මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස 03කදී අපේ රට මත්කුඩු උවදුරින් මුදවාගන්නවා

    අගෝස්තු 20, 2014
    අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ තව මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ අපේ රට මත්කුඩු උවදුරින් මුදවාගන්නා බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.


    විදුලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. අද රටේ 95%කට විදුලිය ලබා දීලා තියනවා. ඉතුරු ටිකත් ඉක්මනින්ම විසඳනවා. දිනන්න බැහැ කියපු යුද්ධයත් අවසන් කරා. රටට ප්‍රශ්නයක් වෙලා තිබ්බ පාතාලයත් මර්දනය කරා. ඒ වගේම මත්කුඩු පිළිබඳ ගැටලුවත් විසඳන්න අපේ ජනාධිපතිතුමා ඇතුළු මේ රජයට  පුළුවන් යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය ප්‍රකාශ කළේය.

     

    ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) වයඹ පළාත් සභා සැසි වාරයට සහභාගී වෙමින් මත්කුඩු තුරන් කිරීම පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ යෝජනාව විපක්ෂය විසින් කරපු යෝජනාවක්. එතුමන්ලා හොඳ දත්ත ටිකකුත් අරගෙන මේ විවාදයට සහභාගී වේවි කියලා බලාපොරොත්තු වුණත් එවැන්නක් සිදු වුණේ නැහැ. කුඩු තියනවා නම් ඒ තැන් ගැන පුද්ගලයෝ ගැන විස්තර අරන් ඒවි කියලා අපි බලාපොරොත්තු වුණා. ආණ්ඩුවට එරෙහි ව ඔප්පු කරගන්න බැරි චෝදනා කරපු එක විතරයි කළේ. එජාපයේ අසංක පෙරේරා මන්ත්‍රීතුමා කුඩුවලින් කුරුණෑගල 2 ස්ථානය කියලා කිව්වත් මම මත්ද්‍රව්‍ය නිවාරණ අංශ ප්‍රධානියාට කතා කරලා අදාළ වාර්තා ගෙන්වා ගත්තා. අංක 1 කොළඹ, අංක 2 ගල්කිස්ස. කුරුණෑගල දිස්ත්‍රික්කය පැත්ත පළාතකවත් නැහැ. එජාපය අද මේ වගේ බොරු කියන්නේ. ආණ්ඩුවට ඇඟිල්ල දික්කරලා ප්‍රකාශ නිකුත් කරාට වැඩක් නැහැ. ඒවා නම් ගම් සාක්ෂි සාධක ඇතුව ඔප්පු කරලා පෙන්වන්න ඕනෑ. නමුත් එහෙම දෙයක් කරන්න එජාපයට බැහැ යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

    කුඩු පිළිබඳ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සියල්ල මා කියෙව්වා. නමුත් ඒ වගේ කිසි ම කෙනෙක්ගේ නමක් සඳහන් වෙලා නැහැ. එජාපයට ඕනෑ වුණේ පාර්ලිමේන්තු යෝජනාව වයඹ පළාතේ ප්‍රසිද්ධ කරගන්න. පාර්ලිමේන්තු හැන්සාඩ්වල මත්කුඩු ගැන පළමුවෙන් ම කියවෙන්නේ 1984 වර්ෂයේ. ලංකාව කුඩු සම්බන්ධයෙන් "Connecting Point" එකක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ කාලේ වෙනකොට ලංකාව පුරාම කුඩු වසංගතය පැතිරෙනවා. එයයි අද මේ වෙනකම් දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්නේ.

    අපේ අතිගරු ජනාධිපතිතුමා 2008 අංක 01 බාධක ඖෂධ හා අන්තරායකර ඖෂධ පනත ගෙනත් මේවා රාජ සන්තක කරන්න අවශ්‍ය කටයුතු සකස් කළා. කුඩු අල්ලන නිසා අද ඒවා මාධ්‍ය මඟින් වාර්තා වෙනවා. වයඹ පළාත තුළ ජුනි 15 දින සිට විශේෂ පොලිස් ඒකක ක්‍රියාත්මක වෙනවා. පළාත තුළ එක් එක් පොලිස් කොට්ඨාසවලට විශේෂ පොලිස් නිලධාරීන් 10 දෙනා බැගින් යොදවන්න මේ වෙද්දී කටයුතු කරලා තියනවා. රජය විසින් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවලා තියනවා. ආණ්ඩුව එම යාන්ත්‍රණයේ සුක්කානම අතට අරන් වැඩ කරනවා. රෝහල් වාර්තා අරන් බැලුවාම කුරුණෑගල මත්කුඩු නිසා රෝහල්ගත වී මියගිය කෙනෙක් නැහැ. ඒ වගේම වයඹ පළාතේ කුඩු නිසා පොහොසත් වුණ අයත් නැහැ. අනෙක් පළාත් ගත්තාම අල්ප වශයෙන් තමයි අපේ පළාතේ මේ ගැටලුව තියෙන්නේ. ඒ නිසා අපි වගකීමක් ඇතිව ක්‍රියාකර මේ කරණා ටික ඉදිරියේදී විසඳගමු යැයි ද වයඹ ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya