මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසර විදේශීය ධීවර කටයුතු නැවැත්වීමට සහය වෙන්න - ජනපති

    ඔක්තෝබර් 31, 2014
    අනවසරයෙන් ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරතවන යාත‍්‍රා නැවැත්වීමට හා තහනම් කර ඇති පන්න ක‍්‍රම උපයෝගි කර ගැනීම වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ශී‍්‍ර ලංකා නාවික හමුදාවට සහ අදාළ බලධාරීන් වෙත ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ උපදෙස් ලබා දුන්නේ ධීවර සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (30) පැවැති සාකච්ඡාවකදීය.
     
    ධීවර ප‍්‍රජාව මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ඔවුහු ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළහ.
     
    ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවන යාත‍්‍රා ලියාපදිංචිය සඳහා මෙතෙක් අය කරනු ලැබු රුපියල් 15,000ක ලියාපදිංචි ගාස්තුව රුපියල් 5,000 දක්වා අඩු කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී තීරණය කළේය. ධීවරයින්ගේ මාළු ස්ථාවර මිලකට ධීවර සංස්ථාව මඟින් මිලදී ගැනිමේ වැඩපිළිවෙළක් සැකසීමට කටයුතු කරන ලෙසත් මෙම හමුවේ දී තීරණය විය.
     
    සතොස සමඟ ඒකාබද්ධව එහි ධීවර සංස්ථා වෙළෙඳ කුටියක් ස්ථාපිත කර අලෙවි කටයුතු ප‍්‍රවර්ධනය කි‍රීමටත් මත්ස්‍ය සම්පත නෙළා ගැනීමේ දී ප‍්‍රමිතියකට යටත් පන්න ක‍්‍රම භාවිත කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.
     
    කරවල කර්මාන්තයේ නියුතු වූවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා හිඟයකින් තොර ව ඔවුන් වෙත මාළු අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ධීවර සංස්ථාව දැනුවත් කළේය. 
     
    නව වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ සොයා බැලීමටත් අපනයන අවස්ථා පුළුල් කර ගන්නා අතර ම ධීවර කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය උපයෝගි කර ගැනීමටත් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා ධීවර සංගම් නියෝජිතයන්ගේ අවධානය යොමු කළේය.
     
    එමෙන්ම යුරෝපා සංගමය විසින් ශී‍්‍ර ලංකාවේ මාළු මිලදී ගැනීම තහනම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබඳව ධීවර කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya