මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා

    මැයි 04, 2024

    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස 21 වැනිදා මධ්‍යාහ්නයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.


    කොළඹ ෂංග්‍රිලා හොටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසිය අඛණ්ඩවම පවත්වනු ලබන දෙවැනි අවස්ථාව වේ. 2020 වසරේදී පළමු වතාවට ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගාවලිය ත්‍රිත්වයම ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් හරහා තෝරා ගැනීම සිදුකරන ලද නමුත් ගෙවුණු වසරේදී පළමු වතාවට ක්‍රීඩක වෙන්දිසියකින් ක්‍රීඩකයින්ගේ තේරීම සිදුකෙරිණ.

    සෑම කණ්ඩායමකටම උපරිම වහයෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකු සංචිතයේ රඳවා ගැනීමේ අවස්ථාව උදාවන අතර එහි අවමය ක්‍රීඩකයින් 20 දෙනෙකුවේ. ඒ අතරට විදේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු අනිවාර්ය වී තිබේ.

    මීට අමතරව ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 11 දෙනා අතර වයස අවුරුද 23 න් පහළ ක්‍රීඩකයකු ක්‍රීඩා කරවීම අනිවාර්ය කරුණක් බවට පත්ව තිබීමද කැපී පෙනෙයි.

    මෙම ක්‍රීඩක වෙන්දේසීය රූපවාහිනිය ඞඔස්සේ සජීවීව විකාශනය කරනු ලබන අතර ඊට අමතරව ඩිජිටල් වේදිකා හරහාද සජීවීව විකාශනය කෙරෙනු ඇත.

    මෙවර එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා පැවැත්වෙන අතර එහි පළමු අදියර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීත්, දෙවැන්න රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර අවසන් අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya