මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කොටුව ලන්දේසි රෝහල නව මුහුණුවරකින්

    අගෝස්තු 21, 2014
    ගාලු කොටුව මධ්‍යයේ පිහිටි ඉපැරණි ලන්දේසි රෝහල සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ලෙසින් සංරක්ෂණය කොට ඇති අතර එම වෙළෙඳ සංකීර්ණය මේ මස 28දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
     
    ප්‍රතිසංස්කරණය කරන මෙම ගොඩනැගිල්ලේ පළමු මහල වාණිජ අවකාශ 8කින් හා පළමු මහලේ වාණිජ අවකාශ 10කින් සමන්විත වේ.
     
    මෙම සුපිරි සාප්පු සංකීර්ණය තුළ ස්වර්ණාභරණ, රෙදිපිළි, සුපිරි ආපන ශාලා ආදියෙන් සමන්විත වන අතර එමගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා ස්ථානයක් බවට පත්කර තිබේ.
     
    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති කළමනාකරණ. සැලසුම් හා උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකාය මගින් මෙම ගොඩනැගිල්ල පෞරාණික සහ ගෘහ නිර්මාණ අංගයන් සංරක්ෂණය වන සේ ප්‍රතිනිර්මාණය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya