මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය වෙනුවෙන් ජංගම සේවා හරහා ජාතික හැඳුනුම්පත්

    අගෝස්තු 20, 2014
    සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවා මේ දිනවල දී ක්‍රියාත්මක වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ජංගම සේවා තුනක් ක්‍රියාත්මක කොට ඇත. එමෙන් ම බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශ තුළ පසුගිය 19 දා සිට එළැඹෙන 30 දක්වා ජංගම සේවා ක්‍රියාත්මක වේ.
     
    ඌව පළාතෙන් මේ වන විට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පුද්ගලයන් 26,000කගෙන් අයදුම්පත් ලැබී ඇති අතර ඉන් 15,000ක් වෙත දැනටමත් ජාතික හැඳුනුම්පත් නිකුත් කොට ඇති බව සඳහන් කළ කොමසාරිස් ජනරාල්වරයා ඉතිරි සියලු අයදුම්පත් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ සකස් වෙමින් පවතින බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජංගම සේවා හරහා ද ලැබෙන අයදුම්පත් සඳහා හැකි ඉක්මනින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya