මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව විහිළුවක් කරගන්න එපා- මහජනතාවගේ මුදල් නාස්ති කරන්න බෑ- කතානායක

    අප්‍රේල් 06, 2016

    පාර්ලිමේන්තුව විහිළුවක් කරගන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න අහලා,වෙලාව නාස්ති කරන්න එපා. මහජනතාවගේ මුදල් මෙතැන වියදම් කරන්නේ යැයි කතානායක කරූ ජයසූරිය මහතා  අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජාතික ආණ්ඩුව සහ අමාත්‍යවරු පත්කිරීම සම්බන්ධ‍යෙන් ‍කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මතු කළ රීති ප්‍රශ්නයත් සමඟ සභාවේ ඝෝෂාකාරී තත්ත්වයක් ඇතිවීමත් සමඟ ඇති වූ විවාදය අතරතුර දී කතානායකවරයා ‍මේ බව ප්‍රකාශ ක‍ළේය.


    ඇමැතිවරු පත්කිරී‍ම හා ඇමතිවරු ගණන ප්‍රකාශ කිරීම තමන්ට අයිති කාර්යක් නොවන බව පෙන්වා දුන් කතානායකවරයා,ආණ්ඩුපක්ෂය විසින් ඒ පිළිබඳ පිළිතුරක් දෙනු ඇතැයිද පැවසී ය.

    ‍මෙහිදී නැගී සිටි  සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටි‍යේ, ජාතික ආණ්ඩුව අනුව තවත් ඇමැතිකම් ඉතිරිව ඇති ‍හෙයින් අවශ්‍යනම් ‍පොදු විපක්ෂයටත් ආණ්ඩුවත් සමඟ එක්විය හැකි බවය.


    පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා- ‍මේ නැගිටලා ඉන්න මන්ත්‍රීවරුනුත් අ‍පෙන් ඇමැතිකම් ඉල්ලා ති‍බෙනවා.

     

    කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා (එජාප)- පාර්ලිමේන්තුව ඇමැතිකම් 95  ‍කට අනුමැතිය දීලා තිබෙනවා. තවත් ඉතුරුයි ඔබතුමාලටත් ඇමැතිකම් අවශ්‍ය නම් අ‍පේ පැත්තට එන්න. ඔබතුමාලට ගනන් බැරිද?


    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- මේ අය ඇමැතිවරුන්ගේ ගණන ඇසුවා. තවත් ඉඩ තියෙනවා. මේ පැත්තට එන්න.

     

    කතානායක කරූ ජයසූරිය  මහතා- පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරන්න අවශ්‍ය සහාය ලබාදෙන්න.මහජන මුදල් වියදම් කරන්නේ.මහජනතාවගේ මුදල් නාස්ති කරන්න බෑ. වැදගත් කටයුතු රශියක් අපට සාකච්ඡා කරන්න තිබෙනවා.


    අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා- පොදු විපක්ෂ‍යෙන් අඩු වූ මන්ත්‍රී ගණන ඇමැති මණ්ඩලයට එකතු කළාම ඔය ගණන හදා ගන්න පුළුවන්. ‍කො‍හොම වුණත් අපි ‍‍මේ පිළිබඳ ‍ ප්‍රකාශයක් කරන්නම්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya