මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට අවශ්‍ය ධීවර ප්‍රතිපත්තිය සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා

    අප්‍රේල් 06, 2016

    රටට අවශ්‍ය ධීවර ප්‍රතිපත්තිය සකස් කිරීමට බලාපොරොත්තුවන බවත් ඒ පිළිබඳව ඉදිරියේ දී කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කාලාවරෝධ (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

     

    ජාතික ප්‍රතිපත්තිවල අවශ්‍යතාවක් තිබෙනවා.ධීවර ක්ෂේත්‍රයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නට කටයුතු කරමින් සිටිනවා. ඉදිරියේ දී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරනවා.

     

    උතුරේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා.ධීවර ජනතාවගේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඉඩකඩම් නිරාකරණය කරගැනීම. යුද්ධය අවසන් කරල, අපේ වගකීම තමයි ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම.නිවස දෙනවානම් ඒ අයගේ කැමැත්ත පරිදි ලබාදීම පිළිබඳව ඉදිරියේ දී ඒ ගැන සාකච්ඡා කරනවා. බලෙන් පදිංචි කිරීම සාර්ථක නෑ.ඒ පිළිබඳ විනිවිදභාවයෙන්  කටයුතු කිරීම සාකච්ඡා කළා.

     

    ඉඩම් හා නිවාස ලබාදීම කඩිනමින් කළ යුතුයි.උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුයි.උතුරේ ජනතාව විදින්නට තිබෙන සියලු පීඩා විද තිබෙනවා යුද්ධය නිසා.

     

    ඇමැතිවරු වෙනස් වෙනකොට වෙනස්වන ජාතික ප්‍රතිපත්ති අපට තිබෙන්නේ. අධ්‍යාපනයට, ඉඩම්වලට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍යයි. ආණ්ඩු වෙනස් වෙනකොට වෙනස් නොවන, අමාත්‍යවරු වෙනස්වනවිට වෙනස් නොවන ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. ඒ සඳහා වැඩසටහනක් සකස් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya