අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍ර‍මවත් සහ සැලසුම්සහගත කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට පියවර ගන්නවා

    ජූලි 08, 2015
    ශ්‍රී ලංකාවට ‘යථාත්‍ය ගොවිපොළකරණ’ ව්‍යාපෘතිය හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා සුප්‍රීම්සැට් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පසුගියදා ගොවිජන මන්දිරයේදීය.
     
    නවීනත්වය හා බැදුණු සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණික අවශ්‍යතාවන් එකතුවෙන් සකස් කරන ලද Exact Farming ව්‍යාපෘතිය මඟින් අපේ ගොවි ප්‍ර‍ජාව වෙත නවීන තාක්ෂණය නොමිලේ ලබාදීමට සිදු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් චන්ද්‍රිකා තාක්ෂණය මඟින් සිතියම්කරණය, ඓතිහාසික දත්ත රැස්කරණය සහ විශ්ලේෂණය වැනි සේවාවන් කෘෂි කර්මාන්තයට ලබාගත හැකි අතර මෙහි ඉලක්කය තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය අපේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා යොදා ගැනීමයි. 
     
    දියුණු තාක්ෂණය කෘෂි කර්මාන්තයට යොදාගැනීමේ ඉදිරි පියවරක් ලෙස කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය විසින් කෘෂිකර්මාන්තය සඳහා නවීන යන්ත්‍ර‍සූත්‍ර‍ හඳුන්වා දීම සති දෙකකට පෙර ආරම්භ කරන ලදී. වී වගාවට නවීන යන්ත්‍රෝපකරණ යොදාගැනීම ගොවියාගේ අස්වැන්න කිහිප ගුණයකින් වර්ධනය කිරීමටත්, වැඩි ප්‍ර‍තිලාභ හිමිකර ගැනීමටත් ඉවහල් වේ. පසුගිය දිනක මිරිස් වගාව සඳහා හඳුන්වා දුන් විසුරුම් ජල තාක්ෂණය තුළින් ද අප අපේක්ෂා කරන්නේ කාලය, ජලය, ඉන්ධන ඉතුරු කර ගනිමින් උපරිම ප්‍ර‍තිලාභ හිමි වගා ක්‍ර‍මවේදයක් රටට හඳුන්වා දීමටයි. මේ සඳහා ඉදිරියේ දී සකස් කරනු ලබන ජාතික කෘෂිකර්ම ප්‍ර‍තිපත්තිය වෙනුවෙන් හසල දැනුමක් සහිත සෑම දෙනාගෙන්ම අදහස් හා යෝජනා ලබා ගන්නා බව අමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළේය. 
     
    අද දිනයේ අප විසින් හඳුන්වා දෙන නවතම ව්‍යාපෘතිය මඟින්, චන්ද්‍රිකා තාක්ෂණය වගාව සඳහා යොදා ගනිමින් වඩාත් ඵලදායී වගාවක් සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරයි. එදා අහස දෙස බලා වගාව සැලසුම් කළ පරිද්දෙන් අද චන්ද්‍රිකා තාක්ෂණය වැනි නව තාක්ෂණයේ පිහිටෙන් ක්‍ර‍මවත්ව, සැලසුම් සහගතව කිරීමට හැකියාව පවතී. කාලගුණය, දේශගුණය කුමන ආකාරයෙන් පවතී ද වගාකළ යුතු භූමිය කුමක්ද? සහ වගා කළ යුතු බෝගය තෝරා ගැනීමට චන්ද්‍රිකා ඡායාරූප මඟින් උපදෙස් ලබා දෙයි. මේ හරහා ගොවීන් විශාල ප්‍ර‍මාණයකට සහන රැසක් ලබා දීමට හැකිවනු ඇත. රට තුළ වී වගා කරන භූමි ප්‍ර‍මාණය කොපමණදැයි නිවැරදි ගණනය කිරීමක් සිදු කිරීමටත් ඒ අනුව පොහොර සහනාධාරය ලබාදීමට සහ ඉන් ඔබ්බට වගාව හා සබ්බන්ධ තොරතුරු කඩිනමින්, නිවැරදිව සහ විධිමත්ව ලබා ගැනීමට නව තාක්ෂණය ඉවහල් වේ. කාලගුණික, දේශගුණික සහ වන සතුන්ගෙන් සිදු වන හානිය කෙටි කලක් තුළ වගා ක්ෂේත්‍රයට යාමෙන් තොරව ලබා ගැනීමටත් මෙහිදී ඉඩකඩ පවතී. 
     
    කෘෂිකර්මාන්තය පිළිබඳ සියලු දත්ත රටපුරා ප්‍ර‍චලිත කීරීම තුළ ගොවීන්ට හොඳ සූදානමකින් වගාකටයුතුවල නියැලීමට හැකි වේ. මෙම වැඩසටහන තවත් එක් රුපවාහිනී සන්දර්ශනයක් නොව ප්‍රයෝගිකව සිදු කරන ක්‍ර‍මවේදයක් බව ච මෙහිදී අමාත්‍යතුමා පැවසීය.
     
    දිවයින පුරා පවතින ගොවි ජනසේවා  මධ්‍යස්ථාන 559ක් ජාලගත කර සෑම ගොවියෙක් වෙතම නිකුත් කරනු ලබන විශේෂ හැඳුනුම්පතක් මඟින් ගොවියාට අවශ්‍ය සියලු තොරතුරු තමන් අයත් ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි ය. මෙම ක්‍ර‍මවේදය තුළින් ගොවියාට පොහොර නිකුත් කිරීමේ සිට සෑම කාර්යයක්ම කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවන අතර හොඳ සූදානමකින් වගාවට යොමුවීමට හැකි වේ. 
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya