මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද හයවන පළාත් සභාවේ ඇස්තමේන්තු වියදම මිලියන 17,140යි

    නොවැම්බර් 11, 2014

    පළාත් මුදල් අමාත්‍ය සහ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා විසින් ඊයේ (10) ඉදිරිපත් කරන ලද අයවැය අනුව 2015 වර්ෂයේ පළාත් මුළු ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 17,140.45ක් වේ.


    සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පළාත් සභාවේ ඉදිරිපත් කළ අය-වැය ලේඛනයේ මෙවර අයවැය හිඟය රුපියල් මිලියන 10,700ක් වන අතර එය පියවා ගන්නා මූලාශ‍්‍ර ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

    පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා උතුරු මැද හයවන පළාත් සභාවේ තුන්වන අයවැය මෙසේ සභාවට ඉදිරිපත් කළේය.

    2015 වර්ෂයේ පළාත් සභාවේ මුළු ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන රු.මි. 17140.45ක් වෙනවා. ඉන් රුපියල් මිලියන රු.මි. 12,702.75ක් වෙන් වී ඇත්තේ පුනරාවර්තන වියදම් වෙනුවෙනි. එය මුළු වියදම් ඇස්තමේන්තුවෙන් 74.1%ක් වෙනවා. මූලධන වියදම් සඳහා වෙන් වී ඇත්තේ රුපියල් මිලියන 3552.8කි. එය මුළු ප‍්‍රතිපාදනයෙන් 20.7%ක් වෙනවා. අත්තිකාරම් ගිණුම් කාර්යයන් මෙහෙයවීම සඳහා රුපියල් මිලියන 884.9ක් වෙන් වෙනවා. එය මුළු වියදමින් 5.2%ක් වෙනවා.

    2015 වර්ෂයේ ඇස්තමේන්තු කරන ලද වියදම් පියවා ගැනීම සඳහා රුපියල් මිලියන 10,700ක් සාමූහික ප‍්‍රදාන යටතේ ලැබීමට නියමිතයි. එය මුළු ලැබීම්වලින් 62.8%ක් වෙනවා. උපමාන පාදක ප‍්‍රදාන යටතේ රුපියල් මිලියන 375ක් පළාත් නිශ්චිත සංවර්ධන ප‍්‍රදාන යටතේ රුපියල්  මිලියන 2230.1ක් ලැබීමට නියමිතයි. එය මුළු ලැබීම්වලින් පිළිවෙළින් 2.2%ක් සහ 13.1%ක් වෙනවා. පළාත් නිශ්චිත සංවර්ධන ප‍්‍රදාන යටතේ විදේශ ආධාර කිහිපයක් ඇතුළත්  වෙනවා. එනම් අධ්‍යාපන කටයුතු සඳහා ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රදානවලට අමතරව ලෝක බැංකු හා ඔස්ට්‍රේලියානු ආධාර, සෞඛ්‍ය අංශය වෙනුවෙන් ලෝක බැංකු ආධාර සහ මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකු ආධාර යනාදියයි. ඊට අමතරව පළාත් නිශ්චිත සංවර්ධන ප‍්‍රදාන යටතේ  සමබර ප‍්‍රාදේශීය සංවර්ධනය සඳහා වන විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 45ක් ද හුදකලා හා පසුගාමී ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 69ක් ද විචල්‍ය ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 15ක් වශයෙන් ප‍්‍රතිපාදන ලබා දී තිබෙනවා. සමබර ප‍්‍රාදේශීය සංවර්ධනයක් සඳහා විශේෂ ව්‍යාපෘති යටතේ මුදල් කොමිෂන් සභාව විසින් අනුමත සාරධර්ම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5ක ප‍්‍රතිපාදන ආණ්ඩුකාර ලේකම් වැය විෂයයට සලසා දී තිබෙනවා. මින් ඉතුරු වන රුපියල් මිලියන 10ක ප‍්‍රතිපාදනත්, පසුගාමී හා හුදකලා ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වන ප‍්‍රතිපාදනත්, සමබර ප‍්‍රාදේශීය සංවර්ධනය සඳහා වන ව්‍යාපෘතිවල ප‍්‍රතිපාදනත් මුදල් කොමිසම් සභාව විසින් අනුමත කරන ලද ව්‍යාපෘති සඳහා වෙන්කර දෙන තෙක්  පළාත් භාණ්ඩාගාරයේ ව්‍යාපෘති අංක 04 අයවැය සහය සේවා ව්‍යාපෘතියේ 2502  වැය විෂය යටතේ දක්වා තිබෙනවා. එසේම දෙදහස් පහළොව මුදල් ප‍්‍රකාශයේ (ඒ) අයවැය සහය සේවා යටතේ විස්තර කර ඇති අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට කල්තියා ඇස්තමේන්තු කළ නොහැකි නමුත් අදාළ මුදල් වර්ෂයේදී අවශ්‍ය විය හැකි කාර්යයන් සඳහා වෙන් කර ඇති සංචිත ප‍්‍රතිපාදන පළාත් භාණ්ඩාගාරයේ අංක 4 අයවැය සහය සේවා ව්‍යාපෘතියේ දක්වා ඇත. ඊට අමතරව රේඛීය අමාත්‍යාංශවලින් හා වෙනත් ලැබීම් වශයෙන් රුපියල් මිලියන 416.6ක ලැබීම් අපේක්‍ෂා කරනවා. එය මුළු ලැබීම්වලින් 2.4කි. පළාත් සභාවේ ආදායම් වශයෙන් රුපියල් මිලියන 2935ක් 2015 වර්ෂයේ දී රැස්කිරීමට බලාපොරොත්තු වෙනවා. එය මුළු අපේක්‍ෂිත ලැබීම්වලින්17.22% වෙනවා. අත්තිකාරම් ගිණුම් යටතේ රුපියල් මිලියන 384.7ක ලැබීමක් අපේක්‍ෂා කරනවා. එය මුළු ලැබීම්වලින් 2.2ක් වන බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ අනුව සමස්තයක් වශයෙන් පළාත් සභාවේ මුළු වියදම් ඇස්තමේන්තුව රුපියල් මිලියන  17140.45ක් වෙනවා. මුළු ලැබීම් ඇස්තමේන්තුව වන රුපියල් මිලියන 17041.45ක ලැබීම් මුළු වියදම් ඇස්තමේන්තුවෙන් අඩුකළ පසු රුපියල් 99.055ක හිඟයක් බලාපොරොත්තු වෙනවා. මෙම හිඟයෙන් කොටසක් රජයේ නිලධාරීන් පළාතෙන් බැහැරට ස්ථාන මාරු යාම නිසා මෙම පළාත් සභාවට අයවිය යුතු ණය ශේෂවලින් ද, ඉතුරු මුදල් පළාත් සභාවේ ආදයම් වැඩිකර ගැනීම තුළින් හා වියදම් පාලනය කිරීම තුළින් පියවා ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු පැවසීය.

    මුලින් සඳහන් කළ පරිදි පළාතේ සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීමේදී ජාතික ප‍්‍රතිපත්තිවලට අනුකූලව කලින් නිශ්චිත කරන ලද ඉලක්ක කරා ළඟා විය හැකි පරිදි වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලෙසත් පළාත් අරමුදල් භාවිතයේ දි පවත්නා නීති රෙගුලාසි වලට අනුව මනා මූල්‍ය පාලනයකින් යුතුව කටයුතු කරන ලෙසත් මා මේ අවස්ථාවේදී සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

    ප‍්‍රධාන අමාත්‍යාංශය යටතේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 80ක් ද රන්බිම අරුණලු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 50ක් ද ප‍්‍රදේශීය සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 35ක් ද වෘත්තීය පුහුණු සංවර්ධනය සඳහා රුපියල් මිලියන 10ක් ද ආයෝජන ප‍්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 350ක් ද ආගමික කටයුතු උදෙසා රුපියල් මිලියන 05ක් ද පුස්තකාල සේවා සඳහා රුපියල් මිලියන 05ක් ද පළාත් පාලන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 783ක් ද පළාත් පාලන මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 82ක් ද සතිපොළ සංවර්ධන කටයුතුවලට රුපියල් මිලියන 290ක් ද ප‍්‍රජා ජල සැපයුමට රුපියල් මිලියන 15ක් ද ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට රුපියල් මිලියන 18ක් ද පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 650ක් ද 2015 වසරේ පුරනැගුම 02 වැඩසටහන සඳහා ලෝක බැංකු සහ ඔස්ට්‍රේලියා ආධාර ලබා ගැනීමට ද නියමිතය.

    වාරිමාර්ග සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 90ක් ද පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 48.1ක් ද ක‍්‍රීඩා සංවර්ධනය හා යෞවන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන‍ 44.4ක් ද පළාත් මාර්ග සඳහා රුපියල් මිලියන 100ක් ද වෙන්කර තිබේ.

    කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම, සත්ත්ව සෞඛ්‍ය ධීවර පරිසර හා පළාත් සභා කටයුතු උදෙසා රුපියල් මිලියන 168ක් ද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්‍ෂණ, කාන්තා කටයුතු ප‍්‍රවාහන හා නිවාස කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 122.7ක් ද සමූපකාර, වෙළෙඳ හා ආහාර, කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත, ග‍්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන්  ද අධ්‍යාපන, තොරතුරු තාක්‍ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 7428.5ක් වෙන්කර තිබෙන බව ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH

     

    2014-11-11 11:38 GMT+05:30 Niranji Herath <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>:
    උතුරු මැද හයවන පළාත් සභාවේ තුන්වන අයවැය ඊයේ (10) පළාත් මුදල් අමාත්‍ය සහ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

    2015 වර්ෂයේ පළාත් මුළු ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 17,140.45ක් වේ.

    සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පළාත් සභාවේ ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ මෙවර අයවැය හිඟය රුපියල් මිලියන 10,700ක් වන අතර එය පියවා ගන්නා මූලාශ‍්‍ර ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

    පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අයවැය මෙසේ සභාවට ඉදිරිපත් කළේය.
    2015 වර්ෂයේ පළාත් සභාවේ මුළු ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන රු.මි. 17140.45ක් වෙනවා. ඉන් රුපියල් මිලියන රු.මි. 12,702.75ක් වෙන් වී ඇත්තේ පුනරාවර්තන වියදම් වෙනුවෙනි. එය මුළු වියදම් ඇස්තමේන්තුවෙන් 74.1%ක් වෙනවා. මූලධන වියදම් සඳහා වෙන් වී ඇත්තේ රුපියල් මිලියන 3552.8කි. එය මුළු ප‍්‍රතිපාදනයෙන් 20.7%ක් වෙනවා. අත්තිකාරම් ගිණුම් කාර්යයන් මෙහෙයවීම සඳහා රුපියල් මිලියන 884.9ක් වෙන් වෙනවා. එය මුළු වියදමින් 5.2%ක් වෙනවා.

    2015 වර්ෂයේ ඇස්තමේන්තු කරන ලද වියදම් පියවා ගැනීම සඳහා රුපියල් මිලියන 10,700ක් සාමූහික ප‍්‍රදාන යටතේ ලැබීමට නියමිතයි. එය මුළු ලැබීම්වලින් 62.8%ක් වෙනවා. උපමාන පාදක ප‍්‍රදාන යටතේ රුපියල් මිලියන 375ක් පළාත් නිශ්චිත සංවර්ධන ප‍්‍රදාන යටතේ රුපියල්  මිලියන 2230.1ක් ලැබීමට නියමිතයි. එය මුළු ලැබීම්වලින් පිළිවෙළින් 2.2%ක් සහ 13.1%ක් වෙනවා. පළාත් නිශ්චිත සංවර්ධන ප‍්‍රදාන යටතේ විදේශ ආධාර කිහිපයක් ඇතුළත්  වෙනවා. එනම් අධ්‍යාපන කටයුතු සඳහා ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රදානවලට අමතරව ලෝක බැංකු හා ඔස්ට්‍රේලියානු අධාර, සෞඛ්‍ය අංශය වෙනුවෙන් ලෝක බැංකු ආධාර සහ මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකු ආධාර යනාදියයි. ඊට අමතරව පළාත් නිශ්චිත සංවර්ධන ප‍්‍රදාන යටතේ  සමබර ප‍්‍රාදේශීය සංවර්ධනය සඳහා වන විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 45ක් ද හුදකලා හා පසුගාමී ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 69ක් ද විචල්‍ය ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 15ක් වශයෙන් ප‍්‍රතිපාදන ලබා දී තිබෙනවා. සමබර ප‍්‍රාදේශීය සංවර්ධනයක් සඳහා විශේෂ ව්‍යාපෘති යටතේ මුදල් කොමිෂන් සභාව විසින් අනුමත සාරධර්ම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5ක ප‍්‍රතිපාදන ආණ්ඩුකාර ලේකම් වැය විෂයයට සලසා දී තිබෙනවා. මින් ඉතුරු වන රුපියල් මිලියන 10ක ප‍්‍රතිපාදනත්, පසුගාමී හා හුදකලා ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වන ප‍්‍රතිපාදනත්, සමබර ප‍්‍රාදේශීය සංවර්ධනය සඳහා වන ව්‍යාපෘතිවල ප‍්‍රතිපාදනත් මුදල් කොමිසම් සභාව විසින් අනුමත කරන ලද ව්‍යාපෘති සඳහා වෙන්කර දෙන තෙක්  පළාත් භාණ්ඩාගාරයේ ව්‍යාපෘති අංක 04 අයවැය සහය සේවා ව්‍යාපෘතියේ 2502  වැය විෂය යටතේ දක්වා තිබෙනවා. එසේම දෙදහස් පහළොව මුදල් ප‍්‍රකාශයේ (ඒ) අයවැය සහය සේවා යටතේ විස්තර කර ඇති අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට කල්තියා ඇස්තමේන්තු කළ නොහැකි නමුත් අදාළ මුදල් වර්ෂයේදී අවශ්‍ය විය හැකි කාර්යයන් සඳහා වෙන් කර ඇති සංචිත ප‍්‍රතිපාදන පළාත් භාණ්ඩාගාරයේ අංක 4 අයවැය සහය සේවා ව්‍යාපෘතියේ දක්වා ඇත. ඊට අමතරව රේඛීය අමාත්‍යාංශවලින් හා වෙනත් ලැබීම් වශයෙන් රුපියල් මිලියන 416.6ක ලැබීම් අපේක්‍ෂා කරනවා. එය මුළු ලැබීම්වලින් 2.4කි. පළාත් සභාවේ ආදායම් වශයෙන් රුපියල් මිලියන 2935ක් 2015 වර්ෂයේ දී රැස්කිරීමට බලාපොරොත්තු වෙනවා. එය මුළු අපේක්‍ෂිත ලැබීම්වලින්17.22% වෙනවා. අත්තිකාරම් ගිණුම් යටතේ රුපියල් මිලියන 384.7ක ලැබීමක් අපේක්‍ෂා කරනවා. එය මුළු ලැබීම්වලින් 2.2ක් වන බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ අනුව සමස්තයක් වශයෙන් පළාත් සභාවේ මුළු වියදම් ඇස්තමේන්තුව රුපියල් මිලියන  17140.45ක් වෙනවා. මුළු ලැබීම් ඇස්තමේන්තුව වන රුපියල් මිලියන 17041.45ක ලැබීම් මුළු වියදම් ඇස්තමේන්තුවෙන් අඩුකළ පසු රුපියල් 99.055ක හිඟයක් බලාපොරොත්තු වෙනවා. මෙම හිඟයෙන් කොටසක් රජයේ නිලධාරීන් පළාතෙන් බැහැරට ස්ථාන මාරු යාම නිසා මෙම පළාත් සභාවට අයවිය යුතු ණය ශේෂවලින් ද, ඉතුරු මුදල් පළාත් සභාවේ ආදයම් වැඩිකර ගැනීම තුළින් හා වියදම් පාලනය කිරීම තුළින් පියවා ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු පැවසීය.

    මුලින් සඳහන් කළ පරිදි පළාතේ සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීමේදී ජාතික ප‍්‍රතිපත්තිවලට අනුකූලව කලින් නිශ්චිත කරන ලද ඉලක්ක කරා ළඟා විය හැකි පරිදි වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලෙසත් පළාත් අරමුදල් භාවිතයේ දි පවත්නා නීති රෙගුලාසි වලට අනුව මනා මූල්‍ය පාලනයකින් යුතුව කටයුතු කරන ලෙසත් මා මේ අවස්ථාවේදී සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

    ප‍්‍රධාන අමාත්‍යාංශය යටතේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 80ක් ද රන්බිම අරුණළු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 50ක් ද ප‍්‍රදේශීය සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 35ක් ද වෘත්තීය පුහුණු සංවර්ධනය සඳහා රුපියල් මිලියන 10ක් ද ආයෝජන ප‍්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 350ක් ද ආගමික කටයුතු උදෙසා රුපියල් මිලියන 05ක් ද පුස්තකාල සේවා සඳහා රුපියල් මිලියන 05ක් ද පළාත් පාලන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 783ක් ද පළාත් පාලන මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 82ක් ද සතිපොළ සංවර්ධන කටයුතුවලට රුපියල් මිලියන 290ක් ද ප‍්‍රජා ජල සැපයුමට රුපියල් මිලියන 15ක් ද ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට රුපියල් මිලියන 18ක් ද පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 650ක් ද 2015 වසරේ පුරනැගුම 02 වැඩසටහන සඳහා ලෝක බැංකු සහ ඔස්ට්‍රේලියා ආධාර ලබා ගැනීමට ද නියමිතය.

    වාරිමාර්ග සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 90ක් ද පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 48.1ක් ද ක‍්‍රීඩා සංවර්ධනය හා යෞවන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන‍ 44.4ක් ද පළාත් මාර්ග සඳහා රුපියල් මිලියන 100ක් ද වෙන්කර තිබේ.

    කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම, සත්ත්ව සෞඛ්‍ය ධීවර පරිසර හා පළාත් සභා කටයුතු උදෙසා රුපියල් මිලියන 168ක් ද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්‍ෂණ, කාන්තා කටයුතු ප‍්‍රවාහන හා නිවාස කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 122.7ක් ද සමූපකාර, වෙළෙඳ හා ආහාර, කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත, ග‍්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන්  ද
    අධ්‍යාපන, තොරතුරු තාක්‍ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 7428.5ක් වෙන්කර තිබෙන බව ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya