මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංවර්ධනය වෙනුවෙන් කැප වන අමාත්‍යවරයෙක් සිටිනවා

    අගෝස්තු 20, 2014

    ත‍්‍රස්තවාදය පරාද කළ පසුව මුළු රටේම මුහුදු සීමාවත් අල්ලගෙන ධීවර කර්මාන්තයේ දියුණුව කරා යන ප‍්‍රථම අමාත්‍යවරයා දැන් බිහි වී සිටින බවත් මේ ප්‍රදේශයට පමණක් නොව ඉඳුරුව, බලපිටිය, අම්බලන්තොට, දොඩන්දූව, හික්කඩුව, ගාල්ල, කතළුව, පැරෑලියටත් ධීවර වරායන් ලබාදීලා සංවර්ධන කටයුතු කරන බවත් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

    නියෝජ්‍ය කතානායකවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රට නගන නිල් රැල්ල මහා ජනහමුව අමතමිනි.

    ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගමට ගෙනයන ක‍්‍රියාකාරීන් ඔබයි. ධීවර ඇමතිතුමා ධීවර කර්මාන්තය රටේම නගා සිටුවීමට විශාල කර්ත්‍යයක් කරනවා. එයට අප ස්තූතිවන්ත විය යුතුයි. එදා ධීවරයෝ හැටියට වාරකන් කාලයේදී උතුරට ගිහිල්ලා ධීවර කටයුතුවල නිරත වෙන්න අයිතියක්, හැකියාවක් තිබුණද? එදා හෝටල් කර්මාන්තයට බේරුවලට බෙන්තරට සංචාරකයෝ ආවද? එදා දළ දේශිය ආදායමට සංචාරක කර්මාන්තය දායක වුණේ 0.4% යි. මේ වෙනකොට එය 2.5%ට වඩා වැඩිවෙලා තියෙනවා. ත‍්‍රස්තවාදය අවසන් කරලා මේ රට දියුණු කරන්න අවශ්‍ය යටිතල පහසුකම් ආරම්භ කර ඇති බව ද ඔහු කීය.

    අදයි එදයි වෙනසක් ගැන මතක් කරනවා නම්, 94 වෙනකොට රටේ දුරකතන කීයක් තිබුණද? 2005 වෙද්දී දුරකතන ලක්‍ෂ 22 තිබුණා. අද මිලියන 22ක් දුරකතන තියෙනවා. 2005 වෙද්දී මෝටර් සයිකල් තිබුණේ ලක්‍ෂ 11යි. අද එය ලක්‍ෂ 25ක් වෙලා. 2005 දී ත‍්‍රීරෝද රථ 2,15,000යි. අද 8,50,000යි. මේ වගේ වෙනසක් වෙලා තියෙන බව ඔබට දැනෙනවාද? එදා වර්ධන වේගය 4.5% තිබුණා. අද 7.9% දක්වා ඉහළ ගොස් ඇත. අද දියුණු වෙන්න කැමති නම් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන්නත් රජය කැමතියි. ඒසඳහා වැඩ පිළිවෙළක් තියෙනවා යැයි ද නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya