අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයට ගැළපෙන විද්‍යාඥයින් බිහිකිරීමට අපේ අධ්‍යාපන ක්‍රමය අප ගෙන යමින් සිටිනවා

    ඔක්තෝබර් 31, 2014

    අපේ මිනිස් සම්පත ලෝකයත් එක්ක ගැළපෙන විද්‍යාඥයින් බිහිකරන්න අවශ්‍ය තැනකට අපේ අධ්‍යාපන ක්‍රමය අප ගෙන යමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (31) බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වුණු විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සව උළෙල අමතා පැවසීය.

    විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය - 2014 අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙනි.

     

    සම්මාන උළෙල අමතා ජනාධිපතිතුමා මෙසේ ද පැවසීය.“අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපි වඩාත් බිහිකළේ කලා උපාධිධාරීන් පමණයි. කලා විෂයයන්වලින් තමයි ඉහළට යන්න ඉඩ තිබුණේ. විද්‍යා විෂයයන් පාසල්වල ඉගැන්නුවේ නැහැ. හම්බබන්තොටට තිබුණේ වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලය පමණයි. මොනරාගලට තිබුණේ මහානාම විද්‍යාලය විතරයි විද්‍යාව ඉගෙන ගන්න. ඒ ගැන අපි මෙතෙක් කල් කළේ කතා කිරීම පමණයි. අනාගතේ විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, දොස්තරවරු වෙන්න හිටි පාසල් දරුවන්ට එදා බලහත්කාරයෙන් වෙනත් විෂයයන් ඉගෙනගන්න වුණා.

     

    ඒ අතින් ඔබ වාසනාවන්තයි. විද්‍යාඥයින් ලෙස ඔබ ඒ දුෂ්කර මාවත ජයගෙන අද මේතැන ඉන්නවා. ඔබේ පරීක්ෂණ ලෝකයේ වැදගත් පිළිගත් පර්යේෂණ සඟරාවල පළ වෙලා. ලෝකයේ වැදගත් විද්‍යාඥයින් බවට පත් වෙලා.

     

    අපි තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කළා. එය විශ්වවිද්‍යාල මට්ටමට හඳුන්වා දෙනවා. එය අපි පාසල්වලට ලබා දුන්නේ ඒ දරුවන්ට ඒ ගැන හදාරන්න. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් ඇති කරනවා. තාක්ෂණ පීඨ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් ආරම්භ කරනවා.

     

    ඊයේ මම ත්‍රීකුණාමලයේ පදවි ශ්‍රී පුර වගේ ඈත ගම්මානලට ගියා. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ගැන ඒ දරුවන් දැක්වූ උනන්දුව, ආසාව අපි දැක්කා. අපිට ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු තබාගන්න පුළුවන් බව විස්වාසයි. අපේ මිනිස් සම්පත ලෝකයත් එක්ක ගැළපෙන විද්‍යාඥයින් බිහිකරන්න අවශ්‍ය තැනකට අප ගෙනගියා. 2005 දී රටේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 3%ක් තිබුණේ  නැහැ. අද එය 50% ඉක්මවා ගිහින්. නැණසල හරහා හෝ පාසල් හරහා හෝ එය සිදු වී තිබෙනවා.

     

    ඔබත් පිළිගත් විද්‍යාඥයින් වශයෙන් සමාජයේ අධ්‍යාපනය හදාරණ දරු පිරිසට යමක් කරනවා නම්, ඔබේ වෘත්තීය මට්ටමෙන් බාහිර යමක් ඔවුන් වෙනුවෙන් කරනවා නම් එය රට වෙනුවෙන් කළ හැකි මහඟු සේවයක් යැ“යි ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය.

     

    විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය 2001 දී ආරම්භ කර ඇති අතර ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ පර්යේෂණ ප්‍රකාශන අගැයීම මෙන් ම එම ප්‍රකාශන ජාත්‍යන්තර තලයේ පර්යේෂණ සංග්‍රහයන්වල ප්‍රකාශයට පත් කිරීම දිරිගැන්වීම මෙහි අරමුණයි.

     

    අද පැවති සම්මාන ප්‍රදානෝත්සවයේ දී කෘෂිකර්මය, වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා විද්‍යාඥයින් 300කට අධික පිරිසකට සම්මාන සහතික ප්‍රදානය කෙරිණි.

     

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් ධාරා විජේතිලක මහත්මිය සහ ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජානක ද සිල්වා මහතා ද සම්මානලාභී විද්‍යාඥයින් සහ විද්‍යඥවරියන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC

     

    presidents Awards of Scientifc Publications

     

    presidents Awards of Scientifc Publications a

     

    presidents Awards of Scientifc Publications 1

     

    presidents Awards of Scientifc Publications 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya