මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගීන්ට දෙන දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරනවා

    අගෝස්තු 20, 2014

    මේ මස සිට රජය මගින් වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන රුපියල් දහසක දීමනාව රුපියල් තුන් දහස (3000/=) දක්වා වැඩි කරන බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ පිරිසිදු පානීය ජලය රැස් කර ගැනීම සඳහා ලබා දෙන ජල බඳුන් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. ජල බඳුන් හාර දහසක් බෙදා දීම රඹෑව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ මහමල්ගොල්ලෑව සහ දිය උඩබැන්දෑව යන ප‍්‍රදේශවලදී ඊයේ (19) සිදු කෙරිණි.

     
    මෙහිදී තව දුරටත් අදහස් දැක් වූ ප‍්‍රධාන ඇමැතිවරයා; මේ ප‍්‍රදේශයට අද විශාල ප‍්‍රශ්නයක් වී තිබෙන වකුගඩු රෝගයට රජය සෑම අංශයකින්ම පිළියම් යොදනවා. පානීය ජල අවශ්‍යතාව සඳහා ස්ථීරසාර විසඳුමක් සකස් කර අවසන්.

     
    වකුගඩු රෝගය පවුලේ ප‍්‍රධානියාට වැළඳුණහොත් එම පවුලේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ඒ නිසා එම පවුල කෙරේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඔවුන්ගේ ආර්ථිකය නගාසිටුවීමට ආදායම් උත්පාදන ක‍්‍රම හඳුන්වා දීමට පළාත් සභාවේ අවධානය යොමු කර තිබෙනවා. දැනට රජය මගින් වකුගඩු රෝගියෙකුට රුපියල් දහසක මුදලක් ලබා දෙනවා. එය ප‍්‍රමාණවත් නොවන බැවින් එම මුදල මේ මස සිට රුපියල් තුන් දහස දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.


    මේ අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රීණී කල්‍යාණී කරල්ලියද්ද මහත්මිය සහ රඹෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න තෙන්නකෝන් මහතා ද එක් වූහ.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya