මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ තරුණියන් 30,000කට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා

    මැයි 10, 2024

    ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවන් 30,000කට තරුණ තරුණියන් විදෙස්ගත කිරීම මේ දිනයන්හි සිදු කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ප්‍රිශාන්ති මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

    තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

    කෘෂිකාර්මික හා ඉදි කිරීම් අංශයේ රැකියා අවස්ථාවන් සඳහා ඊශ්‍රායලයෙන් පුරප්පාඩු ලැබෙන ආකාරයට විදෙස්ගත කිරීම සිදු කරනවා. ඊශ්‍රායලයෙන් ඇණවුම් ලැබෙන ආකාරයට මේ යැවීම් සිදු කරන අතර, ඒ සඳහා ටික කාලයක් ගත වෙනවා.

    ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ඇති ද්විපාර්ශ්වික ගිවිසුමට අනුව එහි ප්‍රොටෝකෝල් ‘ඒ’ ක්‍රියාත්මක වූ බවත් ඒ අනුව සාත්තු සේවිකාවන් යැවීමට තීරණය කළ අතර, 2022 මැයි මාසයෙන් පසුව 2000කට වැඩි සාත්තු සේවිකාවන් සංඛ්‍යාවක් යැවීමට හැකි වුණා.

    අලුත් ඇණවුම් අනුව වේගයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන්ට ඊශ්‍රායලය වෙත යවමින් සිටින්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya