මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්,අවස්ථාව උදා කර දී තිබෙනවා

    අප්‍රේල් 06, 2016

    දේශපාලන බලපෑමකින් තොරව මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න හැකි අවස්ථාව මෙන් ම නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්,අවස්ථාව උදා කර දී තිබෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

     


    දීර්ඝ කාලයක් පුරා අල්ලස් දෙපාර්තමේන්තුවක් ඉතා සාර්ථකව රටේ ක්‍රියාත්මක වුණා.අල්ලස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත් නෑ කියන පදනම මත 1994 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ මැතිවරණ ප්‍රකාශනයේත් පොරොන්දුවක් දුන්නා, මේ දෙපාර්තමේන්තුව අහෝසි කර ඊට වඩා ස්වාධීනව කටයුතු කරන්නට පුළුවන්,අල්ලස් කොමිෂන් සභාවක් පත් කරනවා කියලා.


    1994 බලයට පත් වූ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවේ,සියලු දෙනාගේ එකඟත්වයෙන් ගෙනා පළමු පනත තමයි අල්ලස් හෝ දූෂණ පනත.ප්‍රශ්නය තමයි, පහුගිය වකවානුවේ විශාල චෝදනාවක් ඉදිරිපත් වී තිබුණා,මේ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වයක් නෑ කියලා.

     

    අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අවුරුදු පහක් තිස්සේ,අකර්මණ්‍ය වී තිබුණේ.අවුරුදු පහටම නඩු දෙකක් පැවරුවා.ඒ නිසා රටේ ජනතාවට ලොකු කළකිරීමක් තිබුණා මේ පිළිබඳව.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ කාලය අවසන් කරලා,අලුත් කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.

     

    රජයේ නිලධාරීන් සේවය කරන්නේ තමන්ගේ ගෞරවය රැකෙන ආකාරයටයි.මෙම අධ්‍යක්ෂ ජනරාල්වරිය වසර 30ක නීතිඥ පළපුරුද්ද තිබෙන,ජනාධිපති නීතිඥවරියක වගේම,අතිරේක සොලිස්ටර් ජනරල්වරියක ලෙස කටයුතු කළ කෙනෙක්. සියලු දෙනාගේම කතාවල යම්කිසි මිත්‍යාවක් ගැබ්වී තිබුණා,කොමිෂමේ සියල්ල කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියලා.කොමිෂම තමයි තීරණය ගන්නේ.ඒ ගන්න තීන්දු ක්‍රියාත්මක කිරීමයි අධ්‍යක්ෂ ජනරාල්වරියගේ රාජකාරිය වී තිබෙන්නේ.ස්වාධීන කොමසාරිස්වරු තුන් දෙනෙක් ඉන්නවා.ඔවුන් හිටපු නිශ්චයකාරවරුන්.


    විදේශ විශේෂඥයන්ට මේවාගේ තොරතුරු ලබාගන්න හැකියාව තිබෙන බව කිව්වා,එහෙම කිසිම හැකියාවක් නෑ.යූ.එන්.ඩී.පී.ඒ. නියෝජිතවරියක ගැන කිව්වා, නිලධාරිනියක් සම්බන්ධීකරණ කටයුතු වලට පත් කර තිබෙනවා.නමුත් මේ විමර්ශන කටයුතුවලට කිසිම දායකත්වයක් නෑ.

     

    2015 ජනවාරි මාසය වනවිට 9752ක් පැමිණිලි තිබුණා.2015 වසර සඳහා අලුතින් පැමිණිලි ලැබුණා,3913ක් පැමිණිලි ලැබුණා.කටයුතු ආරම්භ කළාට පසුව ජනතාව වැඩියෙන් පැමිණිලි කරන්න පටන් ගත්තා. පැමිණිලි එකතු වී තිබුණා,13,665ක්. 2015 වර්ෂය තුළ විමර්ශන කටයුතු අවසන් කළා,පැමිණිලි 3021ක්.වසර දහයක් ගොඩගැසී තිබුණු ඒවා.

     

    ඔය කියන චෝදනා තිබුණා නම් ඒ කාලේ විමර්ශනය කරලා,ඇයි වසර 10 තිස්සේ නොකළේ. පුද්ගලයෙකුට විරුද්ධව පැමිණිල්ලක් කළාට ඔහු වරදකරුවෙකු නොවෙයි. දැනට විමර්ශන සඳහා නියමිතව තිබෙන පමිණිලි සංඛ්‍යාව 11831 පැමිණිලි තිබෙනවා.

    2007 පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත කළා යෝජනාවක්.ඒක තමයි කෝප් කාරකසභාවේ නිර්දේශ අනුව බරපතල ගණයේ දූෂණය තිබෙන ආයතන 16කට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණ කරලා,නීතිය ක්‍රියාත්මක කරන්න.2007 අගෝස්තු 24 දින සිට අපි ඇසුවා, හිටපු කතානායකතුමා සිහි කැදවීම් යවනවා,හිටපු කතානායක ලොකුබණ්ඩාර මතිතුමා,යැව්වා නියෝගයක්, සෑම සති 2කට වරක් ම අල්ලස් කොමිෂන් සභාවේ පරීක්ෂණවල ප්‍රගතිය පාර්ලිමේන්තුවට වාර්තා කරන්න කියලා.කිසි  දෙයක් සිදු වුණේ නෑ.එදා කෝප් වාර්තාවේ පර්යේෂණ පටන් ගන්න ගියාම,නිලධාරීන් දෙදෙනා අම්පාරට මාරු කළා.අධ්‍යක්ෂ ජනරාල් තනතුර හිස්ව තිබුණා අවුරුද්දක්.

     

    නීතියෙන් පිට පැනලා කළ දේ මොකක්ද?එවැනි දෙයක් සිදු වී නෑ.අපේ රටේ අල්ලස හෝ දූෂණය පිළිබඳව මුළු ලෝකයම කතා කළා. අල්ලස් දූෂණය ගැන පරීක්ෂණය කළ 2015 වාර්තාවේ සඳහන් කර තිබෙනවා, 2015 වසරේ දූෂණය සියයට 37%කින් අඩුවෙලා කියලා.රජයක් ලෙස අපිට තීන්දු දෙන්න අයිතියක් නෑ.අපිට කරන්න පුළුවන් ඒ ආයතනවල නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්, දේශපාලන බලපෑමකින් තොරව මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබාදීම. අපි ඒ අවස්ථව උදා කර දී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya