මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා අමාත්‍යාංශ පහක් එක්ව වැඩපිළිවෙලක්

    අප්‍රේල් 07, 2016

    මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා අමාත්‍යාංශ පහක් එක්ව වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව මහානගරහා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව මතු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිඅතුරු දෙමිනි.

     

    අමාත්‍යාංශ අනුකමිටුවක්ද පත් කර තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එහි කටයුතු ද සිදුවන බව පැවසීය. මෙම ගැටළුව දසක තුනක් තිස්සේ ඇදී එන බවත් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව කටයුතු සිදු කෙරෙනවා. පුත්තලමට කුණු ගෙන යාම පිළිබඳව විරෝධතා පැනනැගුණා. විකල්ප යෝජනා ක්‍රියාත්මක කෙරෙනවා. පවතින නීති රීති අනුවයි අමාත්‍යාංශය කටයුතු කරන්නේ.

     

    ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලහි  පලමු අදියර යටතේ කොළඹ නගරයේ කුණු ප්‍රතිචක්‍රීකරණය සඳහා සැලසුම් සකස් කර ඇති බවත් කුණු කන්ද නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සාධාරණයක් ඉටු කිරීම සඳහා කොළඹ මහනගර සභාව එක්ව වැඩසටහනක් සකස් කර තිබෙන බවත්  ඔවුන් සඳහා විකල්ප නිවාස හා වන්දි ලබා දීමට කොළඹ මහනගර සභාව එක්ව කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya