මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන සහ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකා තානාපතිවරුන් නව මූලාරම්භයන්ට එළඹිය යුතුයි - අගමැති

    මැයි 04, 2024

    රාජ්‍ය තාන්ත්‍රික භාවිතයන් විශාල පරිවර්තනයකට ලක් ව ඇති බැවින් වර්තමානයේ ප්‍රමුඛතාව වන්නේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    පසුගියදා(03)  අරලියගහ මන්දිරයේදී අභිනවයෙන්ත පත් වූ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් නව දෙනෙකු අමතමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ රටට ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීම සඳහා නව මුලාරම්භයන් සහ නව චින්තනයක් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.
    ලෝකයේ ගෞරවය දිනාගෙන ඇති නොබැඳි සහ සාමයේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නව රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ගෙන් ඉල්ලා සිටියේ ය.
    තම රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබාගන්නා ලෙස නව තානාපතිවරුන් ගෙන් ඉල්ලා සිටි අග්‍රාමාත්‍යවරයා වැඩි වැඩියෙන් පුහුණු රැකියා, ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව ලබාගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේ ය.
    බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන ලෙස බැංකොක්, හැනෝයි, බීජිං සහ යැංගෝන් වෙත යැවෙන නව තානාපතිවරුන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේ ය.
    නව තානාපතිවරුන් වූයේ යූ. එල්. එම්. ජවුහාර් (කැනඩාව), ඕ. එල්. අමීර් අජ්වාඩ් (සෞදි අරාබිය), මජින්තා ජයසිංහ (චීනය), ටී. පී. ධර්මසේන (පෝලන්තය), කපිල ෆොන්සේකා (ස්වීඩනය), ටී. පී. එන්. ගුණසේකර (නෙදර්ලන්තය), විජයන්ති එදිරිසිංහ (තායිලන්තය), පෝෂිත පෙරේරා (වියට්නාමය) සහ පී. ඒ. පී. පොන්නම්පෙරුම (මියන්මාරය) යන අය යි.
    අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මාධ්‍ය හා ජාත්‍යන්තර කටයුතු උපදේශක සුගීස්වර සේනාධිර අය මෙම සාකච්ඡාවට සහභාගි වූ හ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya