මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු පළාත් හස්ත කර්මාන්ත දැක්ම - 2014

    අගෝස්තු 20, 2014
    පළාත් මට්ටමින් ඇගයුමට ලක්වන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිපැයුම් ජාතික මට්ටමින් ඇගයුමටත් ඒ හරහා එම ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළ ඔවුනට විවෘත කිරීමටත් රජය ඒ ඒ පළාත් සභා සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟයි.
     
    එම වැඩපිළිවෙළට එක්වෙමින් රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ හස්ත කර්මාන්ත නිපැයුම් ඇතුළත් සබරගමු හස්ත කර්මාන්ත- 2014 , දැක්ම පසුගිය 15 හා 16 යන දෙදින පුරා රත්නපුර පුරහලේ දී පැවැත්විණි.
     
    සබරගමු පළාත් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කළ 2014 සබරගමු හස්ත කර්මාන්ත දැක්ම පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා අතින් එදින විවෘත වූ අතර එම ප්‍රදර්ශනයට සබරගමු පළාතේ පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන් 100කට ආසන්න පිරිසක් සිය නිපැයුම් ඉදිරිපත් කර තිබිණි. 
     
    මෙසේ පළාත් මට්ටමින් දිවයින පුරා පවත්වන හස්ත කර්මාන්ත ප්‍රදර්ශන මාලාවට ඉදිරිපත්ව ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානයට පත් නිපැයුම් මේ මස කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත හස්ත කර්මාන්ත ජාතික ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරේ.
     
    වසරක් පාසා පළාත් මට්ටමින් මෙවන් හස්ත කර්මාන්ත ප්‍රදර්ශන පැවැත්වීමේ අරමුණ අපේ පාරම්පරික දේශීය හස්ත කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙන් ම එකී පාරම්පරික හස්ත කර්මාන්ත නිපැයුම් ජාතික වශයෙන් ඇගයීමත් එම ශිල්පීන්ගේ නිපැයුම් සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළ ඔවුනට විවෘත කිරීමත් බව මෙහිදී මහ ඇමතිවරයා කීය.
     
    මෙම අවස්ථාවට මහ ඇමති මහීපාල හේරත්, විදුලිබල නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර, පළාත් කර්මාන්ත ඇමති රංජිත් බණ්ඩාර, අමාත්‍යංශ ලේකම් ඩී.එම්. මාලිනි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya