මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද දිනයේත් විවෘතයි

    මැයි 04, 2024

    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේ­ක්ෂ­ක­යන් වෙනු­වෙන් පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව අද (4) විවෘ­තව තැබෙන බව එම දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

    සාමාන්‍ය පෙළ විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා පම­ණක් අද (4) පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන කාර්යා­ලය, ගාල්ල, කුරු­ණෑ­ගල, වවු­නි­යාව, මඩ­ක­ල­පුව හා නුව­ර­එ­ළිය යන දිස්ත්‍රි­ක්ක­වල පිහිටි පළාත් කාර්යාල හෙට පෙර­වරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘ­තව තැබේ. මේ වන තෙක් ජාතික හැඳු­නු­ම්පත් ඉල්ලු­ම්පත් ඉදි­රි­පත් නොකළ ඉල්ලු­ම්ක­රු­වන් වේ නම් විදු­හ­ල්පති හෝ ග්‍රාම නිල­ධාරි විසින් සහ­තික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලු­ම්පත් රැගෙන පැමි­ණිය යුතුය. අදාළ තොර­තුරු තහ­වුරු කිරීමේ ලිපිය www.drp.gov.lk පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේන්තු නිල වෙබ් අඩ­වි­යට පිවිස බාගත කර­ගත හැකි බව එම දෙපා­ර්ත­මේ­න්තුව වැඩි දුර­ටත් සඳ­හන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya