මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිටකොටුව පාවෙන වෙළෙඳසැල 22දා ජනතා අයිතියට

    අගෝස්තු 20, 2014
    නාගරික සංවර්ධන අධිකාරිය කොටුව හා පිටකොටුව ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් අනවසර වෙළෙඳසැල් වෙනුවට සැලසුම්ගත ආකරයට නවීන වෙළෙඳ සංකීර්ණ ඉදිකරමින් පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ අලුතින් ඉදිකළ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය 22දා සෞඛ්‍ය අමත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
     
    කාලයක් පුරා අභාවයට ගොස් නොසලකා හැර පැවැති බේරේ වැව ජල තටාකයක් වටා මෙම වෙළෙඳ මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත. මෙය වෙළෙඳ සැල් 92කින් සමන්විතය. ඉන් 78ක් පිටකොටුව බැස්ටියන් මාවත හා ඕල්කට් මාවත පදික වේදිකාවෙන් ඉවත් කළ වෙළෙඳ මහතුන් සඳහා ලබාදීමට නියමිතය.
     
    මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පිටකොටුව ප්‍රදේශයේ තදබදය හා අවිධිමත්භාවය තුරන් වී මහජනයාට පහසුවක් සැලසෙනු ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ වෘත්තීය නිපුණතා ඇති පිරිස් හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ උපදේශන සේවා මත සිදු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya