මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

    අප්‍රේල් 06, 2016

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප‍්‍රදායික චාරිත‍්‍රානුකූලව, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

    චිරාගත පිළිවෙත් පරිදි නැකැත් මොහොට්ටාල සංකේතවත් කළ අයෙකු විසින් ජනාධිපතිවරයා වෙත නැකැත් සීට්ටුව පිළිගැන්විණි.

    අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම හා ආහාර අනුභවය, නව වසරේ රැුකියා ස`දහා පිටත්ව යාම ආදී කරුණු නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

    අභ්‍යන්තර – වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඞී. ස්වර්ණපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya