මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම සියලු අංශ එක්ව ක්‍රියාත්මක කරන ජාතික ව්‍යාපාරයක්

    අගෝස්තු 20, 2014
    දිවි නැගුම වැඩසටහන එක් අමාත්‍යංශයක ක්‍රියාවක් නොවන අතර එය රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන ආයතන ද එක්ව ක්‍රියාත්මක කරන ජාතික ව්‍යාපාරයක් බවත්, මෙම ජාතික ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා සෑමදෙනාගේ සහය අත්‍යවශ්‍ය  බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    දිවි නැගුම  6 වන අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර සැලසුම් අධ්‍යක්ෂවරු, කෘෂිකර්ම අධ්‍යක්ෂකවරු  සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඇතුළු රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම සඳහා පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දි පැවති දැනුවත් කිරී‍මේ වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා ‍මේ බව ප්‍රකාශ කළේය. 
     
    "එදා ඉඳලා ජනතාව පුරුදු පුහුණු වුණ සාම්ප්‍රදායික වැඩසටහන්වලින් ඈත් වෙලා තමුන්ගේ එදි‍‍නෙදා අවශ්‍යතා පිරිමහගන්න තමන්ට අවශ්‍ය කුඩා දේවල් පවා සොයා ගැනීමට පුළුවන්කම තියෙද්දී ඒවා මිලදී ගැනීමට පුරුදුව තිබු ක්‍රමවේදය තරමක් හෝ වෙනස් කිරීමට අවශ්‍යයි කියලා හිතලා තමයි, අපි දිවි නැගුම ජාතික ව්‍යාපාරය ආරම්භ කළේ.  ඒ අනුව අපි බලාපොරොත්තු වුණ දෙයක් තමයි, ගෙවතු වගා වැඩසටහනට රජයේ මැදිහත්වීමකින් දිරිගැන්වීමක් කරන අතර එය ජනතාව විසින් ඉෂ්ඨ කරන වැඩපිළිවෙළක් බවට පත් කරන්න. විශේෂයෙන්ම දිවි නැගුම ගෘහ ආර්ථික ඒකක නඟාසිටුවීමේ වැඩසටහන එක ආයතනයකට අයිති දෙයක් නෙවෙයි. අමාත්‍යංශය ගණනාවක් දෙපාර්තමේන්තු ගණනාවක් සම්බන්ධවෙලා වගේම පෞද්ගලික අංශත් එකතු වෙලා කරන වැඩසටහනක්.
     
    දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතේ සිටින සංවර්ධන නිලධාරින්, ග්‍රාම සේවා නිලධාරින්, පවුල් සෞඛ්‍ය නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින් යන සියලු දෙනාගේ ම සහය ගෙන කටයුතු කළ යුතුව තිබෙනවා යැයිද අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් පැවසීය.
     
    මෙම  දැනුවත්කිරීමේ වැඩසටහනට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ, අමාත්‍යංශයේ ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර සැලසුම් අධ්‍යක්ෂවරු, කෘෂිකර්ම අධ්‍යක්ෂකවරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya