මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිය අබිමන් කැකුළු සිනා

    අගෝස්තු 20, 2014
    ගම්පහ දිස්ත්‍රික්කයේ පෙර පාසල් අධ්‍යපනය විධිමත් කිරීමේ අරමුණින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ලිය අබිමන් කැකුළු සිනා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය ලිය අබිමන් සංවිධානයේ සභාපතිනි නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත‍්‍රික් රන් අරුණ කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි.
     
    මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ පෙර පාසැල් ගුරුවරුන් සඳහා පුහුණු වැඩමුළුවක් දවස පුරා එම ස්ථානයේ දී පැවැත්විණි. 
     
    මෙම වැඩමුළුව සඳහා ගම්පහ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන පෙර පාසල් 46ක ගුරුවරියන් 80ක් සහභාගී වී සිටියහ. මෙහිදී පෙර පාසල් අධ්‍යාපනයට අදාළ අංශ කිහිපයක් පිළිබඳ ව උපදේශකවරුන් විසින් පෙරපාසල් ගුරුවරියන් දැනුවත් කරන ලදී.
     
    "අප වෙත එන දරුවා හඳුනාගනිමු"  අංශය යටතේ කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාංචනා හතුරුසිංහ මහත්මිය විසිනුත් "නටමු, ගයමු, ඉගෙන ගනිමු" යන අංශය යටතේ කැලණිය කලාපය සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ සමන් පෙරේරා මහතා විසිනුත් දේශන ඉදිරිපත් කරන ලදී. 
     
    ගුරු උපදේශක  ආර්.ඩී. නලින් මහතා චිත‍්‍ර නිර්මාණ පිළිබඳ ව දේශන පැවැත් වූ අතර  විශ‍්‍රාමික ගුරු උපදේශක ශීලා පද්මපෙරුම මහත්මිය අත්කම් නිර්මාණ හුරුව පිළිබඳ ව දේශන පැවැත්වූහ. එළිමහන් ක්‍රීඩා පිළිබඳ ව දේශන පවත්වන ලද්දේ කැලණිය කලාපයේ සෞඛ්‍ය හා ශාරිරික අංශය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ටොරී සමරසිංහ මහත්මිය විසිනි.
     
    මෙම වැඩමුළුව අවසානයේ ලිය අබිමන් සංවිධානයේ සභාපතිනී නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය විසින් පුහුණුව ලැබූ ගුරුවරියන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය සිදු කරන ලදී. 
     
    DB
     
    LIYA ABIMAN KEKULU SINA 1
     
    LIYA ABIMAN KEKULU SINA 2
     
    LIYA ABIMAN KEKULU SINA 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya