මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තු වෙත යාන්ත්‍රික පාබල ලාංඡන පළඳවයි

    මැයි 28, 2015
    යාන්ත්‍රික පාබල රෙජිමේන්තු  නිලධාරීන් 25 දෙනෙකු සහ සෙසු නිලයන් 120 දෙනෙකු හට පාබල නිල ලාංඡන පැළඳවීම  පසුගියදා කැකිරාව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී  එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල්  මහින්ද හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    මෙම ලාංඡනය පැළඳ වූ සොල්දාදුවන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් සෙබලෙකු බව සංකේතවත් කරයි. 
     
    මේ  අවස්ථාවට එක්වූ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ සුබසාධනය වෙනුවෙන් සිදු වන ඉදිකිරීම් සහ අනෙකුත් ව්‍යාපෘති ද නිරීක්ෂණය කළහ.  
    එමෙන්ම ගමට නවීණ තාක්ෂණය ගෙන යෑමේ අදිටනින් විදාතා ආයතනය හා ඒකාබද්ධව අයිස් ක්‍රීම් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ද එදින මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් විවෘත කළේය.
     
    මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ  ධම්මිකා හතුරුසිංහ මහත්මිය විසින්  බ්ලොක් ගල් නිපදවන යන්ත්‍රයක් ද පරිත්‍යාග කර ඇත.
     
    සියලු නිලයන් හට ඉතා සුවපහසු නිවාඩුවක් ගතකිරීමට හැකි වන පරිදි ඉදිකරනු ලැබූ වනපියස නිවාඩු නිකේතනය ද රෙජිමේන්තු අධිපති විසින්  විවෘත කරන ලදී.
     
    මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා මේ වන විට ඉදිකෙරෙමින් පවතින සෙසු නිල භෝජනාගාරය සහ නිලධාරී නිවස්නය ද පරීක්ෂා කරනු ලැබීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya