මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20 සංශෝධනයේ අවසන් තීරණයට ජනපති ප්‍රමුඛ මණ්ඩලයක් Featured

    මැයි 28, 2015

    මැතිවරණය ක්‍රමය වෙනස් කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු 15ක් ඊයේ (27) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදීම සඳහා ජනාධිපති, අගමැති, සුළු පක්ෂ නියෝජිතයින් හා අමාත්‍ය මණ්ඩලය කිහිප දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කළ බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් තීරණය ලබන අමාත්‍ය මණ්ඩල හමුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

    පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 225 සිට 255 දක්වා වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් වී තිබෙන අතර එය කිසිදු පක්ෂයක යෝජනාවක් නොව ප්‍රායෝගික කුඩා හා සුළු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් වූවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කේවල ක්‍රමය හා සමානුපාතික ක්‍රමය යටතේ ආසන 165ක්, ජාතික ලැයිස්තුවෙන් 5% සිට 1.5% හෝ 1%ක් දක්වා නියෝජනයක් ලබා දීම හා දිස්ත්‍රික් මට්ටමින් ද ජාතික ලැයිස්තුවෙන් නියෝජනයක් ලබා දීමට යෝජනා මෙම සංශෝධනයට ඇතුළත් කර තිබේ.

    සීමා නිර්මාණ කොමිෂම පත් කිරීම, පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව ජාතීන් අතර ප්‍රතිශතය අනුව ලබාදීම යනාදී කරුණු සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya