මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජා පොලිස් කමිටු වැඩසටහන වෙනුවෙන් කැනඩාවේ සහාය අපේක්ෂා කෙරේ

    මැයි 10, 2024

    ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ(10) සිදුවිය.

    මෙම අවස්ථාවට ශ්‍රීලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) Patrick Pickering මහතාද සහභාගී විය.

    අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රීලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම සහ ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ පිළිබඳව මහකොමසාරිස්වරයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ අදහස් හුවමාරු කරගනු ලැබිණි.

    ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා විය.

    අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ වැදගත්කම පෙන්වා දෙමින් එය ශක්තිමත් කරගැනීම සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සිදුකිරීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතාගෙන් ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya