මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තයේ යළි නැගී සිටීමට සියලු දෙනා දායක විය යුතුයි

    ජූලි 08, 2015
    යුරෝපා මත්ස්‍ය අපනයන තහනම හා තහනම් පන්න ක්‍රම භාවිත කිරීම ආදිය නිසා ධීවර කර්මාන්තයට අභියෝග රැසක් එල්ල වී ඇති අතර එම අභියෝග සියල්ල වටහාගෙන ධීවර කර්මාන්තයේ යළි නගාසිටුවීමට ධීවර අමාත්‍යංශය ඇතුළු සියලු අංශ දායක විය යුතු යැයි හිටලු ධීවර අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා නාරා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
     
    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපේ ධීවරයන් නෙළාගන්න මත්ස්‍ය අස්වැන්න අඩුවෙමින් පවතිනවා. අතීතයේ ධීවර ජනතාව ඉතා කෙටි ක්‍රමවලින් මත්ස්‍ය අස්වැන්න නෙළාගත්තා. අද වන විට ඔවුන්ගේ රැකියාවන් නතර කරන්න වෙලා තියෙනවා වගේම, ඈත මුහුදේ යන ධීවර ජනතාවගේ ආරක්ෂාව, ඔවුන් නෙළාගන්න මත්ස්‍ය අස්වැන්න හොඳ තත්ත්වයෙන් ගොඩබිමට රැගෙන ඒමට  ආදී විශාල ගැටලු රාශියක් ඇති වී තිබෙනවා. එම ගැටලු පිලිබඳව නාරා ආයතනයෙන් ලබාදෙන නිර්දේශ අනුව ධීවර අමාත්‍යංශයත්, ධීවර දෙපාර්තමේන්තුවත් තීන්දු තීරණ ගන්නේ. සමහර ධීවරයන් ලයිට් කෝස්, ඩයිනමයිට් වැනි තහනම් පන්න ක්‍රම භාවිත කිරීම නිසා කුඩා මාළු විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. අපි ඒවා නවත්වන ගමන් ඒ සඳහා විකල්ප ක්‍රම හඳුන්වාදීම අපේ වගකිමක් හා යුතුකමක් වෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
     
    අපි ඇති තරම් නීතිරීති පනවාගෙන මේ මත්ස්‍ය සම්පත රැකගන්න කටයුතු කළත්, තමිල්නාඩු ධීවරයන් අපේ මුහුදු තීරය ආක්‍රමණය කරලා සම්පූර්ණ මුහුදු පත්ල විනාශවෙන ආකාරයේ පන්න ක්‍රමවලට යොමුවෙලා තියෙනවා. මේවා තමයි අපිට තියෙන අභියෝග. මේ අභියෝග ජය ගැනීමේ ශක්තිය අප සතුවෙනවා යැයි ඔහු පැවසීය.
     
    යුරෝපා සංගමයෙන් පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත්කර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර නාරා ආයතනයෙන් ලබා දී ඇති යෝජනා ක්‍රියාත්මක කරමින් පවතී. කෙසේ නමුත් මේ අවුරුද්ද අවසාන වන විට එම තහනම ඉවත්කර ගැනීමට හැකියාව තිබේ.  නාරා ආයතනයේ පර්යේෂණ හා නිර්ණායක, ධීවර කර්මාන්තයේ දී ඇති වන ගැටලු සඳහා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya