මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ සේවක පුරප්පාඩු දෙලක්ෂ පනස් දෙදහස් පන්සිය හැට දෙකක් - රාජ්‍ය සේවයට බාධාවක් නැහැ -රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත

    මැයි 09, 2024

    රාජ්‍ය සේවයේ  දෙලක්ෂ පනස් දෙදහස් පන්සිය හැට දෙකක සේවක පුරප්පාඩුවක් පැවතියද ඉන් රාජ්‍ය සේවයේ බිඳවැටීමක් සිදුනොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කොළඹ දිස්ත්‍රීක් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
     වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,  පුරප්පාඩු හේතුවෙන් රාජ්‍ය සේවයේ බිද වැටීමක් නොමැත. නමුත් බඳවා ගැනීම් අඛ්‍යන්ඩව කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය වෙනුවෙන් සය පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. රජයේ අත්‍යාවශ්‍ය බඳවා ගැනීම් වලට නිර්දේශ ලබා ගන්නවා. මේ වෙනුවෙන් අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කැර තිබෙනවා. අවශ්‍යතාවයන් හදුනාගෙන සේවක අතිරික්තයක් ඇති තැන් වලට වැඩි තැන්වලින් යොමුකරන ලෙසත් අගමැතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

    රජයේ සේවයට නව බඳවා ගැනීම් කරන්නේ නම් අගමැති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් පවතින කමිටුවක් මගින් ඒ සඳහා ගන්නා තීරණ අනුව නව සේවකයන් බඳවා ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
    2022-12-01දින වනවිට රාජ්‍ය සේවයේ එකොලොස්ලක්ෂ අනු එක් දහස් හයසිය පනස් තුනක් සිටිනවා. රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීම ඒ ඒ ආයතන , අමාත්‍යාංශ විසින් සිදු කරනවා. 2023-12-31 වනවිට සිටින මුළු රාජ්‍ය සේවක සංඛ්‍යාව එකොලොස් ලක්ෂ හතලිස් එක්දහස් එකසිය අසූ අටක්. 2023-12-31 වනවිට රාජ්‍ය සේවය තුළ පුරප්පාඩු ලෙස දෙලක්ෂ පනස් දෙදහස් පන්සිය හැටදෙකක් යනුවෙන්ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya