මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය: රත්නපුර දිස්ති‍්‍රක් සම්මන්ත‍්‍රණය 25

    අගෝස්තු 21, 2014

    දිස්ත‍්‍රික් සංවර්ධනයේ දී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය යන තේමාව යටතේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන මාධ්‍යවේදී සංවර්ධන සම්මන්ත‍්‍රණ මාලාවේ රත්නපුර දිස්ති‍්‍රක් සම්මන්ත‍්‍රණය ලබන 25 වැනි දා පෙ.ව. 9.00ට රත්නපුර, ලෙල්ලෝපිටිය, ‘සිල්ව රේ’ හෝටල් සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    රත්නපුර දිස්ත‍්‍රික්කය තුළ කි‍්‍රයාත්මක සහ කි‍්‍රියාත්මක කිරීමට අපේක්ෂිත රජයේ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව විධිමත් අවබෝධයක් දිස්ත‍්‍රික් මාධ්‍යවේදීන්ට ලබාදී ඔවුන් මගින් එය ගමට හා රටට සන්නිවේදනය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන අරමුණවේ.
        

    මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය කුසලතා හා දැනුම සංවර්ධන මාධ්‍යකරණයේදී ක‍්‍රමවත්ව යොදා ගන්නේ කෙසේ ද? එසේම විශ්ව පුරවැසි මාධ්‍යකරුවකු ලෙස තම පෞරුෂත්වය ගොඩනඟා ගනිමින් මාධ්‍ය හැසිරවිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල සහ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප‍්‍රිය රාමනායක යන මහත්වරුන් විසින් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමට නියමිතය. රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධනය පිළිබඳ දේශනය දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා විසින් සිදු කරනු ලබයි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya