මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් කැබිතිගොල්ලෑව ජනතාවට වියළි ආහාර

    අගෝස්තු 20, 2014

    නියගයෙන් පීඩාවට පත් වී සිටින කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජනතාවට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ඉල්ලීමකට අනුව ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම් චන්‍ද්‍රසිරි බණ්ඩාර මහතාගේ මැදිහත් වීමෙන් වෙන්නප්පුව දංකොටුව වෙළඳ සංගමය සහ සමෘද්ධි සංගමය මගින් වියළි ආහාර ද්‍රව්‍ය ප‍්‍රදානය කර තිබේ. 

    මෙම වියළි ආහාර ද්‍රව්‍ය පෙරේදා (19) කැබිතිගොල්ලෑව තම්මැන්නාව සහ රඹකැපූවැව ප‍්‍රදේශවලදී පවුල් දෙදහසකට (2000) බෙදා දෙනු ලැබීය.‍

    මේ අවස්ථාවට උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රීණී කල්‍යාණී කරල්ලියද්ද, සුසිල් ගුණරත්න, පී.බී. කුමාර, කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපති කේ. සේනාරත්න, කහටගස්දිලිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී ජයසේකර, මන්ත‍්‍රී ජගත් ප‍්‍රියංකර, ප‍්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් චන්‍ද්‍රසිරි බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුදර්ශන දිසානායක යන මහත්ම මහත්මීහු ද ප‍්‍රදේශවාසීහු  ද එක්වූහ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya