මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කප්පරතොට ධීවර නැංගුරම් පොළ ලබන වසර මැද නිමකරනවා

    ඔක්තෝබර් 31, 2014

    කප්පරතොට ධීවර ජනතාව වෙනුවෙන් නැංගුරම් පොළක් ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කර පසුගිය මාර්තු 15 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබූ බවත් ලබන වසරේ මැද වන විට එහි කටයුතු නිමකරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ලංකාව පුරා සිටින ධීවර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විට ධීවර කබා 37,000ක් බෙදා දී ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් 10,000ක් ලබා දී ඇත. යාත්‍රාවේ සිටින ඉතුරු ධීවරයන් සඳහා ධීවර ආරක්ෂක කබා ලබාදීම සඳහා යාත්‍රා හිමියන්ට පවසා ඇති බව කී අමාත්‍යවරයා තම ආරක්ෂාව සඳහා මුහුදු ගිය විට ධීවර කබා පැළඳ සිටින ලෙස දන්වා ඇති බව ද පැවසීය.

    ඇතැම් ධීවරයන් මුහුදු යන විට අඳින ධීවර කබාය මුහුද මැදදී ගලවනවා. වරායෙන් පිටත් වන විට නාවික හමුදාව විසින් මේ ගැන පරීක්ෂා කරනු ලබනවා. මේ තරම් ආරක්ෂක කබා ඉතිහාසයේ කවදාවත් ලබා දී නැහැ. ලංකාවේ යාත්‍රා ඇත්තේත් මීට වඩා අඩු ප්‍රමාණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya