෙන මහා මාර්ග වාහනවලින් පිරී යාමෙන් අපහසුතාවයට පත් වුවද ශ්‍රී ලාංකික පවුලකට වාහනයක් මිළදී ගැනීමේ මහඟු අවස්ථාවක් උදා වුණා. ගෑස් සිලිංඩරයක මිල රුපියල් 300.00කින් පහත හෙළන ලදි. ඉතිහාසගත රාජ්යස සේවක වැටුප් වැඩිවීමල වැඩිවූ සමෘද්ධි දීමනා සහ ලබා දුන් අනෙකුත් සහන ශ්‍රී ලාංකිකයින් අත සංසරණය වන මුදල් ප්‍රරිමාණය වර්ධනය කරලීමට සමත් වුණා. 
     
    535.තවදුරටත් වගකිවයුතු රජයක් ලෙසල ජනතාවට පොරොන්දු වූ පරිදි තෝරාගත් අතවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 11 ක මිළ අඩු කිරීමට මා යෝජනා කරනවා.  
    xගරු කථානායකතුමණි, බොහෝ ආහාර ද්‍රව්‍ය වල වෙළෙඳපොළ මිළ ගණන් සෑම වර්ෂයකම අනෙකුත් මාස වලට සාපේක්ෂව නොවැම්බර් - දෙසැම්බර් මාස වලදී උපරිම මට්ටමක පවතිනවා. මෙම මිළ උච්ඡාවචනයන් කළමනාකරණය කිරීම සඳහා පසුගිය රජය සමයේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම නිසා අද වන විට වෙළෙඳපොළේ අත්‍යවශ ආහාර ද්‍රව්‍යවල මිළ ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය කළමනාකරණය කරමින් පාරිභෝගිකයාට සාධාරණ මිළකට ආහාර ද්‍රව්‍ය ලබා දෙන අතරම. දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අර්තාපල් සඳහා දැනට පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රමයක් සඳහා රු. 25 /- කින් අඩු කරනවා. ඒ අනුවල පාරිභෝගිකයාට අර්තාපල් කිලෝග්‍රම් 1 ක් රු 75 /- ත් 85 /- ත් අතර මිළකට ලබාදීමට අපේක්ෂා කරනවා. එමෙන්ම ලොකු ලූනු කිලෝග්‍රම් 1 ක් සදහා පනවා ඇති  විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු 25 /- කින් අඩු කරමින් ලොකු ලූනු කිලෝග්‍රම් 1 ක් රු.85/- ත් 95 /- ත් අතර මිළකට පාරිභෝගිකයන්ට ලබා දීමටත් මා යෝජනා කරනවා.
     
    x තවත් ප්‍රධාන පරිභෝජන භාණ්ඩයක් වන දේශීයව නිෂ්පාදිත කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිළ රුග 295 /- ක් දක්වා අඩු කිරීමටත්, එමගින් දේශීය කිරිපිටි නිෂ්පාදකයාට වන පාඩුව පියවා ගැනීම සඳහා රජය මගින් රු. 30 /- ක සහනාධාරයක් ලබාදීමට කටයුතු කරනවා. එසේම, ළදරුවන්ගේ පෝෂණ අවශ‍්‍යතා සැලකිල්ලට ගනිමින් ළදරු කිරිපිටි කිලෝවක මිළ රු. 100 /- කින් අඩු කිරීමටත් මා යෝජනා කරනවා. 
     
    x ගරු කථානායකතුමනි, ටින් මාළු ග්‍රම් 425 ක ටින් එකක මිළ රු. 125 /- ක් දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. ඒ අනුවල දේශීය ටින් මාළු කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ටින් මාළු ග්‍රෑම් 425 ක ටින් එකක් සඳහා රු. 15 /- ක සහනාධාරයක් දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ට ලබා දීමටත් යෝජනා කරනවා. මෙමගින් පාරිභෝගිකයාට සහන සැළසෙන අතරම දේශීය ටින් මාළු කර්මාන්තය වැඩිදියුණු වීමෙන් දේශීය ධීවරයන්ගේ මත්ස්‍යක සම්පත සඳහා ද ඉහල මිළක් ලබා ගැනීමට හැකි වෙනවා.
     
    x ගරු කථානායකතුමනි, තවත් අත්‍යවශය ආහාර ද්‍රවයක් වන හාල්මැස්සන් පෞද්ගලික වෙළෙඳුන් විසින් විශාල මිළ පරාසයක් තුළ අලෙවි කිරීම නිසා පාරිභෝගිකයාට ඉහළ මිළක් ගෙවීමට සිදු වී තිබෙනවා. ලංකා සතොස ආයතනය විසින් හාල්මැස්සන් කිලෝවක් රු. 380 /- කට අලෙවි කරන විට පෞද්ගලික සිල්ලර වෙළෙඳුන් හාල්මැස්සන් කිලෝවක් රු. 800 /- ක වැනි ඉහල මිළකට අලෙවි කරනවා. මෙසේ අතරමැදියන් විශාල වශයෙන් ලාභ ලබමින් පාරිභෝගිකයා අපහසුතාවයට පත් කිරීම වළක්වාලීම සඳහා හාල්මැස්සන් කිලෝවක් සඳහා රු. 410 /- ක උපරිම සිල්ලර මිළක් නියම කිරීමට මා යෝජනා කරනවා.
     
    x සාමාන්‍ය  ජනතාවගේ තවත් මූලික ආහාර ද්‍රව්‍යක් වන පරිප්පු සදහා ද අතරමැදි වෙළෙඳුන් විශාල ලාභාන්තිකයක් තබා ගැනීම නිසා පාරිභෝගිකයාට ඉහළ  මිළක් ගෙවීමට සිදු වී තිබෙනවා. දැනට පරිප්පු කිලෝවක ආනයන පිරිවැය රුග 130 /- ක් පමණ මට්ටමක පැවතියත් විවෘත වෙළෙඳපොළේ පරිප්පු කිලෝවක් රු. 220 /- ක් තරම් ඉහළ මිළකට අළෙවි කරනවා. ඒ අනුවල පාරිභෝගිකයාට සාධාරණ මිළකට පරිප්පු ලබා දීම සඳහා කිලෝග්‍රම් 1 ක් සඳහා රුග 169 /- ක උපරිම සිල්ලර මිළක් නියම කිරීමට මා යෝජනා කරනවා. ඒ සඳහා පරිප්පු මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටද මා කටයුතු කරනවා.
     
    x ගරු කථානායකතුමණි, කරවල වර්ග අතරින් වැඩිම පාරිභෝගික ඉල්ලුමක් පවතින කට්ට කරවල කිලෝවක් සදහා රුග 1,100 /- ක උපරිම සිල්ලර මිළක් ද සාලයා කරවල කිලෝවක් සඳහා රු. 425 /- ක උපරිම සිල්ලර මිළක් ද නියම කිරීමට මා යෝජනා කරනවා. එමගින් දේශීය කරවල නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමටත් පාරිභෝගිකයාට සහන මිළකට කරවල ලබා දීමටත් අපේක්ෂා කරනවා.
     
    x දැනට විවෘත වෙළෙඳපොළේ කඩල කිලෝවක  සිල්ලර මිළ රු. 220 /- ක් වැනි ඉහළ මට්ටමක පැවතියත් එහි ආනයන පිරිවැය රු. 160 /- ක පමණ පහළ මට්ටමක පවතිනවා. ඒ අනුවල පාරිභෝගිකයාට සහන ලබා දීමේ අරමුණින් කඩල කිලෝවක් සඳහා රු. 169 /- ක උපරිම සිල්ලර මිළක් නියම කිරීමට ද මා යෝජනා කරනවා.
     
    x මීට අමතරව කිලෝග්‍රම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ වහාම ක්‍රියාත්මක වන පරිදි රු. 150 /- කින් අඩු කිරීමට යෝජනා කරන අතර දුප්පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් භූමිතෙල් ලීටරයක මිළ රු. 10 /- කින්ද අඩු කිරීමට මා යෝජනා කරනවාග මෙසේ දුප්පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් අඩු කරන ලද භූමිතෙල් වෙනත් තෙල් වර්ග සමග මිශ‍්‍ර කර අලෙවි කිරීම වැනි අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අවශ්‍ය  නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් මා යෝජනා කරනවා. 
     
    x ගරු කථානායකතුමණි, මේ සඳහා රජයට රුපියල් මිලියන 3,000 ක වියදමක් දැරීමට සිදු වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද මා යෝජනා කරනවා. එසේම රජය විසින් මෙසේ බදු අඩු කිරීම හා උපරිම සිල්ලර මිළ පැනවීම මගින් පාරිභෝගික ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන සහන ඔවුනට ඒ ආකාරයෙන්ම ලබා දීම සහතික කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තම කාර්යයභාරය කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කළයුතු බවද මේ ගරු සභාවට මා දන්වා සිටිනවා.
     
    536.ගරු කථානායකතුමනි, මා විශ්වාස කරනවා ඔබතුමා මා හා එකඟවන බවට ආනයනික ආහාර ද්‍රවය වල මිළ වැඩිවීමට හේතුපාදකව ඇත්තේ ප්‍රතිපත්තිගරුක නොවන අතරමැදියන් හා සැපයුම් දාමයේ දුබල ප‍්‍රවණතා බවග මෙම තත්ත්වය සමනය කිරීම සඳහා සතොස තොග වෙළඳ අංශය හරහා පෞද්ගලික ආයතන හා වෙළඳුන්ගේ ආනයනකරු ලෙස කටයුතු කළ යුතු බවට මා යෝජනා කරනවා.  අත්‍යවශය ආහාර ද්‍රව්‍ය  ආනයනය පමණක් නොව රටට අවශ්‍ය තොග ප්‍රමාණයන් ගබඩා කිරීමද සතොස ආයතනයේ කාර්යභාරය විය යුතුය.  සතොසට හිමි ගබඩා සංකීර්ණයේ ගබඩාකොට ඇති තොග ලාභදායී ලෙස පෞද්ගලික වෙළ‍ඳුන්ට ලබාදීමට කටයුතු සලසා දිය යුතුය.  මෙවැනි ක්‍රියාදාමයකින් අත්‍යවශය භාණ්ඩ මිළ ගණන් සියයට 20 කින් පමණ පහත දැමීමට හැකි වනු ඇති බවට මා විශ්වාස කරනවා.
     
    ව්‍යාපෘති කළමනාකරණය 
    537.සංවර්ධන ප‍්‍රතිපත්ති වඩා හොඳින් සැළසුම් කිරීමට හා අධීක්ෂණය කිරීමට රටේ ප‍්‍රතිපත්ති සම්පාදන හා විශ්ලේෂණ ක‍්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට රුපියල් මිලියන 200 ක ප‍්‍රතිපාදන ලබාදීමට මා යෝජනා කරනවා.
     
    538.රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ක‍්‍රියාත්මක කරන සියළුම සන්නාමගත කිරීම් කටයුතු ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණය කෙරේ.
     
    දීමනා
     
    539.ගරු කථානායකතුමනි, අප රජය විසින් පොරොන්දු වූ පරිදි රජයේ සේවකයන් හට රුපියල් 10,000/- ක මාසික දීමනාවක් ගෙවීමට කටයුතු කර තිබෙනවා.  මෙම දීමනාව සහ මීට පෙර ලබාදෙන ලද අතුරු දීමනා දෙකක් විශ‍්‍රාම ගෙවීම් සඳහා සලකා බලනු ලබනවා.  
     
    540.ගරු කථානායකතුමනි, අප හට නව අල්ලස් හා දූෂණ කොමිසමක් තිබෙනවා.  රට තුළ දූෂණය මුලිනුපුටා දැමීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන අප රජයේ ප‍්‍රධාන අරමුණක් වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම ශක්තිමත් කිරීමයි.  ඒ සඳහා රුපියල් මිලියන 500 ක ප‍්‍රතිපාදන ලබාදීමට මා යෝජනා කරනවා. 
     
    පාර්ලිමේන්තු කටයුතු
     
    541.ගරු කථානායකතුමනි, ඔබ දන්නා පරිදි අපගේ පරිපාලනය කැපවී සිටිනවා පාර්ලිමේන්තු ක‍්‍රමය ශක්තිමත් කිරීමට.  විශේෂයෙන් සුපරීක්ෂණ කමිටුවේ අරමුණු සඳහා රුපියල් මිලියන 250 ක් වෙන්කරනවා. 
     
    542.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයට රුපියල් මිලියන 50 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.  
     
     
    බදු ප‍්‍රතිපත්ති හා බදු පරිපාලනය 
     
    543.ගරු කථානායකතුමනි, මගේ කථාවේ මේ දක්වා කර ඇති යෝජනා ක‍්‍රියාත්මක කිරීම ස`දහා අවශ්‍ය වන ආදායම් සොයා ගැනීමේ උපාය මාර්ග දැක්වෙන අපේ මංගල අයවැයෙහි වඩාත්ම වැදගත් අංශයට අප දැන්  පැමිණ සිටිනවා. ගරු කථානායකතුමනි, ඔබ හො`දින් දන්නා පරිදි අපේ බදු ක‍්‍රමය යල් පැනගිය, සංකීර්ණ සහ ගැටළු සහගත වන අතර එය අයෝජනයට හා ව්‍යාපාරික දියුණුවට පෙළඹවීමක් ඇති නොකරයි. එය අපේක්ෂා කරන ආදායම උපදවන්නේ නැති අතර ඉතිරි කිරීම ස`දහා පුද්ගලයන් දිරිගන්වන්නේ ද නැත. බදු වර්ග රාශියක් සහ බහුවිධ ස්ථරයන්ගෙන් යුක්ත බදු ව්‍යුහය  මගින් බදු ක‍්‍රමය සංකීර්ණ වී තිබෙනවා. එසේම එය බදු ගෙවන්නන් ස්වේච්ඡුාවෙන් බදු ගෙවීම ද අධෛර්යමත් කරයි. රාජ්‍ය ආදායමේ වර්ධනය පසුගිය වසරවලදී වේගයෙන් පහළ බැස ඇති අතර 1990 දශකයේ මුල් භාගයේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් පමණ වූ බදු ආදායම 2014 වන විට සියයට 11.3 ක් දක්වා පහත වැට් තිබෙනවා. මෙම අනුපාතය වර්ධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාවය රජය හ`දුනාගෙන ඇති අතර 2018 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17 ක් දක්වා එය වැඩි කිරීමට අප ඉලක්ක කර තිබෙනවා. එබැවින් මෙම ක‍්‍රමයේ සම්පූර්ණ පරිවර්තනයක් අවශ්‍ය  බව රජය හ`දුනාගෙන තිබෙනවා.
     
    බදු ක‍්‍රමය සරල කිරීම
     
    544.වර්තමානයේ දී විවිධ බදු හා ගාස්තු වර්ග 35 කින් පමණ බදු ආදායම් ලබා ගන්නා අතර මේ තත්ත්වය බදු ක‍්‍රමය සංකීර්ණ කර ඇත. එම නිසා බදු ගෙවන්නන් සහ ව්‍යාපාර ප‍්‍රජාවට ප‍්‍රතිලාභයක් සැලසෙන පරිදි අදාළ නොවන කරදරකාරී බදු ඉවත් කිරීමට ද මා යෝජනා කරනවා ඒ අනුව බදු ක‍්‍රමය සරල කිරීමේ  අදහස පෙරදැරිව පහත සඳහන් බදු ඉවත් කිරීමට මා යෝජනා කරනවා . 
    -කොටස් ගනුදෙනු බද්ද
    -ඉදිකිරීම් කර්මාන්ත ඇපකර අරමුදල් බද්ද
    -සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී මෝටර් වාහන බද්ද
    -සාංචාරක සංවර්ධන බද්ද (TDL)
     
    ආදායම් බද්ද 
     
    545. සංස්ථාපිත ආදායම් බද්ද
    විවිධ මූලාශ‍්‍ර සඳහා විවිධ අනුපාතයන් අදාළ කිරීම හා විවිධ අංශ සඳහා ආයතනික නිදහස් කිරීම් සිදු කිරීම නිසා පැවරුම් මිල, බදු සැලසුම් හා අර්ථ නිරූපණ කටයුතුවලදී ඇතිවන ව්‍යාකූලතා හේතුවෙන් ගැටළු මතු කර ඇත. මෙම පසුබිම යටතේ වර්තමාන ආයතනික ආදායම් බදු අනුපාත ව්‍යුහය අනුපාත ස්ථර දෙකක් යටතේ එනම් සියයට 30 ක ඉහළ අනුපාතයක් හා සියයට 15 ක සම්මත අනුපාතයක් වශයෙන් ප‍්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කරනවා.  ඉහළ අනුපාතය අදාළ වනුයේ ඔට්ටු හා සූදු, මද්‍යසාර, දුම්කොළ, බැංකු හා රක්ෂණ හා කල්බදු කර්මාන්ත ඇතුලත් මූල්‍ය සේවාවන්හි හා වෙළෙඳ කටයුතුවල ලාභ හා ආදායම් සඳහාය. අනෙකුත් සියළු අංශයන් සියයට 15 ක සම්මත අනුපාතයට යටත් වනු ඇත. හඳුනාගන්නා ලද ආයතනික හා විවිධ දිගුකාලීන සහන සහ තාර්කික ප‍්‍රතිපත්තියකින් තොරව ලබා දෙන ලද නිදහස් කිරීම් නැවත සලකා බලනු ලැබේ. 
     
    546ගකොටස්කරුවන්ට සිය ආයෝජනවලට සරිලන ලාභාංශ ලැබීම තහවුරු කිරීම ස`දහා ලැයිස්තුගත සමාගම් බෙදා හරිනු ලබන අවම ලාභාංශය, බෙදිය හැකි ලාභයෙන් සියයට 15 ක් දක්වා වැඩි කරනු ලැබේ.
     
    දුම්කොළ, මද්‍යසාර සහ කැසිනෝ සඳහා අධි බද්ද
     
    547.ගරු කථානායකතුමනි ආයතනික බදු සංශෝධනයෙන් දුම්කොළ, මද්‍යසාර හා කැසිනෝ සමාගම් අනවශ්‍ය වාසි ලබා ගැනීම වැළැක්වීම සඳහා සහ දුම්කොළ මත්පැන්, සූදු හා ඔට්ටු තැබීම් වලින් තොර සමාජයක් බිහි කිරීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුකූලව යමින් ආදායම් බද්දෙන් සියයට 25 ක අධිබද්දක් පැනවීමට ද මා යෝජනා කරනවා.
     
    පුද්ගලික ආදායම් බදු 
     
    548.ගරු කථානායකතුමනි, වර්තමානයේ දී වාර්ෂික ආදායම රු. 750,000 ඉක්මවන සේවකයන් ක‍්‍රමයෙන් වැඩිවන බද්දක් වන උපයන විට ගෙවීමේ බද්ද (PAYE)ගෙවීමට යටත් වේ. එහි උපරිම බදු අනුපාතය සියයට 16 කි. මෙම බදු ක‍්‍රමය   තවදුරටත් සරල කිරීමේ අදහසින් හා බදු ගෙවීම සඳහා වඩා හොඳ අනුගතවීමක් සහතික කරනු පිණිස සහ සියළුම සේවකයන්ට සමානව සැලකීම සඳහා  PAYE බද්දට අදාළ නීති සංශෝධනය  කිරීමට මා යෝජනා කරනවා. සේවකයන්ට සහනයක් ලබා දීම පිණිස බද්දෙන් නිදහස් උපරිම ආදායම් සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ දැමීමට ද මා යෝජනා කරනවා. මෙම සීමාව ඉක්ම වූ සියළු ආදායම් සඳහා සියයට 15 ක් වූ එකම PAYE  බදු අනුපාතයක් අය කරනු ඇත. එසේම බදු ගෙවිය යුතු ආදායමට සේවකයාගේ සියළුම ඉපයීම් ඇතුලත් විය යුතු අතර කිසිදු නිදහස් කිරීමක් නොලැබෙනු ඇත. මෙම ක‍්‍රමය හා  අනුපාතයන් පුද්ගලික ආදායම් උපදවන්නන්ට දැනට පවත්නා, ක‍්‍රමයෙන් වැඩිවී උපරිමය සියයට 24 දක්වා වන  බදු අනුප‍්‍රමාණයන් වෙනුවට අදාළ වනු ඇත. තවද, දෙවැනි රැකියාවකින් ලැබෙන ආදායම සඳහා ද කිසිඳු නිදහස් කිරීමකින් තොරව එම අනුපාතය යටතේ බදු අය කෙරෙනු ඇත. ගරු කථානායකතුමනි, විධිමත් මුදල් හා රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම මගින්  පොළී අනුපාත අඩු මට්ටමක රඳවා ගැනීමට මෙම වසර තුළ දී රජයට හැකි වී ඇත. මෙම තත්ත්වය යටතේ වැඩි ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන  පරිදි ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට අඩු පොළී අනුපාත යටතේ ණය ලබා ගැනීමට මහජනතාවට හැකි වී ඇත. කෙසේ වෙතත්, මෙහි ප‍්‍රතිඵලයක් ලෙස දිගු කාලීන මුදල් තැන්පත්කරුවන්ගේ පොළී ආදායම අඩු වීම මත ඔවුන් පීඩාවට පත්ව ඇත. එබැවින් 2016 ජනවාරි 1 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි තැන්පතු සඳහා වූ සියයට 2.5% වූ රඳවා ගැනීමේ බද්ද අහෝසි කිරීමට මා යෝජනා කරනවා.
     
    ආර්ථික සේවා ගාස්තු 
     
    549.රජය මගින්  ලබා දෙනු ලබන යටිතල පහසුකම් භාවිතා කිරීම වෙනුවෙන් මෙම බද්ද පනවා ඇත. වර්තමානයේ දී මෙම බද්ද පනවා ඇත්තේ පාඩු ලබන ව්‍යාපාර හෝ බදු නිදහස් ව්‍යාපාරවලට පමණි. ගාස්තු අය කිරීම ශක්තිමත් කිරීම සඳහා සහ මෙම ගාස්තුව අය කිරීමට හේතු වූ කරුණු සැලකිල්ලට ගෙන ලාභ උපදවන ව්‍යාපාරවලට මෙය අදාළ කිරීමටත් වසරකට රු. මිලියන  120 ක්ව පැවති  අවම සීමාවන් ඉවත් කිරීමට යෝජනා කරන අතර අදාළ  වන අනුපාතය සියයට 0.5 දක්වා වැඩි කරනු ලබනවා. තවද, ශේෂය ඉදිරියට ගෙන යාමේ කාල පරිච්ඡේදය වසර තුනකට සීමා කරනු ලැබේ.
     
    එකතු කළ අගය මත බද්ද (VAT)
     
    550.පසුගිය වසර කීපය තුලදී වරින් වර යොදාගන්නා ලද අවිධිමත් ප‍්‍රතිපත්ති නිසා ශ‍්‍රී ලංකාවේ VAT බදු ක‍්‍රමවේදය දැඩිලෙස විකෘති වී ඇත.  ආනයන අඩුවෙන් ඉන්වොයිස් කිරීම, වටිනාකම් දාමයේ කාන්දුවීම සහ විශාල වශයෙන් සිදු කරන ලද නිදහස් කිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස අපේක්ෂිත ප‍්‍රමානයට වඩා අඩු ආදායම් ලැබී ඇත. ගරු කථානායකතුමනි, ආදායම් වර්ධනය කිරීමේ අදහස පෙර දැරිව මෙම නිදහස් කිරීම් ඉවත් කිරීමට මම යෝජනා කරමි.  වර්තමානයේ ක‍්‍රියාත්මක තනිබදු අනුපාතය සියයට 0 - සියයට 8 සම්මත අනුපාතය හා සේවා අංශය සඳහා සියයට 12.5 ක් ලෙස ස්ථර තුනකින් යුක්ත වන ලෙස සංශෝධනය කරනු ලැබේ.  VAT බද්ද ගෙවීම සඳහා වන අවම සීමාව වාර්ෂිකව රුපියල් මිලියන 12 ක් වන අතර තොග හා සිල්ලර වෙළඳාම VAT බද්දෙන් නිදහස්ය.
     
     
     
     
    ජාතිය ගොඩනැගීමේ බද්ද(NBT)
     
    551.ගරු කථානායකතුමනි, (VAT) වලට සමගාමීව (NBT) සීමාවද අඩු කිරීමට මා යෝජනා කරනවා.  අනුපාතය සියයට 4 දක්වා ඉහළ නැංවෙන අතර සමහර නිදහස් කිරීම ඉවත් කරනු ඇත.  බදු අනුපාත වැඩි කිරීම නිසා උපදවන ආදායම ඒකාබද්ධ අරමුදලට මාරු කරනු ඇත.
     
    ඔට්ටු හා සූදු පනත
     
    552.පසුගිය අයවැයෙන් පනවන ලද කැසිනෝ පිවිසුම් බද්ද ඉවත් කරනු ලබන අතර රුජිනෝවලට හැර සූදු ව්‍යාපාරය සඳහා පනවනු ලැබූ වාර්ෂික බද්ද රු. මිලියන  400 දක්වා වැඩි කරනු ලැබේ.
     
    553.පසුගිය අතුරු අයවැය තුළින් හඳුන්වා දුන් කැසිනෝ ව්‍යාපාර බද්ද නොගෙවන හෝ නොගෙවීම  පිණිස කවර හෝ ක‍්‍රියාවක් සිදු කරන කැසිනෝ   ව්‍යාපාරයක අධ්‍යක්ෂවරයෙකු හෝ කොටස්කරුවකු පුද්ගලිකව වගකීමට බැඳෙන පරිදි අවශ්‍ය සංශෝධන මුදල් පනතට ඇතුල් කිරීමට පියවර ගන්නවා.
     
    බදු දිරිගැන්වීම් 
     
    554. විවිධ ආයතන විසින් ලබා දී ඇති අවිධිමත් හා ඵලදායී නොවන බදු සහන ඉවත් කිරීමට රජය යෝජනා කරනුයේ එමගින් ක්ෂේත‍්‍රයේ විවිධ බදු කාණ්ඩ ඇතිවීම මගින්  ව්‍යවසායකයන් අතර තරඟකාරිත්වය ඉවත්වෙන බැවිනි .   එසේම , මේ තත්ත්වය  රටෙහි සමස්ත රාජ්‍ය මූල්‍ය  ප‍්‍රතිපත්ති බදු ක‍්‍රමය සමඟනොගැලපෙන පරිසරයක් ඇති කර ඇත.  එබැවින්  ඕනෑම ආයෝජනයක් සඳහා ලබා දී ඇති සහන මුදල්  අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණය හා පසු විපරම යටතේ පැවතිය යුතු බව මම යෝජනා කරන අතර එය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන රෙගුලාසිවලින් පාලනය විය යුතු වේ. 
     
    මෝටර් වාහන බදු සංශෝධනය
    555.ගරු කථානායකතුමනි, වාහන මිලියන 6 කට වැඩි ප‍්‍රමාණයක් රටතුළ සේවයේ යොදවන  බව වාර්තා වී ඇත. මාර්ග අනතුරු ද එලෙසම වැඩි වී ඇත. එබැවින් මගීන්ගේ හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම වාහන හා සම්බන්ධ පාරිසරික කරුණු කෙරෙහි ද අප අවධානය  යොමු කළ යුතුය.  මෙම කරුණු සැලකිල්ලට  ගෙන මෝටර් වාහන සම්බන්ධයෙන් පහත සඳහන් යෝජනා මා ඉදිරිපත් කරනවා .
     
    වාහන සඳහා ඒකක මත නිෂ්පාදන බද්ද
     
    556. ගරු කථානායකතුමනි, බදු ගෙවීමේ කටයුතුවලදී මෝටර් වාහන අවතක්සේරු කිරීම නිසා රජයට ලැබිය යුතු ආදායම් නොලැබී යන බවට ලැබුණු වාර්තා අනුව, සියළුම උපාංග සහිත වාහනයක මිල බදු පදනම ලෙස යොදා ගන්නා නව තක්සේරු ක‍්‍රමයක් මෑත කාලයේ දී හඳුන්වා දෙන ලදී. නියමිත ලෙස ලැබිය යුතු  බදු එකතු කිරීමේ මෙම ක‍්‍රියා මාර්ගය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ධාරිතා ඝන සෙන්ටිමීටර් ප‍්‍රමාණය මත පදනම් වූ මත නිෂ්පාදන බද්දක් හඳුන්වා දීමට මම යෝජනා කරමි. ඇතැම් වාහන සඳහා ප‍්‍රතිශතය මත  පදනම්ව බදු අනුපාත සංශෝධනය කරනු ලබනවා.
     
    පරිසර හිතකාමී වාහන සඳහා බදු සහන
     
    557. රටෙහි පිරිසිදු පරිසරය වැඩි දියුණු කිරීමට රජය විසින් පියවර ගනු ලැබේ. අවම  දහනයකින්  යුත් පරිසර හිතකාමී වාහන භාවිතා කිරීම ධෛර්යමත් කිරීම සඳහා මුළුමනින්ම සූර්යතාපයෙන්, හයිඩ‍්‍රජන්  හෝ හීලියම් මගින් ක‍්‍රියාත්මක වන වාහන සඳහා වන නිෂ්පාදන බද්ද සියයට 2.5 දක්වා අඩුකිරීමට මා යෝජනා කරනවා.
     
    මෝටර් වාහන හිමිකම් සහතිකය
     
    558.ගරු කථානායකතුමනි, මෙම වසරේ ජනවාරි 29 දින ඉදිරිපත් කරන ලද අතුරු අයවැය මගින් මම ව්‍යාපාර  කටයුතු සඳහා වාහන ආනයනකරුවන්ගෙන් මෝටර් වාහන ආනයන ලියාපදිංචි කිරීමේ බලපත‍්‍ර ගාස්තුවක් අය කිරීමට යෝජනා කළෙමි. කෙසේ වෙතත්, මෙය එක සමාන ගාස්තුවක් වීම නිසා විශාල පරිමාණයේ වාහන ආනයනකරුවන්ට මෙමගින් අයථා වාසි ලබා ගැනීමට හැකියාව තිබුණි. මේ තත්ත්වය යටතේ එකී බලපත‍්‍ර ගාස්තුව  වෙනුවට සෑම වාහනයක් සඳහාම වාහන හිමිකම් සහතිකයක් ලබා ගැනීම සඳහා වාහන ආනයන මුදලක් අය කිරීමට මම යෝජනා කරමි. මෙම සහතිකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අතර වාහනයක් ආනයනය කිරීම සඳහා  ණයවර ලිපි විවෘත කිරීමේ දී මෙම සහතිකය අවශ්‍ය වනු ඇත. යතුරුපැදියක් හා ත‍්‍රී රෝද රථයක වාහන හිමිකම් ගාස්තුව ලෙස රු. 2,000 ක් ද මෝටර් රථයක් සඳහා රු. 15,000 ක් ද වෙනත්  ඕනෑම වාහනයක් සඳහා රු. 10,000 ක් ද අය කිරීමට මම යෝජනා කරමි. 
     
    ආදායම් බලපත‍්‍ර හා දුම් පරීක්ෂාව
     
    559.පළාත් සභාවන්හි ආදායම් වැඩි කිරීම  සඳහා මාර්ග නඩත්තු කිරීමේ වියදම හා පාරිසරික වියදම සැලකිල්ලට ගෙන කාලීනව ආදායම් බලපත‍්‍ර ගාස්තුව සංශෝධනය කළ යුතු වේ. ඒ අනුව, මෝටර් රථයක් සඳහා ආදායම් බලපත‍්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට යෝජනා කරනවා. දුම්පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව  රු. 5000 දක්වා වැඩි කරනු ලැබේ. වාහන දුම්පරීක්ෂා සහතිකය නිකුත් කිරීම සඳහා වැඩි පාර්ශවකරුවන්ට තරඟකාරී ලෙස ඉදිරිපත් විය හැකි පරිදි විවෘත කරනු ලැබේ. 
     
     
    ලියාපදිංචි කර නොමැති වාහන ලියාපදිංචි කිරීම
     
    560.රටතුලදී එකලස් කරන සමහර වාහන විවිධ හේතුමත මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකරන බව අපගේ අවධානයට යොමු කර ඇත. වෙළඳ වාහනයක් සඳහා රුපියල් 750000 ගෙවීමෙන් ද මෝටර් රථයක් සඳහා රු. මිලියනයක්   ගෙවීමෙන් ද 2016 මාර්තු 31 දිනට පෙර එම  වාහන ලියාපදිංචි කරන ලෙස එවැනි වාහන හිමියන්ගෙන් මා ඉල්ලා සිටිනවා. 
     
    561.විදේශ විනිමය ඉපැයීම සඳහා ද දිවයිනේ පවතින  පාවිච්චි කරන ලද වාහන සංඛ්‍යාව අවම කිරීම සඳහා ද එවැනි වාහන අළුත්වැඩියා කිරීමේන් පසු අපනයනය කිරීමට මම යෝජනා කරමි. මෙමගින් මෝටර් කාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ ක‍්‍රියාකාරකම් වැඩිදියුණු   වන අතර නව රැකියා අවස්ථා ද ඇති කරනු ඇත. මෙම යෝජනා ක‍්‍රමය යටතේ එක් අපනයනකරුවෙක් විසින් අපනයනය කෙරෙන සෑම වාහන 20 ක් සඳහාම එම අපනයනකරුවට  සියයට 50 ක බදු වාසියක් යටතේ එක් වාහනයක් ආනයනය කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත. එසේම පාවිච්චි කළ වාහන ආනයනය කොට   අළුත්වැඩියා කිරීමෙන් පසු අපනයනය කිරීමට ඇති හැකියාව සොයා බැලීමට පෞද්ගලික අංශ දිරි ගන්වනු ලැබේ. 
     
    562.සුපිරි වාහන අංක තහඩු ක‍්‍රමයක් හඳුන්වා දීමට ද මම යෝජනා කරමි. මෙම අංක  අවශ්‍යවන්නේ නම් වෙන්දෙසි කළ හැකි වේ. 
     
    සහනදායී බලපත‍්‍ර ක‍්‍රමය 
     
    563.ගරු කථානායකතුමනි, සහනදායී බලපත‍්‍ර ක‍්‍රමය දේශපාලනීකරණය වී ඇති අතර බෙහෙවින් අවභාවිතා කර ඇත. එසේම එමගින් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 40 ක පමණ ආදායම් අහිමිවීමක් ද  සිදු වේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළුව විවිධ යෝජනා ක‍්‍රම යටතේ වාහන බලපත‍්‍ර නිකුත් කිරීම අහෝසි කිරීමට යෝජනා කරමි. සහනදායී වාහන ආනයන හිමිකම ලබා දී තීබී මෙම යෝජනාව යටතේ එම සහනය ලබා ගැනීම අහිමි වී ගිය රජයේ නිලධාරීන්ට එම ප‍්‍රතිලාභය  අහිමිවීම වෙනුවෙන් මූල්‍ය සහන ලබා දෙන බවට මා සහතික වෙනවා. කෙසේ වෙතත් 2016 ජනවාරි 01 දිනෙන් පසු රාජ්‍ය සේවයට බැෙ`දන අයට මෙම ගෙවීම අදාළ නොවනු ඇත. තවද, රජයට මිල දී ගනු ලබන සියළුම වාහන අදාළ සියළු බදු වලට යටත්විය යුතු අතර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන අයවැය යටතේ ලබා දෙනු ඇත.
     
    ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා වූ මුද්දර ගාස්ත අඩු කිරීම  
     
    564.වර්තමානයේ දී ක්‍රෙඩිට්කාඞ්පත් මගින් කරනු ලබන මිල දී ගැනීම් සඳහා සියයට 1.5 ක මුද්දර ගාස්තුවක් අය කරනු ලැබේ. ක්‍රෙඩිට් කාඞ්පත් මගින් කෙරෙන දේශීය මිල දී ගැනීම්  සඳහා මෙම මුද්දර ගාස්තුව ඉවත් කිරීමට යෝජනා කරන අතර විදේශවලදී කෙරෙන මිල දී ගැනීම් ස`දහා අය කෙරෙන මුද්දර ගාස්තුව සියයට 2.5 කින් වැඩි කිරීමට යෝජනා කරනු ලැබේ.
     
    මන්දිර බද්ද
     
    565.අතුරු අයවැය මගින් හ ඳුන්වා දෙන ලද මන්දිර බද්ද තවදුරටත් බලපැවැත්වෙන අතර එය සහාධිපත්‍ය නිවාස ඒකක සඳහා අදාළ නොවේ. 
     
    රේගු ගාස්තු ව්‍යුහය ප‍්‍රතිසංවිධානය
     
    566.රේගු ගාස්තු ලෙස දැනට රේගු බදු ස්ථර 4 ක් ක‍්‍රියාත්මක වේ. එනම් නිදහස් , සියයට 7.5,  සියයට 15 හා සියයට 25 සහ නිශ්චිත ඉහළ ප‍්‍රමාණයන් වේ. 7000 ක් පමණ වන සංයෝජිත වර්ගීකරණ අංක අතරින් සියයට 50 ක් පමණ අයිතමයන් සඳහා අදාළ වන්නේ ශුන්‍ය බදු අනුපාතයක්ය. භාණ්ඩවලින් සියයට 2 ක් පමණ සියයට 7.5 ස්ථරයට අයත් වේ. මෙම රේගු බදු ස්ථරයන් තවදුරටත් සරල කරනු පිණිස සියයට 7.5 ස්ථරය ඉවත් කිරීමට  ද  සියයට 25 ස්ථරය සියයට 30 දක්වා ඉහළ නැංවීමට ද මා යෝජනා කරනවා. මේ අනුව ශ‍්‍රී ලංකාවේ ශුන්‍ය ප‍්‍රතිශතයත් සියයට 15 හා සියයට 30 වශයෙන් ස්ථර තුනක් සහිත රේගු බදු ව්‍යුහයක් පවතිනු ඇත. 
     
    වරාය හා ගුවන්තොටුපල සංවර්ධන ගාස්තු 
     
    567ගවරාය හා ගුවන්තොටුපොල සංවර්ධන බද්දෙන් නිදහස් ඉදිකිරීම්, පශු සම්පත් සහ කෘෂිකර්මාන්තයට භාවිතා කරන යන්ත්‍රෝපකරණ හැර අනෙකුත් භාණ්ඩ සඳහා වරාය හා ගුවන්තොටුපොල සංවර්ධන බද්ද සියයට 5 සිට සියයට 10 දක්වා  වැඩි කිරීමට මා යෝජනා කරනවා.
     
    මත්පැන් මත බදු
     
    568ගගරු කථානායකතුමනි,  මත්පැන් මගින් 2015 වසරේදී එකතු කරන ලද ආදායම රු. බිලියන 100 ක් පමණ වේ. නීති විරෝධී හා අනවසර මත්පැන් නිසා සහ සුරාබදු ආදායම එකතු කිරීමේ පවතින අඩුපාඩු මත ඒ හා  සමාන ප‍්‍රමාණයක ආදායමක් රජයට අහිමි වන බවද මම විශ්වාස කරමි. 2015 වසර තුළ දී මේ ප‍්‍රවණතාවය යම් තරමකින් පිටු දැකීමට අපට හැකි වූ  බව මම සතුටින් සඳහන් කරමි. අනවසර මත්පැන් සංසරණය වලක්වා ගත හැක්කේ නම් අපට තවත් රුපියල් බිලියන 100 ක් එකතු කර ගැනීමට අපේක්ෂා කළ හැක.  මේ සඳහා මම පහත යෝජනා  ඉදිරිපත් කරමි. 
     
    ආරක්ෂිත ස්ටිකරයක්
     
    569ගගරු කථානායකතුමනි, බදු ගෙවන ලද  සෑම  මත්පැන් බෝතලයක්ම ආරක්ෂිත ස්ටිකරයකින් ලේබල් කිරීමට මම යෝජනා කරමි. සුරාබදු නිලධාරීන්ට බදු ගෙවන ලද මත්පැන් බෝතල් පහසුවෙන් හඳුනාගැනීමට මෙය උපකාරී වේ. රජයේ ප‍්‍රසම්පාදන  ක‍්‍රමවේදය යටතේ  ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් කැඳවීම මගින් විනිවිදභාවයෙන් යුක්තව මෙම ස්ටිකරය නිපදවන්නන් තෝරා ගනු ලැබේ. මෙම විධිවිධානයන් ක‍්‍රියාත්මක කිරීම මගින් නීති විරෝධී මත්පැන් පාරිභෝගිකයන්ට සැපයීම නවතිනු ඇත. 
     
    මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර ගාස්තුව වැඩි කිරීම
    570ගස්කාගාරයක් සඳහා වාර්ෂික  මත්පැන් නිපදවීමේ බලපත‍්‍ර ගාස්තුව රු. මිලියන 150 දක්වා වැඩි කිරීමට මම යෝජනා කරමි. එසේම, වර්තමානයේ ක‍්‍රියාත්මක  වන බෝතලයක් සඳහා බලපත‍්‍ර ගාස්තු ගෙවීමේ සංකේත ක‍්‍රමය වෙනුවට මත්පැන් නිෂ්පාදකයෙකුගෙන් රුපියල් මිලියන 150 ක මුදලක් වාර්ෂිකව අවසර පත‍්‍ර ගාස්තුව ලෙස අය කිරීමට මම යෝජනා කරමි. මත්පැන් සඳහා නිෂ්පාදන බද්ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට සංශෝධනය කරනු ලැබේ.
     
    බලපත‍්‍ර ක‍්‍රමය සරල කිරීම
    571. සංකීර්ණ වූ බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමවේදය සරල කෙරෙන අතර, විකුණුම් සඳහා අදාලවන කාලය  සම්බන්ධයෙන් තිබූ යම්  සීමාවන්  ඉවත් කෙරේ. 
     
    ගෙවිය යුතු අවම සුරාබදු
    572.මද්‍යසාර නිෂ්පාදනය කරන සහ ස්කාගාර ද අයිති ආයතනවලින් රුපියල් මිලියන 250 ක් සහ මද්‍යසාර නිෂ්පාදන පමණක් සිදු කරන ආයතනවලින් රුපියල් මිලියන 50 ක අවම මාසික සුරාබද්දක් එකතු කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසා ගැනීමට හැකිවන පරිදි සුරාබදු ආඥාපනතට අවශ්‍ය සංශෝධන හඳුන්වා දෙනු ලැබේ. 
     
    මත්පැන් මත වන ආනයන බදු වැඩි කිරීම
    573. මත්පැන් පානය අධෛර්යමත් කිරීම සඳහා වන රජයේ ප‍්‍රතිපත්තියට සමගාමීව ආනයනය කරන මත්පැන් මතද බදු වැඩි කළ යුතු වෙනවා. එබැවින් දේශීයව නිපදවන මත්පැන්වල මිල වැඩි කිරීමට අනුරූපව සියළුම වර්ගවල ආනයනික මත්පැන්වල මිල වැඩි  කිරීමට අනුරූපව, සියළුම වර්ගවල ආනයනික මත්පැන් මතවන බදු සහ ආනයනය කරන ලද  එතනෝල් මත පැනවෙන බදු වැඩි කිරීමට මා යෝජනා කරනවා.
     
    විදේශ මත්පැන් ආනයනයට බලපත‍්‍ර
    574. දැනට දේශීයව  නිෂ්පාදනය කරනු ලබන මත්පැන් ප‍්‍රවාහනයට අවසර ලබා දී ඇත්තේ තොග ලීටර් 10ක් දක්වා ප‍්‍රවාහනයට පමණි. කෙසේවුවද, ආනයනික මත්පැන් ප‍්‍රවාහනයට එවැනි සීමා කිරීම් කිසිවක් පනවා නොමැත. එබැවින් දේශීයව නිෂ්පාදනය කෙරෙන මත්පැන් ප‍්‍රවාහනයට පනවා ඇති ක‍්‍රමවේදය එපරිද්දෙන්ම  ආනයනය කරන ලද මත්පැන් සඳහා ද අදාළ කරගත යුතු  බවට මා යෝජනා කරනවා.  
     
    බීඩි කොළ මත රේගු බදු
    575.ගරු කථානායකතුමනි, වර්ෂ 1990 මුල් කාලයේ දී දේශීය, වාර්ෂික සිගරට් පරිභෝජනය මිලියන 5,500 ඉක්මවා ඇත. කෙසේ වෙතත් , වරින්වර කරන ලද සිගරට් මිල වැඩිකිරීම් මෙන්ම ඒවා පරිභෝජනයෙන් සිදුවන සෞඛ්‍ය අවදානම පිළිබදව කෙරෙන මහජන දැනුවත් කිරීම් හේතුවෙන් සිගරට් පරිභෝජනය මේ වන විට වාර්ෂිකව මිලියන 3,000 ක් දක්වා පහළ බැස ඇත. එයට ප‍්‍රතිවිරුද්ධ ලෙස බීඩි කොළ ආනයනය ඉහළ ගොස් බීඩි නිෂ්පාදනයේ වැඩිවීමක් ද දක්නට ලැබේ. සෑම අවුරුද්දක් පාසාම සිගරට් මිල වැඩි කළ ද බීඩි මිල එසේ වැඩි කර නොැමත. දුම්කොළ භාවිතය අධෛර්යමත් කිරීමටත් අවම මිලක් සහතික කිරීමටත් හැකිවන පරිදි බීඩි කොළ මත පැනවෙන  රේගු බදු වැඩි කිරීමට මම යෝජනා කරමි. එසේම බීඩි නිෂ්පාදකයන්ගේ බලපත‍්‍ර ගාස්තුවද රු. 1,500 සිට රු. 5,000 දක්වා වැඩි කිරීමට ද මම යෝජනා කරමි. රේගු බදු ඉහළ නැංවීම මගින් බීඩි ආනයනය කිරීම අධෛර්ය කිරීමටද මා යෝජනා කරනවා. මෙමගින් වක‍්‍රාකාර වාසියක් දේශීයව බීඩි නිෂ්පාදනයේ යෙදෙන්නන් හට සැලසෙනවා. 
     
    නැව් නැගීමේ/ගුවන්ගතවීමේ ගාස්තුව වැඩි කිරීම
     
    576. ගරු කථානායකතුමනි, දැනට පවත්නා ඩොලර් 25 ක් වන නැව් නැඟීමේ/ගුවන්ගත වීමේ ගාස්තුව ඩොලර් 30 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරමි. මෙය නැව් සහ ගුවන්යානා මගීන් යන කාණ්ඩ දෙකටම අදාළ වනු ඇත. මෙම ගාස්තු මගින් එකතු කරන ආදායමෙන් දැනට  ඒකාබද්ධ අරමුදලට ලැබෙන 1/3 ක ප‍්‍රමාණය මෙම ගාස්තුවේ මුළු එක් රැස් කිරීමෙන් 2/3 ක් දක්වා වැඩි කිරීමට ද මම යෝජනා කරනවා.
     
    ගමන් බලපත‍්‍ර ගාස්තු
    577.මෑත කාලයේ දී ගමන් බලපත‍්‍ර ගාස්තුව වැඩි කර නොමැත. එසේ වුවද ගමන් බලපත‍්‍ර මුද්‍රණය කිරීමේ වියදම් මේ වනවිට වැඩි වී ඇත. එබැවින් එක් දිනකදී නිකුත් කරන ගමන් බලපත‍්‍ර ගාස්තුව දැනට එක් අයදුම්කරුවෙකුට පවත්නා රු. 7,500 සිට රු. 10,000 දක්වා වැඩි කිරීමට මම යෝජනා කරමි. එසේම,  ද්විත්ව පුරවැසි අයදුම්කරුවෙකුගේ, අයදුම්පත් ගාස්තුව රුපියල් 250,000 සිට රු. 300,000 දක්වා වැඩි කිරිමටත් සාර්ක් රටවලට අදාළ වීසා ගාස්තුව එක් අයදුම්පත‍්‍රයකට ඩොලර් 20 දක්වා වැඩි කිරීමටත් මම යෝජනා කරමි. 
     
    නේවාසික වීසා හඳුන්වා දීම
    578.විදේශීය ආයෝජන දිරි ගැන්වීමට  සඳහා වර්ෂ 3 ක කාලයකට වලංගු වන වීසා සඳහා ඩොලර් 250,000 ක ගාස්තුවකුත් හඳුන්වා දෙන අතර ඩොලර් මිලියන 5 ක ගාස්තුවක් යටතේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ස්ථිර නේවාසික වීසා හඳුන්වා දීමට මා යෝජනා කරනවා.
     
    විදුලි සංදේශ කර්මාන්තය සඳහා බදු
    579. ගරු කථානායකතුමනි, විදේශයෙන් ලැබෙන ඇමතුම් සඳහා මිනිත්තුවකට ඇමෙරිකානු ඩොලර් ශත 9 ක් අන්තර්ජාතික විදුලි සංදේශන ගාස්තු වශයෙන් අයකෙරනු ලැබේ.  මෙයින් මිනිත්තුවකට ශත 3 ක් බැගින් වන මුදල ඒකාබද්ධ අරමුදලට ක‍්‍රියාකරුවන් විසින් බැර කරනු ඇත.  මෙම ගාස්තුව ඇමෙරිකන් ඩොලර් ශත 9 සිට ශත 12 දක්වා වැඩිකිරීමට මා යෝජනා කරනවා. මෙම සමස්ත වැඩිවීම මත ඒකාබද්ද අරමුදලට බැර කෙරේ.  විදුලි සංදේශ නියාමන කොමිසම අන්තර් තීරු බදු ආදායම දල පිරිවැටුමෙන් නිදහස් කරන ලෙස ඉල්ලූම් කර තිබෙනවා.  මේ අනුව අන්තර්ජාතික තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම හා විදේශ විනිමය ලැබීම් වැඩිවීමද අපේක්ෂා කෙරේ.  පරිසරයට ඇති සෘණාත්මක බලපෑම සලකා බලා සන්නිවේදන කුළුණක් සඳහා අයකරන වාර්ෂික ගාස්තුව රුපියල් 50,000/- දක්වා වැඩිකිරීමට මා යෝජනා කරනවා.  
     
    අපනයනට  යොමු  වූ සමාගම් මගින් දේශීය වෙළඳපොළ තුළ කරනු ලබන අලෙවි කිරීම්
    580.ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි අපනයන මූලික සමාගම්වලින්  දේශීය වෙළඳපලට නිකුත් කරනු ලබන සැපයුම් ප‍්‍රමාණය ඔවුන්ගේ නිෂ්පාදනවලින්  සියයට 5 කට සීමා කරනවා.
     
    සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් හ`දුන්වා දීම
    581.බොහෝ ලියාපදිංචි සමාගම් ක‍්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව පෙනී ගොස් ඇත. එවැනි සමාගම් යළි ක‍්‍රියාකාරී කිරීම සඳහා සමාගම් රෙජිස්ට‍්‍රාර් විසින් එකතු කරනු ලබන වාර්ෂික ගාස්තුවක් සියලූම ලියාපදිංචි සමාගම් වෙත පනවනු ලැබේ. තවදුරටත් ස්ව කැමැත්තෙන්ම කරනු ලබන ඈවර කිරීම් අධෛර්යමත් කිරීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ඈවර කරනු ලබන සමාගම්වලින් රු. 500,000 ක් අය කිරීමට යෝජනා කරමි. 
     
    582.2016 ජනවාරි 1 දින සිට සියළුම ව්‍යාපාරික ආයතන අදාළ පළාත් පාලන ආයතනවල වසරකට රු. 100 ක නාමික ගාස්තුවක් මත ලියාපදිංචි විය යුතුය. අළුතින් ඇති කරනු ලබන ව්‍යාපාරික ආයතනයක් එම ආයතන සඳහා ජල හා විදුලි සම්බන්ධතා ලබා ගැනීමට ද  බැංකු මගින් ණය ලබා ගැනීමට  ද මෙම ලියාපදිංචිය මූලික අවශ්‍යතාවයක් වනු ඇත. 
     
    ටෙලි නාට්‍ය සඳහා ගාස්තු 
    583.දැනට දෙමළ ටෙලි නාට්‍ය චිත‍්‍රපට හා වෙළඳදැන්වීම් ගාස්තුවලින් නිදහස් කර ඇත. ඉංග‍්‍රීසි, ශ‍්‍රී ලංකාවේ සන්ධාන භාෂාව වන හෙයින් ඒ අයුරින්ම ඉංග‍්‍රීසි ටෙලි නාට්‍ය චිත‍්‍රපට හා වෙළඳ දැන්වීම් ද නිදහස් කිරීමට යෝජනා කරනු ලැබේ. 
     
     
     
     
                                                         බදු පරිපාලනයේ ප‍්‍රතිසංස්කරණ
     
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 
    584.රටෙහි දැනට පවත්නා බදු පරිපාලනයේ තත්ත්වය සැලකිල්ලට ගත් විට, බදු ප‍්‍රතිපත්තිවල කෙරෙන ප‍්‍රතිසංස්කරණවලට අනුරූපව පවත්නා ක‍්‍රමවේදයන් නවීකරණය කිරීම සහ සරල කිරීම අත්‍යවශ්‍ය වේ. මෙහි පළමු පියවර යටතේ 2016 ජනවාරි 1 වන දා සිට ක‍්‍රියාත්මක වන පරිදි බදු පරිපාලනය කළමනාකරණ තොරතුරු ක‍්‍රමවේදයේ RAMIS පළමු අදියර ක‍්‍රියාත්මක කරනු ලබන අතර එමගින් ස්වයංක‍්‍රීයව බදු වාර්තා ගොනු කිරීම, බදු ගෙවීම වැනි පහසුකම් සැලසෙනු ඇත
     
    585.බදු එකතු කිරීම ඉහළ නැංවීම සඳහා සෑම ගනුදෙනුවකදී ම බදු ගෙවන්නා හඳුනාගැනීම් අංකය (TIN)  ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය ඇතුළත් කිරීම සඳහා මා යෝජනා කරනවා.
     
    586.බදු කොමිසම විසින් ලබාදුන් නිර්දේශ නැවත සලකා බලනු ලැබේ. ඒ අතරින් බදු පදනම පුළුල් කරන අතරතුර බදු අනුපාතයන් අඩුකරලීම විශේෂයෙන් සලකා බලනවා.
     
    587.රටට නිවැරදි ක‍්‍රමවේදයන්ගෙන් ලැබෙන ආදායම ලාභ බෙදාගැනීමේ ක‍්‍රමවේදය තුල හිදිමින් ලබා ගැනීම අභියෝගයක් වේ. Transfer Pricing (පැවරුම් මිල) ගැටළු විසඳීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත Transfer Pricing   එක අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයන්ගෙන් හා දත්ත පද්ධතියකින් ශක්තිමත් කළ යුතුය. දේශීයව මේ සම්බන්ධ පරිපාලන කටයුතු සරල කිරීම මගින්  දේශීයව සිදුවන මිල පැවරුම් ඒකක හා සම්බන්ධ අනවශ්‍ය වියදම් අවම කෙරෙනවා.
     
    588.ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් බදු එකතුකිරීම සනාථ කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබේ.
     
    589ගවසරකට රු.මිලියන 25 කට වඩා ආදායම් බදු ගෙවනු ලබන පෞද්ගලික බදු ගෙවන්නන් වෙත විශේෂ පහසුකම් ලබාදෙනු ලැබේ. ඒ යටතේ ගුවන්තොටුපොල තුලදී VIP පහසුකම් ලබාදීම, රජයේ රෝහල් හා ආයතන තුලදී ප‍්‍රමුඛතාවය ලබාදී පහසුකම් ලබාදීම, රජයේ උත්සව අවස්ථාවලදී විශේෂයෙන් ආරාධනා කිරීම, වසරකට වරක් ගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමඟ හමුවීමේ අවස්ථාවක් ලබාදීම වැනි පහසුකම් ලබාදෙනු ලැබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව  විසින් බදු ගෙවන්නන් වෙනුවෙන් බදු උපදේශන සේවාවක් ලබාදෙනු ලබන අතර දක්ෂ නිලධාරීන් සිටින උපකාරක කවුළුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුල ඇති කරනු ලැබේ.
     
    590.බදු ගෙවීම් කෙරෙහි නැඹුරුවන අයුරින් සහ බදු ගෙවන්නන්ට වඩාත් පහසුවන ලෙස ආදායම් බදු වාර්තාව (Return)    තනි පිටුවක ලේඛනයක් වශයෙන් සරල කරනු ඇත.
     
    591.  බදු ගෙවිය යුතු ප‍්‍රමාණයන් වැරදි ලෙස ගණන් ගැනීම වැලැක්වීම සඳහා සහ වැරදි ලෙස පාවිච්චි කිරීම වැලැක්වීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන හඳුන්වා දෙනු ලැබේ. 
     
    xවිශේෂයෙන්ම රක්ෂණ කර්මාන්තය වෙනුවෙන් ඇති කලමනාකරණ ගාස්තු නැවත නිර්වචනය කරනු ලැබේ. බදු එකතුකිරීම ශක්තිමත් කිරීම සහ බදු ගෙවීම උනන්දු කිරීම වෙනුවෙන් දේශීය ආදායම් බදු පනතේ පවතින දණ්ඩන වෙනුවෙන් වන ප‍්‍රතිපාදන නැවත සලකා බලා අවශ්‍ය සංශෝධන කරනු ලැබේ. 
    xපර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇති වියදම් වෙනුවෙන් ත‍්‍රිත්ව අඩුකිරීම් ලබාදෙනු ලබන්නේ තාක්ෂණ ක‍්‍රමවේදවල දියුණුවක් හා අදාළ පර්යේෂන ක‍්‍රමවලින් ලැබෙන ප‍්‍රතිඵල වර්ධනයක් තිබේනම් පමණි.  
    xවිදේශීය බැංකු හා මූල්‍යායතනවලින් ලබාගෙන ඇති ණය වෙනුවෙන් ලබාගෙන ඇති ණය සඳහා වන බදු මුදල් සඳහා පමණක් බදු ගෙවීම් ලබාදෙනු ලැබේ.
    xබදු නිදහස් කාලය සම්පූර්ණ වීමෙන් පසු ලාභාංශ මත ලබාදෙනු ලබන සමහරක් බදු සහන ඉවත් කරනු ලැබේ.  
    xකිසියම් බදු කාලයක් තුල බදු ආපසු අයකරගැනීමක් කර ඇත්නම් එය වසර තුනක් තුල එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් වසර තුනක් තුල අවසන් කළ යුතුය.  එසේ නැතහොත් එම ප‍්‍රමාණය ඉදිරියේදී ගෙවිය යුතු බදු මුදල් වලින් කපා හැරිය යුතුය. 
     
    බදු නීතිය නැවත කෙටුම්පත් කිරීම
     
    592.රටේ පවතින බදු නීතිය සම්ප‍්‍රදායික බි‍්‍රතාන්‍ය නීති මත පදනම් වූ සංකීර්ණ සහ තේරුම්ගත නොහැකි එකකි.  ශ‍්‍රි ලංකාව තුල කාර්යක්ෂම බදු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා මෙම සංකීර්ණ භාවය බාධාවක් වී ඇත.  එම තත්ත්වය බදු ප‍්‍රතිපත්තියක් කාර්යක්ෂමව ඉටු කිරීමේදී විවිධ අපහසුකම් ඇතිකරයි.  එබැවින් අවශය වෙනස්කම් කරමින් වඩා පැහැදිලි, ඒකාග‍්‍ර සහ සරල බදු ක‍්‍රමයක් වෙනුවෙන් නැවත නීති සම්පාදනය කළ යුතුව ඇත.  එම බදු ක‍්‍රමය බදු ගෙවන්නන් සඳහා පහසු වනවාක් මෙන්ම බදු ක‍්‍රමයේ පවතින හිදැස් ආවරණය වන පරිදි වෙනස්කම් විය යුතු අතර ඒ තුලින් බදුපරිපාලනය වඩාත් ශක්තිමත් විය යුතුයි.  මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණ සහය අපට ලැබෙන අතර වසර 2016 අවසාන වන විට ව්‍යාපෘතිය - ක‍්‍රියාවලිය සම්පූර්ණ කිරීමට යෝජනා කරනවා.
     
    බදු අභියාචනා කොමිසම
     
    593.බදු අභියාචනා කොමිසමේ ස්වාධීන්තවය තහවුරු කිරීමටත් අභියාචනා පරිපාටිය හා ස්වාභාවික යුක්ති මූලධර්මවලට අනුකූලවීමටත් අවශ්‍ය පියවර ගනු ලැබේ. 
     
    ශ‍්‍ර‍්‍රී ලංකා රේගුව
     
    594.ගරු කථානායකතුමනි, ඔබ දන්නා පරිදි රාජ්‍ය ආදායමෙන් සියයට 60 ක් පමණ එකතු කරනුයේ ශී‍්‍ර ලංකා රේගුව විසිනි. එහෙයින් අප එහි කාර්යයන් ශක්තිමත් කිරීම අතිශය වැදගත් වෙනවා. එමෙන්ම ජාත්‍යන්තර වෙළඳමට පහසුකම් සැලසීමේ ප‍්‍රධාන කාර්යභාරයක් ශ‍්‍රී ලංකා රේගුව විසින් ඉටු කරනු ලබනවා. මෙම පසුබිම තුළ අප දැනටමත් ශ‍්‍රී ලංකා රේගුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරා සතියේ දින 7 තුළම දැනටමත් ක‍්‍රියාත්මක කරනු ලබනවා.
     
    595.දළ වශයෙන් අපගේ ආයතනවලින් සියයට 80 ක් පමණ දේශීය හා අපනයන මූලික කර්මාන්ත සඳහා අවශ්‍ය යෙදවුම් වේ.  අමුද්‍රව්‍ය, උපකරණ හා වෙනත් භාණ්ඩ ආනයනයේදී ආයෝජකයන්ට මුහුණු පෑමට තසිදු වී විවිධ ගැටළු සැලකිල්ලට ගෙන ශ‍්‍රී ලංකා රේගුව තුල (One Stop Shop)  එක් නැවතුම් සේවා ස්ථානයක් පිහිටුවීමට තීරණය කර ඇත.  මෙමගින් අවශ්‍ය කරන සියළුම අවසර ගැනීම, නිදහස් කර ගැනීම් හා අනුමැතීන් මෙමගින් ඉටුකරනු ඇත.  මෙම ක‍්‍රියාදාමය කඩිනම් කරනු පිණිස ආනයන-අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වානිජ දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුව ආදී අදාළ රාජ්‍ය ආයතනයන්හි බලයලත් නිලධාරීන් මෙම එක් නැවතුම් ස්ථානයෙහි සේවයට යොදවනු ඇත.
     
    596.තව දුරටත් භාණ්ඩ නිශ්කාෂණ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හා ආදායම් අහිමිවීමේ අවස්ථා මුළුමනින්ම නවතා දැමීමටත් ශ‍්‍රී ලංකා රේගුවේ සියළුම නිශ්කාෂණ ස්ථානයන්හි නව ස්කෑනින් යන්ත‍්‍ර සවි කරනු ලැබේ.  මෙය ශ‍්‍රී ලංකා රේගුවේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කරනු නොඅනුමානය.
     
    597.රේගු කටයුතු සඳහා මානව මැදිහත් වීම් පාලනය කිරීම සඳහා සහ වාණිජ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආනයන රේගු ප‍්‍රකාශන ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් ඉදිරිපත් කිරීම 2016 ජූනි මස සිට ආරම්භ වනු ඇත. බලය ලබා දෙනු ලබන රාජ්‍ය ආයතන ශ‍්‍රී ලංකා රේගුව සමඟ 2016 ජනවාරි 1 දින සිට මාර්ගගතව සම්බන්ධ වනු ඇත. 
     
    598.නාස්තිය හා දූෂණය වැළැක්වීම සඳහා ද විනිවිදභාවය සහතික කිරීම සඳහා ද අයිතිකරුවන් නොමැතිව ලැබෙන ගමන්මළු හා සම්බන්ධ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ද රේගුවේ සෑම බන්ධිත ගුදම් ප‍්‍රදේශයකම CCTV පද්ධති ක‍්‍රියාත්මක කරනු ඇත. මෙම උපකරණයන් ශ‍්‍රී ලංකා රේගු මූලස්ථානය හා සම්බන්ධ කෙරෙනු ඇත. 2016 අපේ‍්‍රල් 1 දිනට පසු ක‍්‍රියාත්මක කරනු ලබන බන්ධිත ගුදම් අවම වශයෙන් වර්ග අඩි 50,000 ක බිම් ප‍්‍රමාණයකින් යුක්ත විය යුතුය. එසේම දැනට පවතින බන්ධිත ගුදම්වලද බිම් ප‍්‍රමාණය වැඩි කිරීම මගින් මෙම බිම් ප‍්‍රමාණ අවශ්‍යතාවය සම්පූර්ණ කළ යුතුව ඇත. 
     
    599.2016 ජනවාරි 1 දින සිට මෝටර් රථ අමතර කොටස්, ටයිල් හා ටයර් වැනි දෑ අඩුවෙන් ඉන්වොයිස් කිරීම වැළැක්වීම සඳහා නව තක්සේරු ක‍්‍රමයක් හඳුන්වා දෙනු ඇත. 
     
    600.ශ‍්‍රී ලංකාව අපද්‍රව්‍ය බැහැර කිරීමේ බිමක් වීම වැළැක්වීම සඳහා පාවිච්චි කරන ලද රූපවාහිනී යන්ත‍්‍ර, රෙදි සෝදන යන්ත‍්‍ර සහ ජංගම දුරකථන ආනයනය කිරීම 2016 ජනවාරි 1 දින සිට සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබේ. 
     
    601.රේගු කටයුතු මනාව සංවිධානය කිරීම සඳහා ද ආදායම් ආරක්ෂා කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස ද අඛණ්ඩව භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන් 2016 ජනවාරි 1 දින සිට ශ‍්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි විය යුතුය. 
     
    602.ඉදිරියේ දී වරායේ හා ගුවන්තොටුපලේ පිහිටි තීරු බදු රහිත සාප්පු දේශීය හෝ විදේශීය හවුල්කරුවන් සමඟ  හවුල් ව්‍යාපාර පදනම යටතේ ක‍්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව, මෙම ව්‍යාපාරයට එළඹීමට අදහස් කරන දේශීය ක‍්‍රියාකරුවෙකුට විදේශීය හවුලකරුවෙකු සිටිය යුතුය. විදේශීය ක‍්‍රියාකරුවන්ට ද ඒසේමය.
     
    603.ආරක්ෂිත, වේගවත් හා ක‍්‍රමානකූල අපනයන හා ප‍්‍රතිනැව්ගත කිරීම් පහසුකම් දිරිමත් කරනු පිණිස කලාපයේ අනෙක් රටවල රේගු බලධාරීන්ගෙන් සිය නිලධාරීන් අපගේ රේගු නිලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීම  සඳහා එවන ලෙස ඉල්ලා සිටිමි. ඔවුන්ගේ පැමිණීම මත අපනයන හා ප‍්‍රතිනැව්ගත කිරීමේ කටයුතු කඩිනමින් කළ හැකි වනු ඇත. 
     
    604.වර්තමාන ජාත්‍යන්තර වෙළඳ කටයුතු අවශතාවයන්ට සරිලන පරිදි පවතින රේගු ආඥා පනත වෙනුවට නව රේගු පනතක් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ. 
    මාර්ග අනතුරු සඳහා ගාස්තු 
    605.මාර්ග විනය අත්‍යවශ්‍ය වන්නකි. මනුෂ්‍ය ජීවිත අහිමි වීම හා දේපොළවලට වන හානිය ඉතා විශාල වන අතර ජාතිය දරන වියදම රුපියල් බිලියන වලින් මැනිය යුතු වේ. මෙය අනුමත කළ නොහැකි තත්ත්වයකි. මෙම පසුබිම යටතේ මාර්ග අනතුරකදී පොදු දේපලට සිදුවන හානියට අමතරව රු. 10,000 ක වන්දියක් ගෙවිය යුතු බවට යෝජනා කරනවා. 
     
    කර්මාන්ත සඳහා දිරිගැන්වීම
    606.2018 වසර වන විට ශ‍්‍රී ලංකාව ඇස්බැස්ටස්වලින් තොර රටක් ලෙස අතිගරු ජනාධිපතිතුමා දැනටමත් නිවේදනය කර ඇත. මේ තත්ත්වය යටතේ ගොඩනැඟිලි වහලවල් සඳහා 2018 වසර සිට පරිසර හිතකාමී ද්‍රව්‍ය සපයා ගැනීමට අපට සිදුවේ. එබැවින් උළු නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා උළු කර්මාන්තකරුවන්ට වසර 3 ක කාලයක් සඳහා ආදායම් බදු සඳහා අර්ධ බදු විරාම ලබා දෙනු ලැබේ. 
     
    ඇගළුම් සහ පාවහන් සඳහා ආනයන බදු
    607.දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා සහ සන්නාම සහිත නිෂ්පාදන ලබා ගැනීම අතර සමබරව පැවැත්වීම සඳහා අපනයන මූලික සමාගම් විසින් ආනයනය කරන  හෝ  නිෂ්පාදනය කරන සහ දේශීය වෙළඳපොලට සපයන ඇගළුම් සහ පාවහන් සඳහා ඒකාකාරී ගාස්තුවක් අදාළ විය යුතුවේ
     
    විශේෂ භාණ්ඩ බද්ද
    608.රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයේදී එලවළු මේද මත අයකරනු ලබන විශේෂ වෙළඳභාණ්ඩ බද්ද අඩුකිරීමට යෝජනා කරනවා.
     
    බහු කාර්ය නිලධාරීන්
    609.ප‍්‍රාදේශීය ලේකම්කාර්යාලවල සේවය කරන උපාධිධාරීන් බහු කාර්ය නිලධාරීන් ලෙස අනුයුක්ත කරනු ලැබේ. ප‍්‍රාදේශීය ලේකම් මට්ටමේ රාජ්‍ය ආදායම් එකතු කිරීමේ විශේෂිත කාර්යය ඔවුන්ට පැවරෙනු ඇත.
     
    රාජ්‍ය ණය ගැනීම්
     
    610.අදාළ රාජ්‍ය මූල්‍ය රාමුව ඇමුණුම් IV හි දැක්වේ.  2015 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පතේ දැක්වෙන 2016 මූල්‍ය වර්ෂය සඳහා අදාළ වන ණය ගැනීම් සීමාව ඇමුණුම් III  හි දැක්වේ.
     
      සමාප්තිය
     
     
    611.ශ‍්‍රී ලංකාවේ දෙවන සම්මුතිවාදී සමගි රජයේ කුළුදුල් අයවැය යෝජනා සමන්විත වන්නේ නව පැතිකඩකින් යුතු යහපාලනයක් හා විනිවිදභාවයෙන් හෙබි, ජාතික ආර්ථික ප‍්‍රතිපත්ති සමුච්චයකිනි.  අපගේ අනාගතවාදී ප‍්‍රතිපත්ති මත පාදක වූ පරමාර්ථයන් ශ‍්‍රී ලංකාව ඉහළ ආර්ථික තලයකට ඔසවා තබනු ඇත්තේ ආර්ථික පුනරෝදයක් සහතික කරමිනි.  මෙම යෝජනා තුළ අන්තර්ගතව ඇති යහගුනය ශ‍්‍රී ලංකාවේ සීමිත ජන කොටසකට පමණක් නොව සෑම සමාජමය ආර්ථිකයකට විහිදී යනු ඇති බව මාගේ විශ්වාසයයි.  ජනවාරි 29 වන දා ඉදිරිපත් කළ ” දින සියයේ විප්ලවය” තවදුරටත් ප‍්‍රවර්ධනය වනු ඇත්තේ නොයෙක් ජයග‍්‍රහණ සහ සුවිශේෂී කඩඉම් පසුකරමිනි.  
     
    612.අපි ඉතිහාසයේ අඳුරු පැතිකඩ මිහිදන් කරමු.  අමතක කළ යුතු දෑ අමතක කරමු.  නව දෘෂ්ටියකින් යුතුව අපගේ දේශය කිසිවකුට නොදෙවෙනි වන සේ ගොඩනැගීමට කැපවෙමු.  අපිට ඒ සඳහා දැක්මක් ඇත.  දැන් දේශය ගොඩනැගීමේ මෙහෙවර නොබෙදී සමගිව ඉටුකිරීමේ කාලය එළඹ ඇත.
     
    613.අපගේ අභිප‍්‍රාය ”අදට වඩා හොඳ හෙටක් ” නිර්මාණය කිරීම වන අතර මෙම යෝජනා සම්පාදනයේදී දායක වූ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, ගරු අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාටත්, මාගේ කැබිනට් සහෘදයන්ටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් අනෙකුත් සැමටත් මාගේ කෘතඥතාවය පුද කරමි.  ”මින් පෙර නොදුටු විරූ ලෙස නවීකරණය වූ ”  මෙම අයවැය යෝජනා ශ‍්‍රී ලංකාවේ සියළු සමාජ ස්ථරයන් ග‍්‍රහණය කර ගනිමින් සැමට ප‍්‍රතිලාභ හා අවකාශයන් උදාකරලනු ඇත.  අපට නොයෙකුත් පුරවැසියන්ගෙන් හා ආයතන හරහා ලැබුණු යෝජනා අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මෙම අයවැය යෝජනාවන්ට අන්තර්ගත කොට ඇති අතර අප ඒ සැමගේ ප‍්‍රතිචාර තුළින් මහත්සේ දිරිමත් වූ බවද සත්‍යයකි.  මෙම යෝජනා ක‍්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා සැමගේ සහයෝගය හා කැපවීම අපේක්ෂා කෙරේ.  
     
    614.අද දින මේ උත්තරීතර සභාවට සපැමිණි ගරු ජනාධිපතිතුමාටත්, ගරු අගමැතිතුමාටත්, ගරු කථානායකතුමාටත්, මාගේ හිතවත් ගරු කැබිනට් ඇමතිවරුන් ඇතුළු ගරු විපක්ෂ නායක තුමාටත් සියළුම ගරු මන්ත‍්‍රීතුමන්ලාටත් මාගේ ගෞරවණීය ස්තුතිය පුද කරමි.
     
    මාගේ මව්බිමට තෙරුවන් සරණ ලැබේවා.
    දෙවියන්ගේ ඉහළම ආශිර්වාදයේ පිහිට ලැබේවා
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
                                                                                 ඇමුණුම I
     
                                             ආදායම් යෝජනා -2016 අයවැය
     
                        යෝජනා                                                                           රු. මිලියන
     
    1කොටස් හුවමාරු ගාස්තු අහෝසි කිරීම.                       (2,500)
    2ඉදිකිරිම් කර්මාන්ත ඇප අරමුදල් ගාස්තු අහෝසි කිරීම.     (1,800)
    3උපයන විට ගෙවීමේ බදු හා පුද්ගල ආදායම් බදු සංශෝධනය කිරීම  (4,000)
    4සංස්ථාපිත බදු සංශෝධනය කිරීම.                                          (6,000)
    5ස්ථිර තැම්පතු මත වන රඳවා ගැනීමේ බදු ඉවත් කිරීම.      (8,000)
    6මුද්දර ගාස්තු සංශෝධනය                                           (3,500)
    7එකතු කළ අගය මත බදු සංශෝධනය                                           (25,000)
    8ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධනය                                            (90,000)
    9ගාස්තු හා අය කිරීම්  පැනවීම / සංශෝධනය                           (75,000)
    10සුඛෝපභෝගී සහ අර්ධ-සුඛෝපභෝගී වාහන බද්ද අහෝසි කිරීම        (1,500)
    11වරාය හා ගුවන් තොටුපල සේවා ගාස්තු සංශෝධනය          (30,000)
    12තීරු බදු හා සෙස් බදු සංශෝධනය                                              (10,300)
    13මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර ගාස්තු සංශෝධනය                            (3,000)
    14කාර් සඳහා නිෂ්පාදන බදු ඒකීය අනුපාතයක් හඳුන්වා දීම.           (20,000)
    15ගුවන් සංචරණ ගාස්තු සංශෝධනය                                                (2,000)
    16විදුලි සංදේශ ගාස්තු සංශෝධනය                                                (4,000)
    17විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ හා යන්ත‍්‍ර සඳහා වන වරාය හා ගුවන් තොටුපල සේවා ගාස්තු අඩු කිරීම.                                                                                        (2,000)
    18මෝටර් රථ වාහන සඳහා විමෝචන ගාස්තු හඳුන්වා දීම.             (18,000)
    19මද්‍යසාර, දුම්කොළ සහ කැසිනෝ සඳහා 25% ක අධි - බදු පැනවීම.      (2,000)
    20ආර්ථික සේවා ගාස්තු සංශෝධනය                                                  (7,000)
    21මද්‍යසාර සඳහා වන නිෂ්පාදන බදු සංශෝධනය                                 (16,000)
      එකතුව                                                                                       (223,000)
    රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකසන ලදී.
     
     
     
     
     
     
    ඇමුණුම  II
    වියදම් යෝජනා -  2016
    යෝජනා                                                              රු. මිලියන
    1බීජ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම                                (1,000)
    2කුඩා වැව් සහ වාරි ඇළ මාර්ග ප‍්‍රතිසංස්කරණ කිරීම (2,000)
    3භාණ්ඩ ගබඩා ඉදිකිරීම                                                     (1,000)
    4ශිතාගාර ඉදිකිරීම                                                     (2,000)
    5ධීවර වරායන් පුළුල් කිරීම                                        (750)
    6කෘෂි, පශු සම්පත්, සහ මත්ස්‍ය සැකසුම් උද්‍යාන                       (100)
    7දේශීය කිරිපිටි නිෂ්පාදකයන් සඳහා සහන සැලසීම.                  (1,000)
    8ජල ජීවී වගා උද්‍යාන ගොඩනැගීම.                                         (100)
    9මත්ස්‍ය අභිජනන පහසුකම් වැඩිදියුණු කිරීම.                           (100)
    10ලක් සතොස හරහා ටින් මාලූ සහන මිලට බෙදා හැරීම.       (300)
    11රබර් සඳහා ප‍්‍රධාන සැලසුම ක‍්‍රියාත්මක කිරීම.                         (100)
    12පොල් වගාව සංවර්ධනය කිරීම.                                                  (250)
    13තේ, රබර්, සහ පොල් පර්යේෂණ ආයතන වැඩිදියුණු කිරීම.    (200)
    14සීනි හා තල් පර්යේෂණ ආයතන වැඩිදියුණු කිරීම.(100)
    15කුළුබඩු සන්නාමකරණ ප‍්‍රවර්ධනය(150)
    16කුරුධු පර්යේෂණ අංශය(50)
    17කුරුඳු සංවර්ධන අධිකාරිය(50)
    18කුරුඳු සම්බන්ධව පුහුණු කිරීමේ පාසැල(50)
    19ජාතික විද්‍යා පදනම(50)
    20පොකුරු-ගම්මාන 2500 වැඩසටහන (පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විමධ්‍යගත අයවැය                       ප‍්‍රතිපාදනයන් ද ඇතුලත්ව(21,000)
    21ආර්ථික කලාප පිහිටුවීම.                   (200)
    22ජාතික පරිසර සංරක්ෂණ ව්‍යාපෘති(2,000)
    23වන ජීවී සංරක්ෂණය(1,000)
    24ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර(MSME)  සඳහා ණය ඇපකර අරමුදල(500)
    25ප‍්‍රාථමික ව්‍යාපාර(2,000)
    26ආර්ථික කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතය වැඩිදියුුණු කිරිම.(10,000)
    27ඉඩම් බැංකුව500
    28ග‍්‍රාමීය නිවාස4ල500
    29ඉදිකිරීම් කර්මාන්තයේ නිපුණතා සංවර්ධනය(500)
    30සංචාරක අංශයේ නිපුණතා සංවර්ධනය(100)
    31MICE සම්මේලන ශාලාව(3,000)
    32ගාලූ වරාය පෞරාණික නගරයක් ලෙස සංවර්ධනය කිරීම.(500)
    33මූල්‍ය ආයතන ප‍්‍රතිසංස්කරණ කාර්යාංශය සඳහා කොටස් ප‍්‍රාග්ධනය(10)
    34ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලී සහනාධාරය(1,500)
    35ශ‍්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප‍්‍රමිත සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම(100)
    36සුරැකුම්පත් නිෂ්කාශනය කිරීමේ ආයතනය පිහිටුවීම.(500)
    37ගුරු පුහුණු වැඩසටහන(1,000)
    38ගුරුවරුන් සඳහා නිපුණතා සංවර්ධනය(2,000)
    39පාසැල් සඳහා සනීපාරක්ෂක පහසුකම්(4,000)
    40පාසැල් සඳහා විදුලි බලය ලබාදීම.(2,000)
    41ප‍්‍රාථමික පාසැල් සංවර්ධනය(10,000)
    42ද්විතීයික පාසැල් 1,000 ක් සඳහා පහසුකම් සැපයීම.(15,000)
    43පාසැල් 1,360 ක් සඳහා මූලික පහසුකම් සැපයීම.(30,000)
    44වතු පාසැල් 25 ක් වැඩිදියුණු කිරීම.(250)
    45පාසැල්වල විද්‍යා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම.(450)
    46දන්ත සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම.(250)
    47මහපොල විශ්ව විද්‍යාලය පිහිටුවීම.(3,000)
    48උසසෙ පහසුකම් ලබාදීම හා ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට සහය ලබාදීම.(300)
    49පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය(500)
    50විශ්ව විද්‍යාල යටිතල පහසුකම් සංවර්ධනය(6,000)
    51විගණන අංශයේ නිපුණතා සංවර්ධනය(30)
    52වෘත්තීය පුහුණු සහ කාර්මික අධ්‍යාපනය(3,000)
    53තරුණ සවිබල ගැන්වීම්.(3,000)
    54රුධිර කාන්දුුකරණය කිරීමේ මධ්‍යස්ථාන(6,500)
    55වකුගඩු රෝහල - පොලොන්නරුව(2,000)
    56පිළිකා රෝහල් තුනක් පිහිටුවීම.(3,000)
    57අනුරාධපුර, යාපනය, හා කුරුණෑගල රෝහල් වැඩිදියුණු කිරීම.(3,000)
    58සෞඛ්‍ය කාර්යමණ්ඩල පුහුණු කිරීම.(250)
    59ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල ප‍්‍රතිසංස්කරණය කිරීම.(1,500)
    60ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද පාසැල වැඩිදියුණු කිරීම.(2,500)
    61ආඝාත රෝග නිවාරණ මධ්‍යස්ථාන ගොඩනැගීම.(5,000)
    62ඩෙංගු, නිදන්ගත වකුගඩු රෝග සහ පිළිකා සම්බන්ධ පර්යේෂණ(250)
    63නව සොයා ගැනීම් වේගවත් කිරීමේ ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීම.(100)
    64නැණසල මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම.(100)
    65බුද්ධිමය දේපල අයිතීන්(100)
    66ජ්‍යෙෂ්ඨ පුරවැසි ජාතික සභාව(10)
    67ජාතික ළමාරක්ෂණ අධිකාරිය(100)
    68ළමා සුරැකුම් පුහුණුව සඳහා පිළිගැනීමේ ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීම.(50)
    69පොලිස් ස්ථාන පිහිටුවීම.(1,000)
    70රථවාහන පොලිසියේ පුහුණුව සඳහා(100)
    71ශ‍්‍රී ලංකා පොලිසියේ වැටුප් විෂමතාවයන් නිවැරදි කිරීම(3,000)
    72ශ‍්‍රී ලංකා පොලිසියේ ජාලගත සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරිම.(250)
    73ලක් සතොස භාණ්ඩ බෙදාහැරීමේ ජාලය වැඩිදියුණු කිරීම.(1,000)
    74දේශීය ආදායම්, සුරාබදු, තැපැල් දෙපාර්තමේන්තු සහ ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව                       ගොඩනැගිලි ඉදි කිරීම.(2,000)
    75රාජ්‍ය අංශයේ ගණකාධිකාරීවරුන් සඳහා වෘත්තීය සුදුසුකම් ලබාදීම.(50)
    76විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශය සඳහා ප‍්‍රතිපාදන සැලසීම.(150)
    77විදේශ දූත කාර්යය මණ්ඩල නිලධාරීන්ගේ දරුවන් සඳහා අධ්‍යාපන පහසුකම් සැලසීම.(150)
    78ජූලි වර්ජකයන් සඳහා එක්වර ලබාදෙන දීමනාව සඳහා(500)
    79උසාවි පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම(500)
    80නීතිමය ප‍්‍රතිසංස්කරණ(500)
    81අධිකරණ පුහුණු ආයතන වැඩිදියුණු කිරීම.(500)
    82තොරතුරු තාක්ෂණය සම්බන්ධ සන්නාමකරණ ප‍්‍රවර්ධන වැඩසටහන(100)
    83ත‍්‍රීරෝද රථ ඉන්ධන භාවිතයෙන් විදුලිබල භාවිතයට පරිවර්තනය කිරීම සඳහා පොලී සහනාධාර50
    84මාර්ග තදබදය කළමනාකරණය කිරීම සඳහා ආඛේතක ක‍්‍රමයක් හඳුන්වාදීම(500)
    85කැලණිවැලි දුම්රිය මාර්ගය(1,500)
    86දුම්රිය හා බස් ප‍්‍රවාහන පහසුකම් වර්ධනය කිරීම සඳහා(1,000)
    87යාපනය දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරිම.(200)
    88ඉන්දියානු සාගර සමුද්‍රීය කටයුතු සමාගම(50)
    89කාර්මික උද්‍යාන සහ කෘෂි තාක්ෂණය වැඩිදියුණු කිරීම.(500)
    90මහාමාර්ග ජාලය සංවර්ධනය කිරීම.(15,000)
    91කොටා පාරේ සිට කඩුවෙල දක්වා වූ ඉහළින් ගමන්කරන මහාමාර්ගය10ල000
    92වරාය පිවිසුම් මාර්ගය(4,000)
    93උතුරු - නැගෙනහිර අධිවේගී මාර්ගය(1,000)
    94ජලගත ගමනාගමන(250)
    95යාන් ඔය ව්‍යාපෘතිය(1,000)
    96මහ නගර සංවර්ධනය හා බස්නාහිර පළාත් සංවර්ධනය(10,000)
    97නාගරික සංවර්ධනය(2,500)
    98දක්ෂිණ සංවර්ධනය(1,000)
    99වයඹ සංවර්ධනය2ල500
    100පුබුදමු පොලොන්නරුව වැඩසටහන(10,000)
    101උතුරු හා නැගෙනහිර සංවර්ධනය(14,000)
    102වතු යටිතල පහසුකම් සංවර්ධනය(1,000)
    103පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම(1,500)
    104කලාකරුවන් සඳහා විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමයක් ඇති කිරීමේ මූලික ප‍්‍රාග්ධනය(25)
    105Exim බැංකු සඳහා මූලික ප‍්‍රාග්ධනය(50)
    106ක‍්‍රීඩා සංවර්ධනය(1,000)
    107ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සහ කර්මාන්ත තාක්ෂණික ආයතනය ශක්තිමත් කිරීම(200)
    108ස්වභාවික ආපදා ස`දහා රක්ෂණය(300)
    109ප‍්‍රතිපත්ති සම්පාදනය හා විශ්ලේෂණ(200)
    110අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ පහසුකම් වැඩිදියුණු කිරීම(500)
    111කාර්මික කලාප සංවර්ධනය කිරීම(700)
    112ජංගම රෝහල්(200)
    113පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ශක්‍යතා සංවර්ධනය -  ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය(50)
    114පාර්ලිමේන්තු කටයුතු ප‍්‍රතිව්‍යුහගතකරණය කිරිම(250)
    එකතුව                                                                                                 (253,325)
    ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් සකසන ලදී.
     
     
     ඇමුණුම III
    දළ ණය ගැනීමේ අවශ්‍යතා -2016
    (ගිණුම්කරණ කටයුතු සඳහා ප‍්‍රතිපාදන)
    අයිතමයරු. බිලියන
    මුළු ආදායම් ලැබීම් සහ ප‍්‍රදාන2,005
    ණය ආපසු ගෙවීම් ද ඇතුළත්ව මුළු ගෙවීම්          3,389
    අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා ප‍්‍රතිපාදන                 5 
    අවදානම් සඳහා වෙන්කිරීම්80 
    රාජ්‍ය ව්‍යාපාරවල ශේෂ පත‍්‍ර ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම්කර නිකුතුව120 
    අනපේක්ෂිත වගකීම් සඳහා වෙන් කිරීම්30 
    දේශීය ණය සුරැකුම්පත්වල පොත් අගය සඳහා ගැලපුම්80 
    රාජ්‍ය ගිණුම් සඳහා මුළු ණය ගැනීමේ අවශ්‍යතාවය          1,699 
    එයින් සමස්ත ණය ආපසු ගෙවීම්            649 
    ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් සකසන ලදී.
     
     
     
     
     
     
     
     
     
     
     
    ඇමුණුම IV
    අයවැය සාරාංශය (2012-2016)1,2
    රු. බිලියන
     අයිතමය20122013201420152016 අයවැය
    මුළු ආදායම් සහ ප‍්‍රදාන1,1181,2041,2641,4782,047
    මුළු ආදායම1,1021,1881,2541,4682,032
    බදු ආදායම9091,0061,0501,2841,584
    ආදායම් බදු173206198249233
    භාණ්ඩ හා සේවා මත බදු520572616786993
    විදේශ වෙළඳාම මත බදු217228236248358
    බදු නොවන ආදායම143132145126378
    පළාත් සභා බදු ආදායම (රජයේ ආදායම් පැවරුම් ද ඇතුළත්ය)5051595870
    ප‍්‍රදාන161691015
    මුළු වියදම1,6071,7201,8552,1532,787
    වර්තන වියදම1,1811,2561,3821,6481,928
    වැටුප් හා වේතන (පළාත් සභා ද ඇතුළත්ව)386432486615658
    වෙනත් භාණ්ඩ හා සේවා (පළාත් සභා ද ඇතුළත්ව)135104141163313
    පොළී ගෙවීම්408444436492520
    සහනාධාර සහ පැවරුම්251276318378437
    රාජ්‍ය ආයෝජන444481487517868
    අධ්‍යාපන සහ සෞඛ්‍ය46567898210
    යටිතල පහසුකම්398425408419658
    අනෙකුත්-18-17-14-12-9
    ආදායම් අතිරික්තය (+)/ හිඟය (-)-80-68-128-180104
    ප‍්‍රාථමික අතිරික්තය (+)/ හිඟය (-)-80-72-155-183-220
    අයවැය අතිරික්තය (+)/ හි ඟය (-)-489-516-591-675-740
    මුළු මූල්‍යනය489516591675740
    මුළු විදේශ මූල්‍යනය18168212156183
    දළ විදේශ ණය ගැනීම්365179329453519
    ව්‍යාපෘති සහ වැඩසටහන් ණය235187246258309
    විදේශ වාණිජ ණය130-883195210
    ණය ආපසු ගෙවීම්-184-111-118-297-336
    මුළු දේශීය මූල්‍යනය308448380519557
    බැංකු නොවන මූල්‍යනය7195252110275
    භාණ්ඩාගාර බිල්පත් සහ බැ`දුම්කර මත විදේශ ආයෝජනය10656190100
    බැංකු ණය ගැනිම්132297127319182
    ආදායම් සහ ප‍්‍රදාන /ද.දේ.නි. (%)12.812.612.313.116.4
    මුළු ආදායම /ද.දේ.නි. (%)12.612.412.213.016.3
    බදු ආදායම/ද.දේ.නි. (%)10.410.510.211.412ග7
    බදු නොවන ආදායම/ද.දේ.නි. (%)1.61.41.41.13.0
    පළාත් සභා බදු ආදායම (රජයේ ආදායම් පැවරුම් ද ඇතුළත්ව) ද.දේ.නි. (%)0.60.50.60.50.6
    ප‍්‍රදාන /ද.දේ.නි. (%)0.20.20.10.10.1
    මුළු වියදම /ද.දේ.නි. (%)18.417.918.019.122.3
    වර්තන වියදම්/ද.දේ.නි (%)13.513.113.414.615.4
    පොළී නොවන/ද.දේ.නි. (%)8.88.59.210.211.3
    පොළී/ද.දේ.නි. (%)4.74.64.24.44.2
    රාජ්‍ය ආයෝජන/ද.දේ.නි. (%)5.15.04.74.66.9
    ආදායම් අතිරික්තය (+)/හිඟය (-)/ද.දේ.නි.(%)-0.9-0.7-1.2-1.60.8
    ප‍්‍රාථමික අතිරික්තය (+)/හිඟය (-)/ද.දේ.නි.(%)-0.9-0.8-1.5-1.6-1.8
    අයවැය අතිරික්තය (+)/ හිඟය (-)/ ද.දේ.නි.(%)-5.6-5.4-5.7-6.0-5.9
    රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකසන ලදී.
    1පළාත් සභාවලට පැවරූ ආදායම් සහ වියදම් ද ඇතුළත්ව
    2නාමික ආදායම් සහ වියදම් ද ඇතුළත්ව
     
    ඇමුණුමඪ
    තාක්ෂණික සටහන්
    අයවැය යෝජනා - 2016 බදුකරණය 
    1ආදායම් බද්ද (2006 අංක 10 දරන දේශීය ආදායම් පනතට සංශෝධන)
    1.1බදු සහන
    1.1.1කෘෂිකර්මාන්තය
    1.1.1.1සමාගමක් විසින් කෘෂිකාර්මික බීජ සහ රෝපණ ද්‍රව්‍ය සංවර්ධනය කිරීම:
    කෘෂිකාර්මික බීජ සහ රෝපණ ද්‍රව්‍ය රටතුළ සංවර්ධනය කිරීමෙන් ලබන ලාභ සහ අදායම් මත ගෙවිය යුතු බද්ද වසර 5 ක් සඳහා සියයට 50 කින් අඩු කෙරේ. 
    (16 ආ වගන්තිය සංශෝධනය කරනු ලැබේ)
     
    1.1.1.2බිංදු ජල තාක්ෂණය හරිතාගාර තාක්ෂණය සහ වැඩි ඵලදාවක් ලබාදෙන බීජ:  
    කෘෂිකාර්මික බිංදු ජල තාක්ෂණය හරිතාගාර තාක්ෂණය සහ වැඩි ඵලදාවක් ලබා දෙන බීජ භාවිතය මගින් සමාගමක් ලබන ලාභ සහ ආදායම් මත ගෙවිය යුතු බද්ද වසර 5 ක් සඳහා සියයට 50 කින්  දක්වා අඩු කෙරේ. 
    මෙම කාර්යය සඳහා හරිතාගාර තාක්ෂණය, බිංදු ජල තාක්ෂණය සහ වැඩි ඵලදාවක් ලබා දෙන බීජ යන්න සඳහා නිර්වචනයක් ලබා දෙනු ලැබේ.
    (දේශීය ආදායම් පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කරනු ලැබේ.)
     
    1.1.1.3පළතුරු සහ එළවළු ආශ‍්‍රිත කර්මාන්ත 
    පළතුරු සහ එළවළු ටින් කිරීම ස`දහා යොදා ගනු ලබන යන්ත්‍රෝපකරණ අත්පත් කර ගැනීමේ පිරිවැය එම යන්ත්‍රෝපකරණ මත ක්ෂය දීමනා ලබාගැනීමට ඇති හිමිකමට අමතරව සුදුසුකම් ලබන ගෙවීමක් ලෙස සලකනු ලැබේ. 
    (25 වන වගන්තිය සහ 34 වන වගන්තිය සංශෝධනය කරනු ලැබේ)
     
    1.1.2ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධනය 
    1.1.2.1පෞද්ගලික කොටස් අරමුදල් හෝ අවදානම් ප‍්‍රාග්ධන සමාගම් විසින් කොළඹ කොටස් හුවමාරුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මණ්ඩලයෙහි ලියාපදිංචි වී ඇති, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙළදාම් කිරීමේ මට්ටමට ඉහළ නැංවීම සඳහා අරමුදල් සැපයීමෙන් ලබන ලාභය මත ගෙවිය යුතු බද්ද වසර පහක කාලයක් ස`දහා සියයට 50 කින් අඩු කෙරේ. 
     
    1.1.2.2කුඩා හා  මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් අයෝජනය කිරීමෙන් නම් කරන ලද ප‍්‍රදේශයක ආරම්භ කරන ලද කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයක (පවතින ව්‍යාපාරයක් කැඞීමෙන් හෝ ප‍්‍රතිනිර්මාණය කිරීමෙන් පිහිටුවනු නොලැබුවා වූ)ලාභ සහ ආදායම් මත ගෙවිය යුතු බද්ද වසර 3 ක් සඳහා සියයට 50 කින් අඩු කෙරේ. 
     
    මෙම කාර්ය සඳහා ‘‘කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර’’ සහ ‘‘අවදානම් ප‍්‍රාග්ධන සමාගම් හා කොටස් අරමුදල්වල ක‍්‍රියාකාරකම් හඳුනාගැනීම’’ නිශ්චිතව සඳහන් කරනු ලැබේ. 
     
    1.1.3
    කර්මාන්ත සඳහා දිරි ගැන්වීම් :
    රතු මැටි යොදා ගනිමින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන උළු මත ලබන ලාභ සහ ආදායම් මත ගෙවිය යුතු බද්ද වසර 3 ක් සඳහා සියයට 50 කින් අඩු කෙරේ.
     
    1.1.4වෙනත් අංශ සඳහා  බදු සහන 
    1.1.4.1පහත සඳහන් ක‍්‍රියාකාරකම් සඳහා යම් තැනැත්තෙකුට ලැබෙන ලාභ සහ ආදායම් මත ගෙවිය යුතු බද්ද වසර 5 ක් සඳහා සියයට 50 කින් අඩු කෙරේ.
     
    (i).වැඩිහිටියන් හෝ කුඩා ළමයින්ගේ  රැුකවරණය මූලික කරගෙන ජාත්‍යන්තර පිළිගත් පාඨමාලාවන් හෝ පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ආයතනයක් පැවැත්වීම
    (ii). වැඩිමහල් පුද්ගලයින් සඳහා නිවාස පහසුකම් සැපයීමේ නිරත වීම 
    :සසස*රජය සමඟ එක්ව රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා නිවාස ඒකකයන් ඉදිකිරීම සහ විකිණීම 
     
    1.1.4.2යම් සමාගමක් විශේෂයෙන් ස්ථාපිත කර ඇත්තේ රැස්වීම්, දිරිගැන්වීම්, සමුළු සහ ප‍්‍රදර්ශන සදහා වන විට එහි ලාභ සහ ආදායම් මත ගෙවිය යුතු බද්ද, එම සමාගම වාණිජ්‍ය කටයුතු ආරම්භ කරනු ලබන වර්ෂයේ සිට වසර 5 ක් ස`දහා සියයට 50 කින් අඩු කෙරේ. 
     
    1.1.4.3දැනට පවත්නා කර්මාන්තශාලාවක් 2016 අපේ‍්‍රල් 1 වන දින සිට නවීකරණය කිරීම තුළින් වසරක් තුල  නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම සඳහා පුළුල් කිරීමක් කරනු ලබන සමාගමකට, එම පුළුල් කිරීම මත ඇතිවන ආරෝපිත ලාභ සහ ආදායම් මත ගෙවිය යුතු බදු අනුප‍්‍රමාණය සියයට 50 කින් වසර 3 ක් සඳහා අඩු කෙරේ. 
    මෙම කාර්යය සඳහා අවශ්‍ය නිර්නායක නිශ්චිතව සඳහන් කරනු ඇත.
     
    1.1.4.4ජාතික විශ්ව විද්‍යාලවල පර්යේෂණ සිදුකිරීමට අනුග‍්‍රාහකත්වය දැක්වීම තුළින් රටේ උසස් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට කොටස්කරුවන්වන තැනැත්තන්හට, එම අනුග‍්‍රාහකත්වයට අදාලව පර්යේෂණ සහ සංවර්ධන සඳහා දෙනු ලබන සියයට තුන්සියයක වියදම් අඩු කිරීම පුළුල් කරනු ලැබේ.
     
    1.1.4.5ඉදිකිරීම් කර්මාන්තය
    මුහුදුවැලි පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ අත්පත් කර ගැනීමේ පිරිවැය එම යන්ත්‍රෝපකරණ මත ක්ෂය දීමනා ලබා ගැනීමට ඇති හිමිකමට අමතරව සුදුසුකම් ලබන ගෙවීමක් ලෙස සලකනු ලැබේ. 
    1.2ආයෝජන දිරිගැන්වීම් 
     
    1.2.1නව විදේශ මුදල් හුවමාරු කළමනාකරණ පනත 
    විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා විදේශ මුදල් හුවමාරු කළමනාරකණ පනත නමින් නව පනතක් හඳුන්වා දෙනු ලැබේ.විදේශ මුදල් ගලාඒමට පහසුකම් සැලසීම සහ එම ආදායම්,ආදායම්බද්දෙන් නිදහස් කිරීම සඳහාදේශීය ආදායම් පනත (අවශ්‍ය අවස්ථාවලදී)  සංශෝධන කරනු ලැබේ. 
     
    1.2.2ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයකු හෝ විදේශීය සමාගම් විසින් රට  තුළට කරනු ලබන පේ‍්‍රෂණයන් මගින් ලැයිස්තුගත කොටස්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ලාභාංශ ආදායම ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබේ. 
     
    1.2.3පසුගාමී කලාපයක කරනු ලබන ආයෝජන වෙනුවෙන් බදු සහන
    2015 හ`දුන්වාදෙන ලද දැනට පවතින බදු සහන වෙනුවට පහත සඳහන් නව බදු සහන හඳුන්වා දෙනු ලැබේ. 
     
    යම් පසුගාමී කලාපයක පිහිටු වූ නිෂ්පාදන කටයුතු සඳහා (මත්පැන් හෝ දුම්කොළ පදනම් කරගත්  නිෂ්පාදනයන් හැර) හෝ සේවා සැපයීම සඳහා වන නව සමාගමක ඇ.ඩොලර් මිලියන 10 කට නොඅඩු ආයෝජනයක් හෝ නව රැකියා අවස්ථා 500 ක් (නව සේවක අර්ථසාධක අංක සහිතව) උපද්දවන නිෂ්පාදකයෙකු හෝ සේවා සපයන්නෙකු වන නව සමාගමක (දැනට පවත්නා සමාගමක් කැඩීමෙන් හෝ ප‍්‍රතිනිර්මාණය කිරීමෙන් පිහිටුවනු නොලැබුවාවූ) ලාභ සහ ආදායම් මත ගෙවිය යුතු ආදායම් බද්ද, ඒ සමාගම වාණිජ කටයුතු  ආරම්භ කරනු ලබන වර්ෂයේ සිට වසර 5 ක් සඳහා සියයට 50 කින් අඩු කෙරේ. 
     
    නව රැකියා අවස්ථා 800 ක් උපද්දවන්නේ නම් එම සහන කාලය වසර 8 ක් දක්වා  සහ ආයෝජනය විනෝද උද්‍යාන සඳහා නම් වසර 10 ක් දක්වා දීර්ඝ කෙරේ .
    (බදු අනුපාතය සංශෝධනය කිරීම මත තව දුරටත් අදාල නොවන බැවින් 59එ, 59ඒ, 59ඔ යටතේවන බදු සහන ඉවත් කෙරෙනු ඇත .)
     
    1.2.4දේශීය ආදායම් පනතේ 59ඈ වගන්තිය යටතේ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති සමාගම්වලට අදාළ බදු අනුප‍්‍රමාණය සියයට 50 කින් අඩු කිරීමට දැනට පවතින නියමිත කාලය වන 2017 අපේ‍්‍රල් 1 වන දිනට පෙර යන්න පුළුල් කිරීමෙන්  පහත පරිදි දීර්ඝ කරනු ලැබේ. 
    (i).ග   කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර වසර 2 ක් දක්වා  හෝ
    (ii).ග   විදේශ කොටස් හුවමාරුවක ලැයිස්තුගත කර වසර 3 ක් දක්වා 
    (59 ඈ වගන්තිය සංශෝධනය කරනු ලැබේ)
     
    1.2.5රජය විසින් කොටස් පවත්වාගෙන යනු ලබන තේ හෝ රබර් වගා කරනු ලබන සමාගමක ලාභ සහ ආදායම් 2016 අපේ‍්‍රල් 1 වන දින සිට ආරම්භ වන වසර 2 ක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් වේ. 
     
    1.2.6බදු විරාම සහ නිදහස් කිරීම් 
    (i).ග‘නව ආයෝජන’ මත ආරම්භවන උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ස`දහා නව පනතක් හඳුන්වා දෙනු ලබන අතර දැනට බදු සහන පවත්නා ව්‍යාපෘති සම්බන්ධයෙන් උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති පනත ක‍්‍රියාත්මක වේ. 
     
    (ii).ගයම් ආයෝජනයක් ස`දහා බදු සහන ලබාදීමේදී මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන නියෝග වලට අනුව මුදල් අමාත්‍යාංශයේ් දැඩිසුපරීක්ෂාව සහ අධීක්ෂණය යටතේ එම සහන ලබාදෙනු ලැබේ. ආයෝජන මණ්ඩලය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නව බදු විරාම ප‍්‍රදානය නොකරන අතර බදු විරාම සම්බන්ධයෙන් පහසුකම් සැලසීම සහ ක‍්‍රියාත්මක කිරීම පමණක් සිදු කරනු ලැබේ. 
     
    1.3වෙනත් සංශෝධන 
    1.3.1රක්ෂණ සමාගම් ස`දහා කළමනාකරණ වියදම් යන්න නිර්වචනය කරනු ලැබේ. 
     
    1.3.2තාක්ෂණික දියුණුවක් හෝ ඵලදායීතා වර්ධනයකට අදාළ වන බවට සනාථ කරන්නේ නම් පමණක් පර්යේෂණ සහ සංවර්ධනය ස`දහා වන වියදමෙන් සියයට 300 කට සමාන මුදලක් අඩු කිරීම ඉඩ දෙනු ලැබේ. 
    (25 සහ 92 වන වගන්ති සංශෝධනය කරනු ලැබේ*
     
    1.3.3විදේශ ණය මුදලක් මත පොලී ආදායම නිදහස් කිරීම විදේශ බැංකුවකින් හෝ විදේශ මූල්‍ය ආයතනයකින් ලබා ගත් විදේශ ණය මුදල්වලට සීමා කෙරේ. 
    ( 9 වන වගන්තිය සංශෝධනය කරනු ලැබේ*
     
    1.3.4ඇතැම් ලාභාංශ ආදායම් බද්දෙන් නිදහස් කිරීම බදු විරාම කාලය අවසන් වීමෙන් පසු ඉවත් කරනු ලැබේ. 
    (10 වන වගන්තිය සංශෝධනය කරනු ලැබේ)
     
    1.3.52016 අපේ‍්‍රල් 1 දිනට හෝ එදිනට පසුව වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවීමට යටත් ආදායම් බද්දට වඩා වැඩි ප‍්‍රමාණයක් ගෙවා ඇති අවස්ථාවක දී,  ආපසු ගෙවීමට හිමිකම් පෑම කළ තක්සේරු වර්ෂයේ (වාර්තාව සම`ග* සිට වර්ෂ 3 ක් ඇතුලත අවසන් කළ යුතු වේ. එසේ නොවුවහොත් , එම ආපසු ගෙවීම අනාගතයේ ගෙවිය යුතු ආදායම් බදු වගකීමක් ස`දහා හිලව් කිරිමට ඉඩ දිය යුතුවේ. (පනතේ අදාළ වගන්ති සංශෝධනය කෙරේ*
     
    1.3.6බදු අයකිරීම් සහ බදු ගෙවන්නන් සහ බදු වෘත්තිකයන් වාර්තා සැපයීමට අදාළ වංචාවන් සම්බන්ධයෙන් දැක්වෙන විධිවිධාන ශක්තිමත්  කිරීමට සංශෝධනය කරනු ලබන අතර පැවරුම් මිල, නිසි පරිදි ස්ථාපිත කිරීම ස`දහා අදාළ දණ්ඩන විධිවිධාන හ`දුන්වා දෙනු ලැබේ. 
    (අදාල වගන්තිය සංශෝධනය කරනු ලැබේ *
     
    1.3.7ඍ්ඵෂී ක‍්‍රියාත්මක කිරීමට අදාළ සංශෝධන (අවශ්‍ය පරිදි)ස්ථාපිත කරනු ලැබේ. 
     
    1.3.8පනතේ 107 වන වගන්තිය යටතේ ‘අනුමත ගණකාධිකාරීවරයා’  යන අර්ථනිරූපනයට ‘ශ‍්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ ගණකාධිකාරීවරයෙකු ඇතුලත් කිරීමෙන් කළ පුළුල් කිරීම, එම සාමාජිකයා විසින් කරනු ලබන විගණන පරාසය රුපියල් මිලියන 100 නොඉක්මවන පිරිවැටුමක් සහ අදාළ පුද්ගලයා එම කාර්යය කිරීම සඳහා අවශ්‍ය නිපුණතාවය ඇති බවට නියමිත නියාමන යාන්ත‍්‍රණයක් ඇති කිරීම තුළින් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත් වීම ස`දහා වන අදාළ විධිවිධාන සැකසීම ස`දහා නැවත සලකා බලනු ලැබේ. 
    (107 වන වගන්තිය සංශෝධනය කරනු ලැබේ.)
     
    1.3.9දේශීය ගනුදෙනු සම්බන්ධයෙන් වන පැවරුම් මිලසරල කරනු ලබන අතර අනුබද්ධ පිරිවැය පිළිබඳ සලකා බලා පැවරුම් මිල සම්බන්ධ  විෂය පථය නිශ්චය කරනු ඇත. 
    (104 සහ 104 අ වගන්තීන් සංශෝධනය කරනු ලබන අතර අදාළ ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කරනු ලැබේ)
     
    1.3.10රුපියල් මිලියන 25 ක් හෝ ඊට වැඩියෙන් බදු ගෙවනු ලබන පුද්ගලයන් සඳහා විශේෂ වරප‍්‍රසාද ප‍්‍රදානය කරනු ලබන අතර එම වරප‍්‍රසාදයන් ගැසට් නිවේදනයක් මගින් විධිමත් කිරීම සඳහා අදාළ ප‍්‍රතිපාදන දේශීය ආදායම් පනතට ඇතුලත් කරනු ලැබේ. 
     
    1.3.11බැංකු හෝ මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාවලිය යටතේ යම් බැංකුවක් හෝ යම් මූල්‍ය සමාගමක් විසින් අත්කර ගැනීමේ හෝ ඒකාබද්ධ කිරීමේ පිරිවැය වශයෙන් දරන ලද වියදමක් එය එම බැංකුවේ හෝ මූල්‍ය සමාගමේ වියදමක් ලෙස සලකා ඉඩදෙනු ලබන බැවින් සුදුසුකම් ලබන ගෙවීමක් ලෙස ඉඩදීමට කරන ලද සංශෝධනය ඉවත් කරනු ලැබේ. 
    (අතීතයට බලපැවැත්වෙන පරිදි 34 වන වගන්තිය සංශෝධනය කෙරේ)
     
    1.4ආදායම් බද්ද සරල කිරීම 
     
    ආදායම් බදු ව්‍යුහය සරල කිරීම සදහා පහත දැක්වෙන  පියවර ගනු ලැබේ. 
    (i).බදු අනුප‍්‍රමාණ සියයට 15 ක සම්මත බදු අනුප‍්‍රමාණය සහ සියයට 30 ක ඉහළ බදු අනුප‍්‍රමාණය ලෙස බදු අනුප‍්‍රමාණය දෙකකට සීමා කෙරේ. 
    (අ)පහත සඳහන්වන ඉහළ අනුප‍්‍රමාණය (සියයට 30) අදාළ වන ලාභ සහ ආදායම් හැර අනිකුත් සියළුම අංශ සියයට 15 ක සම්මත අනුප‍්‍රමාණයකට යටත් වේ.
    -ඔට්ටු හා සූදු ක‍්‍රීඩා
    -මත්පැන්
    -දුම්කොළ
    -බැංකු හා මූල්‍ය ව්‍යාපාර (රක්ෂණ, කල්බදු සහ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් ඇතුලත්ව)
    -නිෂ්පාදනය සහ සේවා සැපයීම හැර අනෙකුත් වෙළඳ ක‍්‍රියාකාරකම් 
    (ආ)  බදු නිදහස් දීමනාව වසරකට රු. මිලියන 2.4 ක් (මසකට රු. 200,000) දක්වා වැඩි කිරීම මගින් තනිපුද්ගලයන් සඳහා අදාළ වන අනුක‍්‍රමික බදු අනුප‍්‍රමාණ ඉවත් කරනු ලබන අතර බදු නිදහස් දීමනාව ඉක්මවන ආදායම සියයට 15 ක සම්මත අනුප‍්‍රමාණයට  බද්දට යටත් වේ.
    (ඇ)   ඉහත දැක්වෙන සංශෝධන උපයන විට ගෙවීමට යටත් සේවා නියුක්තිකයන් සහ ස්වයං රැුකියා නියුක්තිකයන් යන දෙපිරිසටම සමාන ලෙසඅදාළ වේ. 
     (ඈ)   බදු නිදහස් දීමනාව සැලකිල්ලට ගෙන, තනි පුද්ගලයන් සහ පුණ්‍යායතන සම්බන්ධයෙන් වෙළෙදාමකින්, ව්‍යාපාරයකින්, වෘත්තියකින් හෝ රැුකියාවකින් දරනු ලබන පාඩු හැර (සීමාවන්ට යටත්ව)එකතු ව්‍යවස්ථාපිත ආදායමෙන් හා  තක්සේරු වන ආදායමෙන් අඩු කිරීම් කිසිවක් ඉඩ දෙනු නොලැබේ.
     
    (ඉ)   පහත දැක්වෙන ආදායම හැර අනෙකුත් සේවානියුක්ති ආදායම් සඳහා පනතේ 8 වන වගන්තියේ දක්වා ඇති නිදහස් කිරීම් ඉවත් කරනු ඇත. 
    -රජයේ සේවකයන්ට ඒකාබද්ධ අරමුදලකින් ගෙවනු ලබන විශ‍්‍රාම වැටුප් හා විශ‍්‍රාම ප‍්‍රතිලාභ,
    -ශ‍්‍රී ලංකාවෙන් පිටත රැකියාවකින්, විදේශ ව්‍යවහාර මුදලින් ලබන ඉපයීම්, ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණය කරන්නේ නම්,
    -රාජ්‍ය තාන්ත‍්‍රික දූත මණ්ඩල හෝ රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතයින්, 
    -සේවයෙන් ඉවත් වීමේ දී නිදහස් කරනු ලබන අර්ථ සාධක අරමුදල් ශේෂය,
    -රැකියාව අහිමිවීමේ දී ලබන වන්දි (කොන්දේසිවලට යටත්ව)
    සියළුම මුදල්මය හා මුදල් නොවන ප‍්‍රතිලාභ, (සේවා නියුක්තියෙන් ලබන ප‍්‍රතිලාභ සේ සලකනු ලබන) බදු නිදහස් දීමනාව ඉක්ම වන්නේ නම් බද්දට යටත් වේ. 
     
    (ඊ)    එක් සේවායෝජකයකුට යටතට වඩා වැඩි සේවා යෝජකයින් ගණනක් යටතේ සේවා නියුක්තියෙහි යෙදෙන අවස්ථාවකදීඑම සේවා නියුක්තිකයෙන් ලබන ආදායම් සියයට 15 ක සම්මත අනුප‍්‍රමාණයට බද්දට යටතේ වේ. 
     
    (උ)  හවුල් ව්‍යාපාර සඳහා වන බද්ද ඒ අනුව ගලපනු ලැබේ. 
     
    (ඌ)     බැංකු හා මූල්‍ය ආයතවල පවත්වාගෙන යන තැන්පතු මත ලැබෙන පොළියෙන් අය කරනු ලබන සියයට 2.5 ක රඳවා ගැනීමේ බද්ද ඉවත් කරනු ලබන අතර එම ආදායම  එකතු ව්‍යවස්ථාපිත ආදායමේ කොටසක් ලෙස සලකනු ලැබේ. 
     
    (එ)ජ්‍යෙෂ්ඨ පුරවැසියන් (වයස අවුරුදු 60 ට වැඩි) විසින් බැංකු හා මූල්‍ය ආයතනවල පවත්වාගෙන යන තැන්පතුවලින් ලබන පොළී ආදායම මත  වන නිදහස් කිරීම වෙනස් නොවේ. 
     
    (ඒ*) පනතේ 95  වන වගන්තියෙහි සඳහන් ශ‍්‍රී ලංකාවෙන් පිටත යම් පුද්ගලයකුට උද්ගතවන පොළී ආදායමින් සියයට 15 ක අනුප‍්‍රමාණය මත රඳවා ගැනීමේ බදු අඩු කරනු ලබන අතර එය ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ ඇති කරගත් ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුමක් ඇත්නම් එහි සඳහන් අනුප‍්‍රමාණයට යටත්ව සිදු කරනු ලැබේ. 
    අදාළ විධිවිධාන සහ බදු අනුප‍්‍රමාණ උපලේඛන සංශෝධනය කරනු ලැබේ. 
     
    (ii).7 වන වගන්තිය යටතේ ස`දහන් සමහර ආයතන ස`දහා ලබා දී තිබූ  නිදහස් කිරීම් හා 13 වන වගන්තියේ ස`දහන් විවිධ නිදහස් කිරීම් ඉවත් කිරීම ස`දහා අවශ්‍ය සංශෝධන කරනු ලැබේ. 
     
    (අ)ආයතනික නිදහස් කිරීම් ඉවත් කිරීම 
    -ජාත්‍යන්තර ආයතනයක් ලබන ලාභ සහ ආදායම් මත වන නිදහස මහජනයාගේ හෝ වෙනත් ආකාරයකින් අය කරනු ලබන යම් ගාස්තුවක් හෝ දායක මුදලක් වන මූලාශ‍්‍රයක් මත නොවන ලාභ සහ ආදායම් මත පමණක් අදාළ වේ. 
    -යම් රජයේ දෙපාර්තමේන්තුවක්, විදේශ ආණ්ඩුවක්, විශ්ව විද්‍යාලයක්, සමූපාකාර සමිතියක්, ආයෝජන මණ්ඩලය, මූල්‍ය  මණ්ඩල ඇතුළුව ශ‍්‍රී ලංකා මහබැංකුව, පුණායතන (කොන්දේසිවලටයටත්ව) හෝ රජයේ සහාය ඇති පාසල් හැර දේශීය ආයතනයක් මත දැනට පවතින බදු නිදහස ඉවත් කෙරේ. 
    (7 වන වගන්තිය සංශෝධනය කෙරේ.)
     
    (ආ)ආදායම් බද්දෙන් විවිධ නිදහස් කිරීම් ඉවත් කිරීම 
    පහත සඳහන් වන නිදහස් කිරීම් ඉවත් කරනු ලැබේ. 
    -ශ‍්‍රී ලංකාවේ යම් වරායක් ඉදිකිරීම සඳහා වූ ව්‍යවාසයකින් යම් තැනැත්තෙකුට උද්ගතවන හෝ උපචිත වන ලාභ සහ ආදායම්
    -යම් ක‍්‍රීඩා පිටියක්, ක‍්‍රීඩාංගනයක් හෝ ක‍්‍රීඩා සංකීර්ණයක් පරිපාලනය කිරීමෙන් යම් තැනැත්තෙකුට ලැබෙන හෝ උපචිත වන ලාභ සහ ආදායම්
    -සීමාසහිත ශ‍්‍රී ලංකන් ගුවන් සේවා සමාගමට හෝ සීමාසහිත මිහින්ලංකා (පුද්ගලික) සමාගමට, එම සමාගමේ විශේෂ අවශ්‍යතාවයන් අනුව පරිගණක මෘදුකාංග පාවිච්චිය සඳහා ලබා දීම මත ශ‍්‍රී ලංකාවෙන් පිටත යම් සමාගමකට හවුල් ව්‍යාපාරයකට හෝ වෙනත්  පුද්ගල මණ්ඩලයකට කරනු ලබන ගෙවීමකට අදාළව ලැබෙන හෝ උපචිත වන ලාභ සහ ආදායම් මත එම රටෙහි දී ගෙවිය යුතු බද්ද සඳහා සහනයක්, ශ‍්‍රී ලංකාව හා එම රට අතර බලාත්මක වන ද්විත්ව බදුකරණය වැළැක්වීම සඳහා වන ගිවිසුමක් නොපැවැත්වීම මත නොලැබෙන්නේ නම් හෝ එම අනෙක් රටෙහි එම සේවා සැපයීම වෙනුවෙන් බද්දක් ගෙවීමට නොමැති නම් 
     
    -යම් තැනැත්තෙකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් ශ‍්‍රී ලංකාවේ යම් වරායක් තුළ දී එහි සීමාව ඇතුළත යම් ව්‍යාපාරයක් කරගෙන යන අතරතුරදී ඉටු කරනු ලබන කිසියම් සේවාවකින් ලබන ලාභ සහ ආදායම්
     
    -ශ‍්‍රී ලංකාවේ යම් වරාය පර්යන්තයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා වූ යම් ව්‍යවසායකින් යම් තැනැත්තෙකුට උද්ගතවන හෝ උපචිත වන ලාභ සහ ආදායම්
    (13 වන වගන්තිය සංශෝධනය කෙරේ)
     
    2 එකතු කළ අගය මත බද්ද  (2012 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට සංශෝධන)
    2.1දැනට පවතින තනි බදු අනුප‍්‍රමාණය කාණ්ඩ තුනක්  දක්වා සංශෝධනය කෙරේ. 
    සියයට 0, සියයට 8 ක සම්මත අනුප‍්‍රමාණය සහ සියයට 12.5 ක ඉහළ අනුප‍්‍රමාණය 
    භාණ්ඩ අපනයන සහ විදේශ මුදලින් ගෙවීම් ලබන ශ‍්‍රී ලංකාවෙන් පිටතට සේවා සැපයීම - සියයට 0 
    සේවා අංශය -  සියයට 12.5 
    භාණ්ඩ නිෂ්පාදනය හෝ ආනයනය - සියයට 8 (යෙදවුම් බදු සීමා උපරිම සීමා කිරීමට යටත්ව)
     
    2.2විදුලි සංදේශ උපකරණ හා යන්ත්‍රෝපකරණ තඹ කම්බිද ඇතුලත්ව  විදුලි සංදේශ සේවා සඳහා වන උසස් තාක්ෂණික උපකරණ ආනයනය සහ සැපයීම මත වර්තමානයේ ලබා දී ඇති නිදහස් කිරීම් ඉවත් කෙරේ.
     
    2.3තොග සහ සිල්ලර වෙළඳම (නිෂ්පාදකයන් හෝ ආනයනකරුවන් විසින් විකිණීම හැර) එකතු කළ අගය මත බද්දෙන් ඉවත් කරනු ලැබේ. 
     
    2.4දැනට පවතින සීමාව කාර්තුවකට රු. මිලියන 3 හෝ වසරකට රු. මිලියන 12 දක්වා සංශෝධනය කෙරේ. 
     
    3ජාතිය ගොඩනැගීමේ බද්ද (2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සඳහා සංශෝධන‍)
     
    3.1ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා දැනට පවතින අනුප‍්‍රමාණය සියයට 4 දක්වා සංශෝධනය කෙරේ. 
     
    3.2පහත දැක්වෙන භාණ්ඩ  සහ සේවා ස`දහා දැනට පවතින නිදහස් කිරීම් ඉවත් කෙරේ
    -විදුලි සංදේශ සේවා
    -විදුලි බලය සැපයීම
    -ලිහිසි තෙල් 
    3.3දැනට පවතින සීමාව කාර්තුවකට රු. මිලියන 3 දක්වා සංශෝධනය කරනු ලබන අතර, දේශීය මිලදීගත් කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීමට සූදානම් කිරීම  සඳහා හැර කාර්තුවකට රු. මිලියන 25 ක සීමාව ඉවත් කරනු ලැබේ. 
     
    4 කොටස් හුවමාරු බද්ද (2005 අංක 5 දරන මුදල් පනතේ ෂෂ වන කොටස සඳහන් සංශෝධනය*
    2016 ජනවාරි 1 වන දින සිට කොටස් හුවමාරු බද්ද ඉවත් කරනු ලැබේ. 
     
    5 ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද  - (2005 අංක 5 දරන මුදල් පනතේ II වන කොටස සංශෝධනය)
    2016 ජනවාරි 1 දින සිට ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද ඉවත් කරනු ලැබේ. 
     
    6 සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී මෝටර් වාහන බද්ද (1995 අංක 16  දරන මුදල් පනතේ II වන කොටස සංශෝධනය කිරීම)
    2016 අපේ‍්‍රල් 1 වන දින සිට සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී මෝටර් වාහන බද්ද ඉවත් කරනු ලැබේ.     
     
    7 ඔට්ටු හා සූදුබදු (1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනතට සංශෝධන)
    (i) කැසිනෝ විනෝදශාලවලට ඇතුල්වන සෑම පුද්ගලයෙකුගෙන්ම අය කරනු ලබන ඇ.ඩොලර් 100 ක ගාස්තුව ඉවත් කරනු ලැබේ. 
     
    (ii)රුජිනෝ ව්‍යාපාරය පවත්වාගෙන යාම වෙනුවෙන් වාර්ෂිකව අය කරනු ලබන රු. මිලියන 200 ක ගාස්තුව වර්ෂයකට රු. මිලියන 5 ක් දක්වා අඩු කෙරේ. 
    (iii) කැසිනෝ ව්‍යාපාරය පවත්වාගෙන යාම වෙනුවෙන් වර්ෂයකට අය කරනු ලබන රු. මිලියන 200 ක ගාස්තුව රු. මිලියන 400 ක් දක්වා වැඩි කෙරේ. 
     
    (iv) අතුරු අයවැයේදී පනවන ලද එක්වරක් පමණක් ගෙවිය යුතු කැසිනෝ කර්මාන්ත බද්ද නොගෙවීම හෝ ගෙවීම පැහැර හැරීමට අදාල යම් ක‍්‍රියාවක් සම්බන්ධයෙන් එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරුන් හෝ කොටස්කරුවන් පුද්ගලිකව වගකීමට යටත් කිරීම සඳහා මුදල් පනත සංශෝධනය කිරීම.
     
    8ආර්ථික සේවා ගාස්තු (2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතට සංශෝධන)
    (i)ලාභ ලබන ව්‍යාපාර ස`දහා වර්තමානයේ  පවතින නිදහස ඉවත් කෙරේ. 
    (ii)වර්තමානයේ පවතින වර්ෂයකට ගෙවිය යුතු බද්දේ උපරිම සීමාව වන රු. මිලියන 120 ඉවත් කෙරේ. 
    (iii) බදු අනුප‍්‍රමාණ සියයට 0.25  සිට සියයට 0.5 දක්වා වැඩි කෙරේ. 
    (iv) 2016 අපේ‍්‍රල් 1 වන දින සිට ගෙවිය යුතු ආදායම් බද්දට හිලව් කිරීම සඳහා ගෙවන ලද ආර්ථික සේවා ගාස්තුව ඉදිරියට ගෙන යා හැකි කාල සීමාව වන වසර 5 ක කාලය වසර 3 ක් දක්වා අඩු කෙරේ. 
    (ආර්ථික සේවා ගාස්තු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කෙරේ*
    ආර්ථික සේවා ගාස්තු පනතේ අදාළ වගන්ති සංශෝධනය කෙරේ.
     
    9 සුරාබදු
    මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර ගාස්තු සහ බදු අනුප‍්‍රමාණ සංශෝධනය කෙරේ.
     
    10 නිෂ්පාදන (විශේෂ විධිවිධාන* බද්ද 
    සහන සහ අනුප‍්‍රමාණ සංශෝධනය කෙරේ. 
     
    11රේගු බදු
    (i)වර්තමානයේ පවතින සියයට 0, සියයට  7.5   සියයට 15 සහ සියයට 25ක් වන කාණ්ඩ 4 කින් යුත් තීරුබදු ව්‍යුහය සියයට 0, සියයට  15 සහ   සියයට 30 ලෙස වෙනස් කෙරේ.
    (ii)පහත සඳහන් අයිතම මත රේගු ගාස්තු සංශෝධනය කෙරේථ
    -බීඩි කොළ, බීඩි, ඇ`ගළුම්, පාවහන්, බියර්, වයින්, විස්කි හා එතනෝල් 
    -කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ උපකරණ, කිරි කර්මාන්තයට යොදා ගනු ලබන යන්ත්‍රෝපකරණ සහ උපකරණ සහ මා`ඵ දැල්
    -ක‍්‍රීඩා උපකරණ සහ සංගීත භාණ්ඩ
    -විනෝදාත්මක රුවල් යාත‍්‍රා, කැරවෑන් මැදිරි, රළ මත ලිස්සායාමේ උපකරණ හා කුඩා සංචාරක බෝට්ටු 
    (iii)  නිෂේධ ලැයිස්තුවේ සඳහන් ඇතැම් අයිතමයන් (පිඟන් ගඩොල්, සෙරමික් හා සනීපාරක්ෂක උපාංග)ඉවත් කෙරේ. 
    (iv) දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුමේ තීරු බදු නිදහස් කිරීමේ පළමු අදියර ශ‍්‍රී ලංකාව විසින් 2015 නොවැම්බර් මස 21 දින සිට සම්පූර්ණ කෙරෙනු ඇත.
    (v) ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ 2015 දෙසැම්බර් වන විට සිදුකළ යුතු තීරු බදු නිදහස් කිරීමේ දෙවන අදියර 2015 නොවැම්බර් මස 21 දින සිට සම්පූර්ණ කෙරෙනු ඇත.
    2016 නොවැම්බර් 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි අනුප‍්‍රමාණ වෙනස් වීම සඳහන් කර ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. 
     
    12වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්ද 
    (2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපල සවංර්ධන බදු පනතට සංශෝධන*
    (i). ග වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්ද සියයට 5 සිට සියයට 7.5 දක්වා වැඩි කරනු ලැබේ. 
    (ii). ග සංචාරකයන් විසින් වියදම් කිරීම දිරිමත් කරවීම ස`දහා සමහර ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ ස`ඳහා වන බදු අනුප‍්‍රමාණය සියයට 5 සිට සියයට 2.5 දක්වා අඩු කරනු ලැබේ. 
    (iii).  ග  සමහර යන්ත්‍රෝපකරණ මත දැනට පවතින සියයට 5 ක අනුපාතය ඉවත් කරනු ලැබේ.
    (අනුප‍්‍රමාණය වෙනස්වීම සඳහන් කර අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබේ)
     
    13සංචාරක සංවර්ධන ගාස්තුව ඉවත් කරනු ලැබේ.  
     
    14විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
    :(i).  දේශීය ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා ආනයනය කරනු ලබන මාළු සහ මාළු ආශ‍්‍රිත නිෂ්පාදන ස`දහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කෙරේ.
    (ii).  සමහර භාණ්ඩ සඳහා වන අනුප‍්‍රමාණ සංශෝධනය කෙරේ. 
    අනුප‍්‍රමාණ වෙනස්වීම් සඳහන් කර අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබේ. 
     
    15සෙස් 
    (i)සෙස් බදු ඉවත් කිරීම් : එකතු කළ අගය සහිත නිෂ්පාදන අපනයන දිරි ගැන්වීම ස`දහා ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා සඳහා වන සෙස් බද්ද ඉවත් කෙරේ.
    (ii) සෙස් බදු හඳුන්වා දීම : දේශීය ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා ආනයනික ස්වර්ණාභාරණ  සඳහා සියයට 10 ක සෙස් බද්දක් හඳුන්වා දෙනු ලැබේ.
     
    16ඉඩම් (සන්තකය පැවරීම සීමාකිරීමේ) පනත 
    (i) යම් හඳුනාගත් ආයෝජන ස`දහා සන්තකය පැවරීම සීමාකිරීම ඉවත් කෙරේ. 
    (ii)ඉඩම් බදු දීම මත වන බද්ද ඉවත් කෙරේ
    2014 අංක 38 දරණ ඉඩම්  (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනතේ අදාළ වගන්ති සංශෝධනය කෙරේ
     
    17මුද්දර ගාස්තු: (2007 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන පනත සංශෝධනය )
    (i) වර්තමානයේ පවතින බැර කාඞ්පත් පාවිච්චිය මත වන සියයට 1.5 ක මුද්දර ගාස්තුව (සෑම රු. 1000 ක්  මත රු. 15 ක ගාස්තුවක් ) දේශීය පාවිච්චිය මත පමණක් ඉවත් කෙරේ. 
    (ii)විදේශීය, මිල දී ගැනීම් ස`දහා බැර කාඞ්පත් පාවිච්චිය වෙනුවෙන් මුද්දර ගාස්තුව සියයට 2.5 ක් දක්වා වැඩි කෙරේ. (සෑම රු. 1000 ක් මත රු. 25 ක ගාස්තුවක්*
    (ii)2016 ජනවාරි 1 වන දින සිට ‘කොටස් සහතිකය’ මත වන මුද්දර ගාස්තුව ඉවත් කෙරේ.
    2016 ජනවාරි 1 වන දිනෙන් පසුව වන ගනුදෙනු මත බදු අනුප‍්‍රමාණ වෙනස් වීම බලපානු ලබන අතර බදු අනුප‍්‍රමාණ වෙනස්වීම් සම්බන්ධයෙන්  ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
     
    18මන්දිර බද්ද (2015 අංක 10 දරන  මුදල් පනතේ VIII  වන කොටස )
    (iii)2016 ජනවාරි 1 වන දින සිට සහාධිපත්‍ය දේපල මන්දිර බද්දෙන් නිදහස් කෙරේ මන්දිර බද්දට අදාළ පළමු වාරිකය 2016 මාර්තු 31 වන දින හෝ එදිනට පෙර ගෙවිය යුතුය. 
    (2015 අංක 10 දරන මුදල් පනතේ (VIII)  වන කොටස සංශෝධනය කෙරේ. 
     
    19විදුලි සංදේශ ගාස්තු 
    (i)ලැබෙන ඇමතුම් මත ජාත්‍යන්තර විදුලි සංදේශ නියාමන ගාස්තුව ඇ. ඩොලර් ශත 9 සිට ඇ.ඩොලර් ශත 12 දක්වා වැඩි කෙරේ.
    (ii)එක් කුළුණක් මත වසරකට රු. 50,000 ක් වන පාරිසරික ගාස්තුවක් අය කෙරේ.
    (iii)ජාත්‍යන්තර සංක‍්‍රමන දුරකථන ඇමතුම් මත අයකළ සියයට 2 ක සෙස් බද්ද ඉවත්  කෙරේ. 
    ඉහත සංශෝධන 2016 ජනවාරි මස 1 වන දින සිට ක‍්‍රියාත්මක වේ. 
     
    20වෙනත් බදු සහ ගාස්තු
    (i)බීඩි නිෂ්පාදනය  සඳහා වන බලපත‍්‍ර ගාස්තුව රු. 1,500 සිට රු. 5,000 දක්වා වැඩි කෙරේ. 
    (ii)අපගමන බද්ද ඇ. ඩොලර් 25 සිට ඇ.ඩොලර් 30 දක්වා වැඩි කෙරේ. 
    (iii)ගමන් බලපත‍්‍ර ලබා ගැනීමේ ගාස්තුව පහත පරිදි සංශෝධනය කෙරේ.
    -එක් දින සේවා ගාස්තුව - වැඩිහිටියන් සඳහා - රු. 10,000
    -එක් දින සේවා ගාස්තුව - දරුවන් සඳහා - රු. 5,000
    -සාමාන්‍ය සේවා ගාස්තුව වැඩිහිටියන් සඳහා - රු. 3,000
    -සාමාන්‍ය සේවා ගාස්තුව - දරුවන් සඳහා - රු. 2,000
    2016 ජනවාරි 1 වන දින සිට ක‍්‍රියාත්මක වේ. 
    (iv) ද්විත්ව පුරවැසියන් සඳහා වන අයඳුම්පත‍්‍ර ගාස්තුව රු. 250,000 සිට රු. 300,000 දක්වා වැඩි කරනු ලබන අතර සාර්ක්  වීසා සඳහා ගාස්තුව ඇ. ඩොලර් 10 සිට ඇ. ඩොලර් 20 දක්වා වැඩි කෙරේ. 
    (v) විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා විදේශිකයන්ට නව වාසික වීසා ගාස්තු ක‍්‍රමයක් පහත පරිදි හඳුන්වා දෙනු ලැබේ. 
    -අවුරුදු 3 ක වාසික වීසා ස`දහා ඇ.ඩොලර් 250,000/- ක ගාස්තුවක් 
    සහ 
    -ස්ථිර වාසික පුද්ගලයෙකුවීම ස`දහා ඇ.ඩොලර් මිලියන 5 ක ගාස්තුවක් අය කෙරේ. 
    (vi)සමාගම් ලියාපදිංචි ගාස්තුව 
    සමාගම් රෙජිස්ට‍්‍රාර් වෙත ලියාපදිංචි වී ඇති සියළුම සමාගම් වෙනුවෙන් වාර්ෂික බලපත‍්‍ර ගාස්තුවක් අය කෙරේ. 
    -පුද්ගලික සමාගම් රු. 60,000
    -නිල ලැයිස්තුගත සමාගම් රු. 500,000
    -වෙනත් රු. 100,000
    සමාගම් රෙජිස්ට‍්‍රාර් වෙත ගෙවිය යුතු වේ. (ක‍්‍රියාකාරී නොවන සමාගම් ද ඇතුළුව)
     
    (vii)සමාගම් ලියපදිංචි වීමේ ගාස්තු: වර්තමානයේ පවතින අනුපාතය 2016 ජනවාරි 1 වන දින සිට සංශෝධනය කෙරේ
     
    (viii)සමාගමක් ස්වේච්ඡාවෙන් ඈවර කිරීම: 
    රු. 2 50,000 ක ගාස්තුවක් ස්වේච්ඡාවෙන් ඈවර කිරීමේ දී  අය කෙරේ.
     
    (x)සෑම ව්‍යාපාරික ආයතනයක්ම නගර සීමාව තුළ වන නගර සභාවේ රු. 100 ක නාමික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි විය යුතුය. 
     
    (xi)අධිබද්ද:  සියයට 40ක බදු අනුප‍්‍රමාණයකට ආදායම් බද්දට යටත් වූ දුම්කොළ, මද්‍යසාර සහ ඔට්ටු හෝ සූදු ව්‍යාපාර වලින් ලැබෙන ලාභ සහ ආදායම් මත 2016 අපේ‍්‍රල් 1 වන දින සිට ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් ස`දහා ගෙවිය යුතු ආදායම් බද්දෙන් සියයට 25 ක අනුප‍්‍රමාණයකට අධිබද්දක් පනවනු ලැබේ. 
    (xii)මාර්ග අනතුරු සඳහා දඩ මුදල: මාර්ග අනතුරු සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගෙන් රු. 10,000 ක දඩ මුදලක් අය කෙරේ. ඊට අමතරව රජයේ දේපල සඳහා සිදුවන හානි (ඇත්නම්) සඳහා එහි පිරිවැය ගෙවිය යුතුය. 
     
    (xiii)වාහන තක්සේරු සහතික ගාස්තුව: 2016 ජනවාරි 1 වන දින සිට වාහන ස`දහා කල්බදු පහසුකම් ලබා ගැනීමේ දී ලබා ගනු ලබන තක්සේරු සහතිකය ස`දහා පහත පරිදි ගාස්තුවක් අය කරනු ලැබේ.
    -ත‍්‍රිරෝද රථ/ මෝටර් බයිසිකල්- රු. 5,000
    -අනෙකුත් සියළු වාහන - රු. 25,000
    (xiv)2016 මාර්තු 31 දිනට පෙර ලියාපදිංචි නොකරන ලද වාහන ලියාපදිංචිය: එම වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වා මෝටර් රථ ප‍්‍රවාහන ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ පහත පරිදි ගාස්තු ගෙවා ලියාපදිංචි කළ හැක
    -මෝටර් කාර්/වෑන් රථ - රු. මිලියන 1
    -අනිකුත් වාහන - රු. මිලියන 0.75-
    වාහන හිමිකම් ගාස්තුව: 2016 ජනවාරි 1 වන දින සිට වාහන ස`දහා ණයවර ලිපිය විවෘත කිරීමට පෙර ‘මෝටර් වාහන ලියාපදිංචි ගාස්තුවක් පනවනු ලබන අතර එය දේශීය ආදායම් කොමසාරිස් ජනාරාල්වරයා වෙත පහත පරිදි ගෙවිය යුතුය
    වර්ගය                                            වාහන ගාස්තුව 
    මෝටර් බයිසිකල් / ත‍්‍රීවීලර්                        රු.  2,000
    මෝටර් කාර්                                       රු. 15,000
     
     
    අංක තහඩු වෙන්දේසිය : ජීවිතයට එක් වර ක් පමණක් ලබාගත හැකි අද්විතීය තහඩු අංකයක් රු. මිලියන 2.5 ක් ගෙවා ලබා ගත හැක.
    වායු විමෝචන ගාස්තු: අවුරුදු 3 කට වඩා පැරණි වාහන ස`දහා වාර්ෂික ආදායම් බලපත‍්‍රය ලබා ගැනීමේ දී රු. 5,000 ක ගාස්තුවක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගෙවිය  යුතු වේ. 
     
    මෝටර් වාහන  බලපත‍්‍ර ගාස්තු 2016 ජනවාරි 1 වන දින සිට සංශෝධනය කරනු ලැබේ
    ඇඟලූම් සහ පාවහන් සඳහා ආනයන බදු 
    (i)අපනයන නැඹුරු සමාගමක් විසින් දේශීය වෙළඳපොළේ ඇඟළුම් විකුනණු ලබන අවස්ථාවක (එකතු කළ අගය මත බදු පනතේ 22 (1) වගන්තියට යොමුව)වර්තමානයේ අයකරනු ලබන සංයුක්ත බද්ද  (ආනයන අවස්ථාවේ දී) රු . 200 දක්වා වැඩි කෙරේ. 
    (ii)පාවහන් දේශීය වෙළඳපලේ විකුණනු ලබන අපනයන නැඹුරු සමාගම් සඳහා ද එම අනුපාතය අදාළ වන පරිදි පුළුල් කරනු ලැබේ. 
    (iii)රෙදි සහ කෑලි රෙදි සඳහා අදාළ වන අනුපාතයන් නොවෙනස්ව පවතී.
    (iv)ආයෝජන මණඩලයේ ලියාපදිංචි වී ඇති අපනයන නැඹුරු සමාගම් විසින් දේශීය වෙළ`දපොළේ අපනයන ගුණත්වයේ නිෂ්පාදන විකුණනු ලබන්නේ නම් එය සමාගමේ මූළු විකුණුම්වලින් සියයට 5 කට සීමා විය යුතු අතර එය ඉහත සඳහන් අනුපාතයන් යටතේ බද්දට යටත් විය යුතුය
     
    (xix)එක් මගියෙකු වෙනුවෙන් ජාත්‍යන්තර ටිකට්පත් සඳහා  ඇ.ඩො. 2 ක ගාස්තුවක් ගුවන් සමාගම් මත පනවනු ලැබේ. 
     
    21තාක්ෂණික දෝෂ සහ පරිපාලන ප‍්‍රතිපාදන නිරාකරණය 
    2006 අංක 10 දරන දේශීය ආදායම් පනත, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත,  2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත, 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත, මුදල් පනත් සහ මුදල් (සංශෝධන) පනත්, 1988 අංක 40 දරන ඔට්ටු හා සූදුබදු පනත, 2010 අංක 16 දරන පැහැර හැරි බදු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත, 2011 අංක 18 දරන ගුවන්තොටුපල සංවර්ධන බදු පනත , 2011 අංක 23 දරන බදු අභියාචනා කොමිසන් සභා පනත , 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන* පනත , 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සහ 2008 අංක 14 දරන උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති පනත  යන පනත්වල ඇතැම් විධිවිධානයන්හි විෂමතාවයන්  සහ අනපේක්ෂිත ප‍්‍රතිඵලයක් (පරිවර්තන වෙනස්කම් ද ඇතුළුව) නිදොස් කිරීම සඳහා අවශ්‍ය සංශෝධනයන් කරනු ඇත. 
     
    22යෝජනා ක‍්‍රියාත්මක වන දිනයන්
    වෙනත් ආකාරයකට සහන් කර නොමැත්තේ නම් යෝජනා ක‍්‍රියාත්මක වන දිනයන් පහත සඳහන් පරිදි වේ
    :ආදායම් බදු සහ ආර්ථික සේවා ගාස්තු සම්බන්ධයෙන් වන යෝජනා 2016 අපේ‍්‍රල් 1 වන දින සිට වේ. 
    :එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද, ඔට්ටු හා සූදු බද්ද, ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ* පනත සම්න්ධයෙන් වන යෝජනා 2016 ජනවාරි 1 දින සිට වේ
    :සෙස්, වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බද්ද, රේගු බදු, නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු  සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු වහාම බලපැවැත්වෙන පරිදි ක‍්‍රියාවට නංවනු ලැබේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya