මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශයේ ජාතික ආරක්ෂක විදුහල් ශිෂ්‍ය නිලධාරීන් යුද හමුදා මූලස්ථානයේ සංචාරයක

    ඔක්තෝබර් 07, 2015
    සන්නද්ධ සේනාංක යුද පාඨමාලාව හදාරන බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශිෂය නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ පස් දින නිල සංචාරයක නිරත වන අතර, එම පිරිස යුද හමුදා මූලස්ථානයේ දී ඊයේ (06) පෙරවරුවේ යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවූහ. 
     
    46 දෙදෙනෙකුගෙන් යුතු මෙම පිරිසේ නායකත්වය දරනු ලබන්නේ ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් මෙස්බාහ් උල් අලාම් චෞදුරි විසිනි. ඊට අමතරව බ්‍රිගේඩියර්වරු 04ක්, කොමදෝරුවරයෙක්, එයාර් කොමදෝරුවරයෙක්, කර්නල්වරයෙක්, ලුතිතන් කර්නල්වරු 29 දෙනෙක්, ගෘප් කපිතාන්වරයෙක්, ගුවන් කමාන්ඩර්වරු 04ක්, වින්ග් කමාන්ඩර්වරු 3ක්, මේජර්වරයෙක් සහ කපිතාන්වරයෙක් අයත් වූහ.
     
    මෙම පිරිස උණුසුම් අයුරින් පිළිගත් යුද හමුදාපතිතුමා ඔවුන් සමඟ විවිධ කාරණා සබැඳිව අදහස් හුවමාරු කර ගත්හ. 
     
    පශ්චාත් යුද සමයෙන් පසු සංවර්ධනය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණු කටයුතු, ලෝක ප්‍රවණාතාවයන්ට අනූව යුද අභ්‍යාස දියත් කිරීම ආදි කරුණු රැසක් මේ සඳහා ඇතුලත් විය.   
     
    සමරු තිළිණ හුවමාරුවක් ද මෙම දෙපිරිස අතර සිදු කෙරුණු අතර, හමුදා ලේකම් මේජර් ජෙනරාල්  මහේෂ් සේනානායක, විධායක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, පුහුණු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුණ ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක් වුහ. එහි දි යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ විසින් ශ්‍රවණාගාරයේ දී මෙම පිරිසට ඉදිරිපත් කිරීමක් ද සිදු කළහ. 
     
    මෙම නියෝජිත පිරිස ගුවන් හමුදාපති, නාවික හමුදාපති, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති, නැගෙනහිර නාවික ප්‍රදේශභාර ආඥාපති, බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා ආදි පිරිස ද හමුවන අතර, වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට ද නියමිතය.
     
    army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya